කාන්තාවක් විසින් පූසෙක්ට බැන වදින meme එක

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කාන්තාවක් විසින් පූසෙක්ට බැන වදින meme එක

    77080738_128793465218938_3733893976999067648_n.jpg

    Memes කියන්නේ සමාජ ජාල වෙබ් අඩවි ඇතුළේ විශාල කාර්යභාරයක් සිද්ධ කරන අයිතමයක්නේ. මේ දිනවල ලොව පුරා සමාජ ජාල පරිශීලකයන්ගේ නොමඳ ප්‍රතිචාරයන්ට ලක්වෙන meme එකක් තමයි කාන්තාවක් විසින් පූසෙක්ට බැන වදින meme එක. මේ meme එකේ විවිධාකාර සංස්කරණයන් අපිට දකින්න පුළුවන් සහ මේ අවස්ථාවට ගැළපෙන්න එදිනෙදා සිදු වන දෑ ඇසුරින් captions යොදන්නත් බොහෝ දෙනෙක් පෙළඹෙනවා. දන්නවද මේ meme එක බිහිවුණු හැටි?

    බොහෝ දෙනෙක් හිතන්නේ මේ meme එක චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක දර්ශනයක් කියලා. ඒකට ඔව් කියන්නත් පුළුවන්, නෑ කියන්නත් පුළුවන්. Meme එකේ පළවෙනි කොටස, ඒ කියන්නේ බැන වදින කාන්තාවගේ කොටස අඩංගු වෙන්නේ Reality TV වැඩසටහනක. ඒ තමයි The Real Housewives of Beverly Hills. ඒක අපිට හුරුවුණු reality ආකෘතියට වඩා වෙනස් හැඩයක්. The Bachelor වගේ reality වැඩක් නරඹලා තියෙනවා නම් දන්නවා ඇති ඒ ආකෘතිය. ලංකාවේත් මීට අවුරුදු 13කට විතර කලින් Loving Star කියලා කරපු චොර වැඩේ concept එක එන්නේ මේ හැඩයේ reality shows වලින්. Real Houswives of Beverly Hills වැඩසටහනේ දෙවන season එකේ 'Malibu Beach Party from Hell' නම් වූ episode එකේ එක් දර්ශනයකදී Taylor Armstrong නම් මෙම කාන්තාව episode එකේ නමේ සඳහන් පරිදිම අදාළ beach party එකේදී බහින්බස් වීමකට යොමු වෙනවා. හැබැයි ඒ පූසෙක් එක්ක නෙවෙයි. පූසා කොහෙන්ද ආවේ?

    Instagram එකේ තියෙනවා Smudge - Table Cat (@smudge_lord) නමින් account එකක්. ඒ account එක හිමි පූසා තමයි අනෙක් ඡායාරූපයේ ඉන්නේ. මේ වන විට මිලියනයක පමණ followers ප්‍රමාණයක් හිමි smudge එළවළු කන්න අකමැති පූසෙක්. (මොන පූසද ඉතිං එළවළු කන්නේ?) Smudge ගේ හිමිකරු එයාගේ දෛනික චර්යා රටා upload කරනවා මේ account එකට. ඒ තිබුණු එක් රූපයක් තමයි meme එකේ දෙවැන්න විදිහට යෙදෙන්නේ.

    The Daily Mail පුවත්පත විසින් Real Housewives හි සිද්ධිය ගැන ලිපියක් පළ කරද්දී බැන වදින ඡායාරූපය යොදාගන්නවා. පසුගිය වසරේ ජුනි 19 වෙනිදා deadbefordeath නම් වූ tumblr පරිශීලකයා Smudge ගේ රූපය "he like no vegetals" කියන caption එකත් සමඟ වෙනම upload කරනවා. තැන් දෙකකින් ප්‍රසිද්ධ වුණු මේ රූප දෙක එකතු වෙන්නේ මේ වසරේ මැයි පළවෙනිදා twitter එකේදී. ඒ @MISSINGEGIRL නම් පරිශීලකයා විසින්. ඇය මේ රූප දෙකම upload කරලා යොදනවා caption එකක් "These photos together is making me lose it" (මේ රූප දෙක එක ළඟ තිබුණාම එන ගැළපීම නං කියලා වැඩක් නෑ) ලෙස. ඒ අනුව ආරම්භ වෙන මේ රූප දෙකේ ගැළපීම ට්‍රම්ප්ගේ සිට ගෝඨාභය දක්වා, ටොම් කෲස්ගේ සිට හේමාල් දක්වා, PewDiePie ගේ සිට ManiYa දක්වා විවිධාකාර අංශයන්, විවිධාකාර පරාසයන් ඔස්සේ විහිදී ලොව පුරා ජනප්‍රිය වුණා.

    Viral වීම කියන්නේ සමාජ ජාල වෙබ් අඩවි තුළ සාමාන්‍ය දෙයක්. කලින් කලට මතු වෙන මෙවන් දෑ තුළින් ලැබෙන පුලිඟු තෘප්තිය අපේ දෛනික වෙහෙසට digital පවනක්.

    - ෂෙනාල් ගුණසේකර