කාන්තා සුන්නත්කරණයේ ඛේදාන්තය

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කාන්තා සුන්නත්කරණයේ ඛේදාන්තය

    අලුතින් මෙලොව එළිය දකින පිරිමි දරුවෙකුගේ ලිංගික අවයවයෙහි කෙළවර කොටස කපා ඉවත් කිරීමේ සුන්නත් චාරිත්‍රය (චර්ම ඡේදනය) පිළිබඳව බොහෝ දෙනා දැනුවත්. ගැහැනු දරුවන් විෂයෙහි ද මෙම චාරිත්‍රය ක්‍රියාත්මක වන බව ඔබ දැනුවත් ද? එය ලාංකික සමාජය තුළ තරමක් අප්‍රකට වූවක් වන නමුත් සහමුලින්ම නැවතුණු සිදුවීමක් නොවේ. කාන්තා සුන්නත්කරණයේ දී සිදුවන්නේ ස්ත්‍රී ලිංගයෙහි පිටතින් පවත්නා කොටස සම්පූර්ණයෙන්ම හෝ කොටසක් කපා හැරීම යි. ස්ත්‍රියකගේ ලිංගික සංවේදීත්වය පවත්නා එකී බාහිර කොටස කපා හැරීම ඇයට වඩාත් පීඩකාරී වන්නේ ඇගේ තරුණ වියේ දී යි. එය විවාහයෙන් පසු ලිංගික තෘප්තිය විඳගැනීමට ඇයට පවත්නා හැකියාව නැති කර දමන හේතුවක්. එහෙයින් මීට මුහුණ දුන් කාන්තාවන්ට සංසර්ගය අප්‍රිය සහගත සහ කටුක අත්දැකීමක් බවට පත්වෙනවා. Female genital mutilation (FGM) හෙවත් කාන්තා සුන්නත්කරණය අප්‍රිකාව, ආසියාව සහ මැද පෙරදිග රාජ්‍යයන්ගේ වඩාත් ප්‍රකට චාරිත්‍රයක්. මෙසේ ස්ත්‍රී ලිංගය තුවාල කිරීම වෛද්‍ය හේතූන් මත සිදුවන්නක් නොව හුදු චාරිත්‍රයක් ලෙස සිදුවන්නක්. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වාලන්නේ ස්ත්‍රී සුන්නත්කරණය හරහා ස්ත්‍රියකට කිසිදු සෞඛ්‍යමය සුබ සිද්ධියක් සැලසෙන්නේ නොමැති බව යි.

    lhl_Jl966h_Ir_Lz_OOt_1.jpg


    මෙසේ සුන්නත්කරණය කිරීම හරහා අනවශ්‍ය පරිදි ශරීරයෙන් රුධිරය ඉවත්වීමේ අවදානමක් පවත්නා බවත්, මෙසේ කිරීමෙන් කාන්තාවන්ගේ මුත්‍රා බැහැර කිරීමේ පද්ධතියෙහි දෝෂයන් හට ගත හැකි බවත්, ප්‍රජනක පද්ධතියෙහි පටක ඉදිමීමට ලක් විය හැකි බවත්, පසුව ආසාදනයට ලක් වීමේ හැකියාවක් පවතින බවත්, ආසාදනයට ලක්ව කුඩා ළදරුවන් මියයෑමේ අවදානමත්, දරුවන් උත්පාදනය කිරීමට යාමේ දී ගැටලුවලට මුහුණ දිය හැකි බවත්, කම්පන තත්ත්වයන්ට ගොදුරු විය හැකි අතර ඒවා ආතතිය, විශාදය වැනි බරපතළ මානසික රෝග දක්වා වර්ධනය විය හැකි බවත්, යෝනි මාර්ග ආසාදනයන්ට ලක් විය හැකි බවත්, මාසික ඔසප්වීම්වල දී අධික වේදනාවන්ට මහුණදීමට සිදු විය හැකි බවත්, සංසර්ගයේ දී තෘප්තියක් නොලැබී යාමත්, සංසර්ගය අතිශයින් වේදනාකාරී වීමත්, දරුවන් ප්‍රසූත කිරීමේ දී මවගෙන් අනවශ්‍ය පරිදි රැධිරය බැහැර වීමත්, මව මියයාමේ අවදානමක් මතුවීමත් මේ හේතුවෙන් හට ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් අවධාරණය කරයි. මෙකී අතුරු ප්‍රතිඵල කාන්තාවකට දීර්ඝකාලීනව විඳවීමට සිදු වේ.

    FGM මාරයාට ගොදුරු වූ කාන්තාවන් සහ ගැහැනු ළමුන් මිලියන 200ක පමණ ප්‍රමාණයක් ලොව පුරා රටවල් 30කට ආසන්න ප්‍රමාණයක ජීවත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව පැවසේ. කාන්තා සුන්නත්කරණය බොහෝ විට සිදුකරන්නේ ළදරු අවධියේ සිට අවුරුදු 15 පමණ දක්වා වන ගැහැනු දරුවන්ගේ ය. අද වන විට කාන්තා සුන්නත්කරණය අන්තර්ජාතික වශයෙන් හඳුනාගන්නේ කාන්තාවන්ට එරෙහිව සිදුකරන ‘වෙනස් කොට සැලකීමක්’ ලෙස ය. කාන්තා සුන්නත්කරණය මඟින් සෞඛ්‍යයට පවත්නා කාන්තා අයිතිය තර්ජනයට ලක් වන බවත්, කාන්තාවගේ ආරක්ෂාව අනතුරට ලක් වන බවත්, පුද්ගලයෙකු ලෙස කාන්තාවකට පවත්නා ගෞරවය කෙලෙසෙන බවත්, ක්‍රෑර/ අමානුෂික වධ හිංසාවලින් සහ පහත් කොට සැලකීම්වලින් මිදීමට පවත්නා කාන්තා අයිතිය ද මෙමඟින් උල්ලංඝනය වන බවත් අද වන විට අන්තර්ජාතික වශයෙන් පිළිගනී.

    szcg_VB0dvyy6_Cz6z_3_Time.jpg


    කාන්තා සුන්නත්කරණය ක්‍රම 4කට සිදුකරයි. Clitoridectomy - මෙමඟින් සිදුකරන්නේ කාන්තාවගේ clitoris හෙවත් භගමණිය/ භගශිශ්නිකාව අර්ධ වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් කපා දැමීම යි. භගමණිය යනු කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ පවත්නා අතිශය වැදගත් ඉතා කුඩා, සංවේදී කොටසකි. එයට හානි පැමිණවීම ඇගේ සමස්ත ලිංගික ජීවිතයම අඳුරේ හෙලන්නකි. සුන්නත්කරණය කරන දෙවන ක්‍රමවේදය excision හෙවත් ඡේදනය ලෙස හැඳින්වේ. මෙහි දී කාන්තාවගේ භගමණියට අමතරව ආශ්‍රිත සම් වැසුම් ආවරණයන් ද (යෝනි මුඛයෙහි පිටත ආවරණයන්) කපා හැරීම සිදුකරයි. තෙවන ක්‍රමවේදය වන්නේ infibulations ක්‍රමවේදය යි. මෙහි දී සිදුකරන්නේ කාන්තාවගේ යෝනි සිදුර කුඩා වන ලෙස සීල් තැබීමක්/ මුද්‍රා තැබීමක් සිදුකිරීම යි. එහි දී භගමණිය කපා දමා හෝ කපා දැමීමකින් තොරව යෝනි විවරය මසා දැමීමක් හෝ යෝනි විවරය වැසී යන පරිදි ආශ්‍රිත සම් වැසුම් ඇහිරීමක් සිදුකරයි. මෙම ක්‍රමවේදයන් තුනට අමතරව කාන්තාවකගේ ලිංගික අවයවයට කිසියම්ම හෝ හානියක් සිදුකිරීම හතරවන ක්‍රමවේදයට අයත් වේ.

    ww0p_AXLKL8l0_D3_Cz_4_DW.jpg


    යෝනි විවරය වසා දමන ලද යෞවනියන් විවාහ වූ පසුව මංගල රාත්‍රියේ දී ස්වාමිපුරුෂයා විසින් ඇගේ එකී මැසුම් කඩා දැමීම සිදුකෙරේ. එය අතිශයින් වේදනාකාරී අත්දැකීමක් ලෙස කාන්තාවකගේ අඳුරු මතක සටහන් අතරට එකතු වේ. මෙසේ යෝනි සිදුර මසා දමන ලද කාන්තාවන්ගේ මැහුම් ඉවත් කිරීමෙන් ඇය සමග ලිංගිකව එක් වීම සිදුකරන අතර, දරු උපත් සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකසා ගනී. කාන්තාවගේ කැමැත්තකින් තොරව පිටස්තරයන් විසින් ඇගේ ලිංගිකත්වය අනවශ්‍ය පරිදි පාලනයට ගැනීමත් එහි කොටස් කපා දැමීමත්, මසා දැමීමත්, යළි අවශ්‍ය වූ විට මැසුම් කපා දැමීමත්, දරු උපත් ලබාදීමෙන් පසු යළිත් අවශ්‍ය වූ විට මසා දැමීමත් කාන්තාවකගේ පෞද්ගලිකත්වයට එරෙහි දැඩි තර්ජනයක් බව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ස්ථාවරය යි. වසරකට මිලියන 3ක පමණ ගැහැනු දරුවන් ප්‍රමාණයක් සුන්නත්කරණයට ගොදුරුවන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනාවරණය කරයි.

    මෙතෙක් පවත්වාගෙන ආ චාරිත්‍රයට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් අදාළ සමාජයෙන් කොන්වීමකට ලක් වෙතැ යි බියෙන් සුන්නත්කරණය කිරීම බොහෝ විට සිදු වේ. යෝනි විවරය මසා දැමීම බොහෝ විට සිදුකරන්නේ විවාහයට පෙර කාන්තාවන් පිටස්තර පුද්ගලයන් සමග ලිංගික සංසර්ගයේ යෙදී කන්‍යාභාවය අහිමි කරගැනීම වළක්වා ගැනීමටයැ යි පැවසේ. ඇතැම් ලිංගික අවයව කොටස් කපා දැමීමෙන් කාන්තාව පිරිසිඳු වන බව සුන්නත්කරණයට පක්ෂ පිරිසගේ මතයකි. ආගමික ලියවිල්ලක සඳහන් නොවන නමුත් සාම්ප්‍රදායිකව පවත්වාගෙන එන මෙම සිරිත පිළිබඳව ආගමික නායකයන් අතර ද ඒකමතික තීරණයක් නැත. ඇතැම් ආගමික නායකයන් මෙය අනුමත කරන අතර ඇතැමුන් ඊට විරුද්ධව හඬ නගයි.

    f_D4n6m_W7_Xn_Hk_Bi_QH_6_Unicef_USA.jpg


    සුන්නත්කරණයට එරෙහිව නූතන ලෝකය ගත් පියවරයන් ගණනාවක් ඇත. සුන්නත්කරණයට එරෙහිව 1997 දී ලෝක සෞඛ්‍ය සංවිධානය United Nations Children’s Fund (UNICEF) සහ the United Nations Population Fund (UNFPA) යන ආයතන සමග එක්ව ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ඉන්පසුව, සුන්නත්කරණය අධෛර්යයට පත් කිරීමේ අරමුණෙන් විවිධ ව්‍යාපෘති ගණනාවක් මෙන්ම නීති පැනවීමක් ද අප්‍රිකානු සහ මැද පෙරදිග කලාපයේ ඇතැම් රටවල සිදුකර ඇත. 2007න් පසු UNFPA, UNICEF යන ආයතන සුන්නත්කරණයට එරෙහිව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර ඇත. 2008 දී WHO (World Health Organization) “Eliminating female genital mutilation: an interagency statement” යනුවෙන් ප්‍රකාශනයක් ද, 2010 දී "Global strategy to stop health care providers from performing female genital mutilation" යනුවෙන් ප්‍රකාශනයක් ද නිකුත් කරන ලදී.

    2012 දී එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී (UN General Assembly) කාන්තා සුන්නත්කරණය තුරන් කිරීම පිළිබඳ යෝජනාවක් සම්මත කරගන්නා ලදී. 2016 දී UNICEF ආයතනය කාන්තා සුන්නත්කරණය පිළිබඳ ලෝකයේ තත්ත්වය අනාවරණය කරන දත්ත ඇතුළත් වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීම සිදුකරන ලදී. 2016 දී WHO, United Nations Children’s Fund (UNICEF) සහ the United Nations Population Fund (UNFPA) යන ආයතන එක් වී සුන්නත්කරණය පිටුදැකීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරන ලදී. 2008 දී World Health Assembly මඟින් යෝජනා සම්මතයක් ගෙනෙමින් මාර්ගෝපදේශ, ප්‍රතිපත්ති, යාන්ත්‍රණ ගණනාවක් හඳුන්වා දෙන ලද අතර සුන්නත්කරණයට ලක් වූ කාන්තාවන්ට වෛද්‍ය සහන සැලසීමට ද ක්‍රමෝපායන් සලසන ලදී.


    Source - Roar
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගොඩාක් කාලෙකට කලින් මේ වගේ ත්‍රෙඩ් එකක් ගියා වගේ මතකයි
    Rep +++
     
    Last edited:
    • Like
    Reactions: SBWoof

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගොඩාක් කාලෙකට කලින් මේ වගේ ත්‍රෙඩ් එකක් ගියා වගේ මතකයි
    Rep +++

    කවුරුත් කතා කරන අඩු මාතෘකාවක් :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    අල්ලහ් දෙවියන්ගෙ කැමැත්තට විරුද්ධව කතා කරන උබල වගේ උන්ගෙ ඊලඟ ආත්මය අපායට බාරයි. අල්ලහ්ට එකඟ වන්න. අල්ලහ්ව කවදාවත් ප්‍රශ්ණ කරන්න එපා. මරණයෙන් පසු සතුටෙන් ජීවත් වෙන්න දවසත පස් වතාවක් දෙවියන් නමදින්න.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :(:(

    මෙන්න මේවා තමයි ඇත්තටම නතර වෙන්න ඕන දේවල්

    මෙසේ සුන්නත්කරණය කිරීම හරහා අනවශ්‍ය පරිදි ශරීරයෙන් රුධිරය ඉවත්වීමේ අවදානමක් පවත්නා බවත්, මෙසේ කිරීමෙන් කාන්තාවන්ගේ මුත්‍රා බැහැර කිරීමේ පද්ධතියෙහි දෝෂයන් හට ගත හැකි බවත්, ප්‍රජනක පද්ධතියෙහි පටක ඉදිමීමට ලක් විය හැකි බවත්, පසුව ආසාදනයට ලක් වීමේ හැකියාවක් පවතින බවත්, ආසාදනයට ලක්ව කුඩා ළදරුවන් මියයෑමේ අවදානමත්, දරුවන් උත්පාදනය කිරීමට යාමේ දී ගැටලුවලට මුහුණ දිය හැකි බවත්, කම්පන තත්ත්වයන්ට ගොදුරු විය හැකි අතර ඒවා ආතතිය, විශාදය වැනි බරපතළ මානසික රෝග දක්වා වර්ධනය විය හැකි බවත්, යෝනි මාර්ග ආසාදනයන්ට ලක් විය හැකි බවත්, මාසික ඔසප්වීම්වල දී අධික වේදනාවන්ට මහුණදීමට සිදු විය හැකි බවත්, සංසර්ගයේ දී තෘප්තියක් නොලැබී යාමත්, සංසර්ගය අතිශයින් වේදනාකාරී වීමත්, දරුවන් ප්‍රසූත කිරීමේ දී මවගෙන් අනවශ්‍ය පරිදි රැධිරය බැහැර වීමත්, මව මියයාමේ අවදානමක් මතුවීමත් මේ හේතුවෙන් හට ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් අවධාරණය කරයි. මෙකී අතුරු ප්‍රතිඵල කාන්තාවකට දීර්ඝකාලීනව විඳවීමට සිදු වේ.

     
    • Like
    Reactions: SBWoof

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආගමෙන් සංස්කෘතියෙන් අන්ධ උන පව්කාර මිනිස්සු :(
     
    • Like
    Reactions: SBWoof

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අල්ලහ් දෙවියන්ගෙ කැමැත්තට විරුද්ධව කතා කරන උබල වගේ උන්ගෙ ඊලඟ ආත්මය අපායට බාරයි. අල්ලහ්ට එකඟ වන්න. අල්ලහ්ව කවදාවත් ප්‍රශ්ණ කරන්න එපා. මරණයෙන් පසු සතුටෙන් ජීවත් වෙන්න දවසත පස් වතාවක් දෙවියන් නමදින්න.

    :(:(
    ප්‍රශ්න කරන්නේ නෑ මේ ගැන කවුරුත්.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Waris dirie ge dessert flower 🌸 kiyana pothe eyage life story eka thiyenawa, FGM gena true experiences.
    Eke Translation eka කාන්තාරයේ කුසුම .

    Tfs!
    28+++
     
    Last edited:
    • Like
    Reactions: SBWoof

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    අල්ලහ් දෙවියන්ගෙ කැමැත්තට විරුද්ධව කතා කරන උබල වගේ උන්ගෙ ඊලඟ ආත්මය අපායට බාරයි. අල්ලහ්ට එකඟ වන්න. අල්ලහ්ව කවදාවත් ප්‍රශ්ණ කරන්න එපා. මරණයෙන් පසු සතුටෙන් ජීවත් වෙන්න දවසත පස් වතාවක් දෙවියන් නමදින්න.

    :D:lol::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :(:(

    මෙන්න මේවා තමයි ඇත්තටම නතර වෙන්න ඕන දේවල්

    මේක ගැන හොද විස්තරයක් කාන්තාරෙ කුසුම පොතෙ තියෙනවා..
    ඔයලා දන්නවද මේක ඉන්දියාවෙත් සමහර ප්‍රාන්ත වල තියෙනව....:sorry::sorry:

    ඇත්තම කිවිවොත් මේවට විරුද්දව නැගි හිටින්න ඔනි පිරිමි කියලායි මම නම්.විස්වාස කරන්නෙ..මේ වගෙ කෙනෙක් ව විවාහ කරගැනිම ප්‍රතික්ෂේප කරනවා නම් අම්මලා තමන්ගෙ දුවලාට මේවා කරන එක ගැන දෙසැරයක් හිතනවා.මේවා කරන්නෙ තමන්ගෙ දුවව කසාද බදින්න කෙනෙක් නැති වෙනවා කියලා හිතලා...
    ඉතින් විවාහයදි මේ වගෙ කෙනෙක් බලාපොරොත්තු වෙනවා වෙනුවට ප්‍රතික්ෂේප කලා නම් පොඩි හරි බලපෑමක් ඇති වෙයි කියලා මම හිතනවා:sorry::(