කාන්නු_ගොයියක්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කාන්නු_ගොයියක්...

    අද මම ඔයාලට කියන්න යන්නේ සිංහල සිනමා ගීත අතරින් ඇහෙන වෙනස්ම ගීතයක් ගැන... මේක සිනමා පටයක ඇහුනත් මේක ලංකාවේ ඉතා අතීත කාලෙක ඉඳලා එන ජන ගීයක් නැත්නම් ජන ගී සම්ප්‍රාදායක්...​

    කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
    කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
    කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි
    කල්ලෝ බයියක් කටවර ලාලා කීම ගේලුයි


    lyricsagnidahaya.jpg

    මේකේ මුල වචන ටික කවදාවත් අහලා නැති වචන ටිකක් නේද...? ඇත්තටම ඒත් සිංහල වචන තමා. නැතුව දෙමළ වත් වැදි භාෂාවෙවත් වචන නෙවෙයි. අපට නොතේරෙන්නේ මුල පද පේළි වල කියන්නෙ වචන අනෙක් පැත්ත ගහලා. මුල වචන ටික හරි ගස්සලා තමා දෙවනි පද පෙළියේ තියෙන්නේ. තේරෙනවා නේද දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා...? අහලා බලන්නකෝ.​


    මේ ගීතය තියෙන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ "අග්නිදාහය" චිත්‍රපටයේ. හැමදාමත් වෙනස් දෙයක් කරන ජයන්ත චන්ද්‍රසිරිගේ සුවිශේෂි චිත්‍රපටයක් තමා "අග්නිදාහය". ජැක්සන්, කමල්, යශෝධා වගේ තත්කාලීන සිංහල සිනමාවේ දැවැන්තයෝ රාශියක් මේ සිනමා පටයට දායක වුණා.​

    මේ වෙනසට සංගීතමය ගුරුහරු කමෙන් එකතු වුණේ කේමදාස මාස්ටර්. සමන්ත පෙරේරාගේ ගැඹුරු කටහඩත් මේ ගීතයට එකතු කරලා තියෙන්නේ හරිම අපූරත්ත්වයක්. මේ විදිහට වචන අනෙක් පැත්ත ගහලා ගී ගායනා කිරීම ලංකාවේ අතීතයෙ පැවතිච්චි ජන ගී සම්ප්‍රදායක්. විශේෂයෙන්ම හී හානා කොට මෙවන් ගීත අතීත ජනයා ගායනා කරලා තියෙනවා.

    වෙනසක් සමගින් සිංහළ ලකුණත් දරණ මේ සංගීතමය master piece එක රස විඳින්න කියලා ඔයාලට මම ආරාධනා කරනවා.