කාබන්_බද්ද

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113

    විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා.

    මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළේ 2017 මුදල් පනතින් යෝජිත එම බද්ද මෙම වසරේ ජනවාරී පළමු වනදා සිට ක‍්‍රියාත්මක බවයි.

    නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහට අඩු සෑම වාහනයකින්ම ඝණ මීටරයකට ශත 25ක බද්දක් සහ අවුරුදු පහත් - දහයත් අතර වාහනවලින් ඝණ මීටරයකට ශත 50ක බද්දක් මේ යටතේ අය කෙරන බවයි ඔහු කියා සිටියේ. වාහන හිමියන් විසින් ආදායම් බලපත‍්‍ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළා.

    මේ අතර මෙම වසරේදී ආදායම් බලපත‍්‍ර ලබා ගැනීමේදී මෙම කාබන් බද්ද ගෙවීම අනිවාර්ය නොවන අතර ලබන වසරේ සිට ආදයම් බලපත‍්‍රය ලබා ගැනීමේදීම එය ගෙවීම අනිවාර්ය වන බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.
     
    • Like
    Reactions: Silly point

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජෙප්පො මොනා හරි කරයි බය නොවී හිටපං..දැක්කනේ පහුගිය දවස් වල මරාව ඵළවන්න දුන්න ගේම..මේක මොකක්ද උන්ට?:rofl:
     
    • Like
    Reactions: War Fighter

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නියමයි. අපේ වික්කාමසිංහ මහත්තය කිරි ටොයියා වගේ කුලියාපිටියේ වෝක්සාවැගන් දීල තියෙද්දී පරණ කසි කබල් පදින උන්ට හොදම වැඩේ. මුන් මේක සිංගප්පුරුවක් කරන්න දෙන්නෙම නෑනේ. දැක්කනේ මහින්දය කරපු වැඩේ, වික්කාමසිංහ මහත්තය මෙච්චර කොලබ මොනෝ රේල් දාල තියෙද්දී අර බෙලි අත්තට රේල් පාරක් ගහල පරණ කොච්චි දැම්ම. යකෝ රට සොන්වර්ධනය කරන්න දීපල්ලකෝ වික්කාමසිංහ මහත්තයට :angry:
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Australia ව 2014දී උන්ගේ carbon tax එක ගහන එක නැවැත්තුව...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මුන් හිතෙන හිතෙන විදිහට බදු ගහනවනෙ බන්.. දැන් අර දුම් පරීක්ශන වාර්තාව ගන්නත් හැම අවුරුද්දකම තව ගානක් යනවනෙ බන්..


    මුන් අපේ අතේ තියන හැම රුපියලම කඩාගන්නයි හදන්නෙ.. :angry:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,406
    113
    ජෙප්පො මොනා හරි කරයි බය නොවී හිටපං..දැක්කනේ පහුගිය දවස් වල මරාව ඵළවන්න දුන්න ගේම..මේක මොකක්ද උන්ට?:rofl:

    :rofl::rofl::rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113
    නියමයි. අපේ වික්කාමසිංහ මහත්තය කිරි ටොයියා වගේ කුලියාපිටියේ වෝක්සාවැගන් දීල තියෙද්දී පරණ කසි කබල් පදින උන්ට හොදම වැඩේ. මුන් මේක සිංගප්පුරුවක් කරන්න දෙන්නෙම නෑනේ. දැක්කනේ මහින්දය කරපු වැඩේ, වික්කාමසිංහ මහත්තය මෙච්චර කොලබ මොනෝ රේල් දාල තියෙද්දී අර බෙලි අත්තට රේල් පාරක් ගහල පරණ කොච්චි දැම්ම. යකෝ රට සොන්වර්ධනය කරන්න දීපල්ලකෝ වික්කාමසිංහ මහත්තයට :angry:

    eka ettha meccahra aduwata car thiyeddi paran kabal padina unta
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    cubik meter or cubic centi meter??

    2018 මුල්‍ය පනත යටතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන සියල්ලටම ජනවාරි 1 පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් පනවන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

    විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ මෙම බද්දෙන් නිදහස් කෙරෙන අතර ඩීසල් සහ පෙට්‍රල් වාහනවට බද්ද පැනවන්නේ ඉන්ධන පරිභෝජනය අනුව යැයි චන්ද්‍රසිරි මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීය.

    මෙම බද්ද නිෂ්පාදිත වර්ෂය වසර පහකට අඩු නිෂ්පාදිත වර්ෂය වසර පහත් දහයත් අතර සහ නිෂ්පාදිත වර්ෂය වසර දහයකට වැඩි යන අංශ තුන යටතේ අයකරන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

    පෙට්‍රල් හෝ ඩීසල් හෝ භාවිත කරන දෙමුහුන් (හයිබ්‍රිඞ්) වාහනවලට ඒවායේ එන්ජින් ධාරිතාව සහ නිෂ්පාදිත වර්ෂය පහකට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට සත 25ක් ද නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතර නම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක් වශයෙන් ද බද්ද අයකරන බව ඔහු පැවසීය.

    පෙට්‍රල් හෝ ඩීසල් හෝ භාවිත කරන සාමාන්‍ය මෝටර් රථවල නිෂ්පාදිත අවුරුද්ද පහකට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක් ද, නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතර නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලයි සත 50ක් ලෙස ද බදු පනවන බව කොමසාරිස් ජෙනරාල්වරයා කීවේය.

    මගී ප්‍රවාහන බස්රථවල නිෂ්පාදිත වසර අවුරුදු පහකට අඩු නම් රුපියල් 1,000ක් ද නිෂ්පාදිත වසර අවුරුදු පහත් දහයත් අතර නම් රුපියල් 2,000ක් ද එය වසර දහයකට වැඩි නම් රුපියල් 3000ක්ද වශයෙන් බදු පැනවෙන බව ද කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රසිරි මහතා පැවැසීය.

    ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස්වරුන් හරහා අදාළ ගෙවීම් කළ හැකි බව ද ඔහු කීය.

    කාබන් බද්ද මේ වසරේදී අනිවාර්ය නැති බවත් එය ලබන වසරේ සිට අනිවාර්ය බවත් කොමසාරිස් ජනරාල්වරයා 2020 වසර සඳහා ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා කීය. ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී 2019 වසර වෙනුවෙන්ද බද්ද අයකරන බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද ජගත් චන්ද්‍රසිරි මහතා තවදුරටත් කීවේය.