කාබයිට්~පළතුරු
අප ආහාරයට ගන්නා පලතුරු ඉදවීමට කාබයිට් වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. වෛද්‍යවරයෙක් විදියට ඔබ ඒ පිළිබඳව දරණ මතය කුමක් ද?
පලතුරු ඉදීම ස්වාභාවික කාර්යාවලියක්. වඩාත් ශරීර සෞඛ්‍යයට හිතකර වන්නේ ස්වාභාවිකව ඉදුණු පලතුරු ආහාරයට ගැනීමයි. එහෙත් වර්තමානයේ වෙළඳපොළේ අලෙවියට තිබෙන පලතුරු ඉදවීම සඳහා කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. කාබයිට් එවැනි රසායනික ද්‍රව්‍යයක්. මෙම රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීම නොකළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා. එම රසායනික ද්‍රව්‍ය ශරීරයට අහිතකර වීම ඊට ප්‍රධාන හේතුව වෙනවා.
කාබයිට් රසායනික ද්‍රව්‍ය ශරීරයට විස වන්නේ කෙසේද?
කාබයිට් යනු සුදු පාට කුඩු විශේෂයක්. වෑල්ඩින් වැඩ කිරීම සඳහාත් මෙය යොදා ගන්නවා. එවැනි විස සහිත දෙයක් පලතුරු ඉදවීම සඳහා යොදා ගැනීම අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. කාබයිට් රසායනික ද්‍රව්‍ය මගින් සයනයිඩ් සංයෝගය නිපදවෙනවා. මෙම විස සහිත සංයෝගය ශරීරගත වූ විට විවිධ රෝගාබාධවලට පුද්ගලයා ගොදුරු වෙනවා.
කාබයිට් මඟින් පලතුරු ඉදෙන්නේ කෙසේද?
කාබයිට්වලින් ඇසිටිලින් ගෑස් එක පිටවෙනවා. පලතුරු ඉදීම සිදුවන්නේ මෙම ගෑස් එක එම පලතුර සමඟ ගැටුණු විටයි.
මෙම විස සහිත රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම නිසා පුද්ගලයාට වැළදෙන රෝගාබාධ මොනවාද?
සයනයිඩ් නමැති විස සහිත සංයෝගය දිගු කාලයක් තිස්සේ ශරීරගත ස;මන් පුද්ගලයන් මරණයට පවා ගොදුරු විය හැකියි. ශරීරයට ඔක්සිජන් උරාගන්නා ප්‍රමාණයට බාධා කිරීමට මෙම සයිනයිඩ්වලට හැකියාව පවතිනවා. මේ නිසා ශරීරය තුළට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වී ශරීරය දුර්වල වෙනවා. ස්නායු ආබාධ ඇති වීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම, ගබ්සා වීම, අක්මාවට හා වකුගඩුවලට හානි සිදුවීම යනාදී රෝගාබාධ ද පුද්ගලයාට වැළදීම සිදුවෙනවා.
කාබයිට් යොදා ඉදවන පලතුරු වර්ග මොනවාද?
අඹ, කෙසෙල්ගෙඩි, පැපොල් වැනි පලතුරු ඉදවීම සඳහා කාබයිට් රසායනික ද්‍රව්‍ය විශේෂයෙන් ම භාවිතා කරනවා. එහෙත් පිට පොත්ත ඝනකමට තිබෙන අන්නාසි, දූරියන් වැනි පලතුරු ඉදවීමට මේ රසායනික ද්‍රව්‍යයට හැකියාවක් නැහැ.
පලතුරු ඉදවීම සඳහා කබයිට් හැර වෙනත් විකල්ප රසායනික ද්‍රව්‍ය තිබෙනවාද?
ඔව්. ශරීරයට අහිතකර නොවන එවැනි රසායනික ද්‍රව්‍ය කිහිපයක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එම රසායනික ද්‍රව්‍ය අනුමත කර තිබෙනවා. වාණිජ ලෝකයේ දී තම වාණිජ අරමුණු ඉටුකර ගැනීමට වෙළෙන්ඳන් කටයුතු කරනවා. එවැනි අවස්ථාවල දී තමයි පුද්ගලයාට හිතකර වුවත්, අහිතකර වුවත් මෙවැනි රසායනික ද්‍රව්‍ය යෙදීම සිදු කරන්නේ. ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය වෙනුවට විකල්ප දෙයක් හඳුන්වාදීමෙන් කාබයිට් වැනි විස සහිත රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීමට පුළුවන්.
පලතුර ඉදවීමට භාවිතා කරන මෙම රසායනික ද්‍රව්‍යයන් පලතුරු මතට ස්ප්‍රේ කළ යුතු ද? නැත්නම් වෙනත් ක්‍රමයක් තිබෙනවාද?
ශරීරයට අහිතකර වන හෝ නොවන කිසිම රසායනික ද්‍රව්‍යයක් පලතුරු ඉදවීම සඳහා එහි පිට පොත්ත මතට ස්ප්‍රේ කිරීම නොකළ යුතුයි. එය වැරදි ක්‍රමයක්. පලතුරු ඉදවීම සඳහා ඒවා භාවිතා කළ යුතු ක්‍රමයක් තිබෙනවා. වාතය පිටතට නොයන පෙට්ටියක් තුළට ඉදවීමට අවශ්‍ය පලතුරු දමා පැත්තකින් රසායනික ද්‍රව්‍ය ස්වල්පයක් තැබීමෙන් පලතුරු ඉදවා ගත හැකියි. එවිට එම රසායනික ද්‍රව්‍ය වායුවත් සමඟ ගැටී පලතුරුවල පිට පොත්තේ එම වායුව ස්වාභාවිකව තැවරීම මඟින් පලතුරු ඉදෙන කාර්යාවලිය සිදුවෙනවා. පලතුරු ඉදවීමට මේ ක්‍රමය භාවිතා කිරීම ඉතාම නිවැරදියි. පලතුරු මතට රසායනික ද්‍රව්‍ය ස්ප්‍රේ කිරීම මඟින් පලතුර මතට එම රසායනික ද්‍රව්‍ය කා වැදීමේ ඉඩක් පවතිනවා. එවැනි පලතුරු ආහාරයට ගැනීම නුසුදුසුයි.
ස්වභාවිකව පලතුරු ඉදෙන්නේ කෙසේ ද?
එතලින් නමැති වායුව මඟින් ස්වභාවිකව පලතුරු ඉදීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් හොඳින් පැසුණු කෙසෙල්කැනක එක ගෙඩියක් ඉදීම නිසා කෙසෙල් කැනම ඉදෙනවා. එසේ වන්නේ මෙම එතලින් වායුව නිසායි. ඉදුණු කෙසෙල් ගෙඩියෙන් එතලින් වායුව නිපදවනවා. එය වාතයත් සමඟ ගැටීම මඟින් පලතුරුවල ඉදීම ස්වාභාවිකව සිදුවෙනවා.
කාබයිට් භාවිතා කිරීමෙන් යම් පලතුරක් ඉදවා තිබෙන බවට පාරිභෝගිකයාට සොයා ගැනීමේ ක්‍රමයක් තිබෙනවාද?
පලතුරු ස්වභාවිකව ඉදෙන ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමය පාරිභෝගිකයා දැනගත යුතුයි. සාමාන්‍යයෙන් පලතුරේ නැට්ට පැත්තේ සිට තමයි ඉදෙන්නට පටන් ගන්නේ. පලතුරක ඉදීම පිළිබඳව අවබෝධයක් පාරිභෝගිකයාට ලබාගත හැක්කේ පුරුද්දට අනුවයි. සමහර පලතුරු දැක්කාම ස්වභාවිකව ඉදිලා නැති බව අපට කිව හැකියි. කාබයිට් වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කර ඉදවන විට පලතුරේ නැට්ට පැත්තේ සිට නොව තැනින් තැන තමයි ඉදෙන්නේ. එය අපට සොයාගත හැකියි.
පලතුරු ආහාරයට ගැනීම ශරීරයට ගුණදායක වන්නේ කෙසේද?
පලතුරක් ආහාරයට ගැනීමෙන් විශාල මානසික හා කායික තෘප්තියක් දැනෙනවා. පලතුරුවල කාබෝහයිඩ්රේට් (පිෂ්ඨය), තන්තු (කෙඳි), ඛනිජ ලවන, විටමින් වර්ග යනාදී ලෙස ශරීරයට ශක්තිය ගෙන දෙන ශක්තිජනක කොටස් අඩංගු වෙනවා. ඒ වාගේ ම මහා බඩවැලේ පිළිකා හැදීම, මළබද්ධය වැනි රෝග වැළැක්වීමට ද පලතුරු ආහාරයට ගැනීම ප්‍රයෝජන වෙනවා.
පලතුරු සෝදා ආහාරයට ගැනීම වැදගත් වන්නේ ඇයි?
පලතුරු සෝදා ආහාරයට ගැනීම ඉතාම හොඳ පුරුද්දක්. යම් රසායනික ද්‍රව්‍ය භාවිතා කර ඉදවා තිබෙන්නේ නම් හා එම රසායනික ද්‍රව්‍ය පිට පොත්තේ තැවරී තිබේ නම් සේදීම මඟින් එම විස යම් තරමක් සෝදා හැරීමට පුළුවන්. රසායනික ද්‍රව්‍යයක් පලතුර තුළට ම කා වැඳී තිබේ නම් සෝදා හැරීම මඟින් පමණක් එය ඉවත් කළ නොහැකියි. ඒ කෙසේ වෙතත් පලතුරු සෝදා ආහාරයට ගැනීමේ පුරුද්දක් අප ඇති කර ගත යුතුයි.
රසායනික ද්‍රව්‍ය යොදමින් හොඳින් නොපැසුණු පලතුරු ඉදවීමට වෙළෙන්ඳන් කටයුතු කරන බවට තොරතුරු තිබේ. මේ පිළිබඳව ඔබගේ අදහස් මොනවදා?
හොඳට පැසුණු පලතුරු තමයි ඉදවිය යුත්තේ. එම පලතුරු ස්වභාවිකවම ඉදෙනවා. එහෙත් බොහෝ විට වෙළෙන්දන් කටයුතු කරන්නේ හොඳින් නොපැසුණු ගැට ඉදවීමට රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමයි. මේ පිළිබඳව පාරිභෝගිකයා දැනගෙන සිටිය යුතුයි. පලතුර අල්ලා බලන විට එය පැසුණු ගෙඩියක් ද නැත්නම් නොපැසුණු ගෙඩියක් ද කියා අපට තේරෙනවා. පලතුරු ගැට ඉදවා තිබේ නම් එය මිල දී ගැනීම පාරිභෝගිකයා ප්‍රතික්ෂේප කළ යුතුයි. එසේ නොපැසුණු පලතුරු ඉදවීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍යය ප්‍රමාණය වැඩියි. පාරිභෝගිකයා එවැනි පලතුරු මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් වෙළෙන්දන් යොදන මෙවැනි අහිතකර උපක්‍රම වැළැක්විය හැකියි. ඇතැම් විට පාරිභෝගිකයා පලතුරු මිල දී ගැනීමට පැමිණි විට හෙට කන්නට පලතුර ඉදවීමට අවශ්‍ය ද කියා වෙළඳුන් අසන බවට අපට ආරංචි වී තිබෙනවා. ඔව් කියා කී විට රසායනික ද්‍රව්‍ය වැඩිපුර යොදා පලතුරු ඉදවීමට කටයුතු කරනවා. එය බොහෝ හානිදායක වෙනවා. මෙවැනි ක්‍රියා පාරිභෝගිකයා අනිවාර්යයෙන් ම ප්‍රතික්ෂේප කළ යුතුයි.
පලතුරු ආහාරයට ගැනීම පිළිබඳව ජනතාවට දැනුම්දිය යුත්තේ කුමක් ද?
තම ගෙවත්තේ හැදෙන පලතුරු ආහාරයට ගැනීම සිදු කරන්නේ නම් එය ආරක්ෂාකාරියි. ඒ වාගේ ම ශරීරයට ගුණදායක නැවුම් පලතුරු ආහාරයට ගැනීමට හැකි වෙනවා. එය ශරීර සෞඛ්‍ය සම්පන්නභාවයට වඩාත් හිතකර වෙනවා.
කාබයිට් ගහපු පලතුරු හඳුනා ගන්නේ කොහොම ද?
මානසික හා කායික සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නැංවීම සඳහා පලතුරු ආහාරයට ගැනීම වැදගත් ය.එමෙන් ම මානසික හා කායික තෘප්තිය වර්ධනය කිරීමට ද පලතුරු වලට හැකියාවක් පවතින බව වෛද්‍යවරුන්ගේ මතයයි. නැවුම් ගුණදායක පලතුරු ආහාරයට ගැනීමට අප කොයි කවුරුත් වග බලා ගත යුතුය. ස්වාභාවිකව ඉඳුණු පලතුරු ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේ. පලතුරු කෘත්‍රිමව ඉදවීමට කාබයිට් වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කෙරේ. මෙම ලිපියෙන් අද ඔබ දැනුවත් කරන්නේ ඒ පිළිබඳව ය.