කාමයේ වරදවා හැසිරීමේ විපාක

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    sticker,375x360.u5.png
    :yes::yes::yes:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    well may be im wrong.
    but I watched a tv program of ven siridamma (this was before he became the creepy samatnhabadra)
    he said that there is no evidence at all to support that pansil is a word of Buddha.
    in fact he challenged anyone to show pansil in tripitaka
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දෙන්නම වැඩේ කරන්නේ දෙන්නගේ කැමැත්තෙන් නං, සපුරගන්නේ ස්වාභාවිකවම එන ශාරීරික අවශ්‍යතාවයක් නං මෙච්චර කල්ප ගණන් දුක් දෙන්නේ ඇයි ඕකට. :oo:
    එක සංසාරයේ සැරිසැරීමට හේතුව අවිද්‍යාව ..ඕක දකින්නේ අවිද්‍යාවෙන් ඉලගට කාමයෙන් අන්ධවෙනවා ඒ අන්ධභාවය තුල දස මහා අකුසලයක් වෙන්නේ අන්න ඒ නිසයි කල්ප ගණන් දුක් විදින්නේ :baffled:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දීපු rep ටික ආපහු ගන්ඩ විදියක් නැද්ද? මුල පොඩ්ඩක් කියවල rep දීල ඉතුරු ටික කියෙව්වේ. සෑහෙන අතින් දාලා ලියපු ලිපියක්. උපුටා ගත්ත තැන දන්නේ නෑ කියලා තියෙන හින්දා ලියපු කෙනා හොයන්ඩ වෙන්නේ නෑ. ඒත් ලියල තියෙන්නේ homophobic පුද්ගලයෙක් කියන එක පැහැදිලියි. බුදුන්වහන්සේට විතරක් ගෝචර වෙන අචින්ත්‍ය කර්ම විශය සමීකරණ හදනවා වගේ ගණන් හිලවු එක්ක පැහැදිලි කරන්ඩ හදලා තියෙනවා.
    ඇඟේ මස් විදලා කන පණුවෝ ඉන්න නිරයන් ගැන කියවලා තියෙනවා, ඒත් ඒ පණුවෝ ශුක්‍රාණු හැඩේ කියලා කොහෙවත් තිබ්බේ නෑ.
    විමානවත්ථු පේත
    වත්ථු කියවලා තියෙනවා, කට ඇතුලේ ලිංගික අවයව ඇතුව ඉපදුන ප්‍රේතයන් ගැන තිබුනේ නෑ.
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    වෙලාව තියනවා නම් කියවල බලපන්. කුණුහරප බෂාවෙන් නම් නැහැ.

    අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ”කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි” යනුයි. එහි සාමාන්‍ය අදහස ”මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි” යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ”කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌Cඛාපදං සමාදියාමි” සිල් පදයේ අදහසයි.

    මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්Cධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ”සාලෙය්‍යක සූත්‍රය” අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ”කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා C¹තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති”

    ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්

    1. මාතු රක්‌තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    2. පිතූ රක්‌තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    3. මාතා පිතූ රක්‌තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය

    4. භාතු රක්‌තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    5. භගිනි රක්‌තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    6. C¹ති රක්‌තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය

    7. ගොත්තරක්‌තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    8. ධම්ම රක්‌තා – ධර්මය රකින්නී.

    9. සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.

    10. සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.

    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්චාචාරා වේරමණී” යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌‚තා – මිලයට ගන්නා ලද්දී

    2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.

    3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.

    4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.

    5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.

    6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය

    7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය

    8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.

    9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.

    10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කෙසේ වුවත් තවදුරටත් පසුව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

    කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්

    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු

    2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං

    3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ

    4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ”සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුqරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.

    ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, Cඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. මඡ්ජිම නිකායේ ජීවක සූත්‍රය අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේ සෑම ධර්ම කරුණකින්ම පැහැදිලි කරන්නේ මිනිසාගේ යහපත් සුන්දර ජිවිතයකට වටිනාකමයි. මේ පැහැදිලි කිරීම අනුව යමෙක්‌ වරදවා තේරුම් ගන්න හැකිවන නිසා ඉදිරියේදී ඉහත කරුණු ගැන පහදා දෙනවා.

    කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.

    ”යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
    විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
    සංවත්තනිකො හොති”

    මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.

    ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ
    කාම් මිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියාය. එනම්

    අසු කොට ගත නොතබති ආදර ය
    වද කොට මැරුවත් නැත එ විචාර ය
    ලගු කොට නොසිතමි පව් පරදාර ය
    නිරයට ඇදගෙන යන එම පා රය

    මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,

    ”ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක්‌ පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.

    සංස්‌කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්‌වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස්‌ වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.

    “තෘප්තිර්නාස්‌තිJධනෛරග්නෙර්
    නාම්භසා ලවණාම්භසඃ
    නාපි කාමෙඃ සතෘෂ්ණස්‌වි
    තස්‌මාත් කාමාන තෘප්තයේ”

    ගින්නට දරවලින් තෘප්තියක්‌ නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක්‌ නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක්‌ නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.

    අරියකන්ත ශීලය හෙවත් පඤ්ච ශීලයේ තෙවැනි “කාමෙසුමිච්ඡාචාරා යන ශික්‍ෂා පදය හුදෙක්‌ ස්‌ත්‍රී පුරුෂ සංභෝගයම අදහස්‌ කරනවා. ඒ නිසා ඒ ඒ සත්ත්ව නිකායවල මෛථුන සම්භෝගය හෙවත් ලිංගික සංසර්ගය පිළිබඳ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුවන්ගේ

    “ත්‍රිපිටකයෙහි සංස්‌කෘතික ලක්‍ෂණ “ග්‍රන්ථය ආශ්‍රයෙන් කරුණු දක්‌වන්නම්.

    එනම්, නරකයෙහි උපන් සත්ත්වයන් තුළ මෛථුන සම්භෝගයක්‌ කුලම (කොහෙත්ම) නැහැ. එහි නිරතුරුව ඇති දුකින් පුරුෂයනට ස්‌ත්‍රීන් කෙරෙහි හෝ ස්‌ත්‍රීන්ට පුරුෂයන් කෙරෙහි හෝ උපදනා කාමච්ඡන්දයක්‌ නොවෙයි. එසේ අෙන්‍යාන්‍ය කාමච්ඡන්ද වශයෙන් පවත්නා චිත්තෝත්පාද මාත්‍රයක්‌ හෝ නැති ඔවුනට මෛථුන සම්භෝගයක්‌ ඇති වන්නේ ම නැත. සුවදුක්‌ මිශ්‍රව පවත්නා තිරිසන් ප්‍රේත, මනුෂ්‍ය යන මොවුන් අතර මෛථුන සම්භෝගය වෙයි. ඔවුන්ගේ අෙන්‍යාන්‍ය (ඔවුනොවුන්) සම්භෝගයෙන් ශුක්‍ර ශ්‍රොaණිතයන්ගේ නික්‌මීමද වෙයි. කාමාවචර දෙවියන් අතර මෛථුන සම්භෝගය ඇතත් ශුක්‍ර ශ්‍රොaණිත වහනය නොවේ. ඔවුන්ගේ සම්භෝගපෛdහෙයන් නික්‌මෙන්නේ වායුව පමණකි. චාතුර්මහාරාජකායික දෙවියන් තෘප්තිමත් වන්නේ ද්වයංද්වයසමාපත්තියෙනි. ඒ චාතුර්මහාරාජකායිකයන් සෙයින්ම තාවතිංසය, යාමය යන දෙව් ලෝ වැසි දෙවියෝ ද ඔවුනොවුන් වැළඳ ගැනීම් පමණකින් කාම ඩාහය සන්සිඳුවා ගනිති. තුසිත වැසි දෙවියෝ ඔවුනොවුන් පරිග්‍රහණය (අල්ලා ගැනීම) මාත්‍රයෙන් ද නිර්මාණරති දෙවියෝ ඔවුනොවුන් සිනාසීම් පමණින්ද පරනිර්මිත වසවර්ති දෙවියෝ ඔවුනොවුන් දර්ශන මාත්‍රයෙන්ද (දැකීම් පමණකින්ද) කාමඩාහය සන්සිඳුවා ගනිති.

    මෙතෙක්‌ අප සාකච්ඡා කරන ලද කරුණුවලින් පැහැදිලි කරන්නේ “කාමෙසුමිච්ඡාචාරා” යන පදයෙහි අදහස වැරැදි ලෙස මෛථුන හෙවත් මෙවුන් දම් සේවනය කිරීමමයි. ඇතැමෙක්‌ කාමෙසු ” යන බහුවචන රූපය නිසා මෙය “කාමයන්හි” යනුවෙන් අරුත් කියනවා. ගිහියා අරබයා එවැනි නිගමනයකට කොහෙත්ම එන්නට බෑ. ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන්ට අපේක්‍ෂා කරනවා.

    ඉහත දැක්‌වූ සාලෙය්‍යක සූත්‍රයේදී කාමය වරදවා හැසිරීමට හේතු වන ස්‌ත්‍රීන් පිළිබඳව සඳහන් කළා. ඇස්‌, කන්, නාසාදී ඉන්ද්‍රිය සංවරය “කාමෙසු” වශයෙන් දේශනා කළා නම් එහි ස්‌ත්‍රී වර්ග කිරීමක්‌ සිදුවන්නේ නැහැ”

    කාමෙසුති, මෙථුන සමාචාරෙසු මෙථුනවත්ථුසුවා

    එහි තේරුම – කාමෙසු යනු මෙවුන්දම් පිණිස හැසිරීම්වලදී හෝ මෛථුන වස්‌තූන්හි දී හෝ යනු මිච්ඡාචාරොති, එකන්ත නින්දිතො ලාමකාචාරෝ මිච්ඡාචාර යනු ඒකාන්තයෙන්ම නින්දිත ලාමක (පහත්) හැසිරීමයි. මෙසේ පැහැදිලි කරන්නේ දීඝ නිකාය අටුවාවයි. ඒ නිසා කාමමිච්ඡාචාරය යනු පුරුෂයන්ට අන් ස්‌ත්‍රීන් සේවනයේද, ස්‌ත්‍රීන්ට අන් පුරුෂ සේවනයේද උපදින ආස්‌වාද ෙච්තනාවයි. තෙවැනි සික පදය පිළිබඳ ව්‍යාකරණමය ස්‌වරූපය තවදුරටත් පසුව කතා කරනවා. කෙසේ වුවත් පරදාර සේවනය මහත් ගිනි ජාලාවක්‌. මාරාන්තික ඒඩ්ස්‌ වැනි රෝගාබාධයන්ට තිබෙන හොඳම බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාළ මෙම තුන්වැනි ශික්‍ෂාපදය ආරක්‍ෂා කිරීමයි.

    “සංයුක්‌ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක්‌ පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්‌ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්‌ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්‌ස දාරෙසු

    චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්‌සපි තං අස්‌ස අප්පියං අමනාපං, යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්‌ස පෙසො ධම්මෝ අප්පියෝ

    අමනාපො යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්‌ණං භාසති, එවමස්‌සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.

    යමෙක්‌ මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.

    එය නොවරදින දහමකි. ඒ අනුව හික්‌මෙන්නේ නම් මේ සමාජය කොතෙක්‌ දුරට සුන්දර නොවෙයිද?

    ********

    රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ
    හෑගොඩ විපස්‌සී හිමි[/SIZE][/B]

    source :https://www.facebook.com/path.nirvana?fref=nf

    --------------------------------------------------------------------------------------

    තව දෙයක්.. ඔච්චර තර්ක කර කර ඉන්න ඕනේ කමක් නැහැ. කරන වල කමක් කරගත්තට කමක් නැහැ. බුදුහාමුදුරුවෝ යම් යම් තැන වල දේශනා කරලා තියෙන්නේ කලොත් වෙන ආදීනව. දන දැනත් කරන හෝ නොකරන එක තමන්ගේ බුද්දි මට්ටමට ගැලපෙන විදිහට තමා

    Thanks +
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    බුද්ධ ධර්මයට අනුව කර්මයයි විපාක දෙන්නේ. එකියන්නේ අපි දෙයක් කරන කොට ඒ සිතුවිල්ලනේ. දැන් සමාජ සම්මතය අනුව මේ මගේ නිත්‍යානුකුල බිරිඳ කියල කෙනෙක් ඉන්නවා කියමුකෝ. එතකොට එයත් එක්ක කාමයේ හැසිරීම මම වරදක්වත්, හොර හැඟීමකින් වත්, නෙමෙයි නේ කරන්නේ එතකොට පාපයක් සිදුවෙන්නේ නැද්ද?
    එතකොට කියමුකෝ එහෙම ආදරයක් තියන්න දෙන්නෙක් නිත්‍යානුකුලව බදින්නේ නැතුව විවාහ ප්‍රතික්ෂේප කරලා ජීවිත කලේ එකට ජීවත් වෙන්න තෙරණය කළා කියල (Living Together වගේ ). ඒ තැනදී ඒ දෙන්න අතර සිතුවිලි සෑම වෙලාවකම වෙන්නේ කාමයට බරව නෙමෙයි. (මම හිතන්නේ, බැඳපු එකෙක් කිව්වේ.). එතකොට එතන පාපයක් නැද්ද?
    තව දෙයක්, දැන් හිතන්න අන්තක් පුරයක් තියන් හිටපු කෙනෙක් හරි, නැත්තම් බිරිඳන් 4 ඉන්න කෙනෙක් හරි ඒ දේ සම්මතයක් විදිහට කරනවානම්, එත් එක බිරිදක අකමැති නම් එතැනදී ඒ පුරුෂයාට අකුසලයක් සිදුවෙන්න ඕනේ නේ ?
    පංචශීලය දේශනා කලේ බුදුන් කියල මම හිතන්නේ නෑ මොකද බුදුන් බුදු වෙනකොට පස්වග මහනුන් සිටිය, මහන වුන පංචශීලයේ නිරත් වූ අය.
    අර රාජගිරියේ අරියන්ක්යාන හමුදුරුවොන්ගේ දේශනා වල තියනවා, බිරිඳත් එක්ක කරන ලිංගික හැසිරිමුත් කාමයේ වරදවා හැසිරීමට යනවා කියල.
    මගේ මතේ නම් අපේ ප්‍රතිසන්න්ධිය තීරයන වෙන්නෙත් මරණා සන්න සිතුවිල්ල අනුව නම්, බුදුන් දේශනා කල පරිදි ක්‍රියාවකට සිතුවිල්ල බලපානවා වගේම, එම මනොභාවයටත් අකුසල් හෝ කුසල් රැස් වෙන නිසා කාමය ට එනකොට සිතුවිල්ල බලපානවා.
    හැබැයි ඔය හැමතැනම ගැහැණිය දිහාට තමා ඇගිල්ල දික් කරන්නේ. සමහර විට ඒ කලේ තිබ්බ පුරුෂ මුලික සමාජය අනුව ඒවා දේශනා කරන්න ඇති.
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    very well, one of the best explanation to how the karma works..
    මේක ඇත්ත, මෙහෙම තමා විඳවන්නෙ කාමයේ වරදවා හැසිරුනාම, මේ ලිපියෙන් ටිකක් හොඳට ඒක විස්තර කරල තියනවා...:yes::yes::yes:
    දැන් අපි දන්නෙ කාමයේ වරදවා හැසිරුනාම අපායෙ යනව කියල විතරනෙ,
    ඒකට හේතුව හුඟක් බුද්ධ භාෂිත දැන් ටික ටික අඩුවෙලා ගිහින් main Point එක විතරක් ඉස්මතු වීමයි, explaination එක නෑ,

    කර්ම විෂය අචින්ත්‍යයි තමා, ඒත් මෙතන එච්චර සංකීර්ණ තේරුම ගන්න අපහසු දෙයක් නෑනෙ..
    මෙතන තියන දේ සරල දෙයක්, සංකීර්ණ දෙයක් ඕනෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න..

    "කර්මය කොහොමද කාල අන්තරයක් හරහා පවතින්නෙ? හැමදේම අනිත්‍යනම්?":baffled:

    මේක ඇත්ත,

    TFS!!...

    පිංවතුන් කාමයේ වරදවා හැසිරීමට ලැජ්ජා බය වෙත්වා!!!...:angry:
     
    Last edited:
    • Like
    Reactions: SimonRiley