කාමයේ වරදවා හැසිරීමේ විපාක

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,302
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද බං මේවා බලං හිටියා වගේ ලියල තියෙන්නේ?? විවාහ පත්වෙලා එකගෙයි කෑවොත් අවුල්ද?? එතකොට එක ගෑනියි මිනිස්සු දෙන්නයි. පොලු දෙකකින් කන නිසා ගෑනි විතරද අපායේ යන්නේ? එතකොට රජ පරම්පරාව...... දුටුගැමුණු වළගම්බා වගේ රජවරුත් එකක් බැන්දට සැට් එකක් තියන් ඉන්න ඇතිනේ......... දැන් කොහේ මොනවා කරනවා ඇත්ද?? රට වටේම පන්සල් හදල මේ වෙනකන් ධර්මය රැකෙන්න මහන්සි වෙලා තඩි ෆයියකින් ගුටිකකා ඉන්න වුනොත් මහා අපරාදයක්. ඕව ඔක්කොම කරලා නිවන් දැක්කොත් කිසි අවුලක් නැද්ද?
    මටනම් හිතෙන්නේ කාමයේ බැදෙන එකා එකා එක්ක හිටියත් ආසාවෙන් බැදෙනවා ගොඩක් එක්ක හිටියොත් ආතල් වැඩි නිසා වැඩියෙන් කාමයේ බැදෙනවා. හැබැයි එකදිගට ඕව කරලා දවසක් එනවා ඔවා කරන්න තියා හිතන්නවත් නොහිතෙන.......... ඒ දෙයින් හොදක් වෙන් නැද්ද?.?

    දන්නා එකෙක් කියපල්ලකෝ...නැත්තං ඊළග ආත්මෙත් තොපිත් එක්ක.:baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    උඹ ගැනනම් කියන්න දෙයක් නෑ ටිකට් එක අතේ තියන් ඉන්න නිසා ... උඹට කොච්චර කිව්වත් පිලිගන්නෙත් ණෑ කියල දන්නවා

    මුලින්ම තමන්ගේ ඇහැට නොපෙනෙන හැම දෙයක්ම නෑ කියල සීතීම මහ ගොන් කමක්, ඇල්ෆා, බීටා, ගැමා ගැන විද්‍යාඥයෝ හොයල දීලා මේවා තියනව කියල පෙන්නුවේ නෑත්තන් උඹලා තාම හිතන්නේ ඒවා නෑ කියලා. විද්‍යාෙවන් ස්වභාවධර්මයේ සිදුවෙන හැම දෙයක්ම තේරුම් ගන්නත් පෙන්වා දෙන්නත් අමාරුයි. ඒක එතරම්ම සංකීර්ණ නිසා, ඒක නිසා කාටවත් කියන්න බෑ මේ ලොකේ තුළ වෙනත් අවශේෂ ලෝකයන් පවතින් නෑ කියල කියන්න.

    උඹ ධර්මය නිවැරදිව දන්නවනන් ඹවා ප්‍රශ්ණ නෙමේ බන්, අනික බුදුදහමේ විශ්වය ගැනවත් අනෙක් ලොක ගැනවත් හොය හොය කාලේ නාස්ති කරන්න නෙමේ මුලිකවම කියල තියේන්නේ අනිත්‍ය දුක්ක අනාත්ම සත්වයාට බලපාන අකාරය අවබෝධයෙන් මෙනෙහි කරලා මේ දුකින් එතර වෙන්න. නයාගේ ඹලුවෙන් අල්ලන්න නැට්ටෙන් අල්ලන් නෑතුව...

    මචන් මෙහෙමයි, ටිකට් එක උබටයි මටයි දෙන්නටම තියෙනවා. එහෙමෙයි කියලා උබයි මමයි දෙන්නම දන් නෑ කොහේ ගිහින් නවතියිද කියලා.

    උබ ඔච්චර දන්නා එකේ පොඩ්ඩක් කියපන්කො ඔච්චර සවිස්තරාත්මකව ෆයිය වගේ බල්ලො හපන ඒවයි, ෆයි වගේ පොලු වලින් ගහන ඒවයි, ගැනුන්ගේ රෙද්ද අස්සට මුවහත් ආයුද ඔබන ඒවයි, ශුක්‍රානුවගේ පණුවෝ සිනුයි එකී නොකී දේවල් කියලතියෙන බුද්ධ ග්‍රන්ථය මොකක්ද කියලා.

    කෙටියෙන්ම කියනවනම් මට දැනගන්න ඕන මේ බුද්ධ දේශනාවක්ද, එහෙමනම් මේ විස්තරය තියෙන තැන, එහෙමත් නැත්නම් ලගදි රහත් වුන කෙනෙක්ගේ බනක්ද? එහෙමත් නැත්නම් මිනිහ පැනල ගිය ගෑනියෙක්ගේ අදෝනාවක්ද කියල
    :baffled:
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    වෙලාව තියනවා නම් කියවල බලපන්. කුණුහරප බෂාවෙන් නම් නැහැ.

    අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ”කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි” යනුයි. එහි සාමාන්‍ය අදහස ”මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි” යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ”කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌Cඛාපදං සමාදියාමි” සිල් පදයේ අදහසයි.

    මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්Cධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ”සාලෙය්‍යක සූත්‍රය” අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ”කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා C¹තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති”

    ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්

    1. මාතු රක්‌තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    2. පිතූ රක්‌තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    3. මාතා පිතූ රක්‌තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය

    4. භාතු රක්‌තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    5. භගිනි රක්‌තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    6. C¹ති රක්‌තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය

    7. ගොත්තරක්‌තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    8. ධම්ම රක්‌තා – ධර්මය රකින්නී.

    9. සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.

    10. සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.

    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්චාචාරා වේරමණී” යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌‚තා – මිලයට ගන්නා ලද්දී

    2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.

    3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.

    4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.

    5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.

    6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය

    7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය

    8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.

    9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.

    10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කෙසේ වුවත් තවදුරටත් පසුව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

    කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්

    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු

    2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං

    3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ

    4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ”සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුqරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.

    ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, Cඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. මඡ්ජිම නිකායේ ජීවක සූත්‍රය අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේ සෑම ධර්ම කරුණකින්ම පැහැදිලි කරන්නේ මිනිසාගේ යහපත් සුන්දර ජිවිතයකට වටිනාකමයි. මේ පැහැදිලි කිරීම අනුව යමෙක්‌ වරදවා තේරුම් ගන්න හැකිවන නිසා ඉදිරියේදී ඉහත කරුණු ගැන පහදා දෙනවා.

    කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.

    ”යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
    විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
    සංවත්තනිකො හොති”

    මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.

    ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ
    කාම් මිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියාය. එනම්

    අසු කොට ගත නොතබති ආදර ය
    වද කොට මැරුවත් නැත එ විචාර ය
    ලගු කොට නොසිතමි පව් පරදාර ය
    නිරයට ඇදගෙන යන එම පා රය

    මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,

    ”ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක්‌ පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.

    සංස්‌කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්‌වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස්‌ වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.

    “තෘප්තිර්නාස්‌තිJධනෛරග්නෙර්
    නාම්භසා ලවණාම්භසඃ
    නාපි කාමෙඃ සතෘෂ්ණස්‌වි
    තස්‌මාත් කාමාන තෘප්තයේ”

    ගින්නට දරවලින් තෘප්තියක්‌ නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක්‌ නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක්‌ නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.

    අරියකන්ත ශීලය හෙවත් පඤ්ච ශීලයේ තෙවැනි “කාමෙසුමිච්ඡාචාරා යන ශික්‍ෂා පදය හුදෙක්‌ ස්‌ත්‍රී පුරුෂ සංභෝගයම අදහස්‌ කරනවා. ඒ නිසා ඒ ඒ සත්ත්ව නිකායවල මෛථුන සම්භෝගය හෙවත් ලිංගික සංසර්ගය පිළිබඳ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුවන්ගේ

    “ත්‍රිපිටකයෙහි සංස්‌කෘතික ලක්‍ෂණ “ග්‍රන්ථය ආශ්‍රයෙන් කරුණු දක්‌වන්නම්.

    එනම්, නරකයෙහි උපන් සත්ත්වයන් තුළ මෛථුන සම්භෝගයක්‌ කුලම (කොහෙත්ම) නැහැ. එහි නිරතුරුව ඇති දුකින් පුරුෂයනට ස්‌ත්‍රීන් කෙරෙහි හෝ ස්‌ත්‍රීන්ට පුරුෂයන් කෙරෙහි හෝ උපදනා කාමච්ඡන්දයක්‌ නොවෙයි. එසේ අෙන්‍යාන්‍ය කාමච්ඡන්ද වශයෙන් පවත්නා චිත්තෝත්පාද මාත්‍රයක්‌ හෝ නැති ඔවුනට මෛථුන සම්භෝගයක්‌ ඇති වන්නේ ම නැත. සුවදුක්‌ මිශ්‍රව පවත්නා තිරිසන් ප්‍රේත, මනුෂ්‍ය යන මොවුන් අතර මෛථුන සම්භෝගය වෙයි. ඔවුන්ගේ අෙන්‍යාන්‍ය (ඔවුනොවුන්) සම්භෝගයෙන් ශුක්‍ර ශ්‍රොaණිතයන්ගේ නික්‌මීමද වෙයි. කාමාවචර දෙවියන් අතර මෛථුන සම්භෝගය ඇතත් ශුක්‍ර ශ්‍රොaණිත වහනය නොවේ. ඔවුන්ගේ සම්භෝගපෛdහෙයන් නික්‌මෙන්නේ වායුව පමණකි. චාතුර්මහාරාජකායික දෙවියන් තෘප්තිමත් වන්නේ ද්වයංද්වයසමාපත්තියෙනි. ඒ චාතුර්මහාරාජකායිකයන් සෙයින්ම තාවතිංසය, යාමය යන දෙව් ලෝ වැසි දෙවියෝ ද ඔවුනොවුන් වැළඳ ගැනීම් පමණකින් කාම ඩාහය සන්සිඳුවා ගනිති. තුසිත වැසි දෙවියෝ ඔවුනොවුන් පරිග්‍රහණය (අල්ලා ගැනීම) මාත්‍රයෙන් ද නිර්මාණරති දෙවියෝ ඔවුනොවුන් සිනාසීම් පමණින්ද පරනිර්මිත වසවර්ති දෙවියෝ ඔවුනොවුන් දර්ශන මාත්‍රයෙන්ද (දැකීම් පමණකින්ද) කාමඩාහය සන්සිඳුවා ගනිති.

    මෙතෙක්‌ අප සාකච්ඡා කරන ලද කරුණුවලින් පැහැදිලි කරන්නේ “කාමෙසුමිච්ඡාචාරා” යන පදයෙහි අදහස වැරැදි ලෙස මෛථුන හෙවත් මෙවුන් දම් සේවනය කිරීමමයි. ඇතැමෙක්‌ කාමෙසු ” යන බහුවචන රූපය නිසා මෙය “කාමයන්හි” යනුවෙන් අරුත් කියනවා. ගිහියා අරබයා එවැනි නිගමනයකට කොහෙත්ම එන්නට බෑ. ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන්ට අපේක්‍ෂා කරනවා.

    ඉහත දැක්‌වූ සාලෙය්‍යක සූත්‍රයේදී කාමය වරදවා හැසිරීමට හේතු වන ස්‌ත්‍රීන් පිළිබඳව සඳහන් කළා. ඇස්‌, කන්, නාසාදී ඉන්ද්‍රිය සංවරය “කාමෙසු” වශයෙන් දේශනා කළා නම් එහි ස්‌ත්‍රී වර්ග කිරීමක්‌ සිදුවන්නේ නැහැ”

    කාමෙසුති, මෙථුන සමාචාරෙසු මෙථුනවත්ථුසුවා

    එහි තේරුම – කාමෙසු යනු මෙවුන්දම් පිණිස හැසිරීම්වලදී හෝ මෛථුන වස්‌තූන්හි දී හෝ යනු මිච්ඡාචාරොති, එකන්ත නින්දිතො ලාමකාචාරෝ මිච්ඡාචාර යනු ඒකාන්තයෙන්ම නින්දිත ලාමක (පහත්) හැසිරීමයි. මෙසේ පැහැදිලි කරන්නේ දීඝ නිකාය අටුවාවයි. ඒ නිසා කාමමිච්ඡාචාරය යනු පුරුෂයන්ට අන් ස්‌ත්‍රීන් සේවනයේද, ස්‌ත්‍රීන්ට අන් පුරුෂ සේවනයේද උපදින ආස්‌වාද ෙච්තනාවයි. තෙවැනි සික පදය පිළිබඳ ව්‍යාකරණමය ස්‌වරූපය තවදුරටත් පසුව කතා කරනවා. කෙසේ වුවත් පරදාර සේවනය මහත් ගිනි ජාලාවක්‌. මාරාන්තික ඒඩ්ස්‌ වැනි රෝගාබාධයන්ට තිබෙන හොඳම බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාළ මෙම තුන්වැනි ශික්‍ෂාපදය ආරක්‍ෂා කිරීමයි.

    “සංයුක්‌ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක්‌ පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්‌ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්‌ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්‌ස දාරෙසු

    චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්‌සපි තං අස්‌ස අප්පියං අමනාපං, යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්‌ස පෙසො ධම්මෝ අප්පියෝ

    අමනාපො යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්‌ණං භාසති, එවමස්‌සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.

    යමෙක්‌ මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.

    එය නොවරදින දහමකි. ඒ අනුව හික්‌මෙන්නේ නම් මේ සමාජය කොතෙක්‌ දුරට සුන්දර නොවෙයිද?

    ********

    රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ
    හෑගොඩ විපස්‌සී හිමි

    source :https://www.facebook.com/path.nirvana?fref=nf

    --------------------------------------------------------------------------------------

    තව දෙයක්.. ඔච්චර තර්ක කර කර ඉන්න ඕනේ කමක් නැහැ. කරන වල කමක් කරගත්තට කමක් නැහැ. බුදුහාමුදුරුවෝ යම් යම් තැන වල දේශනා කරලා තියෙන්නේ කලොත් වෙන ආදීනව. දන දැනත් කරන හෝ නොකරන එක තමන්ගේ බුද්දි මට්ටමට ගැලපෙන විදිහට තමා
     
    Last edited:
    • Like
    Reactions: danlix and HSW

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    කාලෙන් කාලෙට සමාජ සම්මත වෙනස් වෙනවා. එක තීරණය වෙන්නේ ගැනු පිරිමි ජනගහන අනුපාතයට තමා. ගෑනු වැඩියෙන් ඉන්න කාලෙක පිරිමි අඩුවෙන් ඉන්න කාලෙක සමහර විට පිරිමියෙක්ට පුළුවන් ගෑනු 4,5 විතර තමන්ට පවර ගන්න. ඒක සමාජ සම්මතයක් නම් තමන්ට පෝෂණය කරන්නත් පුළුවන් නම්, අනික් කෙනෙකුට අයිතියකුත් නැත්තම්, වැරැද්දකට අහු වෙන්නේ නැහැ. අනික් පැත්තටත් ඕක එහෙම්මම තමා.

    එත් ඔය සීන් එක නම් සිංහල වෙදකමින් හොඳ කරන්න පුළුවන්. ;).

    ethakota smaja sammathaya anuwada pin pauw thirnaya wenne ?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචන් මෙහෙමයි, ටිකට් එක උබටයි මටයි දෙන්නටම තියෙනවා. එහෙමෙයි කියලා උබයි මමයි දෙන්නම දන් නෑ කොහේ ගිහින් නවතියිද කියලා.

    උබ ඔච්චර දන්නා එකේ පොඩ්ඩක් කියපන්කො ඔච්චර සවිස්තරාත්මකව ෆයිය වගේ බල්ලො හපන ඒවයි, ෆයි වගේ පොලු වලින් ගහන ඒවයි, ගැනුන්ගේ රෙද්ද අස්සට මුවහත් ආයුද ඔබන ඒවයි, ශුක්‍රානුවගේ පණුවෝ සිනුයි එකී නොකී දේවල් කියලතියෙන බුද්ධ ග්‍රන්ථය මොකක්ද කියලා.

    කෙටියෙන්ම කියනවනම් මට දැනගන්න ඕන මේ බුද්ධ දේශනාවක්ද, එහෙමනම් මේ විස්තරය තියෙන තැන, එහෙමත් නැත්නම් ලගදි රහත් වුන කෙනෙක්ගේ බනක්ද? එහෙමත් නැත්නම් මිනිහ පැනල ගිය ගෑනියෙක්ගේ අදෝනාවක්ද කියල
    :baffled:

    උඹ නැට්ට පාගගෙන බන්... කොහෙද ඹය රතු කරල තියන ඒවා මම කියලා තියෙන්නේ..
    මම කිව්වේ ඇහැට නොපෙනන සියලු දේ නෑ කියන එක අනුවන කමක් කියලා.. මොකද අපිට පේන පරාසයක් තියනවා එතනින් එහාට පේන් නෑ ඇහෙන පරාසයක් තියනවා එතනින් එහාට ඇහෙන් නෑ. ඉතින් කොහොමද මේවා නිශ්චිතවම නෑ කියල කියන්නේ..:)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ethakota smaja sammathaya anuwada pin pauw thirnaya wenne ?

    සමාජ සම්මතේ අනුව තමා තමන් කරන කියන දේ හරි හරි වැරදි හරි කියල තමන් තීරණය කර ගන්නේ. කලින් දීල තියන උදාහරණ බලපන්කො මම. එතකොට තේරෙයි. කඩේ යමක් නෙමෙයි. අරාබියේ ගැනු 7 තියාගෙන ඉන්න එක උන්ගේ සමාජ සම්මතය අනුව අවුලක් නෙමෙයි. ඒ තමන්ට කියලම පවර ගන්න පුළුවන්. කාගෙවත් විරොදයක් නැහැ. අඩුම ගානේ ඒ ගැනු 7 දෙන ගෙන් වත්. ;).
    පවු පින් තීරණය වෙන්නේ අපේ හිතෙන්. එත් මෙතන හිතන්න ඕනේ මනුෂ්‍ය ගුණ ධර්ම කියන්නේ මොනවද කියලත්. තිරිසන් සත්තු ගානට වැටෙන්නේ නැතුව කරනවා නම් ඕනේ දෙයක්.
     
    • Like
    Reactions: lankaq

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,302
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    උඹ නැට්ට පාගගෙන බන්... කොහෙද ඹය රතු කරල තියන ඒවා මම කියලා තියෙන්නේ..
    මම කිව්වේ ඇහැට නොපෙනන සියලු දේ නෑ කියන එක අනුවන කමක් කියලා.. මොකද අපිට පේන පරාසයක් තියනවා එතනින් එහාට පේන් නෑ ඇහෙන පරාසයක් තියනවා එතනින් එහාට ඇහෙන් නෑ. ඉතින් කොහොමද මේවා නිශ්චිතවම නෑ කියල කියන්නේ..:)

    මට ගැටළු තියෙන්නේ ලිපිය සම්බන්දව. මම ප්‍රශ්න අහන්නේ ලිපියට අදාලව. උබ ගැලපෙන්නැති උත්තර දීල දැන් වල්ගයක් ගැන කතාකරනවා. උබ මේ ලිපියේ කරුණු බුද්ධ භාෂිතය කියල හිතනවානම් මේවා මෙහෙම කියල තියෙන තැන කියපන්. ඇල්ෆා බිටා කරුණු මෙයට අදාල නැති අතර මම කිසිවිටෙක නිශ්චිතව කිසිදෙයක් නෑ කියල නෑ.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    මුට නම් දැනටම අපායට වීසා එක වැදිලා ඇති. :baffled::baffled:

    කවුද බං ඒ හාමුදුරුවෝ? රාජගිරියේ ආරියවන්ශාලන්කාර හාමුදුරුවෝ නෙමෙයි නේ?
    na na machan echcara prasidda kenek nemei.godak margapala labagattu aya innawa api dannewath nathi.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    බම්ප් රෙප් ++
    thnx mcn
    rep +

    බම්ප් රෙප් ++
    thnx mcn
    rep +
    සමාජ සම්මතේ අනුව තමා තමන් කරන කියන දේ හරි හරි වැරදි හරි කියල තමන් තීරණය කර ගන්නේ. කලින් දීල තියන උදාහරණ බලපන්කො මම. එතකොට තේරෙයි. කඩේ යමක් නෙමෙයි. අරාබියේ ගැනු 7 තියාගෙන ඉන්න එක උන්ගේ සමාජ සම්මතය අනුව අවුලක් නෙමෙයි. ඒ තමන්ට කියලම පවර ගන්න පුළුවන්. කාගෙවත් විරොදයක් නැහැ. අඩුම ගානේ ඒ ගැනු 7 දෙන ගෙන් වත්. ;).
    පවු පින් තීරණය වෙන්නේ අපේ හිතෙන්. එත් මෙතන හිතන්න ඕනේ මනුෂ්‍ය ගුණ ධර්ම කියන්නේ මොනවද කියලත්. තිරිසන් සත්තු ගානට වැටෙන්නේ නැතුව කරනවා නම් ඕනේ දෙයක්.
    aniwa mcn
    thnx
    rep +
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    Godak Pin
    thnx mcn
    rep+

    බයේ බෑ. අපිට කොහොම දඩුවම් දෙයිද කියලා :no::no:
    :(:(:(
    ta hikena badu karayek wage uba nam

    බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවා තමාම උපමා කොට අනුන්ට හිංසා කීරීමෙන් වලකින්න කියල.
    එතකොට අපායවල් වල ඉන්න යමපල්ලෝ මිනිසුන්ගේ වැරදි වලට දඩුවම් දීලා හිංසා කරල කරන වැරදි වලට යමපල්ලොන්ට ලැබෙන දඩුවම මොකක්ද? උන් යන්නේ මොන අපායටද?
    අනිත් එක අපේ වැරදි වලට දඩුවම් දීලා අපේ පව් ගෙවන්න යම් කොටසක්/පිරිසක් (යමපල්ලන් යන අය) කැප වෙලා ඉන්න පුලුවන්ද?
    තමාගේ කර්මය තමා පසුපස එනවා. හරියට කරත්තේ බැදපු ගොනාගේ පසුපස එන ගැල් රෝදය වගේ.

    කොහොම නමුත් කාමය වරදවා හැසිරීම නම් පාපයක්.
    :yes::yes::yes:
    mama nam hithanne apaya thiyenneth me lokema thamai.ane manda

    බය කරන්න එපා යකෝ :confused::confused: :baffled::baffled:
    dan karanna deyak na :lol::lol::lol:

    thnx mcn

    බොහොම පිං මේක ශෙයා කලාට
    thnx mcn

    thnx shane

    mata me paw walin midena widiyak neda
    karapu paw nam kawadagai pala denawa ban
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    sticker,375x360.u5.png
     
    • Like
    Reactions: lankaq