akilar dapu link eken gatte...
http://dharmaparyeshana.org/archives/192
අප සමාජයේත් සමාජ අන් සමාජවලත් ගණිකා වෘත්තිය පවතිනවා. ගණිකා වෘත්තියේ යෙදීම පවක්‌ද? කාමයේ වරදවා හැසිරීමක්‌ද? අප ඒ ගැනත් විමසා බැලිය යුතුයි.
සිරිමා යනු බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ජීවත්වුණු ප්‍රසිද්ධ ගණිකාවක්. ඇය තමන්ගේ සේවය ලබාදීම සඳහා විශාල මුදලක් අය කළා. ඇය ගණිකාවක් ලෙස තමා ළඟට පැමිණෙන අයට සේවය ලබාදීම කාමයේ වරදවා හැසිරීමක් වන්නේ නැහැ. ඉන්දීය සමාජයේ ගණිකා වෘත්තිය නීතිගත කර තිබූ නිසා ඇය කළේ ඊට අදාළ වෘත්තියේ යෙදීම විතරයි.
නමුත් ඇයගේ පහස ලබන්න යන්නේ විවාහක පුරුෂයෙක් නම් එකී ක්‍රියාවලිය තුළ ඔහුගේ පවුල් සංස්‌ථාව බිඳ වැටීමට හේතු වේ නම් එතැනදී පවක් සිදුවීම වැළැක්‌වීමට නොහැකියි. එම පව සිදුවන්නේ එම පුරුෂයාටයි.
එහෙත් ශ්‍රී ලංකාවේ වෛශ්‍ය වෘත්තිය අනුමත කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ වෛශ්‍ය වෘත්තියේ යෙදෙන්නන් මෙන්ම ඔවුන්ව සොයායන පුරුෂයන්ද අනිවාර්යෙන්ම සිදුකර ගන්නේ පවකි. සමාජය නොමගට යවමින් සමාජ සංස්‌ථාව බිඳ දැමීමට ඔවුන්ගේ ක්‍රියාවලිය හේතු වෙනවා.
ජපානය, තායිලන්තය වැනි රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ එම වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට අදාළ සේවය සැපයීමට සිදුවෙනවා.
අප සෑම විටම කල්පනා කළ යුත්තේ යම්කිසි ක්‍රියාවක් සිදු කිරීමේදී එය තමන්ටත්, අනුන්ටත් අයහපත පිණිස වේ නම් එය අකුසලයක් වන බවයි.
එනිසා කවුරුන්ට හෝ තමන්ගේ රුචි අරුචිකම් අනුව පමණක් හැසිරෙන්න අයිතියක් නැහැ. තමන් සිදුකරන ක්‍රියාවන් නිසා සමාජයට සිදුවන්නේ යහපතක්‌ද? අයහපතක්‌ද? කියා නිතරම කල්පනා කළ යුතුයි. සමාජ සදාචාරයට සහ සමාජ සම්මුතීන්වලට පිටුපා ක්‍රියාකිරීමට අපට අයිතියක් නැහැ.