☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718
    113
    මෙහි අන්තර්ගත වන්නේ, පූජ්‍ය ගොතටුවේ රේවත හිමියන් විසින් දේශනා කරන ලද " මෝහක්ඛයෝ නිබ්බානං " ධර්ම සාකච්ඡාවේ පළමු සහ දෙවන වීඩියෝවේ මැදක් වනතරු අන්තර්ගතයේ සාරාංශයයි. ( අකම්පිත සබැඳිය මෙතනින් )



    ( මා NotebookLLM ඇසුරින් සැකසූ සාරාංශයක් වීඩියෝවක් )

    දෙවන දේශනාව ශ්‍රවණය කරන අතරතුර මා සැකසූ විශේෂ කරුනු කිහිපයක් ( not A.I. ) 👇

    මොනව හරි කියන එකේ තමයි අවුල
    අල්ලා ගැනීමක් සංඛාරයක්

    කෝප්පය - tea cup අපට ගෝචර වන්නේ කෙසේද
    ඉන්ද්‍රිය 5න් සංඛාර සාදයි ( කෝප්පය )
    කෝප්පය අපගේ විඤ්ඤාණයට අරමුණ වන්නේ, පංච ඉන්ද්‍රියන්ගේ සංඥා මඟින්.
    පංච ඉන්ද්‍රියන්ට අරමුණුවන්නේ, කෝපය නම් සංකල්පය, මනසේ සෑදී තිබූ බැවින්.

    දැන් මැරුණත් දැන් හිතේ තියන ආකාරයට සැකසෙනවා භවය, මොකද අපි මේ යන්නේ සංකල්ප රාශියක් හිතේ තියාගෙන, සංකල්ප තියෙනවා නම්, පංච ඉන්ද්‍රියන් සහිත ප්‍රතිසන්ධියක් ලැබෙනවා. උපාදානය දුරුකර ලු උතුම් ආර්යන් වහන්සේලා මරණයෙන් පසු නැවත ත් ඉපදීමක් නැත්තේ ඔවුන් මිය යන අවස්ථාවේ, කිසිදු අල්ලා ගැනීමක් නොමැතිව, සංකල්ප නොමැතිව ආයු සංස්කරණය අත්හළ නිසා ය.

    ඇත නැත යන්නේ අවුල මොකද්ද ?
    ඉතින් අවුලක් නෑනේ ....
    අපිට මොකද තිබ්බත් නැතත්
    ඇයි එහෙනම් ධර්මයක්, අන්ත දෙකක් කියන එක ක් ගැන හිතන්නේ අපි.

    තියෙනවා නම් තිබිච්චාවේ
    නැත්තං නැතිවෙච්චාවේ
    ඇයි එච්චර ඒ ගැන හිතන්නේ මොකක්ද අවුල ක්
    කිසි ප්‍රශ්නයක් නෑනේ

    ඇත නැත යන්නේ ගැටලුව තමා :-
    මැදක් දන්නේ නැති කෙනාට තමා ඇත නැත එකේ අවුලක් නැත්තේ.
    ඇත, නැත දුරු කිරීමට මැද
    මැද තියෙන නිසාමයි දෙපැත්ත පවතින්නේ

    ඇත නැති කරන්න බෑ නැත නැතුව
    නැත නැති කරන්න බෑ ඇතක් නැතුව

    මේකට උත්තරේ මැද මධ්‍යස්ථය

    කෝප්පයක් ඇත
    කෝප්පයක් නැත

    කියන එකේ කෝප්පය තමයි මැද

    කෝප්පය අපට අරමුණ වන්නේ සංස්කාර නිසා, පංච ඉන්ද්‍රිය නිසා, ඉන්ද්‍රියන්ට සංවේදනය වී ම අපට එය දෙයක් ලෙස දැනීම නිසා

    මැද නැති කිරීමෙන් තමා ඇති නැති වුණා අන්තය නැති වන්නේ

    මැද තමා අවුල

    තරාදිය උදාහරණය

    තරාදිය නැති කිරීමට නම් දෙපැත්ත ගලවා හරියන්නෙ නෑ
    මැදක් පවතින තාක් දෙපැත්ත පවතිනවා
    මැදට ගැහුවම තමා දෙපැත්ත නැති වන්නේ
    තරාදිය නැති නැතිවන්නේ

    Now the great question

    කෝප්පය කියන මැද සිතින් අයින් කරන්න ඇත නැත අන්ත වලට නොයා ගන්න විදියක් යෝජනා කරන්න ?

    සාසනයේ ආයාසයක් තියෙන්න බෑ
    නිරායාසයක්ම තිබිය යුතුයි

    ආයාසයක් තිබේන තැන පෙළීමක් ගැටීමක් දෙයක් තිබෙනවා
    එය නැවත ජාතියට උපනිශ්‍රය වෙනවා
    ජාතිය නැති කිරීම තමා අරමුණ විය යුත්තේ

    ඇති බව ඉවර වෙන්නේ නැති බවෙන්
    නැති බව ඉවර වෙන්නේ ඇති බවෙන්

    මේ චක්‍රය ඉවර වෙන්නෙ නෑ

    නිවනක් ඇතිකරගන්න එකේ අවුල තමා
    ඇතිවෙනවනම් කවදහරි නැතිවීමට ඉඩක් තියෙනවා

    සංකතයක් වෙනවා

    ඕග තරණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා

    උන්වහන්සේ තරණය කළේ එක තැන නොපිහිටාද ( දියඹුම් ගැසීමෙන් තොරව )
    තරනය කිරීමට වෑයම් නොකරාද ( නො පිහිනා )
    මා ඕඝ තරණය කරා කියා

    ඉතින් එහෙම වෙන්නේ කොහොමද ?
    එහෙම වෙන්න විදිහක් නෑනේ ?

    එක තැන ඉඳලා ගිලුනෙත් නැත්නම් පිහිනලා තරනය කරේ නැත්නම් කොහොමද ඉබේම සිද්ධ වුණේ

    ඒවගේ ...

    පිහිටා සිටීම සහ පිහිනීම කියන්නේ අයාසයක්.

    මෙම ඕග තරණ සූත්‍රයේ උන්වහන්සේ අදහස් කරන්නේ
    කිසිදු ආයාසයක් නොමැතිව නිරායාසයෙන්ම මේඝ ය තරණය වූවා යන අදහසයි.

    එනම් මධ්‍යස්ථය ආයාසයෙන් තොරව නිරායාසයෙන් වැටහිය යුතු බවයි.

    ඇති නැති බව යමෙක් කියන එකක් අසා එය වැටහුනා යයි සිත රවටා ගන්නා වෙනුවට එය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර යුතුයි සැබෑ පටිසෝතගාමී ආර්ය ශ්‍රාවකයෙකු.

    ආයාසයෙන් දෙයක , මැද නැති කරන්න පුළුවන් නම් එක් අවුල දෝෂය මොකද්ද ?

    ආයාසයක් තියේනම් ඇති නැති බවක් ඇත. එම නිසා එය දෝෂ සහගතයි.

    ආයාසය -> පෙලීම -> අවිද්‍යාව -> ජාතිය

    සෝණ හාමුදුරුවන්ගේ වීණාවේ කතාව ...
    Tune කරන්නේ ඕනෙන් මැද මට්ටමට, තදකරොත්, බුරුල් කරොත් අවුල්

    මධ්‍යම ප්‍රතිපදාව තමා උත්තරය.

    අන්ත දෙකේ පැටලිලා දඟලලා ගැටෙන්නෙ නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි.

    මධ්‍යම ප්‍රතිපදාවෙන් තමා හිත එක්තැන්, කම්පනය වෙන්නේ
    අන්ත දෙකේ තියෙන්නේ ගැටීම,

    බැලීම නතර කිරීමට නම්
    නොබලා හිඳීම හෝ බැලීම නෙවෙයි කරන්න ඕනේ ( අන්ත )
    පෙනෙන එක නතර කරන්න. ( මැද )

    එහෙනම් මේ මැද නැති කිරීමට, නිරායාස මඟ සියුම් ගැඹුරු ආකාරයක් තිබිය යුතුයි

    එසේ නම් බුදුරජාණන් වහන්සේ විසින් පෙනෙන තැනම දෝෂය හඳුනාගෙන ඉවත් කිරීමට ප්‍රතිපදාවක් දේශනා කොට තිබිය යුතුයි
    ජාතියම දුකයි යන්න හඳුනාගැනීමට, අහුවෙන්න ප්‍රතිපදාවක්
    පෙනෙන තැනම ලිහන්න.

    මැද අයින් කරන් න බෑ
    නිරායාසයෙන් අයින් වෙන්න ඕනි.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ ආයාසයෙන් කළ යුතු එකම දෙය බණ ඇසීම පමණයි. නිවන් මාර්ගය නිරායාසයෙන් වැඩේවි එවිට.

    එසේ බණ අසා අවබෝධයට පත්වීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා තිබිය යුතුයි. පිරිසිදු ගුණවත් සිතක් තිබිය යුතුයි. අපිරිසිදු අක්ලේශ පිරි විසිරෙන සිතකට කොපමණ බණ ඇසුවත් අවබෝධයට පත් වන්නේ නෑ.

    කාම තණ්හා - මොනවාහරි, මැද
    කාම භව හෝ විභව කාම ලෙස යුගල වශයෙන් එකට පවතිනවා
    කාම තන්හාව නැතින්වීමට සම්පූර්ණයෙන්
    රහත් විය යුතුයි.

    කාම තන්හාව තමා දරුණුම තැන.
    මොනවාහරි දුකයි කියන එක ම දුකයි ( සංස්කාර )

    සැපයී කියන්නෙත් මොනවාහරි
    මොනවාහරි කියන එකම දුකක්.

    පරම " සැප " කියන්නෙත් මොනවාහරි.
    ඒ නිසා පරම සැප ත් දුකක්.
    ( ස්වර්ගය දිව්‍ය ලෝකය මේ සේරම )
    ලෙස ප්‍රඥාවන්තයා දකියි.

    ( දෙවන දේශනාවේ පැය 01:25 - චතුරාර්ය සත්‍යයන් පැහැදිලි කිරීම කොටස අන්තර්ගත නොවේ. )



    සසර බියකරුයි !
    අද මනුෂ්‍ය ඔබ, හෙට තිරිසන් සතෙකු වි ඉපදිය හැකියි.
    ධර්මයේ හැසිරෙන්න !

    නොපමාව නිවනට හේතුවන විවට්ටගාමිණි කුසල් රැස් කරන්න !

    @nipund @Fiona Dabare ගොඩක් ස්තුතියි මේ දේශනාව යෝජනා කරාට. මම හිතන්නේ නිවැරදි ධර්මය හම්බවුණා මේ දේශනාව තුළින්, ගැඹුරුයි, වටහා ගන්න අමාරුයි ඒත් උත්සාහ කරනවා. @nuwan9999 @ek_rosh @Blair Solari
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    මෙහි අන්තර්ගත වන්නේ, පූජ්‍ය ගොතටුවේ රේවත හිමියන් විසින් දේශනා කරන ලද " මෝහක්ඛයෝ නිබ්බානං " ධර්ම සාකච්ඡාවේ පළමු සහ දෙවන වීඩියෝවේ මැදක් වනතරු අන්තර්ගතයේ සාරාංශයයි. ( අකම්පිත සබැඳිය මෙතනින් )



    ( මා NotebookLLM ඇසුරින් සැකසූ සාරාංශයක් වීඩියෝවක් )

    දෙවන දේශනාව ශ්‍රවණය කරන අතරතුර මා සැකසූ විශේෂ කරුනු කිහිපයක් ( not A.I. ) 👇

    මොනව හරි කියන එකේ තමයි අවුල
    අල්ලා ගැනීමක් සංඛාරයක්

    කෝප්පය - tea cup අපට ගෝචර වන්නේ කෙසේද
    ඉන්ද්‍රිය 5න් සංඛාර සාදයි ( කෝප්පය )
    කෝප්පය අපගේ විඤ්ඤාණයට අරමුණ වන්නේ, පංච ඉන්ද්‍රියන්ගේ සංඥා මඟින්.
    පංච ඉන්ද්‍රියන්ට අරමුණුවන්නේ, කෝපය නම් සංකල්පය, මනසේ සෑදී තිබූ බැවින්.

    දැන් මැරුණත් දැන් හිතේ තියන ආකාරයට සැකසෙනවා භවය, මොකද අපි මේ යන්නේ සංකල්ප රාශියක් හිතේ තියාගෙන, සංකල්ප තියෙනවා නම්, පංච ඉන්ද්‍රියන් සහිත ප්‍රතිසන්ධියක් ලැබෙනවා. උපාදානය දුරුකර ලු උතුම් මාරයන් වහන්සේලා මරණයෙන් පසු නැවත ත් ඉපදීමක් නැත්තේ ඔවුන් මිය යන අවස්ථාවේ, කිසිදු අල්ලා ගැනීමක් නොමැතිව, සංකල්ප නොමැතිව ආයු සංස්කරණය අත්හළ නිසා ය.

    ඇත නැත යන්නේ අවුල මොකද්ද ?
    ඉතින් අවුලක් නෑනේ ....
    අපිට මොකද තිබ්බත් නැතත්
    ඇයි එහෙනම් ධර්මයක්, අන්ත දෙකක් කියන එක ක් ගැන හිතන්නේ අපි.

    තියෙනවා නම් තිබිච්චාවේ
    නැත්තං නැතිවෙච්චාවේ
    ඇයි එච්චර ඒ ගැන හිතන්නේ මොකක්ද අවුල ක්
    කිසි ප්‍රශ්නයක් නෑනේ

    ඇත නැත යන්නේ ගැටලුව තමා :-
    මැදක් දන්නේ නැති කෙනාට තමා ඇත නැත එකේ අවුලක් නැත්තේ.
    ඇත, නැත දුරු කිරීමට මැද
    මැද තියෙන නිසාමයි දෙපැත්ත පවතින්නේ

    ඇත නැති කරන්න බෑ නැත නැතුව
    නැත නැති කරන්න බෑ ඇතක් නැතුව

    මේකට උත්තරේ මැද මධ්‍යස්ථය

    කෝප්පයක් ඇත
    කෝප්පයක් නැත

    කියන එකේ කෝප්පය තමයි මැද

    කෝප්පය අපට අරමුණ වන්නේ සංස්කාර නිසා, පංච ඉන්ද්‍රිය නිසා, ඉන්ද්‍රියන්ට සංවේදනය වී ම අපට එය දෙයක් ලෙස දැනීම නිසා

    මැද නැති කිරීමෙන් තමා ඇති නැති වුණා අන්තය නැති වන්නේ

    මැද තමා අවුල

    තරාදිය උදාහරණය

    තරාදිය නැති කිරීමට නම් දෙපැත්ත ගලවා හරියන්නෙ නෑ
    මැදක් පවතින තාක් දෙපැත්ත පවතිනවා
    මැදට ගැහුවම තමා දෙපැත්ත නැති වන්නේ
    තරාදිය නැති නැතිවන්නේ

    Now the great question

    කෝප්පය කියන මැද සිතින් අයින් කරන්න ඇත නැත අන්ත වලට නොයා ගන්න විදියක් යෝජනා කරන්න ?

    සාසනයේ ආයාසයක් තියෙන්න බෑ
    නිරායාසයක්ම තිබිය යුතුයි

    ආයාසයක් තිබේන තැන පෙළීමක් ගැටීමක් දෙයක් තිබෙනවා
    එය නැවත ජාතියට උපනිශ්‍රය වෙනවා
    ජාතිය නැති කිරීම තමා අරමුණ විය යුත්තේ

    ඇති බව ඉවර වෙන්නේ නැති බවෙන්
    නැති බව ඉවර වෙන්නේ ඇති බවෙන්

    මේ චක්‍රය ඉවර වෙන්නෙ නෑ

    නිවනක් ඇතිකරගන්න එකේ අවුල තමා
    ඇතිවෙනවනම් කවදහරි නැතිවීමට ඉඩක් තියෙනවා

    සංකතයක් වෙනවා

    ඕග තරණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා

    උන්වහන්සේ තරණය කළේ එක තැන නොපිහිටාද ( දියඹුම් ගැසීමෙන් තොරව )
    තරනය කිරීමට වෑයම් නොකරාද ( නො පිහිනා )
    මා ඕඝ තරණය කරා කියා

    ඉතින් එහෙම වෙන්නේ කොහොමද ?
    එහෙම වෙන්න විදිහක් නෑනේ ?

    එක තැන ඉඳලා ගිලුනෙත් නැත්නම් පිහිනලා තරනය කරේ නැත්නම් කොහොමද ඉබේම සිද්ධ වුණේ

    ඒවගේ ...

    පිහිටා සිටීම සහ පිහිනීම කියන්නේ අයාසයක්.

    මෙම ඕග තරණ සූත්‍රයේ උන්වහන්සේ අදහස් කරන්නේ
    කිසිදු ආයාසයක් නොමැතිව නිරායාසයෙන්ම මේඝ ය තරණය වූවා යන අදහසයි.

    එනම් මධ්‍යස්ථය ආයාසයෙන් තොරව නිරායාසයෙන් වැටහිය යුතු බවයි.

    ඇති නැති බව යමෙක් කියන එකක් අසා එය වැටහුනා යයි සිත රවටා ගන්නා වෙනුවට එය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර යුතුයි සැබෑ පටිසෝතගාමී ආර්ය ශ්‍රාවකයෙකු.

    ආයාසයෙන් දෙයක , මැද නැති කරන්න පුළුවන් නම් එක් අවුල දෝෂය මොකද්ද ?

    ආයාසයක් තියේනම් ඇති නැති බවක් ඇත. එම නිසා එය දෝෂ සහගතයි.

    ආයාසය -> පෙලීම -> අවිද්‍යාව -> ජාතිය

    සෝණ හාමුදුරුවන්ගේ වීණාවේ කතාව ...
    Tune කරන්නේ ඕනෙන් මැද මට්ටමට, තදකරොත්, බුරුල් කරොත් අවුල්

    මධ්‍යම ප්‍රතිපදාව තමා උත්තරය.

    අන්ත දෙකේ පැටලිලා දඟලලා ගැටෙන්නෙ නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි.

    මධ්‍යම ප්‍රතිපදාවෙන් තමා හිත එක්තැන්, කම්පනය වෙන්නේ
    අන්ත දෙකේ තියෙන්නේ ගැටීම,

    බැලීම නතර කිරීමට නම්
    නොබලා හිඳීම හෝ බැලීම නෙවෙයි කරන්න ඕනේ ( අන්ත )
    පෙනෙන එක නතර කරන්න. ( මැද )

    එහෙනම් මේ මැද නැති කිරීමට, නිරායාස මඟ සියුම් ගැඹුරු ආකාරයක් තිබිය යුතුයි

    එසේ නම් බුදුරජාණන් වහන්සේ විසින් පෙනෙන තැනම දෝෂය හඳුනාගෙන ඉවත් කිරීමට ප්‍රතිපදාවක් දේශනා කොට තිබිය යුතුයි
    ජාතියම දුකයි යන්න හඳුනාගැනීමට, අහුවෙන්න ප්‍රතිපදාවක්
    පෙනෙන තැනම ලිහන්න.

    මැද අයින් කරන් න බෑ
    නිරායාසයෙන් අයින් වෙන්න ඕනි.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ ආයාසයෙන් කළ යුතු එකම දෙය බණ ඇසීම පමණයි. නිවන් මාර්ගය නිරායාසයෙන් වැඩේවි එවිට.

    එසේ බණ අසා අවබෝධයට පත්වීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා තිබිය යුතුයි. පිරිසිදු ගුණවත් සිතක් තිබිය යුතුයි. අපිරිසිදු අක්ලේශ පිරි විසිරෙන සිතකට කොපමණ බණ ඇසුවත් අවබෝධයට පත් වන්නේ නෑ.

    කාම තණ්හා - මොනවාහරි, මැද
    කාම භව හෝ විභව කාම ලෙස යුගල වශයෙන් එකට පවතිනවා
    කාම තන්හාව නැතින්වීමට සම්පූර්ණයෙන්
    රහත් විය යුතුයි.

    කාම තන්හාව තමා දරුණුම තැන.
    මොනවාහරි දුකයි කියන එක ම දුකයි ( සංස්කාර )

    සැපයී කියන්නෙත් මොනවාහරි
    මොනවාහරි කියන එකම දුකක්.

    පරම " සැප " කියන්නෙත් මොනවාහරි.
    ඒ නිසා පරම සැප ත් දුකක්.
    ( ස්වර්ගය දිව්‍ය ලෝකය මේ සේරම )
    ලෙස ප්‍රඥාවන්තයා දකියි.

    ( දෙවන දේශනාවේ පැය 01:25 - චතුරාර්ය සත්‍යයන් පැහැදිලි කිරීම කොටස අන්තර්ගත නොවේ. )



    සසර බියකරුයි !
    අද මනුෂ්‍ය ඔබ, හෙට තිරිසන් සතෙකු වි ඉපදිය හැකියි.
    ධර්මයේ හැසිරෙන්න !

    නොපමාව නිවනට හේතුවන විවට්ටගාමිණි කුසල් රැස් කරන්න !

    @nipund @Fiona Dabare ගොඩක් ස්තුතියි මේ දේශනාව යෝජනා කරාට. මම හිතන්නේ නිවැරදි ධර්මය හම්බවුණා මේ දේශනාව තුළින්, ගැඹුරුයි, වටහා ගන්න අමාරුයි ඒත් උත්සාහ කරනවා. @nuwan9999 @ek_rosh @Blair Solari


    ඔබතුමා මේකෙන් ගත්තෙ මොනවද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,234
    12,257
    113
    Ohio, USA
    gouden_buddah_sitting_with_women-large.jpg
     
    • Love
    Reactions: Candid-B

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718
    113
    ඔබතුමා මේකෙන් ගත්තෙ මොනවද?
    @ek_rosh ප්‍රධානම දේ මම නොදත් දේ බොහෝයි සහ මතුපිටින් පෙනෙන ධර්ම කරුණු වලට ගොඩක් ගැඹුරු සංකීර්ණ සියුම් අර්ථ විවරණ තියනවා කියන එක ( උදාහරණයක් විදියට මම හිතන් හිටියෙ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ශරීරයට අධික දුක් නොදී, අධික සැප නොදී ඒ දෙකේම මධ්‍යස්ථ ස්ථානයක් බුදුරජාණන් වහන්සේ විසින් අනුගමනය කරා, ඒකට කියන විශේෂ නමක් කියලා විතරයි, technical term )

    ඒත් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ, මුළු නිවන් මාර්ගයම වචන දෙකකට සංක්ෂිප්ත කරලා කියන අදහස කියලා තේරුම් ගියා සහ මුළු බුදු දහමේම පදනම, හරය ඒක කියලා.

    සහ මම ධර්මය ලෝකය දිහා බලන දෘෂ්ටි කෝණය ගොඩක් පටුයි, ළාමක යි සහ තව බණ දහම අහන්න ඕනි කියන එක, චින්තනය පුළුල් කරගැනීමට.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    ඒත් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ, මුළු නිවන් මාර්ගයම වචන දෙකකට සංක්ෂිප්ත කරලා කියන අදහස කියලා තේරුම් ගියා සහ මුළු බුදු දහමේම පදනම, හරය ඒක කියලා.

    මේක පැහැදිලි කරොත්?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718
    113
    මේක පැහැදිලි කරොත්?

    නිවන ... බුදු කෙනෙක් පහළ වෙලා මොකද්ද නිවන්න, නිරෝධය කරන්න කියලා කියන්නේ ? මාර්ගය පෙන්වා දෙන්නේ ....

    උපන් දුක
    නූපන් දුක

    පෘථග්ජනයෙකුට "දුක" ගැන පැමිණෙන්න පුළුවන් අවසාන නිගමන දෙකක් තියෙන්න පුළුවන්.

    දුක තියනවා
    දුක නෑ

    උපනූපන් දුක තියෙනවා කියලා විශ්වාස කරපු පෘථග්ජන ජනයා, එදා බුද්ධකාලීන භාරතයේ තීර්ථකයන්, ජටිලයන්, බ්‍රාහ්මණයාන්, තාපසයන් වෙලා දුක නැති කරන්න මාර්ගයක් හොයන්න ඇති

    ඒ ගැන අවබෝධයක් නැති ජනයා සාමාන්‍ය ලෙස ඔවුනොවුන්ගේ ජීවිතය ගත කරන්න ඇති.

    මෙවැනි විපරිත සමාජයක, බුදු කෙනෙක් පහළ වෙලා දුක නැති කරන්න පෙන්වන්නේ මධ්‍යම ප්‍රතිපදාව.

    ඇත නැත කියා අන්ත දෙකකට ගොස්, දුක නැති කරන්න ගියොත් .... නැති කරන්න " දෙයක් " අහුවෙන නිසා, එතන ඇතිවෙන්නේ තවත් දුකක්, ඇලීමක් ගැටීමක් පෙලීමක් විතරයි.

    නැවත නැවතත් පෘථග්ජනයා සංසාරයේ වැටීමට එය හේතුවක්.

    දුක ඇත
    දුක නැත

    ඇති දෙයක් නැති කරන්න බෑ, නැති උන ගමන් ආයි ඇතිවෙන්න පුළුවන් ලෝක ස්වභාවය අනුව. ඇත නැත යන්න එකම කාසියක දෙපැත්ත වගේ.

    මේ අන්ත දෙකෙහි, මැද, මධ්‍යම ප්‍රතිපදාව තමා දුක කියන එක.

    එම නිසා අප නැති කළ යුත්තේ දුකයි ( ඇති නැති දුක නොව ෙයි දුක හට ගැනීමට ඇති හේතුව )

    ඉමස්මිං සති ඉදං හෝති
    ඉමස්ස උප්පාදා ඉදං උප්පඡ්ජති
    ඉමස්මිං අසති ඉදං න හෝති
    තේසංච නිරෝධා ඉදං නිරුජ්ඣති.

    මෙය ඇති කල්හි මෙය වේ.
    මෙය හට ගැනීමෙන් මෙය හටගනී.
    මෙය නැති කල්හි මෙය නොවේ.
    මෙය නැතිව යාමෙන් මෙය නැතිව යයි.

    එම නිසා උන්වහන්සේ පෙන්නුවේ, දුක ඇතිවීමට බලපාන හේතු නැති කිරීම. ( පටිච්චසමුප්පාදය )

    "හේතුං පටිච්ච සම්භූතං
    හේතු භංගා නිරුජ්ජති"

    ( ඔය විදියට තමා මට නම් තේරුනේ, අනිත් දේශනා ටිකත් අහන්න ඕනේ මෙම මාලාවේ හරි අදහස ගන්න )
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    නිවන ... බුදු කෙනෙක් පහළ වෙලා මොකද්ද නිවන්න, නිරෝධය කරන්න කියලා කියන්නේ ? මාර්ගය පෙන්වා දෙන්නේ ....

    උපන් දුක
    නූපන් දුක

    පෘථග්ජනයෙකුට "දුක" ගැන පැමිණෙන්න පුළුවන් අවසාන නිගමන දෙකක් තියෙන්න පුළුවන්.

    දුක තියනවා
    දුක නෑ

    දුකක් නැ කියන පෘතක්ජනයෙක් මෙ පොලොවෙ ඉන්න පුලුවන් ද?

    දුක ඇත
    දුක නැත

    ඇති දෙයක් නැති කරන්න බෑ, නැති උන ගමන් ආයි ඇතිවෙන්න පුළුවන් ලෝක ස්වභාවය අනුව. ඇත නැත යන්න එකම කාසියක දෙපැත්ත වගේ.

    මේ අන්ත දෙකෙහි, මැද, මධ්‍යම ප්‍රතිපදාව තමා දුක කියන එක.

    දුක්ක ආර්ය සත්ය, ලෝකයම දුක මත් පිහිටල ඇත කියන බුදු හාමුදුරුවො.. දුක ඇත නැත කියල අන්ත දේකක් කියල පෙන්නයි ද?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718
    113
    දුකක් නැ කියන පෘතක්ජනයෙක් මෙ පොලොවෙ ඉන්න පුලුවන් ද?

    බෑ ... පෘථග්ජනයා කියන්නෙම දුක විඳින කෙනා සහ ඒ දුක පෝෂණය කරන කෙනා.

    දුක්ක ආර්ය සත්ය, ලෝකයම දුක මත් පිහිටල ඇත කියන බුදු හාමුදුරුවො.. දුක ඇත නැත කියල අන්ත දේකක් කියල පෙන්නයි ද?

    දුක දැකපු කාමසුකල්ලිකානූ සිද්ධාර්ථ තමා දුක නැති කිරීමට මග හොයාගෙන අත්තකිලතමානූ ජීවිතයක් ගත කර ( අන්ත දෙක ම ) මධ්‍යම ප්‍රතිපදාව තමා මාර්ගය කියලා අවබෝධ කර ගත්තේ.

    ඉතින් බුදු උනාට පස්සේ උන්වහන්සේ අමතන් නේ අන්ත දෙකේ ඉන්න පෘථග්ජනයා ට, ඉතින් තමන් ඒ අන්ත දෙකේ ම හරයක් නැති භාවත්, ඇති නැති බව පදනම් වන දුක නැති කරන්න කියලා පෙන්නලා දුන්නා.

    තමන් වහන්සේ අවබෝධ කර ගත්, ආර්ය සත්‍යයක් දුක සහ ඒකට හේතුව නැති කරන්න කියලා මාර්ගය පෙන්නලා දුන්නා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,826
    113
    Athithaya ek anthayak,anagathaya ek anthayak,nirodaya meda.
    Metana nirodaya kivve niwana newe neda.
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    බෑ ... පෘථග්ජනයා කියන්නෙම දුක විඳින කෙනා සහ ඒ දුක පෝෂණය කරන කෙනා.

    එහෙමනම්,, පෘතක්ජනය දුක ඇත, දුක නැත කියන නිගමන දෙකකට එන්න පුලුවන් කිව්වෙ?

    දුක දැකපු කාමසුකල්ලිකානූ සිද්ධාර්ථ තමා දුක නැති කිරීමට මග හොයාගෙන අත්තකිලතමානූ ජීවිතයක් ගත කර ( අන්ත දෙක ම ) මධ්‍යම ප්‍රතිපදාව තමා මාර්ගය කියලා අවබෝධ කර ගත්තේ.

    ඉතින් බුදු උනාට පස්සේ උන්වහන්සේ අමතන් නේ අන්ත දෙකේ ඉන්න පෘථග්ජනයා ට, ඉතින් තමන් ඒ අන්ත දෙකේ ම හරයක් නැති භාවත්, ඇති නැති බව පදනම් වන දුක නැති කරන්න කියලා පෙන්නලා දුන්නා.

    තමන් වහන්සේ අවබෝධ කර ගත්, ආර්ය සත්‍යයක් දුක සහ ඒකට හේතුව නැති කරන්න කියලා මාර්ගය පෙන්නලා දුන්නා.

    ඇති නැත් බව පදනම් වන දුක කිව්වෙ?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718
    113
    එහෙමනම්,, පෘතක්ජනය දුක ඇත, දුක නැත කියන නිගමන දෙකකට එන්න පුලුවන් කිව්වෙ?

    මෝහය නිසා යමකු ට දුක නොවැටහී තිබෙන්න පුළුවන්, ( උදාහරණයක් ලෙස, එකල විසූ චක්‍රවර්ති රජ කෙනෙකුට, සිතූ පැතු දේ ලබා ගැනීමට හැකි ව තිබු නිසා, ඒ සදාකාලික සැපයක්, ජීවිතයේ දුකක් නැතැයි කියා අන්තයකට එන්න පුළුවන්, මෝහය නම් වළාවෙන් ඔහුගේ සිත වසාගෙන තිබෙන නිසා )

    තවත් කෙනෙකු, ජටිලයන්, තාපසයන් වැනි .... දුක අවබෝධ කරගෙන ( දුකක් තිබේ අය අන්තයෙන් ) එයින් මිදීම අරමුණු කරගෙන වැරදි මාර්ගවල ගමන් කරනවා වෙන්න පුළුවන් ( උදාහරණයක් ලෙස, රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ඒ ඒ ්‍රහ්ම තලවල උපන් කෙනෙකු, එය දුක නැති කෙරෙනවා යැයි මෝහයට පත් වී, එම ලෝකවල ප්‍රතිසන්ධිය වීම දුක නැති කිරීම යයි වරදවා වටහා ගන්න පුළුවන් )

    ඉතින් බුදු කෙනෙකු වෙන්නේ ඒ මෝහ වලාවන් කඩා දමා, නිර්මාණය නම් වූ අසංකත ධාතුව පෙන්වන්න. එය සාක්ෂාත් කර ගැනීමට, අදාළ මාර්ගය පෙන්වීමට. මධ්‍යම ප්‍රතිපදාව.

    ඇති නැත් බව පදනම් වන දුක කිව්වෙ?

    මුල හේතුව,
    හිතන්න කෙනෙකු මේ ලෝකයේ තිබෙන වේදනාව තිබෙන හිස් කබල් පිලිකාවකින් පෙලෙනවා කියලා ( එම පුද්ගලයාට එය දුකෙහි උච්චතම අන්තයක් )

    එහෙත් සාමාන්‍ය නිරෝගී කෙනෙකුට, එසේ වේදනාවන් නෑ ( එම දුකට සාපේක්ෂව එය නැත යන අන්තය )

    එහෙත් එම රෝගී පුද්ගලයා සුව විය හැකියි.
    නිරෝගී පුද්ගලයා ලෙඩ විය හැකියි.

    මේ අවස්ථා දෙකහිම, මධ්‍යස්ථය තමා - හිස්කබල් පිළිකාව කියන දුක. ඒ දුක නැති කිරීමේ මාර්ගය තමා ජාතිය නැති කිරීම, පටිච්චසමුප්පාදය.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    මෙවැනි විපරිත සමාජයක, බුදු කෙනෙක් පහළ වෙලා දුක නැති කරන්න පෙන්වන්නේ මධ්‍යම ප්‍රතිපදාව.

    ඇත නැත කියා අන්ත දෙකකට ගොස්, දුක නැති කරන්න ගියොත් .... නැති කරන්න " දෙයක් " අහුවෙන නිසා, එතන ඇතිවෙන්නේ තවත් දුකක්, ඇලීමක් ගැටීමක් පෙලීමක් විතරයි.

    නැවත නැවතත් පෘථග්ජනයා සංසාරයේ වැටීමට එය හේතුවක්.

    දුක ඇත
    දුක නැත

    ඇති දෙයක් නැති කරන්න බෑ, නැති උන ගමන් ආයි ඇතිවෙන්න පුළුවන් ලෝක ස්වභාවය අනුව. ඇත නැත යන්න එකම කාසියක දෙපැත්ත වගේ.

    මේ අන්ත දෙකෙහි, මැද, මධ්‍යම ප්‍රතිපදාව තමා දුක කියන එක.

    IMHO,

    මෙය ඇති කල්හි මෙය වේ..

    'මෙය' තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස් වීම (දුක්ඛ ආර්ය සත්‍ය). ඔය සකස් වීම තුල අපි දැනගන්න පුංචි කෑල්ලක් තමයි සම්මුතියේ, දුක කියලා ගන්නේ..
    උදා: කට්ටකින් අතට අනිනවා. කකුල කියතකින් කපනවා..

    සකස් වීම (දුක්ඛ ආර්ය සත්‍ය) inevitably සම්මුති දුකමයි උරුම කරන්නේ. සතර අපාය සත්ත්වයාගේ මහ ගෙදර වගේ.

    සංකල්ප පවතින්නේ හැමතිස්සෙම දෘස්ටියට උඩින්.

    නිවන මෙහෙමයි.. කියන සංකල්පය තියෙන්නේ, නිවන උඩ. ඔතන තමයි ඇත/ නැත ලෙස පවතින දෘස්ටිය. මෙහෙම කිව්වට මේක තව සියුම්. 'නිවන' කියන්නේ මොකක්ද.. කවද්ද දැනගත්තේ.. කියලා බැලුවොත් පෙනෙයි මේ හැම දේම අහපු, දැකපු, දැනුන දේවල්.

    අහන, දකින, දැනෙන මට්ටමෙන් තමයි, *මෙය* ලෙස අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස් වීම.

    පේනවා, ඇහෙනවා, දැනෙනවා.. කියන තැනම නිච්ච, අත්ත, සුඛ සංඤා සහ වැරදි දිට්ටියෙන් අල්ලගත්ත අරමුණු තියෙන්නේ. (සංඛතය)

    අරමුණු තමයි රූප, වේදනා, සංඤා..

    මේ අරමුණු වල තියෙන යථා ස්වභාවය තමයි අනිච්ච, අනත්ත, දුක්ඛ. මේක දකින්න අරමුණ මත කරන මනසිකාරය තමයි විදර්ශනාව, ත්‍රිලක්ෂණය දකින මොහොත තමයි යෝනිසෝ මනසිකාරය.

    ඇත්තටම 'පේනවා' කියන්නේ ඇයි, එහෙම කියන්නේ කොහොමද කියලා හිතලා තියෙනවද කවද හරි?

    Athithaya ek anthayak,anagathaya ek anthayak,nirodaya meda.
    Metana nirodaya kivve niwana newe neda.

    නිවන තමයි.

    අපි කියන අතීතය, අනාගතය දෙකම අන්ත. වර්තමානය නැත්තම් මොහොත එක්ක ඔය දෙකම බැදිලා තියෙනවා.

    මොහොත තියෙනවා කියන්නේ කොහොමද.. කියලා බැලුවොත්?
    ------ Post added on Dec 30, 2025 at 4:50 PM

    මුල හේතුව,
    හිතන්න කෙනෙකු මේ ලෝකයේ තිබෙන වේදනාව තිබෙන හිස් කබල් පිලිකාවකින් පෙලෙනවා කියලා ( එම පුද්ගලයාට එය දුකෙහි උච්චතම අන්තයක් )

    එහෙත් සාමාන්‍ය නිරෝගී කෙනෙකුට, එසේ වේදනාවන් නෑ ( එම දුකට සාපේක්ෂව එය නැත යන අන්තය )

    එහෙත් එම රෝගී පුද්ගලයා සුව විය හැකියි.
    නිරෝගී පුද්ගලයා ලෙඩ විය හැකියි.

    මේ අවස්ථා දෙකහිම, මධ්‍යස්ථය තමා - හිස්කබල් පිළිකාව කියන දුක. ඒ දුක නැති කිරීමේ මාර්ගය තමා ජාතිය නැති කිරීම, පටිච්චසමුප්පාදය.

    වේදනාව සැප, දුක කියලා කියන්නේ කොහොමද?
    ඇයි පිළිකාවක් තියෙන කෙනාට දුකේ.. කියලා කියන්නේ? මේ ආයේ සංකල්ප
    ------ Post added on Dec 30, 2025 at 4:57 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,875
    1
    6,718
    113
    ඇත්තටම 'පේනවා' කියන්නේ ඇයි, එහෙම කියන්නේ කොහොමද කියලා හිතලා තියෙනවද කවද හරි?

    රේවත හාමුදුරුවෝ කියන විදියට
    දකිනවා කියන්නේ,
    අපගේ ඇතුලාන්තයේ පවතින සංකල්ප, පංච ඉන්ද්‍රියන්ගෙන් එන සංඥා නිසා triggers වීමක්.

    වේදනාව සැප, දුක කියලා කියන්නේ කොහොමද?
    ඇයි පිළිකාවක් තියෙන කෙනාට දුකේ.. කියලා කියන්නේ? මේ ආයේ සංකල්ප

    🙏🏻✨
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,826
    113
    නිවන තමයි.
    අපි කියන අතීතය, අනාගතය දෙකම අන්ත. වර්තමානය නැත්තම් මොහොත එක්ක ඔය දෙකම බැදිලා තියෙනවා.

    මොහොත තියෙනවා කියන්නේ කොහොමද.. කියලා බැලුවොත්?
    ------ Post added on Dec 30, 2025 at 4:50 PM

    Otana niwana nan sparshaya ek anthayak saprasha samudaya tawa anthyak nirodaya meda kiyana ekata tally wenne nane ban.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    රේවත හාමුදුරුවෝ කියන විදියට
    දකිනවා කියන්නේ,
    අපගේ ඇතුලාන්තයේ පවතින සංකල්ප, පංච ඉන්ද්‍රියන්ගෙන් එන සංඥා නිසා triggers වීමක්.

    ඔයාගේ අදහස අහන්නේ

    පේනවා.. කියන්නේ කොහොමද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,826
    113
    Chakku paticha rupesu upaddati chakku vincyanan.
    Ahai rupayay frequency dekama tally unama tamai pena vinyanaya hataganne.aye pena viyanayen aye rupeta namayak danawa eka sparsha samudaya.

    Meka weradida