මචන්, පුද්ගල මට්ටමෙන් මේක මෙන්න මෙහෙමයි කරන්න ඕනි/වෙන්නෙ කියල විශේෂ process එකක් හෝ structure එකක් නැහැ. හොඳම උදාහරනෙ මම... මම මෙහෙම දහමක් අවබෝධ කරගන්න හිටපු එකෙක් නෙමෙයි... කෙල්ලෝ පස්සෙයි, nigh club ගානෙයි ගිහිල්ල, substance පාවිච්චි කරල ..න්සතාර් වෙල හිටපු එකෙක්... සමහර weekends වල උදේට නැගිට්ටහම literally පොළවෙ වලක් හාරගෙන වැලලෙන්න හිතෙනව (dopamine dip එකට වෙන්න ඇති)... මම ඔයවගෙ එක දවසක අහම්බෙන් අහපු බණක් නිසා මුළු ජීවිතයම වෙනස් වෙච්ච එකෙක්... මටමම පුදුමයි මම කොහොමද මෙච්චර දහම් කරුණු ගොඩක්, මෙච්චර සුළු කාලෙකින් ඉගන ගත්තේ කියල... මට මේවයෙ හරිම හුරු පුරුදු ගතියක් තියෙනව. සමහරු මේකෙ gravity එක දන්නෙ නැතුව විහිලු කලාට මම මේකට miracle එකක් කියන්නෙ ඔයවගෙ ලොකු හේතු කීපයක් මත...
ඔය ධ්‍යාන වඩන්නයි, අරකටයි මේකටයි කලින් පොඩ්ඩක් හිතල බලපන් ඇයි මට දහම ඕනි කියල. මටනම් දහම ඕනි මේ දැන් ඉන්න පුළුවන් උපරිම සතුටින් ඉන්න. මම ඒකට ගොඩක් try කරපු එකෙක්, try කරන හැම පාරකම ඉතුරු වෙච්ච මොකුත් නැතුව හෙම්බත් වෙච්ච එකෙක්. සමහර වෙලාවට මම මේකේ දාන threads දැක්කම හිතෙනව මොන තරම් බේරිල්ලක් බේරුනාද කියල. දැන් නම් මට ඒ සතුට මේ දහම තුලින් අඩුවක් නැතුව ලැබෙනව, dopamine මත දැන් මගෙ සතුට රඳා නොපවතින නිසා fluctuations නැහැ.මග වඩන හැම වෙලාවකම හිත නිදහස් වෙනව කියල දනනෙනව, නිදහස් වීම කොපමණද, ඒ තරමටම සිතේ සතුට තියෙනව. හැබැයි ඉතින් මේ සතුට අර උඩ පැනල, නටල, සින්දු කියන්න හිතෙන සතුට නමෙයි... මේක නිදහස් වෙච්ච, පීඩාවෙන් තොර, හැම වෙලාවෙම අඩු වැඩි නෙවී පවතින සුපිරි සැපයක්...
මේ සෝවාන්ද? ලෝක සම්මතයෙ, සත්වයාට එකක් වෙන් නොකර ඉන්න බැහැ ඒ නිසා process එකක් fix කරල ඒකට නමක් දනවම තමයි, මම කරන දේවල් සහ අත්දකින දේවල් ප්‍රත්‍ය වේක්ෂාවෙන් බැලුවහම මේ process එකට සමගාමී වෙනව නමුත් මට නම් ඔය නම්, statuses අදාළ නැහැ, process එකට කියන නම මොකක් උනත මට ඕනි මේකෙ උපරිමයට යන්න... ඒක කොහම ඇතිද කියන හැගීමත් මට තියෙනව.
ඉතින් මම උඹට කියන්නෙ ඔය අනං මනං භාවනා, අභිධර්ම, මෙලෝ තේරුමක් නැති වචන, තමුන්ගෙ දෘෂ්ටි, වෙන අයගෙ දෘෂ්ටි පැත්තකින් තියල මුලින්ම බණ අහන්න පටන්ගනින් ඊට පස්සේ මේවා ඔක්කොම map වෙන තැනක් (සම්මා දෘෂ්ටිය) එනව එතනින් එහාට ඉතින් no return... මොකක් හරි දැක්කත්, ඇහුවත්, රහ බැලුවත්, දැනුනත්, හිතුනත්... අර ඉස්සර තිබුණ තනි option එක (නිච්ච) වෙනුවට දැන් options දෙකක් එනව (නිච්ච, අනිච්ච) - මේ සෝවාන් මට්ටම මේක නවත්වන්න බෑ. අනිච්ච පැත්තට මේක අරන් යනව කියන්නෙ ආනාපාන භාවනාව....මුල් කාලේදී බොහෝ වෙලාවට default option එක නිච්ච් හැටියට එන්නෙ හැබැයි අපි වීර්ය යොදල අනිච්ච් පැත්තට ඒක අරන් කාලයක් යනකොට ඒ වගෙ ආරම්මණ නැවත එනකොට ඒවයේ default option එක අනිච්ච වෙනව. තනිකරම හිත පුරුදු කිරීමක් තියෙන්නෙ. උඹට පේනවා ඇති මේක කොච්චර ප්‍රයෝගික වැඩක්ද කියල. මුල් කාලයේ මේක ලේසියි... පස්සේ පස්සෙ සියුම් කෙලෙස් වලට මේක apply කරන්න තමයි එක තැනක ඉඳගෙන ධ්‍යාන වලට සම වැදිලා භාවනා කරන්න ඕනි. ඒ කරන්න තියෙන්නෙත් ඕකම තමයි...
(Note: සම්මා දෘෂ්ටිය කිව්වෙ තවත් දෘෂ්ටියක් නෙමෙයි, දැන් මේ තියෙන base (නිච්ච්) දෘෂ්ටියේ 180 degrees)
උඹට දහම ඕනි ඔය ඇතුලෙ හැදෙන මම උලුප්පල තියාගන්න නම් ... ඒක වෙනම දෙයක්... අන්තිමට පීඩාව තමයි ඉතුරුවෙන්නෙ... මේ වගෙ forum වල, අනික් තැන් වල තමන්ගෙ මතය defend කර කර ඉන්න පුළුවන් ඉතින්. Choice is yours
PS: default option එක අනිච්ච වෙනව කියන්නෙ සිතේ පීඩාවක් නැහැ, යථා ස්වභාවය දකිනවා, අල්ලන්න, පිහිටන්න, මමය, මගේය කියල ගන්න දෙයක් නැති බව දකිනව - මේව අමුතුවන් කියන්න ඕනි නැහැනෙ...