''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕකත් ටිකක් අවුල් තැනක්..:rolleyes:
ඒත් මට මතක හැටියට අපි අරමුනක් ගන්නෙ නැති වෙලාවට එන්නෙ භවාංග සිත් පෙලක්. ඔය භවාංග සිත කියන්නෙ විපාක සිතක්.. ඒ නිසා අපි අරමුනු නොගන්න වෙලාවටත් අපිට තියෙන සිත විපාක සිතක්.

ඉතින් අරමුණු ගන්නකොට විපාක සිතක් නොවෙනව කියන්නෙ කොහොමද? හරියටමනම් දන්නෙ නෑ.

හැබැයි කර්මය කියන්නෙත් සංකල්පයක් පමණක් නිසා, නිවන් දකිනකම්ම භාහිර අරමුනු වලින් අපිට අනිවාර්යයෙන්ම විපාක සිත් ලබාදෙනව කියන්න පුලුවන්.

don'k know exactly..:confused:

ඒ කියන්නෙ ජීවත් වෙන හැම චිත්තක්ශණයකදිම අපි පෙර කරපු කුසලයක් හෝ අකුසලයක් භාවිතයෙන් ජීවත් වෙන්නෙ :sorry:
 
AnuradhaRa

Well-known member
  • අතීත භවාංග (දකින්ඩ කලින් හිතේ තිබුණ දෙයක් වෙන්ඩ ඇති)
    උපේක්ඛා සහගත සන්තීරණය - විපාකයක් :shocked::yes:

    භවාංග චලනය
    උපේක්ඛා සහගත සන්තීරණය - විපාකයක් :shocked::yes:

    පඤ්චද්වාරාවර්ජනය
    උපේක්ඛා සහගත පඤ්චද්වාරාවර්ජනය - මේක විතරක් අහේතුක ක්‍රියා සිතක්

    දැනුයි බං ඒක හරියට දැක්කෙ. තෑන්ක්ස්
     
    AnuradhaRa

    Well-known member
  • ඒ කියන්නෙ ජීවත් වෙන හැම චිත්තක්ශණයකදිම අපි පෙර කරපු කුසලයක් හෝ අකුසලයක් භාවිතයෙන් ජීවත් වෙන්නෙ :sorry:

    උඹ ඒ දවස්වල කිව්ව නේද හැම දේම කර්මයට බාර දෙන්ඩ බෑ කියල.. :D

    අද මාව ඇක්සිඩන්ට් වුණොත් ඒක වුණේ කර්මයක් නිසා කිව්වොත් අන්න ඒක වැරදියි
    ඇක්සිඩන්ට් වෙලා දුක් විදින්නෙ කර්මය නිසයි. ඒක කර්මය

    අපි විඳින හැම සතුටකටම සැපයකටම කර්මය හේතුව වෙනව. සිද්ධිය විතරයි කර්මය නිසා වුණා කියන්ඩ බැරි
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ඒ දවස්වල කිව්ව නේද හැම දේම කර්මයට බාර දෙන්ඩ බෑ කියල.. :D

    අද මාව ඇක්සිඩන්ට් වුණොත් ඒක වුණේ කර්මයක් නිසා කිව්වොත් අන්න ඒක වැරදියි
    ඇක්සිඩන්ට් වෙලා දුක් විදින්නෙ කර්මය නිසයි. ඒක කර්මය

    අපි විඳින හැම සතුටකටම සැපයකටම කර්මය හේතුව වෙනව. සිද්ධිය විතරයි කර්මය කියන්ඩ බැරි

    එහෙම වෙන පාටක් තමා මටත් පේන්නෙ :sorry: මං හිතං හිටියෙ විඳීම කියන දේත් කර්මයේ බලපෑමක් නැතුව වෙන අවස්ථා තියෙනව කියල :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අතීත භවාංග (දකින්ඩ කලින් හිතේ තිබුණ දෙයක් වෙන්ඩ ඇති)
    උපේක්ඛා සහගත සන්තීරණය - විපාකයක් :shocked::yes:

    භවාංග චලනය
    උපේක්ඛා සහගත සන්තීරණය - විපාකයක් :shocked::yes:

    පඤ්චද්වාරාවර්ජනය
    උපේක්ඛා සහගත පඤ්චද්වාරාවර්ජනය - මේක විතරක් අහේතුක ක්‍රියා සිතක්

    දැනුයි බං ඒක හරියට දැක්කෙ. තෑන්ක්ස්

    මේක අපිට හටගන්නෑ මං හිතන්නෙ :no: මතක විදිහට ක්‍රියා සිත් හටගන්නෙ බුදු පසේබුදු රහත් ඵලයන්ට පත්වුනු අයට විතරයි. පෘතග්ජන අපි ගාව ක්‍රියා සිත් නෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • මේක අපිට හටගන්නෑ මං හිතන්නෙ :no: මතක විදිහට ක්‍රියා සිත් හටගන්නෙ බුදු පසේබුදු රහත් ඵලයන්ට පත්වුනු අයට විතරයි. පෘතග්ජන අපි ගාව ක්‍රියා සිත් නෑ :no:

    නෑ නේද අපිටත් වෙනව :confused:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒ කියන්නෙ ජීවත් වෙන හැම චිත්තක්ශණයකදිම අපි පෙර කරපු කුසලයක් හෝ අකුසලයක් භාවිතයෙන් ජීවත් වෙන්නෙ :sorry:

    හ්ම්.. එහෙම කියන්න පුලුවන්. ඔය භවාංග සිත තමා අපිව ගිය ආත්මෙට තියන connection එක. ඒකෙ අරමුණ කලින් ආත්මෙක එකක්.

    අනිත් එක තමා උඹ් අද මිනිහෙක් මැරුවොත්, උඹ ඒ මරන මොහොතේ සිට ඒ ගැන පසුතැවීමක් එන දවස දක්වා උබට විපාකය පස්සෙන් එනව.

    පසුතැවෙනව කියන්නෙ උබේ සිත ආයෙ ටිකක් උඩ ලෙවෙල් එකකට ආව කියන එක.

    හිතපං අද මිනියක් මරල හෙට උඹ රහත් උනා කියල. දැන් උබට කරපු කර්මය සිතට පලදෙන්න විදිහක් නෑ.
    ඒත් උබේ ශරීරයට පලදීමෙ හැකියාවක් තියෙනව.
    මොකද ශරීරය තාම ඉන්නෙ පල්ලෙහා ලෙවෙල් එකේමයි:D;).
     
    AnuradhaRa

    Well-known member
  • හ්ම්.. එහෙම කියන්න පුලුවන්. ඔය භවාංග සිත තමා අපිව ගිය ආත්මෙට තියන connection එක. ඒකෙ අරමුණ කලින් ආත්මෙක එකක්.

    අනිත් එක තමා උඹ් අද මිනිහෙක් මැරුවොත්, උඹ ඒ මරන මොහොතේ සිට ඒ ගැන පසුතැවීමක් එන දවස දක්වා උබට විපාකය පස්සෙන් එනව.

    පසුතැවෙනව කියන්නෙ උබේ සිත ආයෙ ටිකක් උඩ ලෙවෙල් එකකට ආව කියන එක.

    හිතපං අද මිනියක් මරල හෙට උඹ රහත් උනා කියල. දැන් උබට කරපු කර්මය සිතට පලදෙන්න විදිහක් නෑ.
    ඒත් උබේ ශරීරයට පලදීමෙ හැකියාවක් තියෙනව.
    මොකද ශරීරය තාම ඉන්නෙ පල්ලෙහා ලෙවෙල් එකේමයි:D;).

    ඒ වුණාට සමහරක් මිනිස්සුන්ට කොච්චර පවු කලත් පසුතැවීමක් නෑ..
    එතන විසංවාදයක් වගේ නේද.. (ධර්මයට පටහැනියි වගේ)
    ඒත් අපිට නොතේරුණාට බුද්ධාගමේ පැහැදිලි කරල ඇති ඒ වගේ අයටත් වෙන දේ..
     
    AnuradhaRa

    Well-known member
  • ඇසට ප්‍රිය රූප අරමුණක් ලැබීමෙන් ඇතිවන චක්ඛුද්වාරික ච්ත්ත වීථීයේ සිත් ඇතිවන අනුපිළිවෙල විමසා බලමු.

    1. භවංග – ඇසට රූප අරමුණ ලැබීමට මොහොතකට පෙර ඇතිවන භවංග සිත.

    2. භවංග චලන – ඇසට රූම අරමුණ ලැබුණු වහාම ඒ හේතුවෙන් සෙලවෙමින් උපදින භවංග සිත.

    3. භවංග උපච්ඡේද – ඇසට ලැබුණු රූප අරමුණට අදාලව නව සිතක් ඉපදීමට ඉඩදෙමින් නැතිවී යන (උපච්ඡේද වන) භවංග සිත.

    4. පංචද්වාරාවජ්ජනය – අරමුණ ලැබුනේ දොරටු 6 න් කුමන දොරටුවටදැයි විමසා බලමින් ඇතිවන උපේක්ඛා සහගත පංචද්වාරාවජ්ජන සිත. (අහේතුක කිරිය සිත)

    5. චක්ඛු විඤ්ඤාණය – ප්‍රිය රූප අරමුණක් ලැබී ඇති හෙයින් උපේක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණ සිත උපදී. (අහේතුක කුසල විපාක සිත).

    6. සම්පටිච්ඡනය – එම ප්‍රිය රූප අරමුණ පිළිගනිමින් උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත උපදී.

    7. සන්තීරණය – ඇසට ලැබුණු එම රූප අරමුණ කුමක්දැයි තීරණය කරමින් උපේක්ඛා සහගත සන්තීරණ සිත උපදී. (අහේතුක කුසල විපාක සිත)

    8. වොත්ථපන – එම අරමුණ තවදුරටත් තීරණය කරමින් උපේක්ඛා සහගත මනෝද්වාරාවජ්ජන සිත උපදී. (අහේතුක කිරිය සිත)

    9. ජවන සිත – ප්‍රිය අරමුණ පිළිබඳව සතුටුදායකව තීරණය කර ඇති හෙයින් එම අරමුණ කෙරෙහි ලෝභය ඇති කරවමින් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත උපදී යැයි සිතමු. (පළමුවන ලෝභ සිත) මෙම සිත නැවත නැවතත් සත් වරක් උපදී.

    10. ජවන සිත

    11. ජවන සිත

    12. ජවන සිත

    13. ජවන සිත

    14. ජවන සිත

    15. ජවන සිත

    16. තදාරම්මණ සිත – නැවතත් උපේක්ඛා සහගත සන්තීරණ සිත දෙවරක් උපදී. (අහේතුක කුසල විපාක සිත)

    17. තදාරම්මණ සිත
    තදාරම්මණ සිත් දෙකෙන් පසු යලිත් ඉන්ද්‍රියකට අරමුණක් ලැබී නව චිත්ත වීථීයක් ඇතිවන තුරු දිගින් දිගටම භවංග සිතම උපදී.

    භවංග සිත ඉපදීමෙන් මතු විපාක උපදවන තරමේ ප්‍රභල කර්මයක් රැස් නොවේ.

    ජවන් සිත් හැර චිත්ත වීථීයේ අනෙකුත් සිත් අහේතුක සිත් වන බැවින් ඒවායින්ද කර්ම රැස් නොවේ.
    කුසල, අකුසල කර්ම රැස් වන්නේ චිත්ත වීථීයේ ජවන් සිත් මගින් පමණකි.

    ජවන් සිත් සතෙන් පළමුවන ජවන් සිතෙහි කර්ම ශක්තිය මෙලොවදීම විපාක දෙන අතර දිට්ඨධම්මවේදනීය කර්ම මෙලොවදී විපාක නොදුන්නේනම් අහෝසි කර්මයක් වේ.

    සත්වන ජවන් සිතෙහි කර්ම ශක්තිය මීලඟ දෙවන භවයේදී විපාක දෙන අතර උපපජ්ජවේදනීය කර්ම ලෙස හැඳින්වේ. දෙවන භවයේදී විපාක නොදුන්නේනම් අහෝසි කර්මයක් වේ.

    මැද ජවස් සිත් පහේ කර්ම ශක්තිය තෙවන භවයේ සිට සසරේ ඉඩ ලැඛෙන ඕනෑම මොහොතකදී විපාක දෙන අතර අපරාපරීය වේදනීය කර්ම ලෙස හැඳින්වේ. නැත්නම් අහෝසි කර්මයක් වේ.

    සටහන:-
    ඉහත චිත්ත වීථීයේ මුල් භවංග සිත් 3 සැබවින්ම චිත්ත වීථීයට අයත් නොවේ. චිත්ත වීථීයේ ආරම්භය මනාව පැහැදිලි වීම සඳහා පමණක් චිත්ත වීථීයට අයත් සේ දක්වා ඇත.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒ වුණාට සමහරක් මිනිස්සුන්ට කොච්චර පවු කලත් පසුතැවීමක් නෑ..
    එතන විසංවාදයක් වගේ නේද.. (ධර්මයට පටහැනියි වගේ)
    ඒත් අපිට නොතේරුණාට බුද්ධාගමේ පැහැදිලි කරල ඇති ඒ වගේ අයටත් වෙන දේ..

    ඔව් එහෙම අය ඕනෙතරම් ඉන්නව. GOT සර්සි එහෙම කෙනෙක්. එයාලට නිවන බොහෝ දුරයි. අපායට ගිහිල්ල අවීචියේදිවත් කරපු පව් ගැන පසුතැවුනෙ නැත්තම්. ආයෙ උඩට ඒමක් නෑ.
    :D
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    වයිට් වෝකර් අය්යෙ, උඹට මම නම්බරයක් එවන්නම් මම කිව්වා නොකිය කතා කරලා ප්‍රශ්ණයට උත්තරය අහගනින්. ඕනෑ එකකට උත්තර දෙනවා ඒකෙන්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔව් එහෙම අය ඕනෙතරම් ඉන්නව. GOT සර්සි එහෙම කෙනෙක්. එයාලට නිවන බොහෝ දුරයි. අපායට ගිහිල්ල අවීචියේදිවත් කරපු පව් ගැන පසුතැවුනෙ නැත්තම්. ආයෙ උඩට ඒමක් නෑ.
    :D

    මචං අවීථියෙදී හිතන්න බැහැ. චිත්ත වීථියක් වත් නඟාගන්න බැරි නිසයි අවීථි කියන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් එහෙම අය ඕනෙතරම් ඉන්නව. GOT සර්සි එහෙම කෙනෙක්. එයාලට නිවන බොහෝ දුරයි. අපායට ගිහිල්ල අවීචියේදිවත් කරපු පව් ගැන පසුතැවුනෙ නැත්තම්. ආයෙ උඩට ඒමක් නෑ.
    :D

    එහෙම බලද්දි පසුතැවෙන මිනිහ වාසනාවන්තයි.. :cool:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මචං අවීථියෙදී හිතන්න බැහැ. චිත්ත වීථියක් වත් නඟාගන්න බැරි නිසයි අවීථි කියන්නේ.

    චිත්ත්වීථියක් වත් එන්නෙ නැතුව කොහොමද බං පව් පල දෙන්නෙ? භවාංග සිත් විතරද එතකොට උන්ට තියෙන්නෙ? එහෙම උනොත් ඉතින් කිසි අව්ලක් නෑනෙ.
    අරමුනක සැප හෝ දුක විඳින්නනම් ජවන් සිත් තියෙන්න ඕනෙ. ඒකට චිත්තවීථි අත්‍යාවශ්‍යයිනෙ.:baffled:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    චිත්ත්වීථියක් වත් එන්නෙ නැතුව කොහොමද බං පව් පල දෙන්නෙ? භවාංග සිත් විතරද එතකොට උන්ට තියෙන්නෙ? එහෙම උනොත් ඉතින් කිසි අව්ලක් නෑනෙ.
    අරමුනක සැප හෝ දුක විඳින්නනම් ජවන් සිත් තියෙන්න ඕනෙ. ඒකට චිත්තවීථි අත්‍යාවශ්‍යයිනෙ.:baffled:

    මං දන්නෑ බං. මාත් අහපු එකක් කිව්වේ. කතා කරලා අහන්න සේරම ප්‍රශ්ණ වෝකරයට කියාපං මං ඌට විතරක් නොම්බරය දෙන්නං.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • භවංග සිත ඉපදීමෙන් මතු විපාක උපදවන තරමේ ප්‍රභල කර්මයක් රැස් නොවේ.
    ජවන් සිත් හැර චිත්ත වීථීයේ අනෙකුත් සිත් අහේතුක සිත් වන බැවින් ඒවායින්ද කර්ම රැස් නොවේ.
    කුසල, අකුසල කර්ම රැස් වන්නේ චිත්ත වීථීයේ ජවන් සිත් මගින් පමණකි.
     
    AnuradhaRa

    Well-known member
  • මං දන්නෑ බං. මාත් අහපු එකක් කිව්වේ. කතා කරලා අහන්න සේරම ප්‍රශ්ණ වෝකරයට කියාපං මං ඌට විතරක් නොම්බරය දෙන්නං.

    මාත් හොයල බලන්ඩ ඕන අවීථී කතාව :yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    එහෙම බලද්දි පසුතැවෙන මිනිහ වාසනාවන්තයි.. :cool:

    අනිවාර්යයෙන්ම. කරපු වැරදි ගැන පසුතැවෙනව කියන්නෙ උතුම් ගතිගුණයක්...
    :love:
     
    AnuradhaRa

    Well-known member
  • අනිවාර්යයෙන්ම. කරපු වැරදි ගැන පසුතැවෙනව කියන්නෙ උතුම් ගතිගුණයක්...
    :love:

    ඒ වුණාට පසු තැවෙන්නෙ නැති මිනිහ ආතල් එකේ ඉන්නව වගේ අපිට පේන්නෙ..
    ඒත් ඒක එහෙම නෑ නේ.. :yes: තවත් ඈතට ඈතට යනව මිසක්.
     
    Last edited: