නෑ නේද අපිටත් වෙනව![]()
මට නං මතක විදිහට අභිධර්මයේ මූලික කරුණු වල විශේෂයෙන්ම කියල තිබ්බ ක්රියා සිත් අපිට ඇතිවෙන්නෑ කියල
ක්රියා සිතක් කියන්නෙ කිසිම කුසලයක්වත් අකුසලයක්වත් නොකර මොකක් හරි දෙයක් කරන්න ඕනෙ නිසා කරන්න රහතන් වහන්සේලට එහෙම පහල වෙන සිත්ලු 
හ්ම්.. එහෙම කියන්න පුලුවන්. ඔය භවාංග සිත තමා අපිව ගිය ආත්මෙට තියන connection එක. ඒකෙ අරමුණ කලින් ආත්මෙක එකක්.
අනිත් එක තමා උඹ් අද මිනිහෙක් මැරුවොත්, උඹ ඒ මරන මොහොතේ සිට ඒ ගැන පසුතැවීමක් එන දවස දක්වා උබට විපාකය පස්සෙන් එනව.
පසුතැවෙනව කියන්නෙ උබේ සිත ආයෙ ටිකක් උඩ ලෙවෙල් එකකට ආව කියන එක.
හිතපං අද මිනියක් මරල හෙට උඹ රහත් උනා කියල. දැන් උබට කරපු කර්මය සිතට පලදෙන්න විදිහක් නෑ.
ඒත් උබේ ශරීරයට පලදීමෙ හැකියාවක් තියෙනව.
මොකද ශරීරය තාම ඉන්නෙ පල්ලෙහා ලෙවෙල් එකේමයි.
ඒ වුණාට සමහරක් මිනිස්සුන්ට කොච්චර පවු කලත් පසුතැවීමක් නෑ..
එතන විසංවාදයක් වගේ නේද.. (ධර්මයට පටහැනියි වගේ)
ඒත් අපිට නොතේරුණාට බුද්ධාගමේ පැහැදිලි කරල ඇති ඒ වගේ අයටත් වෙන දේ..
එහෙම බලද්දි පසුතැවෙන මිනිහ වාසනාවන්තයි..![]()
මං හිතන්නෙ පසුතැවීම යොදාගෙන තියෙන්නෙ වෙනස් අර්ථෙකිං
කරපු අකුසල් ගැනයි නොකල කුසල් ගැනයි පසුතැවෙන එකට නේද උද්ධච්ඡ කුක්කුච්ඡ කියන්නෙ ? ඒක මතක විදිහට නීවරණයක්. ඒක නැති වෙන තරමටයි හොඳ
මොනා කලත් පසුතැවිල වැඩක් නෑ ඉස්සරහට නොකර ඉන්නයි අරමුණු කරගන්න ඕනෙ 
ඇසට ප්රිය රූප අරමුණක් ලැබීමෙන් ඇතිවන චක්ඛුද්වාරික ච්ත්ත වීථීයේ සිත් ඇතිවන අනුපිළිවෙල විමසා බලමු.
සටහන:-
ඉහත චිත්ත වීථීයේ මුල් භවංග සිත් 3 සැබවින්ම චිත්ත වීථීයට අයත් නොවේ. චිත්ත වීථීයේ ආරම්භය මනාව පැහැදිලි වීම සඳහා පමණක් චිත්ත වීථීයට අයත් සේ දක්වා ඇත.
ඒ කියන්නෙ චිත්ථ වීථියක් ආරම්භ වෙන්න පෙර කරපු කුසල හෝ අකුසල කර්මයක් ඕනෙ වෙනව කියන එක
එහෙම නැතත් බලපං චිත්ත වීථියෙ චක්ඛු විඥාණය. ඒක ගිහිං සම්බන්ධ වෙන්නෙත් විපාක සිත් වලට
කොහෙ බැලුවත් විපාකයක් එනවමයි 
වයිට් වෝකර් අය්යෙ, උඹට මම නම්බරයක් එවන්නම් මම කිව්වා නොකිය කතා කරලා ප්රශ්ණයට උත්තරය අහගනින්. ඕනෑ එකකට උත්තර දෙනවා ඒකෙන්.
අයියෙ කියන්න එපා බං මං 30ට කිට්ටුයි කිව්වෙ බොරුවට ලැජ්ජාවෙන් බේරෙන්න
කාගෙද නොම්බරේ. නන්නාඳුනන කෙනෙක්ට එහෙම එක පාරට කතා කල්ල ප්රශ්න අහන්න මොකක්ද වගේ
තාම අභිධර්ම මාර්ගය වත් කියෝල ඉවර නෑ
ඒක කියෝල ඉවර වෙද්දි ප්රශ්න ගොඩකට උත්තර ලැබිල තියෙයි කියල හිතනව.
තව පොත් තුන හතරක් තියෙනවනෙ. ඔක්කොම කියෝල ඉවර වෙලා තමා විශේෂයෙන් අහන්න ඕන්නං ප්රශ්න තියෙන්නෙ 


.

මං මෙහෙම කියල නෑ 

