පොඩි විස්තර දෙකක් දෙන්නම්. දෙකම අත්දැකීම
1) අලුතින් දාන්න ඉස්සරහා කියලා හිතන්න කෝ
ශෝක් දෙක විතරක් දාලා හරියන්නේ නෑ. 90% කාර් වලට , ඉතිරි ටිකක් සවුත්තු වෙනවා. ඒ ටිකත් දාන්නා වෙනවා...
- ශොක් එකක් KYB 28,000~30,000 (ටොයෝටා කියලා හිතන්න කෝ)
- ශොක් මවුන්ට් එකත් අනිවා ඩෙෆා ශොක් යනකොට ගිහිල්ලා. KYB දැම්මොත් 7500-9000 විතර වෙයි. (ටොයෝටා ඔරිගීනල් 17500 විතර)
- ඉන්සියුලේටර් කියලා පොඩි ස්පොන්ජ් කැල්ලක් එනවා එක 2500-4000 විතර (ටොයෝටා ඔරිගීනල් 6750 පැනලා) සමහර බක පණ්ඩිතයෝ ඉන්නවා එක ඕනා නෑ කියන්න. එක තියෙන්නේ ෂෝක් එක 100% press උඩ ගිහින් වදින එක නතර කරන්න
- ශොක් බූට් එක ඉරිලා නම් එකත් දාන්න ඕනා. එකත් KYB 4500-6000 විතර (ටොයෝටා ඔරිගීනල් 10,000ක් විතර) නැති නම් වැලි ගිහින් අලුත් එකේ ශාෆ්ට් එක කැපිලා ඔයිල්, ගෑස් ගිහින් කෙල වෙනවා.
එතකොට එක පැත්තකට 45,000 විතර. ඉස්සරහා තව රේසර්/ බෙයරීමක් එනවා ඒක 1500~4000 කියනවා.
එතකොට ඔය ටික ගලෝලා හයිකරන්න යනවා පැය 4 -6 වියදමක්. එතකොට හන්දියේ ගරාජ් එකේ 5000-7500 වගේ ගත්තොත් ටොයෝටා එකෙන් කලොත් 16,500 විතර (4 tyres)
ඔය වගේ දෙපැත්තක් යනවා....ඉස්සරහා පස්ස යනවා.
පස්ස වෙනකොට ගාන අඩුයි. shok එක හීනි ඉස්සරහට වඩා. රේසර් එක එහෙම එන්නේ නෑ.
පස්ස අවුල් උනාම ඉස්සරහා තරම් ම අවුල් නෑ. වංගු වල විසිකරන එක හෝ ABS ඔන් වෙන එක තමා කරදරේ.
ටොයෝටා ඔරිජිනල් කියන්නේ කොමන් කාර් එකක් කියලා හිතන්න. ලෑන්ඩ් කෘසර්, ප්රිමියෝ ගණන් ඊට වඩා
2) වත්තල මාබෝලේ තියන ගොඩක් පරණ මුස්ලිම් ගෑනු නමක් තියන කඩේ.
ඔය කියපු කෑලි නැතිව ශොක් එක විතරක් 9500 හෝ 8500
ගලව්වට පස්සේ ඔය ටිකත් දාන්න තල්ලු කරනවා හොද නරක කෙසේ වෙතත්
ප්‍රසිද්ද චයිනීස් වාහනයක රේසර් එකට 3000ක් ගත්ත. නමුත් ඒ රෙසරෙත් චය්නීස් එකක් දුන්නේ. එක මාසයක් ගියාට පස්සේ ලෙඩ දුන්නා. කඩෙන් ජපන් කියන රේසර් එකක් 1500 අරන් මාරු කළා. බබා වගේ වැඩ ඊට පස්සේ
පරණ ශොක් රෙපයාර් කරලා තීන්ත් ගාලා කිරිටෝයිස් වගේ තියෙන්නේ. නමුත් බැලුවොත් ඒ ස්ටොක් සමහර ඒවා ඔබලා ඉහලට එනකොට කචල්. එක්කෝ හෙමින් එන්නේ එන්න ඕනාවට වඩා. එක්කෝ ස්පීඩ් එක වැඩි. එක්කෝ ඊවන් නෑ. play eka wadiyi. උන් එක්ක ඔට්ටු වෙලා මාරු කරගන ඕනා.
ගලෝන ශොක් දෙකෙන් එකක් පෙන්න තියලා අලුත් එක ගෙනල්ලා පෙන්නන්න කියන්න ඕනා. නැති නම් එක වගේ නමුත් අගලක් කොට ඒවා එහෙමත් දාන්න හදනවා. එක හරි වගේ ලොරි ටෝක් දෙනවා. දන්නා එකා දන්නවා කට තව් හරිගියාට එක හරි නෑ කියලා
ලේබර් චාර්ජ් එක රෝදෙට 4500 අවුරුද්දකට කලින්. එතකොට එතනත් වැඩියි...
A) එතනින් කරගන්නවා වා නම් දන්නා කෙනෙක් එක්ක ගලෝගෙන ගිහින් මාරු කරගෙන ඇවිත් එළියෙන් අඩු කෑලි ටික අලුතින් දාලා හයි කරගන්න. (උන්ගෙන් ගලෝලා උන්ගේ පාර්ට්ස් දාලා හයි කරන්නේ නැතිව)
B) සමහර චයිනීස් වලට නම් ඔතනින් හදනවාට වඩා අලුතින් OEM එකක් දාන්න යන්නේ විදිපුර රුපියල් 8000ක් විතර හදනවාට වඩා.තේරුමක් තියනවා ද
C) ඔය වාහනේට යන සම්පුර්ණ ගාන, යන බඩු අහලා පටන් ගන්න. දවස් දෙකක් තියාගන්න රෙපයාර් නම්. අලුතින් නම් ගලෝන වෙලාව හා හයි කරන වෙලාව පැය ය 4ක් යයි හොයිස්ට් එකක් තියන තැනක නම්. නමුත් පැය තුනක් ගරාජ් බාස් ගේ කියන්නේ අපේ දවසකට පොඩ්ඩක් නේ අඩු.
D) මගේ අත්දැකීම නම් හදන ඒවා අවුරුද්දකින් හෝ ඊට ආසන්න කාලෙකින් අවුල් වෙනවා. KYB අලුත් ඒවාත් අවුරුදු 1 ට වඩා නම් දුවනවා.
උබේ වාහනේ ඉන්දියන් සුසුකි එකක් කිව්වා නේ. එකේ ෂොක් එක ගැන නම් දන්නේ නෑ
බාසාගේ කතාවේ වැරැද්දකුත් නෑ . ශොක් හොදටෝම සවුත්තු වෙලා නම් එලයින්මන්ට් 100% නිවැරදිව තියන්න බැ. ටයර් පැත්ත ගෙවෙන්න එක හේතුවක්. කලිපර් පින් යන්නත් හේතු වෙන්න පුළුවන්. බෙයරීම් යන්න තව නොයෙක් දේවල් වෙන්න පුළුවන්.
බ්රේක් උනත් පිස්සු කෙලිනවා...