මේ පින්තුර වල තිබෙන මෝටර් රථ වල ඉතිහාසය දෙවන ලෝක යුධ සමය දක්වා ඇදී යනවා.
මේ කාර් සොහොන තිබෙන්නේ බෙල්ජියමේ Chatillon කියන ගම්මානයේ තිබෙන කුඩා කැලෑවක් මැද.
කලකට ඉහතදී මේ මෝටර් රථ අයිති වෙලා තිබුනේ මේ ප්රදේශයේ නැවතිලා හිටිය ඇමෙරිකානු යුධ සෙබළුන් පිරිසකටයි.
යුද්ධයක් අස්සේ සෙබළුන් මේ මෝටර් රථ කොහොමද අත්පත් කරගත්තේ කියන්න කවුරුවත් දන්නේ නැහැ.
දෙවන ලෝක යුද්ධය අවසාන වූ පසු සියලුම සෙබල කණ්ඩායම් නැවත ඇමරිකාවට පිටත්කර යවනු ලැබුවා.
ඒත් මේ මෝටර්රථ නැව් මාර්ගයෙන් ඇමරිකාවට යවනවානම් විශාල වියදමක් දරන්නට සිදු වුනා.
ඉතින් ඇමරිකානු හමුදාවේ ඉහල පෙලේ නිලධාරියෝ තීරණය කළා මේ මෝටර් රථ බෙල්ජියමේම දමායන්න.
ඔවුන් මේ මෝටර් රථ එකින් එක කඳු මුදුනක් වෙත ගෙන ගොස් ලස්සනට පිළිවෙලකට ගාල් කරලා තිබ්බ.
ඇමරිකානු සොල්දාදුවන් කිහිප දෙනෙක් තමන්ගේ කාර් හොයාගෙන ආවත් එයාලට තමුන්ගේ මෝටර් රථය විතරක් නිදහස් කරගැනීමේ අවස්ථාව ලැබුනේ නැහැ.
නිදහස් කරගන්නවා නම් සියලුම මෝටර් රථ වල නැව් ගාස්තු ගෙවා නිදහස් කරගත යුතු උනා.
කාලයත් එක්ක මේ මෝටර් රථ ගැන මිනිසුන්ට අමතක වෙලා ගියා.
Chatillon ගම්මානය අවට මේ වගේ මෝටර් රථ සොහොන් බිම් 4ක් පමණ තිබුනත් අද දකින්න පුළුවන් වන්නේ එකක් පමණයි.
කැලයෙන් වැසි තිබෙන කාලයත් සමග දිරාපත් වුන මේ මෝටර් රථ පෙළ සහිත දර්ශන වල තිබෙන්නේ සොහොන් පිටියක තිබෙන මුසල ගුප්ත පෙනුමම නේද?...
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යමු...