කාලකන්නි~වෙසක්

sydney007

Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    කට්ටිය එක පාරටම බලනවා ඇති මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. මම කතාව මෙහෙම පටන් ගන්නම්.
    මම ඉන්නේ තොටලග, සේදවත්තේ. මේ පැත්තේ පරිසරය, සමාජය, ආස්‍රය කරන පිරිස කොයිවගේද කියලා සමහර විට ඔයාලට අදහසක් ඇති. මම මේ කියන්න යන දේ මම දැක්කේ සේදවත්තේ විතරක් නෙමෙයි. අද හවස මම ගියා කොළඹ වෙසක් බලන්න. මම ගියේ මගේ Girl Friend සහ එයාගේ මල්ලි එක්ක. ඒ යනකොට ගොඩක් තැන් වලදී දකින්නට ලැබුන දෙයක් ගැනයි මම කියන්න යන්නේ.
    මේ පාර වෙසක් උත්සවයේ දකින්නට ලැබෙන DJ Shows ගැනයි මම මේ කියන්න යන්නේ. ගොඩක් වෙලාවට පාරක් අයිනේ නැත්තම් Roof-Top එකක එහෙමත් නැත්තම් ගෙදරක Balcony එකක, නැත්තම් බාගෙට හදාගෙන යන ගොඩනැගිලි උඩ තරුණ පිරිස් එකතු වෙලා DJ එකක් දාගෙන නට නට ඉන්න දසුන් තැන් කිහිපයක දකින්නට ලැබුනා. මේ වෙසක් උත්සවය නේද කියන එක ඒ අයට අමතක වෙලා. ඉස්සර වෙසක් උත්සවයට විනෝද වෙන්න තිබුනේ රූකඩ සoදර්ශන, වීදි නාටක වගේ දේවල්. DJ එකක් දාගෙන විකාර රූපී Modern ඇදුම් ඇදගෙන නටන්න අපේ බෞද්ධයින්ට පිස්සු හැදිලාද?
    :(:(:(:(:(
    ඒ වගේම තමයි දන්සල් වල දාලා තියන සින්දු. ගොඩක් සින්දු ආදර ගීත. (ආදර ගීත කියන්නේ දුර Bus වල සල්ලි දීලා දාන ආදර ගීත.) ඊට අමතරව Re-Mix සින්දු. දන්සල් ගාව කොල්ලෝ නටනවා. දන්සලක් ගාව සද්දයක් තියෙන්න ඕනමයි. ඒ තැනට උචිත සින්දුවක්. ඒත් මේ බෞද්ධ අපේ උතුම්ම උත්සවය. වෙසක් උත්සවය. මේක DJ එකක් දාගෙන නටන්න ඕන උත්සවයක් නෙමෙයි. ඒ වගේම වෙසක් බලන්න එන පිරිස බෙර ගසමින් පාර පුරා හා පොදු ප්‍රවාහන සේවා වල අන් අයට බොහෝ හිරි හැර වෙන විදියට ගමන් කරන තත්වයක් මේ පාර පේන්නට තියනවා. වෙසක් බලන්නට එන අතර මග සින්දුවක් කියමින් විනෝද වෙන එක කිසිම වැරද්දක් නෙමෙයි. තමන් ගමන් කරන වාහනය තුල සිට ඒ වගේ දෙයක් කරන එක කිසිම වරදක් නැහැ. නමුත් පාරේ සහ පොදු ප්‍රවාහන සේවා වල අන් අයට කරදර වෙන විදියට එහෙම හැසිරෙන එක නම් බොහෝම අප්‍රසන්නයි.
    වාසනාවකට රජය මගින් Bar වහන්න නියෝග කරලාතියන නිසා බීලා පිස්සු නටන පිරිස ගොඩක් අඩුයි. නැත්තෙම නැහැ. අඩු වෙලා තියනවා. පොඩ්ඩක් හිතලා බලන්න. මේක බෞද්ධ අපිට තියන වැදගත්ම උත්සවය. තෙමගුල සිද්ධ වුනු දවස. දෙමල මිනිස්සු තමන්ගේ ආගමික උත්සව වල මේ වගේ කාලකන්නි ආතල් ගන්නවාද? කතෝලික අය බොහෝම උත්සවශීයෙන් නත්තල සමරනවා. ඒත් බොහොම වැදගත් විදියට. බලන්න නත්තල් දවසකට කතෝලික ගෙදරකට ගියාම එයාලා සලකන්නේ හැසිරෙන්නේ කොහොමද කියලා. ඒ වගේමයි ඉස්ලාම් අය. තමන්ගේ Ramazan උත්සවය දවසට එයාලත් නටනවාද DJ එකක් දාගෙන? මේ බෞද්ධ අපිට මේ අය පු_නුත් හිනා වෙනවා ඇති.
    මේ වගේ දේවල් කරන අයට දඩුවම් කරන්න ඕන කියන එකයි මගේ අදහස. රජය,ත්‍රිවිද හමුදාව,පොලීසිය හැමෝම එකතු වෙලා මේ දේවල් නැති කරලා දාන්න ඕන. නටන්න ආතල් දාන්න අවුරුද්දේ ඕන තරම් දවස් තියනවා. මේ උතුම් වෙසක් දවසේ මේ දේවල් වලක්වාගන්න වැඩපිලිවෙලක් සකස් කල යුතුම වෙනවා.
    බු.ව.2600 පිලිවෙතින් පෙල ගැසෙමු කියලා හැම තැනම බෝඩ් එල්ලලා තියනවා මම දැක්කා. මේ දේවල් ඉක්මනින්ම නැති කරගත්තේ නැත්තම් මේ රටේ මිනිස්සු 2600 වෙනි වෙසක් උත්සවය දවස වෙනකොට, වෙසක් දවසේ රෑට ගෑනු ටිකක් ගෙන්නලා, නිරුවතින් නටන Stag Night එකක් තත්වෙට වෙසක් දවස පත්කරගන්නවා නොඅනුමානයි.
    :(:(:(:(:(

    machan if people want to hold a stag it'll be so. umbatai matai karanne deyak naha
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒගොල්ලො ඒකරන දේ හරී කියල මං කියන්නෙ නෑ මචං. ඒගොල්ලන්ගෙ අතේ ඒ වැරැද්ද තියෙනව වගේම වටිනාකම පෙන්වාදීමෙ වගකීමක් අපිටත් තියෙනවා :yes:

    බහුතරයක් එහෙම හැසිරෙන්නෙ වෙසක් දවසේ තියෙන වටිනාකම නොදන්න නිසයි. අන්න ඒකයි මං කියන්නෙ ඒ ගොල්ලන්ට ඒ වටිනාකම පෙන්නල දෙන්න අපි දැනගන්න ඕනෙ කියල :)

    ....

    :D මං ඒ කතා කළේ මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව මචං. ඉතිං ඒ දේ වැරදි වෙන්නත් පුළුවං මං ඒක නෑ කියන්නෙ
    ----------------------------------------------------------
    උදාහරනයක් විදියට

    මං ඒ කාලෙ පුරුදු උන හැම නරක පුරුද්දක්ම අහුලගත්තෙ දහම්පාසලට ආපු එවුං ගෙන් :oo:. මං දහම් පාසලට දොස් කියනව නෙවෙයි
    ඒකට ප්‍රධාන වශයෙන් වැරදි ඒගොල්ලොම තමා ඒක හරි :yes:
    නමුත් දහම් පාසලේ ඉගෙන ගන්න ළමයින්ට හරි හමං පසුබිමක් සකස් කරල දෙන ඒ වගකීම හරියට ඉටු කරන්න පන්සලේ වැඩිහිටි පරම්පරාව සමත් උනාද ?
    ඒකයි මං කලිනුත් කිව්වෙ :D

    මට කවදහරි ළමයෙක් හිටියොත් ම්ළාට දහම් පාසල් යවන්නෙ නෑ ඒක ඉතිං මගේ පෞද්ගලික අත්දැකීමෙ හැටි වෙන්න ඇති :)

    මොනව උනත් මේ වගේ සංවාදයකට මුල පුරපු එක නම් සෑහෙන්න වටිනව මචං :)

    උඹ කියන පැත්තෙත් ඇත්තක් තියනවා. දහම් පාසල් ගුරුවරුන් විදියට සුදුසු පිරිසක් බදවාගන්න ඕනා. ගොඩක්වෙලාවට වෙන්නේ ගමේ පන්සලේ දහම් පාසලට ගමේ ඉන්න තරුන පිරිස් එකතුවෙලා උගන්නන්න යන එක. ඒකේ කිසිම වරදක් නැහැ. නමුත් ගුරුවරුන් මීට වඩා සැලකිල්ලෙන් තෝරාගත යුතුමයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත තම්යි බන්,,දහම් පාසල් 1000ක් තිබ්බත් වැඩක් නැහැ,,දහම් පාසලෙන් වෙන්න ඕන දේවල් වෙන්නේ නැතිකොට,,
    අද කාලේ දහම් පාසලකට ගැහැණු ළමයෙක් යවන්න පුලුවන්ද බන්,,සම හරක්-හාමුදුරුගොල්ලෝ කරන දේවල් අහනකොට !!,,අනේ අපේ ආගම ඉදිරියට ගෙනියන්න ඉන්නේ,,අපේ දරුවන්ට ආගම දහම කියලා දෙන්න ඉන්නේ මෙහෙම එවුන්ද කියලා හිතෙනවා,,,

    sad-animated-animation-boy-smiley-emoticon-000346-large.gif

    උඹෙ කතාවට මම 500% ක් එකග වෙනවා. හැම හාමුදුරු කෙනෙක්ම නැති වුනත් සෑහෙන පිරිසක් ඉන්නවා ඔය වගේ. දම් සෙනෙවි සැරියුත් හාමුදුරුවන්ගෙන්, දහම් පුරෝහිත මහා මුගලන් හාමුදුරුවන්ගෙන්, බූදු හාමුදුරුවෝ පූර්ණ චන්ද්‍රයා හැටියට උපමා කල අති උතුම් මහා කසුප් තෙරනුවන්ගෙන පැවත එක සග පරපුරද කියලා හිතෙනවා වෙලාවකට.
    :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුදු දහමේ අනිත් ආගම් වල වගේ,නිති රීති දාලා නැති හින්දා වෙන්න ඇති අපේ මිනිස්සු, ඒ නිදහසින් අයුතු ප්‍ර‍යෝජන ගන්න හදන්නේ!!!

    ඔව්. අපේ ආගමේ කියලා තියෙන්නේ ඇවිත් බලන්න කියලානේ.
    (ඒහි පස්සිකෝ)
     
    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    Kalayata obina Theade 1 machan. ath samahara reply dekkama ape un gena mara dukai .... kenek thread ekak demmoth amma hondai kiyala ekatath wiruddawa reply karana ewun inna ratak meka. Meeharak wage Reply karapu ewunta mama kiyanne.. meka umbalage Jathake Weredda...
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කියල වෑඩක් නෑ බන් ගොඩක් මී හරක් හිතන්නේ වෙසක් කියන්නේ... halloween එක වගෙ එකක් කියල......:nerd::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියල වෑඩක් නෑ බන් ගොඩක් මී හරක් හිතන්නේ වෙසක් කියන්නේ... halloween එක වගෙ එකක් කියල......:nerd::nerd:

    Good Example.
    Yeah, These guys trying make Wesak as Halloween
    :(:(:(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කට්ටිය එක පාරටම බලනවා ඇති මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. මම කතාව මෙහෙම පටන් ගන්නම්.
    මම ඉන්නේ තොටලග, සේදවත්තේ. මේ පැත්තේ පරිසරය, සමාජය, ආස්‍රය කරන පිරිස කොයිවගේද කියලා සමහර විට ඔයාලට අදහසක් ඇති. මම මේ කියන්න යන දේ මම දැක්කේ සේදවත්තේ විතරක් නෙමෙයි. අද හවස මම ගියා කොළඹ වෙසක් බලන්න. මම ගියේ මගේ Girl Friend සහ එයාගේ මල්ලි එක්ක. ඒ යනකොට ගොඩක් තැන් වලදී දකින්නට ලැබුන දෙයක් ගැනයි මම කියන්න යන්නේ.
    මේ පාර වෙසක් උත්සවයේ දකින්නට ලැබෙන DJ Shows ගැනයි මම මේ කියන්න යන්නේ. ගොඩක් වෙලාවට පාරක් අයිනේ නැත්තම් Roof-Top එකක එහෙමත් නැත්තම් ගෙදරක Balcony එකක, නැත්තම් බාගෙට හදාගෙන යන ගොඩනැගිලි උඩ තරුණ පිරිස් එකතු වෙලා DJ එකක් දාගෙන නට නට ඉන්න දසුන් තැන් කිහිපයක දකින්නට ලැබුනා. මේ වෙසක් උත්සවය නේද කියන එක ඒ අයට අමතක වෙලා. ඉස්සර වෙසක් උත්සවයට විනෝද වෙන්න තිබුනේ රූකඩ සoදර්ශන, වීදි නාටක වගේ දේවල්. DJ එකක් දාගෙන විකාර රූපී Modern ඇදුම් ඇදගෙන නටන්න අපේ බෞද්ධයින්ට පිස්සු හැදිලාද?
    :(:(:(:(:(
    ඒ වගේම තමයි දන්සල් වල දාලා තියන සින්දු. ගොඩක් සින්දු ආදර ගීත. (ආදර ගීත කියන්නේ දුර Bus වල සල්ලි දීලා දාන ආදර ගීත.) ඊට අමතරව Re-Mix සින්දු. දන්සල් ගාව කොල්ලෝ නටනවා. දන්සලක් ගාව සද්දයක් තියෙන්න ඕනමයි. ඒ තැනට උචිත සින්දුවක්. ඒත් මේ බෞද්ධ අපේ උතුම්ම උත්සවය. වෙසක් උත්සවය. මේක DJ එකක් දාගෙන නටන්න ඕන උත්සවයක් නෙමෙයි. ඒ වගේම වෙසක් බලන්න එන පිරිස බෙර ගසමින් පාර පුරා හා පොදු ප්‍රවාහන සේවා වල අන් අයට බොහෝ හිරි හැර වෙන විදියට ගමන් කරන තත්වයක් මේ පාර පේන්නට තියනවා. වෙසක් බලන්නට එන අතර මග සින්දුවක් කියමින් විනෝද වෙන එක කිසිම වැරද්දක් නෙමෙයි. තමන් ගමන් කරන වාහනය තුල සිට ඒ වගේ දෙයක් කරන එක කිසිම වරදක් නැහැ. නමුත් පාරේ සහ පොදු ප්‍රවාහන සේවා වල අන් අයට කරදර වෙන විදියට එහෙම හැසිරෙන එක නම් බොහෝම අප්‍රසන්නයි.
    වාසනාවකට රජය මගින් Bar වහන්න නියෝග කරලාතියන නිසා බීලා පිස්සු නටන පිරිස ගොඩක් අඩුයි. නැත්තෙම නැහැ. අඩු වෙලා තියනවා. පොඩ්ඩක් හිතලා බලන්න. මේක බෞද්ධ අපිට තියන වැදගත්ම උත්සවය. තෙමගුල සිද්ධ වුනු දවස. දෙමල මිනිස්සු තමන්ගේ ආගමික උත්සව වල මේ වගේ කාලකන්නි ආතල් ගන්නවාද? කතෝලික අය බොහෝම උත්සවශීයෙන් නත්තල සමරනවා. ඒත් බොහොම වැදගත් විදියට. බලන්න නත්තල් දවසකට කතෝලික ගෙදරකට ගියාම එයාලා සලකන්නේ හැසිරෙන්නේ කොහොමද කියලා. ඒ වගේමයි ඉස්ලාම් අය. තමන්ගේ Ramazan උත්සවය දවසට එයාලත් නටනවාද DJ එකක් දාගෙන? මේ බෞද්ධ අපිට මේ අය පු_නුත් හිනා වෙනවා ඇති.
    මේ වගේ දේවල් කරන අයට දඩුවම් කරන්න ඕන කියන එකයි මගේ අදහස. රජය,ත්‍රිවිද හමුදාව,පොලීසිය හැමෝම එකතු වෙලා මේ දේවල් නැති කරලා දාන්න ඕන. නටන්න ආතල් දාන්න අවුරුද්දේ ඕන තරම් දවස් තියනවා. මේ උතුම් වෙසක් දවසේ මේ දේවල් වලක්වාගන්න වැඩපිලිවෙලක් සකස් කල යුතුම වෙනවා.
    බු.ව.2600 පිලිවෙතින් පෙල ගැසෙමු කියලා හැම තැනම බෝඩ් එල්ලලා තියනවා මම දැක්කා. මේ දේවල් ඉක්මනින්ම නැති කරගත්තේ නැත්තම් මේ රටේ මිනිස්සු 2600 වෙනි වෙසක් උත්සවය දවස වෙනකොට, වෙසක් දවසේ රෑට ගෑනු ටිකක් ගෙන්නලා, නිරුවතින් නටන Stag Night එකක් තත්වෙට වෙසක් දවස පත්කරගන්නවා නොඅනුමානයි.
    :(:(:(:(:(

    ෂූවර්ද ඒ බෞද්ධයෝ මයි කියල.... :frown::frown::frown::frown::frown::frown::frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෂූවර්ද ඒ බෞද්ධයෝ මයි කියල.... :frown::frown::frown::frown::frown::frown::frown:

    කවුරු කරත් මම කියන්නේ වෙසක් දවසට ඒවා නවත්තන්න කියලා විතරයි. ඕවා කරන අයගෙන් 95% ක්ම බෞද්ධ කියලා මට නම් විශ්වාසයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෙසක් කියන එකත් දැන් නිකන් වෙලදාමක් වෙලා... මිනිස්සු වෙසක් එකට කරන්නෙ ජොලි දාන එක මිසක් බුද්ඩධාලම්බන ප්‍රීතිය වඩවා ගන්න එක නෙමෙයි... අනිත් එක අපේ අලුත් පරපුරට දෙමව්පියෝ වෙසක් කියන එකේ හරි වැටහීමක් ලබා දීලා නෑ... පොඩි කාලේ ඉන්ඳන් පිම්මේ රේස් එකේ යවනවා...ආගමක් දහමක් ගැන වැටහීමක් දෙන්නේ නෑ... මාධ්ය වල වුනත් කරන්නේ වෙසක් විකුනන එක... තාම අපිට වෙසක් උත්සවය වෙනුවෙන් දාන්න තියෙන්නේ අන්‍යාගමිකයෙක් කියන සිංදු ටික විතරයි... අනිත් සිංදු නැතුව නෙමෙයි...ඒත් ඒවා MARKET කරන්න බැරි නිසා එලියට එන්නේ නෑ.. Dream Star..super Strar...Mega Star.. නම් ඇතිවෙන්න වියදම් කරලා කරනවා...ඒත් හිතට දැනෙන්න භක්ති ගීත වැඩසටහනක් කරන්න කෙනෙක් නෑ...
     
    • Like
    Reactions: Mr PERERA

    සම්පූර්ණ ඇත්ත යාලුවා.
    :(:(
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    karanna thiyana hondama wade.. pansal wala hamuduruwo mulika wela
    boudda samithi madihath wela.. winayanukula widiyata uthsawaya samarana ekai..
    nethinam ewa newathweemata policiyata balathala deemai..

    boudda rataka owa wenawa dakkinna lebimath dukak.. oya minissu bouddayo weema sasanayata kalalak...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Elakiriye bodu dahamatha adare aya mechara hari inna akath sathutak yahaluwane..

    ගොඩක් හොද Membersla මේකෙ නිශ්ෂබ්දව බලන් ඉන්නවා වෙන්නේ මොකද්ද කියලා. හරි තැනදි එයාලා කතා කරනවා. මේ thread එකේ වගේ.

    karanna thiyana hondama wade.. pansal wala hamuduruwo mulika wela
    boudda samithi madihath wela.. winayanukula widiyata uthsawaya samarana ekai..
    nethinam ewa newathweemata policiyata balathala deemai..

    boudda rataka owa wenawa dakkinna lebimath dukak.. oya minissu bouddayo weema sasanayata kalalak...

    පන්සල මැදිහත් වෙලා විනයානුකූලව කටයුතු කරා නම් පන්සල ඇතුලේ විනය බොහොම අගේට රැකෙනවා. මුස්ලිම් අය බාගෙට ඇදගෙන පල්ලි යනවද? දෙමළ අය කෝවිල් යනවාද? අපේ ගෑනූන්ට බැරි ඇයි? ඒ වගේම තමයි පාරවල් වල බස් වල වෙසක් එකට පිස්සු නටන උන්ට රජය හා පොලීසිය මැදිහත් වෙලා දඩුවම් කරා නම් හොදයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Elakiriye bodu dahamatha adare aya mechara hari inna akath sathutak yahaluwane..

    හැම බෞද්ධයම බොදු දහමට ආදරෙයි මචං... වෙනස හැමෝම ඒක කෑ ගගහා ලෝකෙට පෙන්නනේ නෑ... :):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පන්සල මැදිහත් වෙලා විනයානුකූලව කටයුතු කරා නම් පන්සල ඇතුලේ විනය බොහොම අගේට රැකෙනවා. මුස්ලිම් අය බාගෙට ඇදගෙන පල්ලි යනවද? දෙමළ අය කෝවිල් යනවාද? අපේ ගෑනූන්ට බැරි ඇයි? ඒ වගේම තමයි පාරවල් වල බස් වල වෙසක් එකට පිස්සු නටන උන්ට රජය හා පොලීසිය මැදිහත් වෙලා දඩුවම් කරා නම් හොදයි.

    ඔව්...ධර්මයෙන් හැදෙන්නේ නැති උන්ව නීතියෙන් හදන්න ඕනේ...