"කාලගුණයට" ජනතාවගෙන් චෝදනා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "කාලගුණයට" ජනතාවගෙන් චෝදනා

    මහ වැසි සමඟ දරුණු කුණාටු තත්ත්වයක්‌ ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල් තියා ජනතාව දැනුවත් කළේ නම් ඉකුත් සෙනසුරාදා ඇති වූ කුණාටු තත්ත්වයට ගොදුරු වී ජීවිත අහිමි වූ දකුණේ ධීවරයන්ට එවන් ඉරණමක්‌ අත් නොවන බවට ජනතාව චෝදනා කරති.

    එම දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කළේ නම් සිදු වූ ජීවිත හානි සම්පූර්ණයෙන්ම වළක්‌වා ගැනීමට හැකියාව තිබූ බව ද පෙන්වා දෙන ඔවුහු කාලගුණ දෙපාර්තමේන්තුව කුණාටු තත්ත්වය පිළිබඳ ධීවර ජනතාව දැනුවත් කළේ ධීවරයන් රැකියාව සඳහා පිටත්ව ගොස්‌ පැය ගණනාවකට පසුව බව ද සඳහන් කරති.

    මෙම කුණාටු තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර කාලගුණික අංශ ශ්‍රී ලංකාව දැනුවත් කර තිබී ඇත්තේ පසුගිය මැයි විසිඅට වැනිදා පමණ සිටය. එහිදී ඇමරිකානු කාලගුණ නිරීක්‍ෂණ වාර්තා මගින් මැයි 28 සිට ඉදිරියට දින එකොළහක කාලයක්‌ ශ්‍රී ලංකාවට බලපාන පරිදි කුණාටු තත්ත්වයක්‌ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබී ඇත.

    එසේ ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් සිදුව තිබියදීත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව ධීවර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත්තේ ඉකුත් සිකුරාදා පස්‌වරු පහට පමණ බව මේ වන විට හෙළි වී තිබේ. එම දැනුම්දීම සිදුවන විටත් මෙරට ධීවර ජනතාව දවසේ ධීවර කටයුතු සඳහා දියඹට පිටත්ව ගොස්‌ සිට ඇත.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම අක්‍රීය බව පිළිබඳව ඊයේ (9 දා) ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමකදී මේ සම්බන්ධව අමාත්‍යංශ ලේකම්වරයා මාර්ගයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කඩිනම් වාර්තාවක්‌ කැඳවා ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    එම වාර්තාවට අනුව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් යම් අඩුපාඩුවක්‌ සිදුව ඇත්නම් ගතයුතු පැහැදිලි ක්‍රියාමාර්ග ගන්නා බව ද කියා සිටි ඇමැතිවරයා එම දෙපාර්තමේන්තුව එදින සිය වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් තහවුරු කරගත් අවසන් දත්ත අනුව බව මේ වන විට සඳහන් කර ඇතැයි ද කියා සිටියේය.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ධීවරයෝ 22ක් මරුට;

    31 ක්‌ අතුරුදන්

    මහ සුළඟින් දකුණට-බස්‌නාහිරට දැඩි හානි

    බෝට්‌ටු 37ක්‌ ආගිය අතක්‌ නෑ

    චමින්ද සිල්වා, සචිත්‍ර ඇල්වලගේ සහ ධර්මසේන වැලිපිටිය

    පින්තූර - විජයසිරි විද්‍යාසේකර සහ ගුවන් හමුදා මාධ්‍ය ඒකකය

    අයහපත් කාලගුණ තත්ත්වය වර්ධනය වී මුහුද රළු වී ධීවර යාත්‍රා අනතුරට පත්වීම නිසා එහි සිටි ධීවරයින් 22 දෙනකු මියගොස්‌ තවත් 31 දෙනකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඊයේ (9 දා) "දිවයින"ට ප්‍රකාශ කළේය.

    සිකුරාදා මුහුදු ගිය ධීවර බෝට්‌ටු 37 ක්‌ අතුරුදන්ව ඇත.

    දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දකුණු සහ බස්‌නාහිර පළාත්වල ධීවර ජනතාවට දැඩි බලපෑම් එල්ල වූයේ සිකුරාදා හා සෙනසුරාදා දිනවල ධීවර කටයුතුවල යෙදී සිටියදීය.

    අයහපත් කාලගුණය හේතුවෙන් තුවාල ලැබූ ධීවරයන් 22 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බලපිටියේ ධීවරයින් 31 ක්‌ සහ දෙහිවල ධීවරයන් 12 ක්‌ අතුරුදන්ව ඇති බවට වාර්තා වී ඇත.

    අයහපත් කාලගුණ තත්ත්වයෙන් පවුල් 397 කට අයත් පුද්ගලයෝ 1294 ක්‌ ඊයේ (9 වැනිදා) වන විට අවතැන් වී සිටියහ. නිවාස 62 ක්‌ සම්පූර්ණයෙන් හානිවී නිවාස 1141 ක්‌ අර්ධ හානි වී ඇති බවට වාර්තාවී ඇතැයිද කොඩිප්පිලි මහතා පැවැසීය.

    7 වැනිදා රාත්‍රියේ මුහුදු ගිය ධීවර යාත්‍රා 60 කට අධික සංඛ්‍යාවක්‌ අනතුරට පත් වූ අතර ඉන් යාත්‍රා කිහිපයක්‌ම අතුරුදන් වී තිබේ. එලෙස අතුරුදන් වූ යාත්‍රා සහ ධීවරයන් සොයා ඊයේ ගුවන් හමුදා නිරීක්‍ෂණ යානයක්‌ (බීච් ක්‍රාප්ට්‌) යෙදවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එයාර් කොමදොaරු ඇන්ඩෲ විඡේසූරිය මහතා පැවැසීය.

    එම යානය මගින් මුහුදේ අතරමං වූ ධීවරයන් හා බෝට්‌ටු ගැන තොරතුරු ගුවන් හමුදා මූලස්‌ථානයට ලබාදෙයි. මෙම යානයට අමතරව බෙල් 212 යානා දෙකක්‌ සේවයේ යොදවා ඇති බවත් ඒවා මගින් ධීවරයින් 7 දෙනකු බේරා ගැනීමට කටයුතු කළ බවත් හෙතෙම පැවැසීය.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා කියා සිටියේ සාගර, සුරනිමල, ජය සාගර, සමුදුර නෞකා හා වේග ප්‍රහාරක යාත්‍රා 10 ක්‌ යොදවා ධීවයන් 22 දෙනකු ඊයේ දහවල් වන විට බේරාගත් බවයි.

    අනතුරට පත් වූ ධීවර යාත්‍රාවල සිටි ධීවරයන් 11 දෙනකුගේ මළ සිරුරු බෙන්තොට, ගාල්ල, ගිංතොට, කයිකාවල, කොස්‌ගොඩ, බේරුවල, බලපිටිය සහ අඟුලාන යන ප්‍රදේශවලින් හමු වී තිබිණි.

    ගාල්ල දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී මේජර් එල්. ඩී. අන්නක්‌කගේ මහතා "දිවයින"ට කියා සිටියේ අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල දිස්‌ත්‍රික්‌කයට සිදු වූ හානිය ඊයේ වන විටත් ගණන් බලා නොමැති බවය. හික්‌කඩුව සහ බලපිටිය ප්‍රදේශවලින් මුහුදු ගිය යාත්‍රා රැසක්‌ අතුරුදන්ව ඇති බවත් ධීවරයන් කීප දෙනකුගේ මරණ වාර්තා වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

    ගාල්ල ඇල්වීෂියස්‌ විද්‍යාලයේ ගොඩනැඟිලි තුනකට සුළං තත්ත්වය හේතුවෙන් දැඩි හානි සිදුවී ඇතැයි විදුහල්පති ඩී. ජී. එල්. එස්‌. ගුණසේකර මහතා පැවැසීය.

    ඉමදුව අම්පාවිල ප්‍රදේශයේ සහ ඉමදුව දඬුවන ප්‍රදේශයේ නිවෙස්‌ දෙකක්‌ මතට ගස්‌ කඩා වැටීම හේතුවෙන් එම නිවාස දෙකට බරපතළ හානි සිදුව තිබිණි.

    මීට අමතරව ගාල්ල නගරය ඉමදුව, අහංගම, අක්‌මීමන ආදී ප්‍රදේශ රැසක නිවාස විශාල ප්‍රමාණයකට අර්ධ හානි සිදුව තිබූ අතර නිවාස රැසක උළු සහ සෙවිලි තහඩු සුළඟේ ගසාගෙන ගොස්‌ තිබිණි. ගාල්ල ලක්‌සල ආයතනය ඉදිරිපිට ඉදිකර තිබූ දැවැන්ත නාමපුවරුවද සුළඟින් බිඳී ගොස්‌ තිබිණි.

    මීට අමතරව ගාල්ල, හබරාදුව, ඉමදුව, බටදූව, ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතීන් බොහොමයක්‌ බිඳ වැටීම හේතුවෙන් ගාල්ලේ ප්‍රදේශ රැසක විදුලිය ඇනහිට පැවැතිණි.

    මාතර දිස්‌ත්‍රික්‌කයට 7 වැනිදා රාත්‍රියේ සිට පැවැති අධික සුළං තත්ත්වය නිසා විශාල ගස්‌ කඩා වැටී අධිබල විදුලි රැහැන් පද්ධතිවලට විශාල හානි පැමිණ ඇත.

    පැය 8 කට වඩා වැඩි කාලයක සිට පැවැති අධික සුළං තත්ත්වය නිසා විදුලි කණු කඩා වැටී ලංකා විදුලිබල මණ්‌ඩලයට ලක්‍ෂ ගණනක අලාභහානි සිදුව ඇත.

    බලකාවල ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැන් හයක්‌ කඩාවැටී ඇති අතර, කිරිවාටිමුල්ල ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතිවලට විශාල හානි සිදුව ඇත. විදුලිබල මණ්‌ඩලයේ සේවකයන් විසින් විදුලිය යථා තත්වයට පත්කිරීමට සියලු කටයුතු කර ඇත.

    ගන්දර දෙවිනුවර ධීවර වරායේ නවතා තිබූ ධීවර බෝට්‌ටු 30 ක්‌ දැඩි මුහුදු රළ පහරට ලක්‌ව ගසාගෙන ගොස්‌ තිබූ අතර ඉන් බෝට්‌ටු දහයකට පමණ දැඩි හානි සිදුවී තිබේ. එයින් සිදුවූ හානිය රුපියල් ලක්‍ෂ 101 ක්‌ පමණ වන බව බෝට්‌ටු හිමිකරුවෝ පවසති.

    7 වැනිදා ඇති වූ දැඩි සුළං හා වර්ෂා තත්ත්වය නිසා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හානි රැසක්‌ සිදුවී තිබේ.

    පෙරේදා දිනයේ ප්‍රදේශයේ විදුලිබල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ අතර පාසල් හා නිවාස රැසකටද, කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගය ඇතුළු අතුරු මාර්ග රැසකටද ගස්‌ කඩා වැටී වාහන හා විදුලි රැහැන්වලටද අලාභහානි වී තිබූ අතර බෙන්තොට වෙරළ තීරයට ධීවරයකුගේ මළ සිරුරක්‌ ගොඩගසා තිබිණි. කයිකාවල වෙරළ තීරයට ධීවරයන් තිදෙනකු සහිත බෝට්‌ටු දෙකක්‌ ගොඩගසා තිබිණි. අනතුරට පත් ධීවරයන්ගේ තවත් යාත්‍රා 5 ක්‌ 8 වැනිදා සවස වනවිට ඉඳුරුව, මහ පැලෑන, කොස්‌ගොඩ, අහුන්ගල්ල, එගොඩමුල්ල ධීවර තොටුපළවල් වෙත ගොඩගසා තිබිණි.

    එක්‌ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 8 දෙනකු කොස්‌ගොඩ ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන බලපිටිය රෝහල වෙත යවා ඇත.

    මුහුදු ගමන්වලදී විපතට පත්ව දිවි බේරාගත් ධීවරයන් 10 දෙනකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බවත් ඉන් එක්‌ අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් බලපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා 'දිවයින' ට පැවැසීය.

    බේරුවලින් මුහුදු ගිය කයිකාවල ප්‍රදේශයේ ධීවරයන් තිදෙනකු සහිත බෝට්‌ටුවක්‌ ද අතුරුදන් වී තිබේ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 52 න් 25 ක පූර්ණ හානි 5 ක්‌ සහ අර්ධ හානි 112 ක්‌ දැනට වාර්තා වී ඇති බව බෙන්තොට ප්‍රා. ලේකම් විදුර කාරියවසම් මහතා පැවැසීය.

    ප්‍රදේශයේ සිදුවී ඇති ආපදා තත්ත්වයට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ගාලු දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

    බලපිටියෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා 20 කින් 8 ක්‌ හමුවී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ඒකකය පැවැසීය. තවත් ධීවරයන් කීපදෙනකු අතුරුදන්ව ඇතැයිද එම ඒකකය පවසයි. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පෙරේදා දිනයේ පමණක්‌ විදුලිය බිඳ වැටීම් 175 ක්‌ වාර්තා විය. සුළඟින් ගාල්ල ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයට හා බන්ධනාගාරයටද හානි සිදුවී තිබිණි.

    කොළඹ නගරයේ මාර්ග රැසක ගස්‌ කඩාවැටීමෙන් හා විශාල පරිමාණයේ දැන්වීම් පුවරු කඩා වැටීමෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකටද නිවාස රැසකටද හානි සිදුවී තිබිණි.

    කොළඹ - නුවර මහා මාර්ගයේ ස්‌ථාන රැසකද, කොළඹ මීගමුව මාර්ගයේ ක¹න, රිලවුල්ල, ජාඇල, කටුනායක ඇතුළු ප්‍රදේශ රැසක ද ගස්‌ කඩා වැටීම නිසා රථවාහන ධාවන කටයුතුවලට දැඩි බාධා සිදු වූ අතර, විදුලි රැහැන් බිඳ වැටීම නිසා විදුලි සැපයුම ද ඇන හිට තිබිණි.

    කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ වාද්දුව ප්‍රදේශයේ ද මාර්ගයට ගස්‌ කඩා වැටීමෙන් රථවාහන ධාවනයට බාධා සිදුවිය.

    බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයන් සහිත බෝට්‌ටු දෙකක්‌ දැඩි සුළඟට හසු වී පෙරළී ඇතැයි ද එහි ගමන් ගත් ධීවරයන් 12 දෙනකු බේරා ගෙන පෙරේදා දහවල් රෝහල්ගත කළ අතර ධීවරයන් දෙදෙනකු මරුමුවට පත් වී ඇතැයි කළුතර දිසා ලේකම් යූ. ඩී. චන්දන ජයලාල් මහතා 8 දා දහවල් පැවැසීය.

    මහ මුහුද මැද අතරමංව සිටි ධීවරයන් 5 දෙනකුව හෙලිකොප්ටර් යානා යොදවා බේරා ගත් අතර එක්‌ ධීවරයකු බැරලයක එල්ලී සිටියදී පයාගල මුහුදු තීරයේදී බේරාගත් බව ද දිසා ලේකම්වරයා කීය.

    මියගිය එක්‌ ධීවරයකුගේ මළසිරුර පෙරේදා දහවල් කළුතර නාගොඩ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.

    මේ අතර බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර බෝට්‌ටු 5 ක්‌ පිළිබඳව කිසිදු තොරතුරක්‌ දැනගන්නට නැතැයි බෝට්‌ටු හිමියන් පෙරේදා බේරුවල පොලිසියට පැමිණිලි කර තිබිණි.

    මේ පිළිබඳව බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ගුණතිලක, සැරයන් (55207) ජයන්ත යන මහත්වරු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

    කළුතර දිස්‌ත්‍රික්‌කයේ නිවාස 19 ක්‌ සම්පූර්ණයෙන් ම විනාශ වී නිවාස 593 ක්‌ පමණ දැඩි සුළඟින් හානි වී ඇතැයි ද කළුතර දිසා ලේකම් යූ. ඒ. චන්දන ජයලාල් මහතා පෙරේදා සවස පැවැසීය.

    ගස්‌ කොළන් නිවාසවලට ඇදවැටීම නිසා අගලවත්තේ පුද්ගලයන් දෙදෙනකු ද මදුරාවල එක්‌ අයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද දිසා ලේකම්වරයා කීය.

    කළුතර දිස්‌ත්‍රික්‌කයේ හොරණ, මතුගම, දොඩම්ගොඩ, අගලවත්ත, පානදුර, පාලින්දනුවර, වලල්ලාවිට, මදුරාවල, කළුතර, බේරුවල හා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල පෙරේදා අලුයම හමා ගිය දැඩි සුළඟින් හානි සිදු වී ඇතැයි ද දිස්‌ත්‍රික්‌කයේ විදුලි බලය බිඳ වැටී ඇතැයි ද කළුතර අතිරේක දිසා ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා පැවැසීය.

    මිල්ලනිය පැපොල්ගහලන්ද ප්‍රදේශයේ සවිකර තිබූ අකුණු සන්නායක කුළුණක්‌ කඩා වැටී ඇතැයි ද අතිරේක දිසා ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා කීය.

    කළුතර දිස්‌ත්‍රික්‌කයේ විපතට පත් වූවන්ට සහන සැලසීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්‌ ඊයේ කළුතර දිසා ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    මේ අතර කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ නිවාස රැසකට හානි සිදු වී ඇති අතර කළුතර ප්‍රාදේශීය ලේකම් විමල් ගුණතුංග, මුලටියන ග්‍රාම නිලධාරි සුනිල් ප්‍රනාන්දු යන මහත්වරුන් විපතට පත් වූ අයට සහන සැලසීමට පියවර ගෙන තිබිණි.

    පසුබිම් වාර්තා - සමන් උපුල් පිනිදිය, විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ - එස්‌. පී. ආරියරත්න - රත්මලාන, හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්‌ - මොරටුව, ගන්දර - දෙවිනුවර එස්‌. කේ. කේ. ගුණතිලක, මිනුවන්ගොඩ - ටෝනි කරුණාරත්න, රාගම - රිචඩ් ජී. සිල්වා, ක¹න - රුක්‌මන් පින්තු, කොස්‌ගොඩ - සේනක ප්‍රියදර්ශන, අහුන්ගල්ල - කමල් ශ්‍රී ලියනගේ, ඉඳුරුව - තිලක්‌ විඡේසුන්දර, ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි සහ ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද, වලල්ලාවිට නිමල් දයානන්ද,

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මියගිය ධීවරයකු වෙනුවෙන් රජයෙන් රු. ලක්‍ෂයක්‌






    චමින්ද සිල්වා - සචිත්‍ර ඇල්වලගේ

    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක්‌ ධීවරයකු සඳහා රුපියල් ලක්‍ෂයක මුදලක්‌ ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (09 වැනිදා) ප්‍රකාශ කළේය.

    මේ සඳහා මුදල් ලබා ගැනීමට ධීවර අමාත්‍යංශය හරහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ උපදෙස්‌ මත සකස්‌ කරන බවද ඇමැතිවරයා කීය. මීට පෙරද මෑත කාලයේ එවැනි දීමනාවක්‌ ලබාදීමට කටයුතු කළ බව ඇමැතිවරයා අවධාරණය කළේය.

    ඊට අමතරව අවතැන්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල හරහා අවශ්‍ය මුදල් තම අමාත්‍යංශය මගින් සැපයීමට කටයුතු කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රුපියල් ලක්‍ෂයක්‌ම දෙනවලු..මුන්ට මිනිහෙක්ගේ වටිනාකම රුපියල් ලක්ෂයි.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දෙපාර්තමේන්තුව කියනවා ඇමරිකාවෙන් දවස් 11ක් ගැන අවධානමක් කියපු නිසාත් ඒ කියු පමණින්ම දවස් 11ක් මුහුදු යන්න කියන්න බැරි නිසාත් ලු එහෙම නොකිවුවෙ. හැබැයි කියන විදිහට කලින් දවසෙ 4ට දීපු දැනුන්දීමෙදි කියලා තියෙනවා මෙහෙම අවධානමක් ගැන. කොහොමටත් ලංකාවෙ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවුරුදු ගානක් පරණ හින්දා නවීකරණය කරන්නත් ඕනෙලු නැතුව නිවැරදි අනාවැකියක් කියන්න අමාරුයිලු. මේ විස්තර කිවුවෙ හිරු ටීවී එකට ඇමති තුමා කතා කරපු වෙලාවෙ.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මියගිය ධීවරයකු වෙනුවෙන් රජයෙන් රු. ලක්‍ෂයක්‌



    චමින්ද සිල්වා - සචිත්‍ර ඇල්වලගේ

    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක්‌ ධීවරයකු සඳහා රුපියල් ලක්‍ෂයක මුදලක්‌ ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (09 වැනිදා) ප්‍රකාශ කළේය.

    මේ සඳහා මුදල් ලබා ගැනීමට ධීවර අමාත්‍යංශය හරහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ උපදෙස්‌ මත සකස්‌ කරන බවද ඇමැතිවරයා කීය. මීට පෙරද මෑත කාලයේ එවැනි දීමනාවක්‌ ලබාදීමට කටයුතු කළ බව ඇමැතිවරයා අවධාරණය කළේය.

    ඊට අමතරව අවතැන්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල හරහා අවශ්‍ය මුදල් තම අමාත්‍යංශය මගින් සැපයීමට කටයුතු කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    තාම ලක්ෂයක් දෙනවා කියලා තහවුරු කරලා නැහැ.
    ආපදා කලමණාකරන අමාත්‍යංශයෙන් දෙන්න පුලුවන් 15 000ක් විතරයි.
    ධීවර අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා තමයි ලක්ෂයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තාම ලක්ෂයක් දෙනවා කියලා තහවුරු කරලා නැහැ.
    ආපදා කලමණාකරන අමාත්‍යංශයෙන් දෙන්න පුලුවන් 15 000ක් විතරයි.
    ධීවර අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා තමයි ලක්ෂයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

    :confused: source:divaina
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    ඇමති තුමා හිරු ටිවී එකට උදේ කතා කලා එතකොට තමයි ඔය විස්තර කිවුවෙ. ගිය පාර නම් ලක්ෂයක් දුන්නා මේ පාරත් බලාපො‍රොත්තු වෙනවා කියලයි කිවුවෙ හැබැයි ඒ ධීවර අමාත්‍යංශයේ ප්‍රතිපාදන වලින්. චක්‍රලේකය අනුව ආ.ක.අමාත්‍යංශයට දෙන්න පුලුවන් 15 000යිලු.
    :yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇමති තුමා හිරු ටිවී එකට උදේ කතා කලා එතකොට තමයි ඔය විස්තර කිවුවෙ. ගිය පාර නම් ලක්ෂයක් දුන්නා මේ පාරත් බලාපො‍රොත්තු වෙනවා කියලයි කිවුවෙ හැබැයි ඒ ධීවර අමාත්‍යංශයේ ප්‍රතිපාදන වලින්. චක්‍රලේකය අනුව ආ.ක.අමාත්‍යංශයට දෙන්න පුලුවන් 15 000යිලු.
    :yes:

    :(
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    මේකයි මචන් ගිය පාර දීලා තියෙන්නෙත් ජනාධිපති තුමාගේ නියෝග මත. මිනිස්සුන්ගෙ ජිවිත ගැන තැකීමක් නෑ කියන්නත් බැහැ. ආණ්ඩුවෙ අදූරදර්ශී ණය ගැනිල්ලයි ප්‍රමුඛතාවන් පිලිබඳ ගැටලු සහගත සංවර්ධනය නිසා ආණ්ඩුව අද එරිලා ඉන්නෙ. අද අපි වාර්ථාගත ණය ගොඩකට කොටු වෙලා ඉන්නෙ. ඒ නිසා ප්‍රතිපාදන වෙන් කරනවා කියලා කිවුවට ලේසී නෑ.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මෙච්චර පුංචි රටේ එයා පෝට් දෙකක් හදන්න කලින්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන අලුතෙන් හදන්න කලින්, වරායවල් හදන්න කලින් කොයි තරම් අවශ්‍යය ද නිවැරදි කාලගුණ වාර්ථාවක් දිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක්. අන්න ඒකයි කිවුවෙ ආණ්ඩුව සංවර්ධනය කරනවා හැබැයි සංවර්ධන ප්‍රමුඛතා හඳුනගෙන නැහැ.
     

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    මුන්ට තාම හුළඟක් ගැනවත් කියාගන්න බැහැ. පඩි දීල මොකට තියාගෙන ඉන්නවද?
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    මුන් දත්ත තහවුරු කරනකොට වැඩේ වෙලා ඉවරයි.... :angry:

    මම මේ වන්දි මුදල් ඒ අසරණ මිනිසුන්ට දෙනවට අකමැත්තෙන් නෙවෙයි කියන්නේ , මුන් වැරදි වැඩ කරලා ලොකුවට කියන්නේ අච්චර දෙනවා මෙච්චර දෙනවා කියල මුන්ගේ අම්මගේ අප්පාගේ බුදලේ නෙවෙයිනේ. අහිංසක මිනිස්සුනේගේ බදු සල්ලි. මුන්ගේ ගොන් වැඩ වලට ඒ වටිනා සල්ලි තමයි යට කරන්නේ...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මෙච්චර පුංචි රටේ එයා පෝට් දෙකක් හදන්න කලින්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන අලුතෙන් හදන්න කලින්, වරායවල් හදන්න කලින් කොයි තරම් අවශ්‍යය ද නිවැරදි කාලගුණ වාර්ථාවක් දිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක්. අන්න ඒකයි කිවුවෙ ආණ්ඩුව සංවර්ධනය කරනවා හැබැයි සංවර්ධන ප්‍රමුඛතා හඳුනගෙන නැහැ.

    :yes::yes::yes:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Eda davsama hariyata nidi naa..
    vahala galavan yanna vage sadde..
    raa 1ta giya current eka ave ude 10ta.. :oo:
    Maduruvo kanava hitu kiyala..:growl: