මට නිකමට හිතුන එක දාන්නේ කිසිම දෙයක් හොයල බලල නෙමේ. වැඩිදුර දන්න කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න.
මිනිස්සුන් දැක්ක දෙයක් තමයි වෙනස් වීම කියන්නේ. පොඩියට හිටපු ළමයි ලොකු වෙනවා ගස් වැවෙනවා වගේ වෙනස් වීම් ගැන මිනිස්සු හිත හිත ඉන්න ඇති. එතකොට මිනිස්සුන්ට ඕනේ වෙන්න ඇති මේ වෙනස්වීම් කොච්චර වුනාද කියල මැනගන්න. එතකොට මිනිස්සු ඉරේ වෙනස්වීම් වලින් වෙනස් වීම මැනගන්න ඇති. මෙහෙම ඉන්නකොට හැමවෙලේම ඉර නැති වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඇති. එතකොට වෙනත් දෙයක වෙනස්වීමක් මත අර වගේ වෙනස් වීම් මැනගන්න ඇති.
හරියට අර කෙහෙල් ගහක් කපල වැවෙන දිග මැන්න වගේ ඒවා. ඒත් ඒකෙත් ප්‍රයෝගික ගැටළු මතු වෙන්න ඇති.
එතකොට වෙනස්වීමක් වෙන්න නම් සිද්දියක් වෙන්න ඕනේ කියල මිනිස්සුන්ට හිතෙන්න ඇති. හැබැයි දැන් ඉර බහින වෙනස් වීම වගේ ඒව වෙන්න හේතු වෙන සිද්දිය ඒ කලේ මිනිස්සු දැනගෙන ඉන්න නැතුව ඇති. එතකොට මිනිස්සු මනසින් හදාගත්ත සිද්දිය තමයි කාලය ගතවෙනවා කියන එක
එහෙම වෙන්න පුළුවන් නේද කාලය ගතවීම කියන සංකල්පය එන්න ඇත්තේ.
ඔයාල දන්න ඒවා කියන්න. මේක පට්ට හිතලුවක්.