කාලය

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සන්තතිකයිද? අසසන්තිකයිද?

    කලනයේදි ස්ථානීය ප්‍රවේගයක් ගැන කියන්නෙ කොහොමද? යම් වස්තුවකට ස්ථානීය ප්‍රවේගයක් තියෙනවනං ඒක තියෙන්නෙ කොහොමද? කාලයක් ගතවුණේ නෑනෙ

    අපි හිතමු එක පාරට කාලය ගත වෙන එක නැවතුනා කියල

    එතකොට එක තැන නිශ්චලව තියෙනව වස්තුවකත් යම් කිසි වේගයකින් ගමන් කරන වස්තුවකත් වෙනසක් පේන්නෙ නෑ නේද...
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ehema ekak ne. Calculus and limits walinne owa oppu karanne. sthaniya kiwata, attatama oka delta t time ekaka velocity eka. delta t --> 0
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඉතින් ඩෙල්ට t 0 යිනෙ[/QUOTE
    0 ta asannai. 0 newei.

    සීමාව කියලනෙ කියන්නෙ නේද...

    නිකං හිතල බලල මං ඔය අහල තියෙන අනිත් ප්‍රශ්නවලටත් උත්තරයක් දෙන්ඩකො

    කලනය ගැනම නෙමේ මට කියන්ඩ ඕන වුණේ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ස්ථානීය ප්‍රවේගය ගැන කතා කරන්න අසන්තතික (discreetness) එකක් තියෙන්න ඕනෙ නෑ. ඕක කතා කරන්නෙ යථාර්තයේ කාලය ගත වෙන විදිහ ගැන සලකල නෙමේ සාධාරණව ප්‍රස්ථාරෙකිං.
    කාලය ගන්නව x අක්ශෙට අරගෙන y වල අඳිනව ඒ ඒ කාල වලදි ප්‍රවේගෙ.
    එහෙම ගහල ලැබෙන ප්‍රස්ථාරෙ එක ලක්ශෙක ප්‍රවේගෙ තමා ස්ථානීය ප්‍රවේගය කියල කතා කරන්නෙ.
    ඒකෙදි කාලයම වෙන්න ඕන්නෑ x අක්ශෙට මොක ගත්තත් එක්තරා විදිහක ස්ථානීය අගයක් ගැන තමා කතා කරන්නෙ.

    කාලය සන්තතිකයිද අසන්තතිකයිද කියල අහන එක එක විදිහක metaphysical ප්‍රශ්නයක්. කාලය සන්තතිකයි කියලත් ප්‍රවාද නිර්මාණය කලහැකි. අසන්තතිකයි කියලත් ප්‍රවාද නිර්මාණය කෙරෙයි. දෙවිදිහටම සෑහෙන දුරට නිවැරදි ප්‍රතිඵල ලැබෙයි. ඒත් කවදාවත් කාලය ඇත්තටම මොන වගේද කියල මිනිස්සු තේරුම් ගනියිද ? නෑ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඔය අහන ප්‍රශ්නෙම කලනය ඉදිරිපත් කරපු කාලෙ ගොඩක් අය අහල තියෙනව. ටිකක් දිරවගන්න අමාරු සංකල්පයක්. අතිශය කුඩා දෙයක් ගැන කතා කරනව. බෙදද්දි විශාලත්වයක් තියෙනව වගේ සලකනව එකතු කරද්දි 0යි වගේ සලකනව. සෑහෙන පිරිසකට ඕක දිරෙව්වෙ නෑ.

    පොඩ්ඩක් බිශොප් බර්ක්ලි කියපුව හොයල බලපං :) උඹේ ප්‍රශ්න ඔය විදිහටම වගේ අහල ඇති :yes:
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    කාලය මනින්නේ කොහොමද? කාලය මනිනවා කියල මන්නිනේ මොකක හරි වෙනස් වීමක්නේ. එහෙම නැතුව නිරපේක්ෂ කාලයක් මනින්න බැහැ. ඒ කියන්නේ කාලය නැවතිලා තියෙද්දී යම් කිසි වේගයකින් ගමන් කරන දෙයක් තියෙන්න බැහැ... යම් කිසි දෙයක් ගමන් කරනවා (හෝ නිරීක්ෂණය කරනවා) කියන්නේ ඒ වෙනස්වීමම (හෝ නොවෙනස්වීම) කාලය කියල අදුනගන්නවා... එහෙම නේද?
     
    ඇත්තටම ඉතිං ගත්තොත් කාලය කියල ගන්නෙ මොකක හරි වෙනස් වීම.
    ඔරලෝසුව කියල ඩිවයිස් එකක් හදාගෙන තියෙනව වෙනස් වීම මයින්න පුලුවන්. ඒකෙ වෙනස් වීම කාලයේ වෙනස් වීමක් විදිහට මනිනව.
    ඔරලෝසුව මදි වුනාම වෙන මොකක් හරි ස්වභාවිකව සිද්ධ වෙන සංසිද්ධියක් ඇසුරෙන් කාලය මනිනව.
    කාලය නැවතිලා තියෙනව කියල මනිනව කියන්නෙ එතකොට එක වගේ කාලය මනින්න හදපු ඩිවයිස් දෙකක් තැන් දෙකක තියල එක්කෙනෙක්ගෙ එක හිටල තියෙද්දි අනික් කෙනාගෙ එක යනව වෙන්න ඕනෙ.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala

    ඇත්තටම ඉතිං ගත්තොත් කාලය කියල ගන්නෙ මොකක හරි වෙනස් වීම.
    ඔරලෝසුව කියල ඩිවයිස් එකක් හදාගෙන තියෙනව වෙනස් වීම මයින්න පුලුවන්. ඒකෙ වෙනස් වීම කාලයේ වෙනස් වීමක් විදිහට මනිනව.
    ඔරලෝසුව මදි වුනාම වෙන මොකක් හරි ස්වභාවිකව සිද්ධ වෙන සංසිද්ධියක් ඇසුරෙන් කාලය මනිනව.
    කාලය නැවතිලා තියෙනව කියල මනිනව කියන්නෙ එතකොට එක වගේ කාලය මනින්න හදපු ඩිවයිස් දෙකක් තැන් දෙකක තියල එක්කෙනෙක්ගෙ එක හිටල තියෙද්දි අනික් කෙනාගෙ එක යනව වෙන්න ඕනෙ.

    හිටලා තියන ඩිවයිස් එක පැත්තේ ඉන්න කෙනුකුට අනික් පැත්තේ ඩිවයිස් එක වත් වෙන මොකක්වත් දැනගන්න විදියක් නැහැ. වෙනස් වීමක් නැති නිසා. වැඩකරන ඩිවයිස් එක පැත්තේ ඉන්න කෙනෙකුට අනෙක් ඩිවයිස් එක පැත්ත දැනගන්න විදියක් නැහැ එක වෙනස් නොවෙන නිසා එකියන්නේ වෙනස් නොවෙනවනම් චලනයක් නෙමෙයි තියන බවවත් දැනගන්න විදියක් නැහැ. තියනවා කියල දැනගන්න පුළුවන් නම්/තියනවනම් එකියන්නේ කාලයත් තියනවා.

    මට පිස්සු වගේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිටලා තියන ඩිවයිස් එක පැත්තේ ඉන්න කෙනුකුට අනික් පැත්තේ ඩිවයිස් එක වත් වෙන මොකක්වත් දැනගන්න විදියක් නැහැ. වෙනස් වීමක් නැති නිසා. වැඩකරන ඩිවයිස් එක පැත්තේ ඉන්න කෙනෙකුට අනෙක් ඩිවයිස් එක පැත්ත දැනගන්න විදියක් නැහැ එක වෙනස් නොවෙන නිසා එකියන්නේ වෙනස් නොවෙනවනම් චලනයක් නෙමෙයි තියන බවවත් දැනගන්න විදියක් නැහැ. තියනවා කියල දැනගන්න පුළුවන් නම්/තියනවනම් එකියන්නේ කාලයත් තියනවා.

    මට පිස්සු වගේ...

    :yes:
    ආයෙ වැඩ කරන්න පටං අරං සන්නිවේදනය කරන්න පුලුවන් තත්වෙට ආවට පස්සෙ වෙනස බලල තමා දැනගන්න වෙන්නෙ :yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ස්ථානීය ප්‍රවේගය ගැන කතා කරන්න අසන්තතික (discreetness) එකක් තියෙන්න ඕනෙ නෑ. ඕක කතා කරන්නෙ යථාර්තයේ කාලය ගත වෙන විදිහ ගැන සලකල නෙමේ සාධාරණව ප්‍රස්ථාරෙකිං.
    කාලය ගන්නව x අක්ශෙට අරගෙන y වල අඳිනව ඒ ඒ කාල වලදි ප්‍රවේගෙ.
    එහෙම ගහල ලැබෙන ප්‍රස්ථාරෙ එක ලක්ශෙක ප්‍රවේගෙ තමා ස්ථානීය ප්‍රවේගය කියල කතා කරන්නෙ.
    ඒකෙදි කාලයම වෙන්න ඕන්නෑ x අක්ශෙට මොක ගත්තත් එක්තරා විදිහක ස්ථානීය අගයක් ගැන තමා කතා කරන්නෙ.

    කාලය සන්තතිකයිද අසන්තතිකයිද කියල අහන එක එක විදිහක metaphysical ප්‍රශ්නයක්. කාලය සන්තතිකයි කියලත් ප්‍රවාද නිර්මාණය කලහැකි. අසන්තතිකයි කියලත් ප්‍රවාද නිර්මාණය කෙරෙයි. දෙවිදිහටම සෑහෙන දුරට නිවැරදි ප්‍රතිඵල ලැබෙයි. ඒත් කවදාවත් කාලය ඇත්තටම මොන වගේද කියල මිනිස්සු තේරුම් ගනියිද ? නෑ :no:

    උඹ ඔය අහන ප්‍රශ්නෙම කලනය ඉදිරිපත් කරපු කාලෙ ගොඩක් අය අහල තියෙනව. ටිකක් දිරවගන්න අමාරු සංකල්පයක්. අතිශය කුඩා දෙයක් ගැන කතා කරනව. බෙදද්දි විශාලත්වයක් තියෙනව වගේ සලකනව එකතු කරද්දි 0යි වගේ සලකනව. සෑහෙන පිරිසකට ඕක දිරෙව්වෙ නෑ.

    පොඩ්ඩක් බිශොප් බර්ක්ලි කියපුව හොයල බලපං :) උඹේ ප්‍රශ්න ඔය විදිහටම වගේ අහල ඇති :yes:

    මම උඹ තරං දක්ෂයෙක් නොවෙමි :dull:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අපි හිතමු එක පාරට කාලය ගත වෙන එක නැවතුනා කියල

    ඔරලෝසුව කැඩිලද? කාලය නවතින්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ස්ථානීය ප්‍රවේගය ගැන කතා කරන්න අසන්තතික (discreetness) එකක් තියෙන්න ඕනෙ නෑ. ඕක කතා කරන්නෙ යථාර්තයේ කාලය ගත වෙන විදිහ ගැන සලකල නෙමේ සාධාරණව ප්‍රස්ථාරෙකිං.
    කාලය ගන්නව x අක්ශෙට අරගෙන y වල අඳිනව ඒ ඒ කාල වලදි ප්‍රවේගෙ.
    එහෙම ගහල ලැබෙන ප්‍රස්ථාරෙ එක ලක්ශෙක ප්‍රවේගෙ තමා ස්ථානීය ප්‍රවේගය කියල කතා කරන්නෙ.
    ඒකෙදි කාලයම වෙන්න ඕන්නෑ x අක්ශෙට මොක ගත්තත් එක්තරා විදිහක ස්ථානීය අගයක් ගැන තමා කතා කරන්නෙ.

    කාලය සන්තතිකයිද අසන්තතිකයිද කියල අහන එක එක විදිහක metaphysical ප්‍රශ්නයක්. කාලය සන්තතිකයි කියලත් ප්‍රවාද නිර්මාණය කලහැකි. අසන්තතිකයි කියලත් ප්‍රවාද නිර්මාණය කෙරෙයි. දෙවිදිහටම සෑහෙන දුරට නිවැරදි ප්‍රතිඵල ලැබෙයි. ඒත් කවදාවත් කාලය ඇත්තටම මොන වගේද කියල මිනිස්සු තේරුම් ගනියිද ? නෑ :no:

    ara man qwa wage astral body eken time dimension ghinathithaye thiyena sharirayata athuluwenna pluwanda?
    athul wenna bari unath synchronize karanm time travel kara wage thamai :yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපි හිතමු හැම දෙයක්ම නිශ්චල වුණා. කිසි දෙයක් සෙලවෙන්නෙ නෑ කියල

    කට්ටියක් කියනවනෙ වෙනස් වීම නිසා කාලය ගත වෙනව කියල

    අපේ විඥානය මගින් යම් නිරීක්ෂණයක් සිදු කරන්ඩත් කාලයක් ගත වෙන්ඩ එපැයි :rofl: