සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ //
ඉර හඳ විතරද කැළුම් දකින්නේ
මැදුරට රිංගා කවුළු දොරින්
මටත් හිතයි එන්නට සඳ රැස් අතරින්
හෙට සිඳුණත් මාගෙ ගෙල අසිපතකින්
සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ
සුර කුමරිය ඔබ මේ සහරාවේ
හිම වත හංගා කළු සළුවෙන්
හද දුන් දෙවියන්ටත් එය නොඇසේනම්
ඔබ හඬනා දුක ලොවට හොරෙන්
සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ //