කාලෝ_ෆොන්සේකා

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හේතුවාදය [Rationalist] කියන්නේ මචං. ඵලයක් ඇතිවන්නට හේතුවක් තිබිය යුතුයි කියන අදහස [හේතුඵල වාදය].
    සමහර ඵලයන් වලට හේතු තාම හොයාගෙන නෑ. ඒ කියන්නේ ඒක හේතුවාදයට විරුද්ධයි කියනඑක නෙමේ.
    ඵලය අපිට පෙනෙන්න තියනවනම් එකට හේතුවක් අන්වර්යයෙන්ම තිබිය යුතුයි කියල අපි විශ්වාස කරනවා.
    ඒ හේතුව විද්‍යාව විසින් අනාගතයේදී හොයාගනී...!

    අපි යක්ෂ ප්‍රේත දේව සංකල්පය ප්‍රතික්ෂේප කරන්නේ හේතුවක් නැති නිසා කියල බොහෝ දෙන හිතන්නේ.
    නමුත් එක ප්‍රතික්ෂේප කරන්නේ ඵලයක් නැති නිසා.

    යක්ෂ ප්‍රේත දේව කියල දෙයක් නෑ කියන එක අපි කියන්නේ. ඵලයක් නැති නිසා ආයේ හේතුවක් හොයන්න වැඩක් නෑනේ.

    අවුරුදු 50ක් තිස්සේ මිනිස් පැය දහස් ගණනක් මේ යක්ෂ ප්‍රේත දේව කියන ඵලය හොයා ගන්න පර්යේෂණ කරලා තියෙනවා.
    පර්යේෂණ කරලා ඒවා තියෙනවා කියල පෙන්නපු මිනිස්සුන්ට ඒ පර්යේෂණ වැරදි, දෝෂ සහිතයි සහ වංචා සහගතයි කියල ඔප්පු කරලා තියෙනවා.

    යක්ෂ ප්‍රේත දේව කියන දේ තියෙනවා කියල කවදාහරි ඔප්පු උනොත්, අන්න එදාට අපි ඒක පිලිගන්නවා.

    පරමාණුව පෙන්නේ නෑ ..! නමුත් පරමාණුව කියල ඵලයක් නෑ කියල හේතුවාදී අපි කියන්නේ නෑ. මොකද ඒක තියෙනවා කියල ඔප්පු කරලා පෙන්නලා දීල තියන නිසා.

    නමුත් යක්ෂ ප්‍රේත දේව කියල දෙයක් කවුරුවත් ඒ විදිහට විදිමත් පර්යේෂණ කරලා ඔප්පු කරලා නෑ.

    සමස්තයක් විදිහට ගත්තොත් යක්ෂ ප්‍රේත දේව සංකල්පය කියන්නේ මිනිස් අවිඥානයේ තියෙන සිහිනයක් විතරයි.

    එළ එළ ගොඩක් ස්තුතියි.. එතකොට මචන් හේතුවාදීන් බුදු දහම පිළිගන්නවා කියලා තිබුණා නේ.. උඩ කියලා තියෙන විදියට බුදු දහමත් පිළිගන්න බෑ නේ බන්.. අනේ මන්දා මට එහෙම නිකමට හිතුනා:rolleyes:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    දැන් මම කියන්නේ කවුරුහරි මේ වගේ කතාවක් කිවුවා කියමුකෝ

    කට්ටඩි.ගුරුන්නා
    ආතුරයෙක් - 09-06-2014, 09:46 PM

    පහුගිය ටිකේ එන්න බැරිඋන අධික කාර්යබහුලත්වය නිසා. මම ගියා ඇබිලිපිටියේ ආතුරයෙක් සනීප කරන්න.

    තරුණ කාන්තාවක් උමතු වෙලා. ගෙදරට හැමදාම බිත්තර වලින් ප්‍රහාර එල්ල වෙනවා. කොහෙන් එනවද කියල හිතා ගන්න බැහැ නිවැසියන්ට. රාත්‍රියට මැද සාලේ කකුල් අද්ද අද්ද කෙනෙක් අවිදිනවලු. පස්සේ ලාම්පු පත්තු කරලා බැලුවම කවුරුත් නැහැලු මධ්‍යම රාත්‍රිය පහු උනාම ගේ වටේම කවුද අඩි හයියෙන් තිය තියා අවිදිනවලු. හිටපු ගමන් ජනෙල් වලට තට්ටු කරනවලු.

    මේකෙන් ගෙදර අය හොදටම බයවෙලා. වැඩියෙන්ම බය වෙලා තියන්නේ ගෙදර පුතා ගේ අලුත් මනමාලිය. කසාද බැඳලා දැන් අවුරුද්දක් වෙන්න එනවලු. දවසක් මේ කාන්තාව හවස වැඩ ඇරිලා ගෙදර ඇවිත් නැහැ. සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශයේ ගෙවල් අඩුයි. ගන කැලේ. පොඩි තාර දාපු පාරක් තියෙන්නේ. හවස 6 පස්සේ බස් දුවන්නෙත් නැහැ. ලයිට්වත් නැහැ පාරේ. පස්සේ මේ කාන්තාව එදා බස් එක අල්ලගන්න බැරුව රාත්‍රී 8 ට විතර පාරේ තනියම ආවලු . එපමණයි ඇයට මතක. පස්සේ ගෙදර අය කලබල වෙලා හොයල හම්බ වෙලා නැහැ. පසේ පොලිසියටත් ගිහින් එදා රාත්‍රියේම. පස්සේ උදේ හම්බවෙලා ගෙවල් ළඟ පොඩි කනත්තක් තියනවා. එකේ වැටිලා ඉඳල. පස්සේ මේවට හේතු හොයාගත්ත. ඇත්තටම බැලින්නම් ගෙදර කරදර කර තියෙන්නේ යක්ෂ ආත්මයක්. මිට වසර 30 ට කලින් තමයි මේ මිනිස්සු මේ ඉඩම අරන් තියෙන්නේ. නමුත් ලගකදී තමයි ගෙවල් හදල තියෙන්නේ.

    අපි 3 දෙනෙක් මේ වැඩේට සහභාගී උනා. වැඩි කන්මුතුයි. අන්තිමට යක්ෂාව ඈත තියන ගහකට පිටමන් කළා. නමුත් මේ වැඩේ නිමයි කියල කියන්න බැහැ. මේ අමනුෂ්යට නැවත එන්න පුළුවන්. එක නිසා වෙනම ආරක්ෂාවක් ලබන මාසේ අපි කරනවා. මෙය තනිකරම තරු එලිය ශාන්තියක් කොට ගෙන කරපු කාර්යක්. එක මම පස්සේ වෙලාවක පැහැදිලි කරන්නම්

    බුදු හාමුදුරුවොත් කියල තියෙනවා යමක් පරීක්ෂා කරන්නේ නැතුව පිළිගන්න එපා කියල.
    ඇයි මේ ලංකාවේ මිනිස්සු මේ ප්‍රශ්න ටික අහන්නේ නැත්තේ.

    බිත්තර වලින් ප්‍රහාර එල්ල වීමන්ද මැද සාලේ කකුල් අද්ද අද්ද කෙනෙක් අවිදින බව දැනගනිමෙන්ද හිටපු ගමන් ජනෙල් වලට තට්ටු කරන බව වටහීමෙන්ද පසු මේ නිවැසියන් පොලිසියට පැමිණිලි කලේ නැතිද...!

    බසයෙන් ගමන් කල යුතුය යනු එය සැලකිය යුතු දුර ප්‍රමාණයකි. මගේ අදහසට අනුව එය අවම වශයෙන් කිලෝමීටර 3ක් වත් විය යුතුය.

    අලුත විවාහ වූ කාන්තාවක් රාත්‍රී 8ට මහා අඳුරේ [පාරේ light නැත] පා ගමනින් නිවසට එන තෙක් නිවැසියන් බලා සිටීමේ නොගැලපෙන බවක් නැද්ද ?
    මේ ඇඹිලිපිටිය මිසක් බම්බලපිටිය නොවන හෙයින් 6යේ බස් එකේ ආ යුතු දියණිය තාම නැත්තේ මොකද බලන්නට නිවැසියන් එලියට බැස්සේ කීයටද.

    අන්තිම බස් එක කීයටද එන්නේ කියල ගෙදර මිනිස්සු දන්නවනේ. බොහෝ වෙලාවට ගෙදර කවුරුහරි බස් එකෙන් බහින තැනට යනවා. නැති කොට මොකද කරන්නේ. පයින් හරි එයිනේ කියල නිකන් ඉන්නවද ..නෑ

    පයින් හරි එනවා ඇති කියල එන පාර ඉස්සරහට වේගයෙන් යනවා. යන්න කවුරුවත් නෑ කියල හිතුවොත් අහලපහල කොල්ලෙකුට හරි කියනවා "අනේ පුතේ ටිකක් ඉස්සරහට ගිහින් බලපන් කියල"

    ගෙවල් ළඟ පොඩි කනත්තක කියන්නේ මේ කාන්තාව මුළු දුරෙන් 3/4 ක් ඇවිත් කියනඑක. ඉස්සරහට යන පුද්ගලයට ඒ කාන්තාව හම්බවෙන සම්බාවිතාව ඉතාම වැඩි.

    හරි කමක් නෑ ..! මේ ලංකාවේ ඕනෙම දෙයක් වෙන්න පුළුවන් නේ ..!

    අඩුම ගානේ මේ ප්‍රශ්න ටික අහන්න

    ඇඹිලිපිටිය පොලිසියේ ගතවුන මස 3න ඇතුලත සිදුවුන අතුරුදන් වීමේ පැමිණිලි තියෙනවද ?
    තියනවනම් ඒ මොනවාද ??
    මේ කියන විදිහේ පැමිණිල්ලක් ඇඹිලිපිටිය පොලිසියේ ගතවුන මස 3න ඇතුලත තියෙනවද.??
    කාන්තාව කනත්තක ඉඳන් හම්බවුනාම භූත දෝෂයක් කියල පොලිසිය නිකන් හිටියද. ??
    වැටිලා හිටපු කාන්තාව විදිමත් වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කලාද. ??
    කලානම් එක කලේ මොන රෝහලේද.??
    කාන්තාව හම්බ උනාට පස්සේ මේ පැමිණිල්ල ඉවත්කරගත්තද??
    පැමිණිල්ල ඉවත් කරන්න කලින් මේ කාන්තාව පොලිසියේ පෙනිහිටියද. ??

    අවශ්‍යනම් මේවා හොයාගන්න පුළුවන් මේ තියෙන්නේ numbers

    Police Station Embilipitiya
    0472230222
    0472230223

    මේ කට්ටඩියා පස්සේ මේකට හේතු හොයා ගත්තලු, කරදර කර තියෙන්නේ යක්ෂ ආත්මයක්.....!

    මේ බිත්තර වලින් ගැහුවේ.
    ගේ මැද සාලේ ඇවිද්දේ
    ජනෙල් වලට තට්ටු කලේ

    යක්ෂ ආත්මයක් කියල හොයාගත්තේ මොන විදිහේ පරීක්ෂණ නිරීක්ෂණ වලින්ද. මේවා එයාගෙන් අහන්න

    දැන් බලන්න
    ඔය අතර මෙහෙම comment එකක් තියෙනවා

    541100
    09-07-2014, 10:16 AM

    මම ඇම්බිලිපිටියෙ,
    උම්බ කොහෙටද ආවෙ?

    මළා ....!
    උත්තර නෑ

    ඉතින් මේවා බුද්ධිමත් කෙනෙකුට විශ්වාස කරන්න පුලුවන්ද.

    ඇයි ඔයාල මෙච්චර රැවටෙන්නේ.
     
    Last edited:

    එළ.. දැන් මීටර් වුනා සීන් එක. කලින් අහපු ප්‍රශ්නෙට රිප්ලයි ඕන නෑ:yes::rofl:
     
    Last edited:

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    එළ එළ ගොඩක් ස්තුතියි.. එතකොට මචන් හේතුවාදීන් බුදු දහම පිළිගන්නවා කියලා තිබුණා නේ.. උඩ කියලා තියෙන විදියට බුදු දහමත් පිළිගන්න බෑ නේ බන්.. අනේ මන්දා මට එහෙම නිකමට හිතුනා:rolleyes:

    මට තේරුනේ නෑ ..!
    උඩ කියල තියෙන විදිහට කිවුවේ.???
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මට තේරුනේ නෑ ..!
    උඩ කියල තියෙන විදිහට කිවුවේ.???

    අවුලක් නෑ.. ඒක නිකන් අහපු එකක්.. ඔයාගේ දෙවෙනි රිප්ලයි එකෙන් තමයි හරියට සීන් එක හරියටම ටිකිරි මොලේට වැටුනේ..:rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං
    pawusi මගේ අර comment එකට තරහ ගන්න එපා. උඹ හේතුවාදය විදිහට තෙරුන් අරන් ඉන්න දේ වැරදී ..!
    උඹට ඒක කියල දෙන්නේ නැතුව අනං බනං ලියපු එකට සමාවෙයන් ..!:(

    හේතුවාදීන් පිළිගන්න එකම ආගම [දර්ශනය] තමයි බුද්ධාගම.
    බුද්ධාගම කියන්නේ ස්ථිරවම සම්පූර්ණයෙන් හේතුවාදී

    හැබැයි බෞද්ධ සාහිත්‍යය නෙමේ.

    දැනට මේ comment එක කියවපන් මේ තියෙන්නේ හේතුවාදය තමයි ..!!

    දැනට කෙටියෙන් උත්තර දෙන්නම්.දැන් ඒක තමයි කියන්නේ ඔයා ඔය කියන හේතුවාදයයි තව කෙනෙක් නෑ මේක හේතුවාදයයි කිය කිය එක එක තැන ලිපි දැම්මම බලන මිනිස්සුන්ට කවුද හරි හේතුවාදියෝ මොකක්ද මේගොල්ලන්ගේ මතය කියන එක ගැන ගැටලුවක් තියෙනවා.දැන් එක තැනක මට මතකයි බුද්ධ දර්ශනය ගැන කිසි හිරිකිතයක් නැතුව හේතුවාදියෙක් කියන එකෙක් ප්‍රශ්න අහල තිබ්බ.මට දැන් ඒ ලින්ක්ස් හොයාගන්ඩ මතක නැහැ.මේක කරන්ඩ තියෙන හොඳම දේ තමයි එකතැන තැන ලිපිනයන් දාන්නේ නැතුව මේකයි අපේ මතය කියලා ඔෆීෂියල් දෙයක් රිලීස් කරන්ඩ ඕනේ.ඔයා දැන් මෙතන කියනව බුද්ධ දර්ශනය පිලිගන්නවලු.එහෙනම් ඉතින් අපිටත් ප්‍රශ්න වැල් පිටින් අහන්ඩ තියෙනවා මොනවාද බුද්ධ දර්ශනයේ කියලා පිලිගන්නේ ?, නොගන්නේ? මොන පදනමෙන්ද එහෙම පිලිගන්නේ? එහෙම පිලිගත්තම බුදුන් දෙසූ ධර්මය ඕගොල්ලෝ අර්ථ දක්වන්නේ මොකක්ද? බුද්ධ දේශනාවේ කොයි කොටස්ද පිලිගන්නේ? ප්‍රශ්න වැලක් අහන්ඩ තියෙනවා. මොකද ඔය යටින් අහල තියෙන (දිව භූත කොටස් ගැන ) ප්‍රශ්න සේරම බුදු දහමේ එන විස්තර කිරීම්.ඉතින් අපි දන්නේ නෑනේ ඔයල බුදු දහමේ කොයි තැන ඉඳන් කතා කරනවද නැද්ද කියලා.ඔය සමන්පිච්ච ගස් වලට යක්ෂයෝ එනවද නැද්ද , රෑටද භූතයෝ වැඩි ඒවට උත්තර දෙන්ඩ ඒවා ගුප්ත විද්‍යාත්මක කරුණු හින්ද ඒවගේ විද්‍යාත්මක පැත්ත මොකක්ද කියලා මමවත් දන්නේ නෑ,මම නෙමේනේ ත්‍රෙඩ් එක දැම්මේ.ඒවා ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන්ම තමයි අහන්ඩ ඕනේ.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland

    බුදු හාමුදුරුවෝ 100% හේතුපල & විද්‍යාත්මක තර්කානුකුල දහමක් දේශනා කරන්න ඇති. කරුමෙට ඒ ඉන්දියාවේ නිසා පස්සේ විවිද දේ එකතු උනා. බුදුන්ගේ දහම 100% නිවැරදි ඇති එත් අද අපි අත්දකින දහම 100% නිවැරදි නෑ. අනිත් අතට ඒ කාලේ ඉන්දියාවේ තිබ්බ කල්චර් එකේ හැටියට ටිකක් බොරුත් ඕනා (දෙවියන්, යක්ෂයන්, නයි) සහ නිකමට හිතහන් සිද්ධාර්ථ කුමරු දුප්පත් අඩු කුලේක උනා නම් බුදු උනත් වැඩක් නෑ ඉන්දියන් උන් පිළිගන්නේ නෑ.

    Buddhism core + human knowledge = great man

    පොඩ්ඩක් මොලෙන් හිතපන් බං
    යක්ෂ, දෙවියන් ඔය සීන් පැත්තක තියමු
    බුදුහාමුදුරුවොත් සාමාන්‍ය මිනිහෙක් වගේ සාමාන්‍ය ආයු කාලේ ඉඳල පිරිනිවන් පාවා. හිතන්න ඕනේ එතනින් මිසක් දෙවියන් ගැන නෙවි. දෙවියෝ නම් අන්ලිමිටඩ් ලයිෆ් ටයිම් නෙහ්
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    to EdiT,
    EdiT ඉස්සෙල්ලා කියලා තියනවා බුදු දහම පිලිගන්නවා කියලා. නමුත් යක්ශ, ප්‍රේත සන්කල්ප පිලිගන්නේ නෑලු. බුදු දහමේ සතර අපාය ගෑන සදහන් වෙනවා. ඒකේ එකක් තමා ප්‍රේත අපාය. අනික බුද්ධ දේශනා වල බොහෝ තෑන් වල ප්‍රේත, දිව්ය ආත්ම ගෑන සදහන් වෙනවා. ඉතින් ඔයා එවා එසේ තිබෙද්දිද් බුදු දහම හේතුවාදි දහමක් ලෙස පිලිගන්නවා. මට ඒක ගෑන අපෑහෑදිලියි. (මම බෞද්ධයෙක්)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    to EdiT,
    EdiT ඉස්සෙල්ලා කියලා තියනවා බුදු දහම පිලිගන්නවා කියලා. නමුත් යක්ශ, ප්‍රේත සන්කල්ප පිලිගන්නේ නෑලු. බුදු දහමේ සතර අපාය ගෑන සදහන් වෙනවා. ඒකේ එකක් තමා ප්‍රේත අපාය. අනික බුද්ධ දේශනා වල බොහෝ තෑන් වල ප්‍රේත, දිව්ය ආත්ම ගෑන සදහන් වෙනවා. ඉතින් ඔයා එවා එසේ තිබෙද්දිද් බුදු දහම හේතුවාදි දහමක් ලෙස පිලිගන්නවා. මට ඒක ගෑන අපෑහෑදිලියි. (මම බෞද්ධයෙක්)

    මචං මමත් බෞද්ධයෙක්
    එත් මම පහත දෑ පිළිගන්නේ නෑ

    1. දිවියලෝකය, අපාය (මේ දෙකම පෘතුවිය මත තිබීම වෙනම කතාවකි)
    2. පුනරුපත්තිය, නැවත ඉපදීම, ආත්මය බ්ලා බ්ලා
    3. දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්

    අනිත් එක තමයි මචං කට කැපුවත් කියන්න ඕනා දේ කියනවා මම බුද්ධාගමේ එන සමහර දේවල් බොරු කියන එක තමයි මගේ හැඟීම. මේවා බෞද්ධ සාහිත්‍ය පමණි. එත් හරය 100% නිවැරදි වේ.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මම කියන්නේ හේතුවාදය ගැන සිංහලෙන් තියන පොත් set එක කියවන්න.
    ඔය ප්‍රශ්න ඔක්කොටොම උත්තර ඒවගේ තියනවා.

    මම හේතුවාදය ඉගෙනගත්තේ තනියම පොත් පත් කියවල. මට කවුරුවත් අභියෝග කලේ නෑ ඉගෙන ගනින් කියල.
    බෞද්ධ දර්ශනය හැර අනෙක් හැම ආගමක්ම මටනම් joke ..!

    හැබැයි බෞද්ධ දර්ශනය ඇතුලේ බෞද්ධ ආගම කියල සාහිත්‍යය ගොඩක් හැංගිලා තියෙනවා.
    අන්න ඒවා නිසා තමයි මිනිස්සුන්ගේ ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ.

    බෞද්ධ දර්ශනය ග්‍රන්ථාරූඩ වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් ගානකට පස්සේ.

    උඹ ජයින ආගම ගැන ටිකක් හොයල බලපන්. බෞද්ධ සාහිත්‍යයේ තියන 90% ක්ම ජයින ආගමෙන් ගත්තු ඒවා.
    ජයින ආගම බෞද්ධ දර්ශනයට වඩා පරණයි.

    බුද්ධත්වයෙන් පස්සේ බුදු හාමුදුරුවෝ මේ දර්ශනය තෙරුන් ගන්න පුළුවන් බුද්ධිමත් කෙනෙක් ඉන්නවද කියල හොයල බැලුවේ.
    මේ මමයි උඹයි දෙන්නම දන්න පවු කලොත් අපායේ යනවා පින් කලොත් දිවය ලෝකේ යනවා කියන සරල දේ කියල දෙන්න නෙමේ.

    බෞද්ධ දර්ශනය ඊට වඩා ගැඹුරුයි.

    උදාහරණයක් විදිහට කොන්ඩන්ඥ, බමුණා සිධාර්ථ කුමාරයා අනිවාර්යයෙන් බුද්ධත්වය ලබනවා කියන කථාව පෙළ පොත් වල පවා තියෙනවා.
    නමුත් ඒක පන්සීය පනස් ජාතක පොතේ එක ජාතක කතාවක්.

    ජාතක කතා ලියවුනේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් ගානකට පස්සේ නොයෙක් අන්දමේ ලේඛකයෝ අතින්. මේවා ඇත්ත කතා නෙමේ.

    යක්ෂ ප්‍රේත දේව කියන්නේ ජයින ආගමික සංකල්ප එක්ක එකතුවෙලා බෞද්ධ දර්ශනය ඇතුලට රිංගපු virus එකක් ..ඒවා තියෙන්නේ
    පන්සීය පනස් ජාතක පොතේ
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    oya yantra mantra dan tanikara prodawak business akak karagana
    habai sastare hariyata karana ayat innawa
    habai owaye atta natta nam mama danna na mata atdakeem nam na owa gana
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර

    මේවගේ තර්ඩ් දාන්නේ අනිත් එඋන් කියන දේ පිලි අරන් වැරැද්ද බාරගන්න නෙමෙයි අන්තිමට වැලි දාල එක්කෝ හම්බ නැත්නම් සර්වාගමික ලේබල් එක අලවන්න . මේ වගේ හිපටුවෝ ගොඩකට කියල දීල ඇති වෙලා දැන්නම් මම වචනයක් කියන්නේ නැ. උබටත් තේරි තව කල් යනකොට .
    ලොකුම සොන්නය එකා මේ දවස් වල කල කරුම (කරුම47) ගෙවනව

    අම්මෝ දැන් නම් අත පයත් රිදෙනවා ඇස දෙකත් දනව

    ඔවු ...! ටික ටික තේරෙනවා.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ade

    matat okama hitenwa bn welawakata,,mata man gana baya hitenwa bn ethakota man maha modayek..kiyla hitenwa..balddi man wage twa ewun iwnawne...sira kata kiwwot mama budu dhma thadin wiswsha krnwa..but bn ane manda pela than hitha ganna be mata ..ehma ewa mama thread wla dala ahala ati blapallako

    :no::no::no::no::no::no::no::no::no::no::no::no:
    එළ එළ ගොඩක් ස්තුතියි.. එතකොට මචන් හේතුවාදීන් බුදු දහම පිළිගන්නවා කියලා තිබුණා නේ.. උඩ කියලා තියෙන විදියට බුදු දහමත් පිළිගන්න බෑ නේ බන්.. අනේ මන්දා මට එහෙම නිකමට හිතුනා:rolleyes:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    to EdiT,
    EdiT ඉස්සෙල්ලා කියලා තියනවා බුදු දහම පිලිගන්නවා කියලා. නමුත් යක්ශ, ප්‍රේත සන්කල්ප පිලිගන්නේ නෑලු. බුදු දහමේ සතර අපාය ගෑන සදහන් වෙනවා. ඒකේ එකක් තමා ප්‍රේත අපාය. අනික බුද්ධ දේශනා වල බොහෝ තෑන් වල ප්‍රේත, දිව්ය ආත්ම ගෑන සදහන් වෙනවා. ඉතින් ඔයා එවා එසේ තිබෙද්දිද් බුදු දහම හේතුවාදි දහමක් ලෙස පිලිගන්නවා. මට ඒක ගෑන අපෑහෑදිලියි. (මම බෞද්ධයෙක්)

    සතර අපාය තියෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ මචං ..!
    පොත්වල තිබ්බ පලියට පිළිගන්න එපා

    හදාරපන්, විශ්ලේෂණය කරපං ..!
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    කට්ටඩියෝ ...!!

    කෝ යකෝ උඹ. ..! වරෙන් ටග් ගාල මේක ඉවර කරන්න ..!

    මට දැන් එපා වෙලා තියෙන්නේ.
    :growl::growl::growl::growl:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ane mn da bn

    ethakota oya budu hamudurwoda boru kiyla tynne?ehma ntnm liyapu unda,,ehma nm bn apita oya kisideyak piliganna bane bn...liypuwa borunm aniwat boruda???

    Mama budu dahama adahanwa..mge niwana budu radun langa pamani..

    සතර අපාය තියෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ මචං ..!
    පොත්වල තිබ්බ පලියට පිළිගන්න එපා

    හදාරපන්, විශ්ලේෂණය කරපං ..!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං මමත් බෞද්ධයෙක්
    එත් මම පහත දෑ පිළිගන්නේ නෑ

    1. දිවියලෝකය, අපාය (මේ දෙකම පෘතුවිය මත තිබීම වෙනම කතාවකි)
    2. පුනරුපත්තිය, නැවත ඉපදීම, ආත්මය බ්ලා බ්ලා
    3. දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්

    අනිත් එක තමයි මචං කට කැපුවත් කියන්න ඕනා දේ කියනවා මම බුද්ධාගමේ එන සමහර දේවල් බොරු කියන එක තමයි මගේ හැඟීම. මේවා බෞද්ධ සාහිත්‍ය පමණි. එත් හරය 100% නිවැරදි වේ.

    උඹ ටිකක් තාර්කිකව කථා කරන නිසා උඹෙන් පොඩි ප්‍රෂ්නයක් අහන්නම්.. උඹ නිවන පිලිගන්නවද? මොන පදනමක් ඇතුවද පිලිගන්නේ? කර්මය පිලිගන්නවද? මොන පදනමක් ඇතුවද පිලිගන්නේ? ඊට අමතරව අනාගාමි වුන අය මිය ගියාම මොකද වෙන්නේ?
     
    • Like
    Reactions: Black Puma

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අඩේ මරු ඔයි මේ නුල නැගලම යනවා
    දිගටම කරගන පලයල්ලා
    සැහෙන අසා හිතෙන මාතෘකාවක්
    :yes: :yes:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    ethakota oya budu hamudurwoda boru kiyla tynne?ehma ntnm liyapu unda,,ehma nm bn apita oya kisideyak piliganna bane bn...liypuwa borunm aniwat boruda???

    Mama budu dahama adahanwa..mge niwana budu radun langa pamani..

    අනේ මචං ..!

    අතීතයේ හැමදෙයක්ම වගේ බෞද්ධ දර්ශනයත් බොරු දේවල් කාලෙන් කාලෙට එකතු වෙලා අපිරිසිදු වෙලා තියෙන්නේ.
    පිරිසිදු බුදු දහම අපි හොයාගන්න ඕනේ.

    එකට අපි පොත් පත් කියවන්න ඕනේ. අනෙක් සමකාලින ඉන්දියානු ආගම් මොනවාද, ඒවගේ මොනවාද කියල තියෙන්නේ කියල හොයන්න ඕනේ.

    Jesus lived in India කියන පොත ලියන්න Holger Kersten ට අවුරුදු 5ක් විතර ගියා. පොත්පත් 1000 කට වඩා කියවන්න උනා. රටවල් කිහිපයකට යන්න උනා.

    දැනුම කියන දේ එන්නේ අන්න ඒ වගේ අමාරු ශ්‍රමයක් හරහා. මම හොයාගත්තු අබමල් රේණුවක් මේ කියන්නේ.

    හේතුවාදී මම බෞද්ධ දර්ශනයට විරුද්ධ නෑ. මම එක පිලිගන්නවා ඉත සිතින්.
    හැබැයි දිවියලෝකය, අපාය, පුනරුපත්තිය, ආත්මය, දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්

    පිළිගන්නේ නෑ ...!
     
    Last edited: