කාල ඩිංගක් නිදා ගන්න අයට

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කාල ඩිංගක් නිදා ගන්න අයට

    ගොඩක් අය කැමති දෙයක් තමයි කාල ඉවර වුන ගමන් ඩිංගක් "ඇල වෙන එක." නමුත් මේක ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන අවදානමක් තියන දෙයක් කියල දන්නේ බොහොම ටික දෙනයි. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන කියන්න හිතුව.
    අපි කාල ඉවරවෙච්ච ගමන් නිදාගත්තහම වෙන්නේ අපේ බඩේ තියන කෑම ආපස්සට එනවා. අපේ ආහාර මාර්ගයේ බොහෝ දුරක් උඩට ඒ කියන්නේ මේ පින්තුරයේ esophagus දිගේ:

    gerdless.jpg


    ආවහම මොකද වෙන්නේ? අර කෑම දිරවන්න නිපදවන ඇසිඩ් සියල්ල මේ සමඟ උඩට එනවා. මතක තියාගන්න ඒ ඇසිඩ් වර්ග වලට ශරීරයේ හැම තැනම ඔරොත්තු දෙන්නේ නෑ. esophagus එකත් එහෙමයි. ඒ නිසා esophagus එක තැම්බෙනව. ඒ විතරක් නෙවෙයි තුවාල වෙනවා. අපි එතකොට පපුවේ දැවිල්ල කියල කෑ ගහනවා. මේකට අපි කියනවා GERD (
    Gastroesophageal reflux disease ) නැත්නම් GORD (gastro-oesophageal reflux disease ) කියල.

    ගොඩක් අය ඔය වෙලාවට කඩේ තියන පෙත්තක් අරගෙන බීල බලනවා. බැරි උනහම වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් ටිකක් ගන්නවා. නමුත් මතක තියා ගන්න ඕක යන්තම් හැදෙනකම් හොඳයි. නමුත් GERD කියන එක දුර දිග ගියොත් ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙනවා. ඒ මෙහෙමයි:

    gerdlm.jpg


    දැන් ඔය esophagus කියන එක යට තියන්නේ ආමාශය නේ. ඔය දෙක එකතු වෙන්නේ වැල්ව් එකකින්. ඒ කියන්නේ උඩ තියන දේ යටට යන්නත් යට තියන දේ උඩට නොඑන්නත්. ආහාර යටට යනවා හැබැයි ආපස්සට එන්නේ නෑ. ඒත් නිදා ගත්තහම ඔය වැල්ව් එකට දරන්න බැරි විදිහට ආහාර තල්ලු වෙනවා උඩට. එතකොට තමයි අර මං උඩ කියපු විදිහට වෙන්නේ. ඒත් එක්කම ඔය වැල්ව් එක තුවාල වෙනවා අනිත් පැත්තට තල්ලු වීමෙන්. ඊට පස්සේ ඔතන ඉදිමෙනවා. ඒ විතරක් නෙවෙයි esphagus එකත් ඉදිමෙනවා. අන්තිමේදී මේක chronic තත්ත්වයක් දක්වා යනවා. එතෙන්දි ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙනවා. නමුත් ඒකෙනුත් 100%ක් ම හොඳ වෙන්නේ නෑ. මේකෙන් ශ්වසන ආබාධ පවා ඇති වෙනවා.


    අන්තිමේදී මේක පිළිකාවක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවන් කියන එක හොඳට මතක තියාගන්න. ඒකට කියන්නේ
    Barrett's esophagus කියල.

    මේ තත්ත්වය පරීක්ෂා කරන්නේ කැමරාවක් සහිත පොඩි බටයක් අපේ බඩ ඇතුලට දාල. ඒකට කියනවා endoscopy කියල. (මේක පුද්ගලික රෝහලක කරන්න රුපියල් 8,000 ක් විතර ගන්නවා.
    පරීක්ෂණය විතරයි හොඳේ. අනිත්ව වෙනම. නවත්තන්න පුළුවන් කම තියන දේවල් නොකර සල්ලි වියදම් කරන්න කැමති නම් හොඳයි.)

    එහෙනම් ඉතින් මීට පස්සෙවත් කෑමෙන් පස්සේ නිදාගන්න එක නවත්තන්න. අනිත් අයටත් කියන්න.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වටිනවා..
    ස්තුතියි දැනුවත් කලාට..
    අපිට නම් කාලා ඇලවෙලා ඉන්න තියා එක තැන විනාඩි 5ක් ඉන්නවත් නැහැ..
    දැන් තමයි ලන්ච් ඉවර උනේ..
    දැන් වැඩ..
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    වටිනවා..
    ස්තුතියි දැනුවත් කලාට..
    අපිට නම් කාලා ඇලවෙලා ඉන්න තියා එක තැන විනාඩි 5ක් ඉන්නවත් නැහැ..
    දැන් තමයි ලන්ච් ඉවර උනේ..
    දැන් වැඩ..
    වෙලාවක් නැති වෙන එකත් හොඳයි මෙහෙම වෙනවට වඩා:yes:
     

    isurudealwis

    Member
    Jun 30, 2007
    43
    3
    0
    හොඳ වෙලාවට මේක දැක්කෙ... මමත් තව ටිකකින් නිදාගන්න කියල හැදුවේ... මේක දැක්කම ආයේ නිදාගන්න එපා වුනා...:eek::eek::no::no::no::no:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    වටිනවා..
    ස්තුතියි දැනුවත් කලාට..
    අපිට නම් කාලා ඇලවෙලා ඉන්න තියා එක තැන විනාඩි 5ක් ඉන්නවත් නැහැ..
    දැන් තමයි ලන්ච් ඉවර උනේ..
    දැන් වැඩ..

    ube koheda machan?... :nerd::nerd:

    TFS bump...