"අරිය මයිත්රී" භාවනාව යනු කුමක්ද?
අරිය මෛත්රී භාවනාව කියනේ, තමන්ගෙ හිතේ, පිරිසිදු සිතක් ඇතුව, සියලූම සත්වයන් කෙරෙහි වෙනසක්, අඩුවක් නැතුව, හදවතින්ම, රාගයෙන් තොරවූ, ද්වේශයෙන් තොරවූ, මෝහයෙන් තොරවූ පිරිසිදු සිතින්ම, "සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ සත්තා, සබ්බේ දේවා - භවන්ති සුඛිතත්තා" කියන මෙන්න මේ අධිෂ්ඨාන ශක්තියක් ඇතුව, හැම සත්වයෙක්ම, හැම භූතයෙක්ම, හැම ප්රානියෙක්ම, හැම දෙවියෙකුටම, "යහපතක් වේවා, සුවයක් වේවා, නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා" "මමද, සියලු ලෝක, සියලු සත්වයෝත්, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා" කියන මේ පිරිසිදු ආර්ය මෛත්රීය.
මේක, මට මම කරගන්න දෙයක් උනොත්, එතන ආර්ය මෛත්රී තත්වය නෑ. 'මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, කියල ඉස්සෙල්ලම පටන්ගත්තොත්, එතන ආර්ය මෛත්රීයක් නෙමෙයි, ඒක මම මේ කූඩුවට කරන වැරදි මෛත්රීයක්. මේ කූඩුව නෙමෙයි නිදුක් වෙන්න ඕන, නිරෝගී වෙන්න ඕන. මේ කූඩුවට තියන ලෙඩ රෝග තියනඑක තියනවාමයි ජීවත්වෙලා ඉන්න හැම අවස්ථාවකම.
එනිසා අපි මේ අපේ හිතේ තියන පිරිසිදු චේතනාව, යහපත, අනෙක් සියලුම සත්වයන්ටත්,
"සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා, සකෘදාගාමී ඵලයෙන් නීරෝගේ වෙත්වා, අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා, අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!" කියන ආර්ය මෛත්රීය පතුරුවන්න ඕන.
කොහොම උනත් ආර්ය මෛත්රීය කියන එක, තමන්ගෙ හිත පිරිසිදු වූ තරමටයි අර "රිය" ගමන අත්හරින්න පුළුවන්කම තියෙන්නේ. සංසාර දුක අතහරින්න පුළුවන්කම තියෙන්නෙ. සංසර දුකෙන් මිදෙන්න, සංසාර රෝගයෙන් මිදෙන්න, සංසාර බයෙන් මිදෙන්න, සංසාර ගින්නෙන් මිදෙන්න, සංසාර දාහයෙන් මිදෙන්න... මේ එකොළොස් ගින්නෙන්ම මිදෙන්න, නිදහස් වෙන්න හැම කෙනෙකුටම, මේ පිරිසිදු චේතනාවක් ඇතුව, යහපත් චිත්ත කිරණ විශ්වය කරා පතුරුවන්ඩ ඕන. ඒකයි "අරිය මෛත්රීය" ඒකයි "පරම මෛත්රීය", ඒකයි නියම 'නිවනට' හේතුවන මෛත්රීය.
->
අරිය මයිත්රී