මේ තියෙන්නේ අපේ රටේ ඉස්සර බාවිතා උන කාසි .
ශත පහ 1958 හයවන ජෝර්ජ් රජු
ශත දෙක 1957 දෙවන එළිසබෙත් රැජින
ශත දෙක 1951 හයවන ජෝර්ජ් රජු
ශත දහය 1944 හයවන ජෝර්ජ් රජු
ශත පහ 1944 හයවන ජෝර්ජ් රජු
1937 හා 1926 දි පුරුදු හයවෙනි ජෝර්ජ් උන්නාන්සෙ එක්කම අපිට මුණ ගැහුණා ශත බාගේ දුර්ලභ කාසියක්
ශත 1/2 (බාගෙ) 1937 හයවන ජෝර්ජ් රජු
හයවෙනි එක්කෙනාගෙත් අප්පුච්චා වෙච්ච පස්වෙනි එක්කෙනා 1927 වගෙම 1926 ගහපු මෙන්න මේ ශත දහයේ කාසියෙ දැක්කැකි. උන්නැහැ 1910-1936 කාලයේ තමා රජ කොලේ.
ඊට පස්සෙ තමා මේ රවුං දහය වෙනුවට මල් සත දහය ආවේ.
මෙන්න අර මූණ. හැබැයි තඹ මූණ නෙමෙයි සුදු මූණ. අවුරුද්ද 1926. රජා ජෝර්ජ් -5.
ශත පහ 1926 පස්වන ජෝර්ජ් රජු
මේං පලාන්ඩප්ප මූණ අනික්පැත්ත හරෝගෙන 5වන ජෝර්ජ් උත්තමය 1910 ගහපු මේ රවුං සත දහයෙ රවං ඉන්න හැටි.
ශත දහය 1910 පස්වන ජෝර්ජ් රජු
1902 වගේ කාලෙත් සත පනහ තිබිල එහෙනං. 1901 ඉඳං 1910දි සුවර්ගස්ත වෙනකංම එංගලන්තුවත් අපිවත් පාලනය කොරාපු හත් වන එඩ්වඩ් රජ්ජුරුවො තමා මේ.
ශත පණහ 1902 හත්වන එඩ්වඩ් රජු
කවුරුත් අහලා තියෙන 1837 ඉඳලා 1901 වෙනකං අවුරුදු 64 ක් (අවුරුදු ඈ...අර අනික්වා 64 තිබ්බ වගක් මූණ දැක්කමනං පේන්නෑ...) බ්‍රිතාන්‍ය අධිරාජිනිය වුනු වික්ටෝරියා මහ රැජින තමා 1900 ගහපු මේං මේ සත දහයෙ ඉන්නෙ
ශත දහය 1900 වික්ටෝරියා රැජින
ශත කාලටම 1901 බැහැලා
ශත 1/4 (කාල) 1901 වික්ටෝරියා රැජින
සතය 1970 වික්ටෝරියා රැජින
ශත පහ 1870 වික්ටෝරියා රැජින
මේ කාලෙ රට පාලනය කොරපු ඉංග්‍රීසීන් ලංකා රුපියල් කාල, බාගෙ වගේ කාසිවලට වඩා භාවිතා කලේ ෆාර්දින් (Farthing), පනම (Fanama) සහ රික්ස් ඩොලර් (Rix Dollar) යන කාසිත් ඉන්දියානු රුපියල. ඔන්න අනු පිළිවෙලටම දාල ඇති පටලෝගන්නවා හෙම නෙමෙයි.
ෆාර්දින් කාසි 1842 වික්ටෝරියා රැජින
පනම් පහ සහ දෙකහමාර
රික්ස් ඩොලරය 1821 හතරවන ජෝර්ජ් රජු
මේ පහල රූපෙ ඉන්නෙ 4 වෙනි විළියම් රජතුමා ඉංග්‍රීසි දේසේ. හොඳට බලන්න පෙරදිග ඉන්දියා සමාගම කියලාත් වසර 1935 කියලාත් තියෙනවානෙ. මේ සමාගම එක්ක අපිට ඓතිහාසික ගණුදෙනුවක් තියෙනවානෙ ඉතිං.
ඉංදියානු රුපියල් කාල
මේ මක්කැයි එතකොට මේ තියෙන්නේ? මේ තමා ක්‍රෙඩිට් බ්‍රීවන් (Kredit Brieven) හෙවත් කැස් නෝටන්(Kas- nooten) ලෙස නම් කල ලංකාවේ මුල්ම මුදල් නෝට්ටුව. මේක ඕලන්දක්කාරයො තමා අපිට හඳුන්වාල දීලි තියෙන්නෙ.
පළමු නෝට්ටුව
ඔවුන් රට පාලනය කල කාලෙ රික්ස් ඩොලර් වගේම දොයිතු (Duits), තුට්ටු (Stuivers) යන කාසිත් සීලන්ත කාසි (Zeelandia) කියාල ජාතියකුත් තිබ්බා. හැබැයි මේ තුට්ටු, පනම, සල්ලිය කියන වචන සහ කාසි මහනුවර රාජධානි කාලෙ ඉඳං තියෙන බවයි පේන්නේ.
දොයිතු
තුට්ටු
සීලන්ත කාසි
පුරුතුගීසි කාලෙ තිබිලා තියෙනවා මලක්කා සහ තංගම කියලා කාසි වර්ග දෙකක්. ගිනි මස්ස කියාල එකකුත් තිබ්බලු.
මලක්කා
තංගම
මේ තමා කහවණු. බුද්ධ කලෙ, රජ කාලෙ ඉඳං එන වචනයක්නෙ (කාසියක්නෙ) මේක.
කහවණු
මේ තියෙන්නේ කහපණ හෙවත් පුරාණ (Eldings). ලංකාවේ පළමුවෙන්ම හඳුනාගත් කාසි වර්ගය තමා කහපණ කියන්නේ. කහවණු භාවිතයේ තිබුණත් කහපණ අපේම ආවේණික කාසියක්.
කහපණ
මෙන්න තියෙනවා ලක්ෂ්මි ඵලක
ලක්ෂ්මි ඵලක
හොදියි නම් bump කරලා සලකලා යන්ට .
උපුටා ගැනීමකි .:http://atampahura.blogspot.com/
