කාළකන්නි ලිංගිකත්වය
දවසින් දවස අසන්නට ලැබෙන්නේ හිත කළඹන පුවත්. දවසින් දවස කරන්නේ කලින් කරාටත් වැඩිය පිස්සු වැඩ. අපි යනවා කියන ගමන යන්නේ පෙරටද නැත්තන් පැත්තකට ගහලද කියලා හිතෙන්නේ ඒ වෙලාවට. මොකද යන දිශාව දැක්කාම හිතෙන්නේ ටයර් එකක් හරි ඔක්කොම හරි හුලං නැතිව අදිනවා කියලා.
උදේම තමන්ගේ දුවට කිරි වීදුරුව ගෙනියන අම්මා දකින්නේ තමන්ගේ දුව ඇඳ රෙද්ද බාල්කයේ දාලා එල්ලිලා මැරෙන්න යන හැටි. ඉක්මනින් ඇයව බිමට බස්සගෙන ප්රශ්නය විමසලා බලද්දී එලි වෙන්නේ අපි නොදැනම අපේ ක්රමයේ තිබුන යක්ෂයෙක් ගැන. ඇය තමන්ගේ යෙහෙළියක් සමඟ පන්තියේදී තමන්ට පිරිමි ළමයෙක් දුන්න ලියුමක් කියව කියව ඉන්න කොට ගුරුවරිය දැකලා. ගුරුවරිය කරලා තියෙන්නේ පන්තිය ඉස්සරහාම ලියුම කියවලා ළමයාගේ ආත්මාභිමානය බින්දුවටම බස්සලා අන්තිමට විදුහල්පතිනිය ගාවට ගෙනිහින්. විදුහල්පතිනිය කරලා තියෙන්නේ අරයාටත් වැඩිය හපන්කමක්. “ඔයා වගේ කාළකන්නි ළමයි අපේ ඉස්කොලෙට ඕනේ නෑ. දැන්ම අස්වෙලා යන්න”. ඒ නිසා ඇයට තවත් ජීවත් වීම වැඩක් නෑ. ඇගේ දෙමාපියෝ දැනගත්තොත් මෙයටත් වැඩිය ලැජ්ජාවක්. එයට තියෙන එකම විසඳුම තමයි සියදිවි නසා ගැනීම.
විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වීමේ වැරැද්දට දඬුවම, මරණය!
මෙයට සමාන තවත් සිදුවීම් කිහිපයක් රූපවාහිනියේ දැක්කා. ඒ හැම සිදුවීමකින්ම පෙනුනේ එකිනෙකා කෙරෙහි ආකර්ශනය, මරණයෙන් වන්දි ගෙවිය යුතු දඬුවමක් ලෙස. එතකොට මිනිසුන් ලෙස, එහෙත් බැරිනම් ජීව විද්‍යාත්මක සත්වයෙක් විදියට අප කළ යුත්තේ කුමක්ද? ගැහැණියක් දුටු පමණින් ඉවත බලා ගැනීමද? පිරිමියෙක් ළඟින්වත් නොයෑමද? Sex යන වචනය අපගේ විශය මාලාවෙන් ඉවත් කිරීමද? එසේනම් මම කුඩා කල ආශාවෙන් බැලූ මායාබන්ධන නාටකයේ මෙන් රොබෝ දරුවන් සෑදීමට දැන් සිටම තාක්ශණය සඳහා පර්යේෂන පටන් ගත යුතුයි.
මෙම සිදුවීම් වලින් එළි වන්නේ අප මෙතෙක් ජීවත් වූ අපම සාදාගත් ඇසට නොපෙනෙන කූඩුව තුල ඇති විකාර වල ප්‍රථිපලයි. අප වෙත වැඩිවිය පැමිණීම පටන්ම දමා ඇති නොයෙකුත් තහංචි වල දෙදරා යෑමයි. නොනැවැත්විය හැකි ජලකඳක් නැවැත්වීමට බැඳ දැමූ වේල්ලක් පුපුරා යෑමයි.
අප ජීවත් වන පරිසරය තුල ලිංගික ක්‍රියාකාරකම් යනු පව්කාර වැඩකි. පාසැල් යන කොල්ලෙක් කෙල්ලෙක් දෙස බැලුවොත් එය මහා වරදකි. පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු කතා කිරීම, ගැහැණු ළමයාට ගෙදරින් එළියට බැසීම තහනම් වන වරදකි. වෙනකක් තබා පෙම්වතුන් දෙදෙනෙකු අත් අල්ලා යෑමද සමහරුන්ගේ රැවීමට ලක් විය හැකි වරදකි. ළඟදි මිතුරෙක් පැවසු පරිදි විවාහයට පෙර ලිංගික එක් වීම තුන්වැනි සිල්පදය කැඩීමකි.
මෙම තහංචි දෙස සියුම් ලෙස බැලුවොත් අපිට පේනවා මේවා අප මහත් සේ අගය කොට සලකන “පැරණි සමාජ ක්‍රමය” තුළ නොතිබුනු බව. වරක් පැවසුනු පරිදි බිළිඳු අවධියේ තවමත් ගත කරන අපගේ සමාජය මිනිසා යන සත්වයා තේරුම් නොගැනීමත් නොහැකියාව හා සංස්කෘතිය පටලවා ගැනීමත් මෙම තහංචි වලට හේතු වෙලා තිබෙනවා.
පළමුවෙන්ම අප ජීව විද්‍යාත්මකව සෑදී ඇත්තේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශනය විමටයි(මෙයාකාරයෙන් සමලිංගිකත්වය පැහැදිලි කිරීමට තරම් මට ජීව විද්‍යාව පිළිබඳ දැනුමක් නැත). එය තම වර්ගයා බෝ කර ගැනීමට පරිණාමයෙන් අපට ලබා දී ඇති යාන්ත්රණයයි. ප්‍රවේශමෙන් විමසා බැලුවොත් අප එදිනෙදා කරන ක්‍රියාකාරකම් වලට මූලය ලෙස මෙම ජීව විද්‍යාත්මක හේතුන් සොයාගත හැකියි. එසේනම් ඇත්තටම නීති උල්ලංඝනය වන්නේ එම අන්තර්ක්‍රියාකාරීත්වයට බාධා කිරීමෙන් නොවේද?
අප ලිංගික හැඟීම් දෙස බැලීමට පුරුදු වී ඇත්තේ පව්කාර සිතුවිලි ලෙසය. එම මතය කෙසේ ලාංකීය සමාජය තුළ ඇති වූවාද යන්න මම දන්නේ නැහැ. තැනක දුටු පරිදි ආගම් පසුබිමින් ගතහොත් එවැනි මතයක් බුදු දහම තුළ නොමැත. එහෙත් ක්‍රිස්තියානි ආගම් තුල එවැනි මතයක් ඇති බව අසා ඇත. එසේනම් අප මහ ඉහලින් බෞද්ධ ලෙස පිළිගන්නා සිරිත් බෞද්ධ නොවන බව පෙනී යයි(මෙය ක්‍රිස්තියානි ආගම් වලට ගැරහුමක් නොව අප මෙවැනි තහංචි පනවන්නේ බෞද්ධ යන ලේබලය යටතේ නිසා පැවසු දෙයකි). තුන්වැනි සිල්පදය ගැන වෙනම සංවාදයක් පැවැත්විය යුතුයි. එහෙත් කෙටියෙන් පවසනවානම් එය දෙදෙනෙකු ලිංගිකව එකතු වීම පවක් ලෙස වර්ගීකරණ කිරීමට තරම් පටු තහනමක් නොවන බව කිව යුතුය.