කාළකන්නි ලිංගිකත්වය

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කාළකන්නි ලිංගිකත්වය

    දවසින් දවස අසන්නට ලැබෙන්නේ හිත කළඹන පුවත්. දවසින් දවස කරන්නේ කලින් කරාටත් වැඩිය පිස්සු වැඩ. අපි යනවා කියන ගමන යන්නේ පෙරටද නැත්තන් පැත්තකට ගහලද කියලා හිතෙන්නේ ඒ වෙලාවට. මොකද යන දිශාව දැක්කාම හිතෙන්නේ ටයර් එකක් හරි ඔක්කොම හරි හුලං නැතිව අදිනවා කියලා.
    උදේම තමන්ගේ දුවට කිරි වීදුරුව ගෙනියන අම්මා දකින්නේ තමන්ගේ දුව ඇඳ රෙද්ද බාල්කයේ දාලා එල්ලිලා මැරෙන්න යන හැටි. ඉක්මනින් ඇයව බිමට බස්සගෙන ප්‍රශ්නය විමසලා බලද්දී එලි වෙන්නේ අපි නොදැනම අපේ ක්‍රමයේ තිබුන යක්ෂයෙක් ගැන. ඇය තමන්ගේ යෙහෙළියක් සමඟ පන්තියේදී තමන්ට පිරිමි ළමයෙක් දුන්න ලියුමක් කියව කියව ඉන්න කොට ගුරුවරිය දැකලා. ගුරුවරිය කරලා තියෙන්නේ පන්තිය ඉස්සරහාම ලියුම කියවලා ළමයාගේ ආත්මාභිමානය බින්දුවටම බස්සලා අන්තිමට විදුහල්පතිනිය ගාවට ගෙනිහින්. විදුහල්පතිනිය කරලා තියෙන්නේ අරයාටත් වැඩිය හපන්කමක්. “ඔයා වගේ කාළකන්නි ළමයි අපේ ඉස්කොලෙට ඕනේ නෑ. දැන්ම අස්වෙලා යන්න”. ඒ නිසා ඇයට තවත් ජීවත් වීම වැඩක් නෑ. ඇගේ දෙමාපියෝ දැනගත්තොත් මෙයටත් වැඩිය ලැජ්ජාවක්. එයට තියෙන එකම විසඳුම තමයි සියදිවි නසා ගැනීම.

    විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වීමේ වැරැද්දට දඬුවම, මරණය!

    මෙයට සමාන තවත් සිදුවීම් කිහිපයක් රූපවාහිනියේ දැක්කා. ඒ හැම සිදුවීමකින්ම පෙනුනේ එකිනෙකා කෙරෙහි ආකර්ශනය, මරණයෙන් වන්දි ගෙවිය යුතු දඬුවමක් ලෙස. එතකොට මිනිසුන් ලෙස, එහෙත් බැරිනම් ජීව විද්‍යාත්මක සත්වයෙක් විදියට අප කළ යුත්තේ කුමක්ද? ගැහැණියක් දුටු පමණින් ඉවත බලා ගැනීමද? පිරිමියෙක් ළඟින්වත් නොයෑමද? Sex යන වචනය අපගේ විශය මාලාවෙන් ඉවත් කිරීමද? එසේනම් මම කුඩා කල ආශාවෙන් බැලූ මායාබන්ධන නාටකයේ මෙන් රොබෝ දරුවන් සෑදීමට දැන් සිටම තාක්ශණය සඳහා පර්යේෂන පටන් ගත යුතුයි.

    මෙම සිදුවීම් වලින් එළි වන්නේ අප මෙතෙක් ජීවත් වූ අපම සාදාගත් ඇසට නොපෙනෙන කූඩුව තුල ඇති විකාර වල ප්‍රථිපලයි. අප වෙත වැඩිවිය පැමිණීම පටන්ම දමා ඇති නොයෙකුත් තහංචි වල දෙදරා යෑමයි. නොනැවැත්විය හැකි ජලකඳක් නැවැත්වීමට බැඳ දැමූ වේල්ලක් පුපුරා යෑමයි.

    අප ජීවත් වන පරිසරය තුල ලිංගික ක්‍රියාකාරකම් යනු පව්කාර වැඩකි. පාසැල් යන කොල්ලෙක් කෙල්ලෙක් දෙස බැලුවොත් එය මහා වරදකි. පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු කතා කිරීම, ගැහැණු ළමයාට ගෙදරින් එළියට බැසීම තහනම් වන වරදකි. වෙනකක් තබා පෙම්වතුන් දෙදෙනෙකු අත් අල්ලා යෑමද සමහරුන්ගේ රැවීමට ලක් විය හැකි වරදකි. ළඟදි මිතුරෙක් පැවසු පරිදි විවාහයට පෙර ලිංගික එක් වීම තුන්වැනි සිල්පදය කැඩීමකි.

    මෙම තහංචි දෙස සියුම් ලෙස බැලුවොත් අපිට පේනවා මේවා අප මහත් සේ අගය කොට සලකන “පැරණි සමාජ ක්‍රමය” තුළ නොතිබුනු බව. වරක් පැවසුනු පරිදි බිළිඳු අවධියේ තවමත් ගත කරන අපගේ සමාජය මිනිසා යන සත්වයා තේරුම් ‍නොගැනීමත් නොහැකියාව හා සංස්කෘතිය පටලවා ගැනීමත් මෙම තහංචි වලට හේතු වෙලා තිබෙනවා.

    පළමුවෙන්ම අප ජීව විද්‍යාත්මකව සෑදී ඇත්තේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශනය විමටයි(මෙයාකාරයෙන් සමලිංගිකත්වය පැහැදිලි කිරීමට තරම් මට ජීව විද්‍යාව පිළිබඳ දැනුමක් නැත). එය තම වර්ගයා බෝ කර ගැනීමට පරිණාමයෙන් අපට ලබා දී ඇති යාන්ත්‍රණයයි. ප්‍රවේශමෙන් විමසා බැලුවොත් අප එදිනෙදා කරන ක්‍රියාකාරකම් වලට මූලය ලෙස මෙම ජීව විද්‍යාත්මක හේතුන් සොයාගත හැකියි. එසේනම් ඇත්තටම නීති උල්ලංඝනය වන්නේ එම අන්තර්ක්‍රියාකාරීත්වයට බාධා කිරීමෙන් නොවේද?

    අප ලිංගික හැඟීම් දෙස බැලීමට පුරුදු වී ඇත්තේ පව්කාර සිතුවිලි ලෙසය. එම මතය කෙසේ ලාංකීය සමාජය තුළ ඇති වූවාද යන්න මම දන්නේ නැහැ. තැනක දුටු පරිදි ආගම් පසුබිමින් ගතහොත් එවැනි මතයක් බුදු දහම තුළ නොමැත. එහෙත් ක්‍රිස්තියානි ආගම් තුල එවැනි මතයක් ඇති බව අසා ඇත. එසේනම් අප මහ ඉහලින් බෞද්ධ ලෙස පිළිගන්නා සිරිත් බෞද්ධ නොවන බව පෙනී යයි(මෙය ක්‍රිස්තියානි ආගම් වලට ගැරහුමක් නොව අප මෙවැනි තහංචි පනවන්නේ බෞද්ධ යන ලේබලය යටතේ නිසා පැවසු දෙයකි). තුන්වැනි සිල්පදය ගැන වෙනම සංවාදයක් පැවැත්විය යුතුයි. එහෙත් කෙටියෙන් පවසනවානම් එය දෙදෙනෙකු ලිංගිකව එකතු වීම පවක් ලෙස වර්ගීකරණ කිරීමට තරම් පටු තහනමක් නොවන බව කිව යුතුය.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පාසැල් ලමුන් අතරට දැමූ තහනම සමාජයෙම ඇස් බැඳ දමා කඩා ඇති බව අප දැන් දන්නවා. නව යෞවනයේ පසුවන පාසැල් ලමුන්ට යොමු කරවිය යුත්තේ තහංචි වලට ද නැත්නම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ලිංගික අධ්‍යාපනයකට ද? ලිංගික ආකර්ශණය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවට ගැහැණු ළමයි අහලකටවත් නොයෑමට බලපෑම් ඇතිකෙරේ. මෙය වඩාත් දරුණු වන්නේ ගැහැණු ළමයින්ටයි. පිරිමි ළමයෙකු සමඟ කතා කළ පමණින්ම ඇය ගණිකාවකට සම කිරීමට ගුරු “මෑණිවරුන්” සමත් වෙලා තියෙනවා. ලිංගික අධ්‍යාපනය විශය මාලාවේ තියෙනවා තමයි. ඒත් බොහෝ වෙලාවට වෙන්නේ එම පාඩම මඟහැර යාම හෝ සකස් කල සටහනක් ලබා දී උගන්වීම මඟ හැරීම. ඒ තියා උසස් පෙළ ජීව විද්‍යාවේ ක්‍රියාකාරී සත්වයා පාඩමේ ප්‍රජනන පද්ධතිය පිළිබඳ කතා කිරීමට “ලැජ්ජ” ගුරු භවතුන් දැනටත් සිටිනවා. මෙලෙස ටාබූ එකක් වී ඇති ලිංගික අධ්‍යාපනය අද බිහිකරන්නේ ලිංගිකව අමුතු හැසිරීම් පෙන්වන පිරිසක්. පාරේ ගමන් ගන්නා කාන්තාවකගේ ඡායාරූපයක් දෙස බලා ලිංගික සතුටක් ලැබීමට සමත් පිරිස් බිහිවෙන්නේ ඒ නිසා. යන්තම් සුහදව කතා කලත් ඉන්පසුව එම කාන්තාව පසුපස යෑමට තරම් සමාජ අන්තර්ක්‍රියා තේරුම් ගැනීමට නොහැකි පිරිස් බිහිවෙන්නේ ඒ නිසා.
    ලිංගික ආශාවන් නිකන්ම නිකන් හැඟීම් ලෙස තෝරා නොගෙන එය sex drive එකක් එකක් ලෙස තේරම් ගැනීමට උත්සහ කිරීම වටින්නේ ඉහත සඳහන් කල කාරණා නිසා. එම drive එක හරස් කොට නැවැත්වීමට වඩා එය වඩාත් හිතකර ලෙස හැරවීමට පුරුදු වීම වැදගත්. නිසි ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය වෙන්නේ එතකොට. හරස් කොට නැවැත්වීමේදී එය වෙනත් තැනකින් කඩා ගෙන යෑම ස්වාභාවිකයි. එනමුත් මෙවැනි ප්‍රවේශයක් ලබා ගැනීමට හරස් වන පිරිස් නොයෙකුත් හේතු ඉදිරිපත් කරනවා. සංස්කෘතිය, සදාචාරය වැනි හේතු සංවාදයකට ඇද ගැනීමට පෙර පහත කරුණුත් සැලකිල්ලට ගත යුතුයි.
    ඉහත ආකාරයට සංස්කෘතියේ හා සදාචාරයේ නාමයෙන් කොතෙකුත් තහංචි දැමුවත් මිනිසුන් විසින් ඒවා බිඳ දමා ගොස් ඇති බව අපට පැහැදිලියි. පාසැල් සිසුන්ගේ ලිංගික ක්‍රියා පිළිබඳ සමීක්ෂණයේදී එය හෙළි වුනා.

    ඒ වගේම කොතෙකුත් සංවර යැයි කියන සමාජයේ ගැහැණියකට කාන්තා වැසිකිලියකටවත් බියෙන් තොරව යන්න පුලුවන් ද?

    මෙතරම් බණ දෙසන රටේ හාමුදුරුවන් කී දෙනෙකුට ගැහැණුන් සිටී ද? තරුණ හාමුදුරුවන් කී දෙනෙක් සිවුරු අතහරිනවද? ආගමික ස්ථාන තුල අපචාර කීයක් වාර්තා වෙලා තියෙනවද?

    ගණිකා මඩම් කීයක් තිබෙනවාද? ගණිකාවන් ඇසුරු කරන පාසැල් සිසුන්ගේ ප්‍රතිශතය කොපමණද?

    ළමා අපචාර කීයක් සිදුවෙනවාද? එලෙස සිදුවෙන අපචාර වලින් කොපමණ ප්‍රතිශතයක් වාර්තා වෙනවද?

    රෙස්ට් රූම් කීයක් තිබෙනවද? ඒවායෙන් ලැබෙන ආදායම කොපමණද?

    එසේනම් අප මෙතක් කල් ජීවත් වී ඇත්තේ ඉරටු වලින් සැදූ කූඩුවක නොවේද?

    දැන්වත් කල යුත්තේ කුමක්ද? ඉරටු කූඩුව තවත් ඉරටු වලින් ශක්තිමත් කිරීමට උත්සහ කිරීමද? නැත්නම් දැන්වත් සමාජය තුළ රහසේ ජීවත් වන යක්ෂයා ඉවත් කර දමා සැබෑ තත්වය තේරුම් ගෙන ඒ සඳහා පිළියම් යෙදීමද?


    * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

    ගත්තේ මෙතනින්
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    machn uba kiyana kathawa aththa

    uba kiyanna oni dewal serama lassanata kiyala tiyenawa

    mewa bn pennanna oni

    sucharitha yai kiya ganna ape wadi hitiyanta

    mkda e gollo ochcharatama sil wath wela hitiyanam ada lankawe mechchara
    janagahanayak naa

    machn mata eka mano waidya warayek kiwa

    minissunta tiyenne sex gana irshiyawalu
    wena kenek ewa karanawata kamati nahallu
     
    • Like
    Reactions: khewagee

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපේ ආගමට හීන් නුලෙන් අපහාස කරල නිකන් කැ# කතා කියන්න එපා !

    :yes::yes::yes::yes::yes::yes:

    මේ ලිපියෙ මුලින් තියෙන කථාව ඇත්ත. ඔය ටීචර්ලා
    පත්තිනි අම්මලා වගේ දෑන් බණ ටෝක් දුන්නට
    එයාල නටපු නෑටිලි අහගන්න තිබ්බා එයාලගේ වයසේ
    ඒ කාලේ හිටපු කොල්ලන්ගෙන්. ;););) :D :D :D
    හෑබෑයි මේකේ මුල් කතුවරයා අන්තිම හරියේ
    හීන් නුලෙන් බුද්ධාගමට පහරක් එල්ල කරලා තියෙනවා. :angry::angry::angry:
    එයාගේ බ්ලොග් එක බෑලුවම පේනව හිට්ස් වෑඩි කරගන්න දරන උත්සහයක් වගේ
    :yes::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    machn uba ekko me thread eke tiyena dewal makapan
    ube hama yanakan ada ubata baniwi
    ube rep kapai

    කමක් නැහැ බං.. ම්ලයක්‌ තියෙන එකෙක්නම් ඇත්ත තේරුම ගනීවි.
    මොලයක් නැති පිස්සන්ගේ වැඩ ගණන් ගන්න ඕන නැහැ.

    අනික මම මේක ගත්තේ blog එකකින්. ඒකෙ link එක දාලා තියෙනවා.
    මම මේක දැක්කේ මේ කතාව ඇත්ත නිසයි.

    අනික මේ සමහර දේවල් වලට මමත් මුණ දීල තියෙනවා.

    ඉස්සර මම කෙල්ල එක්ක ඇවිදිනවා දැකපු එවුන් අපිට අනන්තවත් කතා කිව්වා. හරියට උන් ඒ වයසේ ඉඳලා නැතුව එකපාරටම වයසට ගියා වගේ.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    machn uba ekko me thread eke tiyena dewal makapan
    ube hama yanakan ada ubata baniwi
    ube rep kapai

    මන් හිතන්නේ නෑ KPZ මේක මෙතන දාපු 1ට වෑරදියි
    කියලා. මේක ඒ ලිපිය ලියපු කෙනාගේ අදහසනේ.
    KPZ මේක මෙතන දාපු එක් හොඳයි. මොකද දෑන්
    අපි මේක ගෑන දෑනුවත් උනානේ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes::yes::yes::yes::yes::yes:

    මේ ලිපියෙ මුලින් තියෙන කථාව ඇත්ත. ඔය ටීචර්ලා
    පත්තිනි අම්මලා වගේ දෑන් බණ ටෝක් දුන්නට
    එයාල නටපු නෑටිලි අහගන්න තිබ්බා එයාලගේ වයසේ
    ඒ කාලේ හිටපු කොල්ලන්ගෙන්. ;););) :D :D :D
    හෑබෑයි මේකේ මුල් කතුවරයා අන්තිම හරියේ
    හීන් නුලෙන් බුද්ධාගමට පහරක් එල්ල කරලා තියෙනවා. :angry::angry::angry:
    එයාගේ බ්ලොග් එක බෑලුවම පේනව හිට්ස් වෑඩි කරගන්න දරන උත්සහයක් වගේ
    :yes::yes::yes:

    ඒක ඇත්ත තමයි, ඒත් මට අනුන්ගේ ඒවා edit කරන්න බැහැනේ. :(
    ඒත්.. ඒ වගේ සිද්දිනම් මාත් දන්නවා. ඒ සිද්දි නිසා මම කාලයක් පන්සල අතහැරලා හිටිය.
    (මම කෙල්ල එක්ක පන්සලේ කතා කර කර ඉද්දි ලොකු හාමුදුරුවෝ මට අම්බානකට බැන්නා :baffled::baffled:)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මන් හිතන්නේ නෑ KPZ මේක මෙතන දාපු 1ට වෑරදියි
    කියලා. මේක ඒ ලිපිය ලියපු කෙනාගේ අදහසනේ.
    KPZ මේක මෙතන දාපු එක් හොඳයි. මොකද දෑන්
    අපි මේක ගෑන දෑනුවත් උනානේ.

    ඒක නිසාම තමයි මේක දැම්මේ මම.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කමක් නැහැ බං.. ම්ලයක්‌ තියෙන එකෙක්නම් ඇත්ත තේරුම ගනීවි.
    මොලයක් නැති පිස්සන්ගේ වැඩ ගණන් ගන්න ඕන නැහැ.

    අනික මම මේක ගත්තේ blog එකකින්. ඒකෙ link එක දාලා තියෙනවා.
    මම මේක දැක්කේ මේ කතාව ඇත්ත නිසයි.

    අනික මේ සමහර දේවල් වලට මමත් මුණ දීල තියෙනවා.

    ඉස්සර මම කෙල්ල එක්ක ඇවිදිනවා දැකපු එවුන් අපිට අනන්තවත් කතා කිව්වා. හරියට උන් ඒ වයසේ ඉඳලා නැතුව එකපාරටම වයසට ගියා වගේ.

    සහතික ඇත්ත මචන්. :yes::yes::yes::yes:
    මටත් ඔය වගේ ඒවා ඕන තරම්
    වෙලා තියෙනවා. දවසක් මායි කෑල්ලයි බස් එකේ යද්දි
    අපි ලඟ හිටන් හිටපු ගෑනියෙක් අපි දෙන්නා දිහා බලන්
    වටේ ඉන්න උන්ටත් කිය කිය මහ හයියෙන් බනිනව.
    අපිටත් හෙන අප්සට්.මොකද අපි වෑරදි විදියකට හිටියෙත් නෑ.
    බෑලින්නම් මේ අපි 2න්නා අත් අල්ලන් හිටියා කියල.
    අනේ ඉතින් මෙවා කාට කියන්නද? ? ? :angry::angry::angry:
    උන්ගේ මානසිකත්වයේ තරම තමයි.
    මේ ලිපියෙ ඒ ගෑන නම් සිරා විස්තරයක් දාල තියෙනවා. හෑබෑයි මචන් මේක ලියපු එකා හාමුදුරුවො ගෑනත් දාලා ඇඟට නොදෑනි බුද්ධාගමට පහරක් ගහන්න හදල තියෙනවා කියලත් මට දෑනෙනවා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මචං ඇත්ත කියන්න ගිහින් මං අම්බානවට
    රෙප් කපා ගත්තා
    මට තවත් රෙප් කපා ගන්න ඕනි නෑ
    ඒක හන්දා මං පෝසට් එක වෙනස් කලා
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හාමුදුරුවො ගැන මොන කථාද බන්
    නුගේ‍ගොඩ මහසෙන් පාර හරියෙ පන්සලක් තියෙනවා
    එකෙ ඉන්නවා අවුරුදු 20ක විතර හාමුදුරුවො කෙ‍නෙක්
    පිස්සු හැදෙනවා

    මිනිහා ජිම් යනවා
    සිවුර ගලවලා
    කලිසමකුයි
    ටී ෂර්ට් එකකුයි දාගෙන
    කෑලිත් එක්ක අතන මෙතන යනවා

    බ‍ඩු කාපර්

    ඔතන වෙලා තියෙන්නේ මේකනේ. මහන උනාම ඉගෙන ගන්න ඒවාට ආධාර ලැබෙනවානේ. ඉතින් ඉගෙන ගන්න මහන උන අයට සාසනේ ගැන කැක්කුමක් නැහැ.

    අනික මචං අපි උනත් මෙහෙම කිව්වට, අපි මහන උනානම් බලන්න තිබ්බ ඒ ජිවිතේ අමාරුව කොහොමද කියලා.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හාමුදුරුවො ගැන මොන කථාද බන්
    නුගේ‍ගොඩ මහසෙන් පාර හරියෙ පන්සලක් තියෙනවා
    එකෙ ඉන්නවා අවුරුදු 20ක විතර හාමුදුරුවො කෙ‍නෙක්
    පිස්සු හැදෙනවා

    මිනිහා ජිම් යනවා
    සිවුර ගලවලා
    කලිසමකුයි
    ටී ෂර්ට් එකකුයි දාගෙන
    කෑලිත් එක්ක අතන මෙතන යනවා

    බ‍ඩු කාපර්

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    kawruth danne nadda ban? ? ?
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    අප ලිංගික හැඟීම් දෙස බැලීමට පුරුදු වී ඇත්තේ පව්කාර සිතුවිලි ලෙසය. එම මතය කෙසේ ලාංකීය සමාජය තුළ ඇති වූවාද යන්න මම දන්නේ නැහැ. තැනක දුටු පරිදි ආගම් පසුබිමින් ගතහොත් එවැනි මතයක් බුදු දහම තුළ නොමැත.

    ලෝභ, ද්වේෂ හා මෝහ යන චෛතසික ආශ්‍රය කරගත් සියලු සිතිවිලි අකුසල් සිතිවිලි වනවා.

    ඒ සිතිවිලි මුල් කරගෙන කරන සියලු ක්‍රියාවන් අකුසල් මිසක් කුසල් වන්නේ නැහැ.

    නමුත් ඒ කියන්නේ ඒවා කරන්න එපා කියලා නීති පණවලා තියනවා කියන එක නෙවෙයි.

    ලිංගික කටයුතු ගිහි ජීවිතයෙන් ඉවත් කරන උපාසක ශීලයක් අපේ නැහැ. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය උත්සහ කරන්නේ හැකිතාක් ඉන්ද්‍රියන් පිනවීමට අනුබල දීම නෙවෙයි...



    ළඟදි මිතුරෙක් පැවසු පරිදි විවාහයට පෙර ලිංගික එක් වීම තුන්වැනි සිල්පදය කැඩීමකි.

    තුන්වැනි සිල්පදය ගැන වෙනම සංවාදයක් පැවැත්විය යුතුයි. එහෙත් කෙටියෙන් පවසනවානම් එය දෙදෙනෙකු ලිංගිකව එකතු වීම පවක් ලෙස වර්ගීකරණ කිරීමට තරම් පටු තහනමක් නොවන බව කිව යුතුය.


    කුලයෙන්, ගෝත්‍රයෙන්, සිරිත් වලින් ආරක්ෂා කර ඇති කාන්තාවක සමඟ සංවාසයේ යෙදීම තුන්වන සික්ෂාපදය කැඩීමක් වෙනවා.

    මීට අමතරව කිසියම් පුරුශයෙක් හට කිසියම් ආකාරයකින් 'තීන්දු කර ඇති' (එනම් විවාහය, විවාහ ගිවිස ගැනීම, අවම වශයෙන් මුද්දක්/මාලයක් වැනි ආභරණයකින් හෝ අහවලා වෙනුවෙන් නියම් කර ඇති ) කාන්තාවක් සමඟ සංවාසයේ යෙදීම තුන්වන සික්ෂාපදය කැඩීමක් වෙනවා.
    බාල වයස් කාරියන් නීතියෙන් ආරක්ෂිත බව මතක තබා ගන්න. එවැනි ක්‍රියාවනුත් මේකට ඇතුලත්..

    මේක ගැන මෙච්චර කලබල වෙන්නෙ ඇයි?

    ලංකාවේ තරුණයෙක් ඇමරිකාවේ කාන්තාවක් සමග සංවාසයේ යෙදීම තුන්වන සික්ෂාපදය කැඩීමක් නෙවෙයි (ඔවුන් කුලයෙන්, ගෝත්‍රයෙන්, සිරිත් වලින් ආරක්ෂා කර නැහැ. හැකිතාක් ඉන්ද්‍රියන් පිනවීමට අනුබල දීම තමයි ඔවුන්ගේ සංස්කෘතියේ ස්වභාවය ).

    නමුත් වැදගත් පවුලක (එනම් එවන් හැසිරීමක් බලාපොරොත්තු නොවන ) කාන්තාවක සමඟ එසේ කිරීම බුදු දහමට එකඟ නැහැ.

    මේකේ වැරැද්දක් මට පෙන්නේ නැහැ.

    කරුණාකර කිසිම විටක ඉතා පැහැදිළිව අකුසලයක් ලෙස දක්වා ඇති දෙයක් අකුසලයක් නොවන බව ප්‍රචාරය කරන්න එපා. :no:

    එයට හේතුව අකුසලයක් කුසලයක් ලෙස වරදවා වටහා ගෙන එම ක්‍රියාව කරන විට අභිධර්මයේ හැටියට පහල වන්නේ මෝහ මූලික සිත්. එවිට අකුසලය වඩාත් බලවත් වෙනවා. අකුසලයක් අකුසලයක් ලෙස නිවැරදිව වටහා ගෙන එම ක්‍රියාව කරන විට පහල වන සිතිවිලි මෝහ මූලික නොවන සිත් (ලෝභ, ද්වේෂ පමණයි). එවිට අකුසලයේ බලය අඩු වෙනවා.:yes:

     
    Last edited: