කැකුළී_ප්‍රාදේශිය_සභාවට

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    කැකුළී_ප්‍රාදේශිය_සභාවට

    කැකුළී ප්‍රාදේශිය සභාවට

    06ba798de46f95da378331b8bcc64b5a_M.jpg

    ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ ඉතිහාසය අලුත් කරන්නේදැයි දැන් බොහෝ දෙනෙක් බලා සිටිති.

    ඒ වෙන කිසිවක් නිසා නොවේ මෙරට මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට ආදිවාසී කාන්තාවක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභික ධුරයක් වෙනුවෙන් තරගවදින නිසාය. යම් හෙයකින් ඇය ජයග්‍රහණය කළහොත් එය මෙරට මැතිවරණ ඉතිහාසයේ අලුත් පිටුවක ආරම්භයක් වන්නේය.

    ඇය ශිරෝමාලා විජේසේකරය. ‍පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක ලෙස ‍පොහොට්ටුව ලකුණින් තරග වදින්නී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් හේනානිගල දකුණු හා අංචිකඩේ යන කොට්ඨාසයන් සඳහාය. තමන්ගේ දේශපාලන ආගමනය පිළිබඳව ශිරෝමාලා විජේසේකර වන ඇය පවසන්නේ මෙවැනි කතාවකි.

    "මගේ තාත්තා ඌරු වරිගෙ පුංචි බණ්ඩා. අම්ම විජේසේකර මුදියන්සේලාගේ පේමවතී. අපේ පවු‍ලේ සහෝදර සහෝදරියන් නව දෙනයි. අම්මයි තාත්තයි නීතියෙන් විවාහ වී තිබුණේ නැති නිසා අපි අට දෙනකුටම දාලා තිබුණේ අම්මාගේ වාසගමයි. අපේ පවුල ජීවත් වුණේ දඹානේ ගුරුකුඹුර වැදි ගම්මානයේ. වර්තමාන ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නියල ඇත්තෝ මගේ මාමණ්ඩිය වෙනවා. හේනානිගල වැදි නායක ගුණබණ්ඩාත් මගේ මාමණ්ඩි කෙනෙක්. මහවැලියෙ ඉඩම් ලැබුණට පස්සේ අපේ පවුල් කිහිපයක්ම හේනානිගල පදිංචියට ආවා".

    "මගේ දැන් වයස අවුරුදු 33යි. මම විවාහකයි. සාමාන්‍ය පෙළ දක්වා මම ඉස්කෝලෙ ගියා. පසුගිය සභාවටත් අපේ ආදිවාසී අයෙක් තේරී පත්ව සිටියා. ඒ තලා වරිගෙ පේමරත්න. ඔහු ජයග්‍රහණය කළේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. ඒ නිසා ප්‍රධාන පක්ෂවල නියෝජිතයන් සමග වාද විවාද කරල අපේ ගැටලු ඉදිරිපත් කරල ඒවාට සාර්ථක විසඳුම් ලබා ගැනීමට ඔහු ගත් උත්සාහයන් එතරම් සාර්ථක වුණෙත් නැහැ. නමුත් ඔහු ගත් උත්සාහයන් තවත් ජවසම්පන්නව ඉදිරියට ගෙනයාම මගේ කාර්යයේ ප්‍රධාන කොටසක් වෙනවා".

    තම ජන කොට්ඨාසය වන ආදිවාසීන්ගේ ප්‍රශ්න ගැටලු ගැන කතා කරන්නට කවුරුත්ම නැති නිසා තම ජනතාව අසරණව සිටින බව ශිරෝමාලාගේ අදහසයි.

    "මෙච්චර කාලයක් අපි අනුන්ට ඡන්දය දීලා ඔවුන්ගෙන් කෙරෙන තෙක් බලාගෙන හිටියා. ඒත් වැඩක් වුණේ නැහැ. මම නියෝජනය කරන කොට්ඨාසයේ පමණක් අපේ පවුල් 900ක් පමණ ඉන්නවා. වලංගු ඡන්ද 4000කට ආසන්නයි. ආදිවාසීන් වෙනුවෙන් පමණක් නෙවේ මුළු කොට්ඨාසයේම ජනතාව වෙනුවෙනුත් සමස්ත කාන්තාවන් වෙනුවෙනුත් හඬක් නැගීමට මම සූදානම්" ඇය කියන්නීය.

    "ආදිවාසී ජනතාව වෙනුවෙන් මෙතෙක් නොවිසඳුන ගැටලු පිළිබඳව ඇය මෙසේද පැවැසුවාය. වැදි ළමයි කියලා අපේ දරු දැරියන්ට පාසල්වලදී තවමත් කෙනෙහිලිකම් කරනවා. සුදුසුකම් ඇතත් අපේ තරුණ තරුණියන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී දක්වන නොසැලකිලිමත් බව, අපේ අනු පවුල්වලට බෙදාදිය යුතු ඉඩම් පිට පළාත්වල අයට ලබාදීම, ජලාශවල ධීවර කර්මාන්තයේ යෙදෙන අපේ අයට විවිධ තහංචි දැමීම, මීපැණි මෙන්ම වන ඔසු සොයා වනගතවීමේදී බාධා එල්ල කිරීම්, ලබාදී ඇති ඉඩම්වලට මතෛක් නීත්‍යානුකූල බලපත් ලබා නොදීම්, අපේ පාරම්පරික සංස්කෘතික කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා පහසුකම් සලසා නොතිබිම වැනි ගැටලු පිළිබඳව හඬක් නගා පිළියම් ලබා ගැනීමට උත්සාහ දැරීමත් මගේ අපේක්ෂාවයි"ඇය වැඩිදුරටත් පවසන්නීය.

    උපුටා ගැනීම - ලක්බිම
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo

    Ane kelle umba ehenam wadi paramparawatat aruge le dennai hadanne?:angry::angry::angry::angry::angry::angry: