කැටයම්_චින්තක_සහ_අපේ_විනෝදය
කැටයම් චින්තක සහ අපේ විනෝදය
කැටයම් චින්තක ඇතුලු ඝාතකයන් බොහෝ පිරිසක් මේ වන විටත් ඝාතනයට ලක්ව අවසන්ය.කඹුරුපිටිය වලස්මුල්ල නයිගල කන්දේදී පොලිස් විශේෂ කාර්ය බලාකායේ වෙඩි පහරින් මිය ගිය කැටයම් චින්තකගේ මාස්මුල්ලේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි. කැටයම් චින්තක හෙවත් චින්තක වසන්ත කඹුරුපිටියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වූයේය. මීට පෙර වනතාවන් දෙකක්දී එම ඝාතන සිද්ධියට අදාල පුද්ගලයින් කිහිප දෙනෙකු ආයුධ පෙන්වන්නට යාමේදී මෙන්ම පලායාමට තැත්කිරීමේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.
කැටයම් චින්තක යනු අපරාධකරුවෙක් බව හැමදෙනාගේම පිළිගැනීමයි. ඒ නිසා ඒ අයට අත්විය යුතු ඉරණම මීට වඩා සාධාරණ එකක් වන්නට අවකාශයක් නොමැත. හැමෝම දන්නවා අපරාධකාරයන් ආයුධ පෙන්වන්නට යන විට මරණයට පත්වන බව එය නීතිය අනුව ලැබන දඩුවමක් නොවන බවත් හැමෝම දන්නවා. ලංකාවේ බහුතරයක් දෙනා වඩාත් ආශක්ත වන්නේ නෝමන් බේට්ලාටය. අපරාධකරුවෙක් වූ කැටයම් චින්තක මරා දැමීමෙන් ජනතාව සතුටු වන්නේ යුක්තිය ඉටුවීම නිසා නොව මේ ආකාරයේ මරණ වලින් ඔවුන් විනෝදයක් ලබන නිසාය. බොහෝ විට ලංකාවේ දී නීතියට යටින් ඇති කැලෑ නීතියට ජනතාව වඩාත් කැමති වන අතරම ප්රජාතන්ත්රවාදය නැතැයි අනිත් පසින් කෑමොර දෙයි. ලංකාවේ නීතිය මගින් ලබා දෙන දඩුවම් යනු වරදකරුවන් පුනරුත්පනය කරන දෑ නොව ශාපයන්ය. උතුරේ සිවිල් වැසියන් ඝාතනය නොකළ බවත් මානුෂික මෙහෙයුම් තුළ මානව හිමිකම් කිසිදු අකාරයකින් උල්ලංඝණය නොකළ බවත් බොහෝ අය කියයි. කැටයම් චින්තකලාට මේ අකාරයෙන් දකුණේ දී සැලකුවේ නම් වසර 2009 දී උතුරේ මිනිසුන්ට කොහොම සලකන්නට ඇතිද? උතුරේ දෙමළ වැසියන් ඝාතනය කළ අය වීරයන් වන මිනිසුන්ම දකුණේ කැටයමි චින්තකලා ඝාතනය කළ අයත් වීරයන් ලෙස සලකන අතරම රතුපස්වල දී මේ අයට මුණ ගැසෙන මේ වීරයන්ම තමන්ට පහර දෙන විට ද්රෝහීන්ය. අපේ රටේ බහුතරයක් දෙනා ඕනෑම සිද්ධියක් සමග බැදෙන්නේ අර්ථයෙන් නොව විනෝදයෙන් නිසා යථාර්ථය ග්රහණය කර ගැනීමේ දී ඔවුන් ගිණිකනා වැටෙයි. අප ජීවත්වන පශ්චාත්-නූතන අවකාශය තුල විනෝදය දේශපාලන සාධකයන් වන අකාරය වැටහා ගන්නට මෙවැනි සිද්ධින් අපට මග පෙන්වයි.
Source 3mana.com