ඉස්සර 2011-2012 රස්සාවක් කලා පැය 12 ශිෆ්ට් එක. 7-7, නයිට් එක කරන දාට ගෙදර එද්දි අනිවා ට්රේන් එකේ නින්ද යනව. ඕනෙතරම් ඔහොම කෙල්ලන්ගෙ ගෑනුන්ගෙ කරේ දන්නෙම නැතුව ඔලුව තියන් ඇවිත් තියෙනව. කවදාවක් කවුරුත් බැනල නෑ. පොඩි එකා හින්ද වෙන්න ඇති. හැබැයි ඇහරෙනකොට නම් පට්ට ලැජ්ජාව. උන් කින්ඩි හිනා දානව. සමහරුනම් ඇහැරෝනව බහින තැන් පහුවෙලාද කියල අහන්න.