කැන්ගරු අගමැති වෝටර් බෝයි

slcricket

Member
Feb 20, 2008
168
13
0
කැන්ගරු අගමැති වෝටර් බෝයි

කැන්ගරු අගමැති වෝටර් බෝයි කළ ක්‍රිකට් තරගය
25 October 2019 12:06 pm
17
Shares

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‍ඕස්ට්‍රෙලියානු තරග සංචාරය ආරම්භ කරමින් ඊයේ (24) පුහුණු තරගයක් පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමයි.

මෙම තරගයේ විශේෂත්වය වූයේ අගමැතිවරයාගේ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා ද තරගයට එක්වීමයි.



එපමණකින් නොනැවතී සිය කණ්ඩායම පන්දු රකිමින් සිටින විට කණ්ඩායමේ වෝටර් බෝයි රාජකාරිය කරමින් සිය ක්‍රීඩකයන් වෙත සිසිල් පැන් රැගෙන ක්‍රීඩා පිටිය වෙත අවතීර්ණ වීමට ද ස්කොට් මොරිස් මහතා කටයතු කළේය. එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වයිරල් එකක් වී තිබේ.

කණ්ඩායමේ වෝටර් බෝයි ලෙස කටයුතු කිරීමට තරම් නිහතමානී වූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වෙත මේ වනවිට ලොව නන් දෙසින් ගෞරවය ගලා එමින් තිබේ.



කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේදී, ස්කොට් මොරිස් අගමැතිවරයාගේ වෝටර් බෝයි රාජකාරියට වටිනාකමක් දුන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම සිය ප්‍රතිවාදීන් පරාජය කිරීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08 ක් දැවී ලබා ගත්තේ ලකුණු 131 ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම කඩුලු 09 ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කර ගත්තේ තවත් පන්දුවක් ද ඉතිරි කර ගනිමිනි.

image_cfd12efc52.jpg
 
Last edited:

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එල ක්‍රිස්තියානි කොල්ලෙක්..ප්‍රවුඩ් ටු බි අ කැන්ගරු.. ඔටුවෝ දැනගන්න ඕනා කිවියෝ පරද්දපු කැන්ගරුවන්ට ඔටුවෝ ගේමක් නෙමෙයි කියලා. ජේසු පිහිටයි අපේ අගමැති තුමාට.

    -ලගදි ඔසී ගිය සිංහල කොල්ලෙක් විසින් ලියන ලද්දකි.-
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එල ක්‍රිස්තියානි කොල්ලෙක්..ප්‍රවුඩ් ටු බි අ කැන්ගරු.. ඔටුවෝ දැනගන්න ඕනා කිවියෝ පරද්දපු කැන්ගරුවන්ට ඔටුවෝ ගේමක් නෙමෙයි කියලා. ජේසු පිහිටයි අපේ අගමැති තුමාට.

    -ලගදි ඔසී ගිය සිංහල කොල්ලෙක් විසින් ලියන ලද්දකි.-

    සව්දියට ඔටුවෝ යවන්නේ කොහෙන්ද කියල උඹ දන්නවද ?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    සව්දියට ඔටුවෝ යවන්නේ කොහෙන්ද කියල උඹ දන්නවද ?

    ලෝකයේ වැඩියෙන්ම ඔටුවෝ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා සව්දියට උනත් ඔටුවෝ දෙන්න ඔස්ට්‍රේලියාවට පුළුවන්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සව්දියට ඔටුවෝ යවන්නේ කොහෙන්ද කියල උඹ දන්නවද ?

    ඔස්ට්‍රේලියාවට ඔටුවෝ ගෙනාවේ කවුද කොයි කාලේද කියලා උබ දන්නවද?