tfs machn..rep denna balu













bump
patta machan
මේක නම් සිරාවටම heart Touching
Christian Golczynski accepts the flag for his father Marine Staff Sgt Marc Golczynski who died in Iraq
![]()

මේ ඡායාරූපය මට ඉතාම සමීප එකක්.
දන්නෝ දනිත් ඒ මක් නිසා ද කියා.........
දෙවැන්න මෙන්න මේක.......මෙවැන්නක් මගේ අත්දැකීමක් වනවා.....
ඇය මගේ යෙහෙළියක්. විශාඛා විද්‍යාලයටයි ගියේ. ඇය ගේ පෙම්වතා අප ගේ විද්‍යාලයේ. ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය ශිෂ්‍යෙයක්ව සිටි ඔහු නිවාජුවකට පැමිණි අවස්ථාවේ මා මේ කියන සොයුරිය ගේ හොදම යෙහෙළිය (ආහ්...ඇය මගේ ඒ කාලයේ සිහින කුමරිය, ඒකත් කියන්න එපායැ) ගේ පියා ද සමග මහා බැංකු බෝම්බයට ගොදුරු වුණා. මගේ සිහින කුමරිය ගේ පියා ඉන් මිය ගියා. මගේ යෙහෙළිය ගේ පෙම්වතා තුනටියෙන් පහල පණ නැති අබ්බගාතයෙක් වූවා......නමුත් ඇය නොවේ ඇය ගේ ප්‍රේමය නතර කලේ. ඇය ගේ ප්‍රේමය ද, වෛද්‍ය විද්‍යාව ද නිසා ඔහුට යන්තම් රෝද පුටුවක යන්නට හැකි වනවාත් සමග ඔහු නැවත තම අධ්‍යාපන කටයුත් සදහා එතෙර ගියා. බොහෝ කලකට පසුව ඔහු වෛද්‍යවරයෙකු සේ මෙරටට පැමිණ බැදුණේ යුධ හමුදා වෛද්‍ය බලකායට. දැන් ඔවුන් විවාහකයි. සියළු යහපත් බලවේග වල ආශිර්වාදයෙන් ඔවුන් දැන් දෙමාපියන්. තම පෙම්වතා ගැන බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක සිටත් මගේ යෙහෙළිය ඇය ගේ පෙම අතහැරියේ නෑ.................
ජීවිතයේ සතුට අතහැරීමේ අවදානම තුල දී ද සිය සැළමුතු පෙම අත් නොහරි සුමුදු ලියනාරච්චි, මගේ පාසැල් වියේ මිතුරිය වෙනුවෙනුයි මේ කුසුම...........................


!!!