****කැමරාවේ සටහන් වූ සංවේදී ජයාරුප ***

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පට්ට මචන්.. නියමයි... මේක නම් සිරා (+) :yes:

24-24-When-Taylor-and-Danielle-Morris-showed-us-that-true-love-conquers-all.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේ ඡායාරූපය මට ඉතාම සමීප එකක්.
    දන්නෝ දනිත් ඒ මක් නිසා ද කියා.........

    24-24-When-Taylor-and-Danielle-Morris-showed-us-that-true-love-conquers-all.jpg

    දෙවැන්න මෙන්න මේක.......මෙවැන්නක් මගේ අත්දැකීමක් වනවා.....
    ඇය මගේ යෙහෙළියක්. විශාඛා විද්‍යාලයටයි ගියේ. ඇය ගේ පෙම්වතා අප ගේ විද්‍යාලයේ. ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය ශිෂ්‍යෙයක්ව සිටි ඔහු නිවාජුවකට පැමිණි අවස්ථාවේ මා මේ කියන සොයුරිය ගේ හොදම යෙහෙළිය (ආහ්...ඇය මගේ ඒ කාලයේ සිහින කුමරිය, ඒකත් කියන්න එපායැ) ගේ පියා ද සමග මහා බැංකු බෝම්බයට ගොදුරු වුණා. මගේ සිහින කුමරිය ගේ පියා ඉන් මිය ගියා. මගේ යෙහෙළිය ගේ පෙම්වතා තුනටියෙන් පහල පණ නැති අබ්බගාතයෙක් වූවා......නමුත් ඇය නොවේ ඇය ගේ ප්‍රේමය නතර කලේ. ඇය ගේ ප්‍රේමය ද, වෛද්‍ය විද්‍යාව ද නිසා ඔහුට යන්තම් රෝද පුටුවක යන්නට හැකි වනවාත් සමග ඔහු නැවත තම අධ්‍යාපන කටයුත් සදහා එතෙර ගියා. බොහෝ කලකට පසුව ඔහු වෛද්‍යවරයෙකු සේ මෙරටට පැමිණ බැදුණේ යුධ හමුදා වෛද්‍ය බලකායට. දැන් ඔවුන් විවාහකයි. සියළු යහපත් බලවේග වල ආශිර්වාදයෙන් ඔවුන් දැන් දෙමාපියන්. තම පෙම්වතා ගැන බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක සිටත් මගේ යෙහෙළිය ඇය ගේ පෙම අතහැරියේ නෑ.................
    ජීවිතයේ සතුට අතහැරීමේ අවදානම තුල දී ද සිය සැළමුතු පෙම අත් නොහරි සුමුදු ලියනාරච්චි, මගේ පාසැල් වියේ මිතුරිය වෙනුවෙනුයි මේ කුසුම...........................
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ඇත්තටම නියම ෆොටෝ ටික හදවතටම වදිනවා ...:(:(:love::love::yes::yes:

    නමුත්
    (එක ෆොටෝ එකක් දෙකක් ඇරෙන්න. අනිත් ඒවා බලපුවම )

    ඇමෙරිකන් කාරයට විතරද හදවත් තියෙන්නේ :no::no::no::no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    You must spread some Reputation around before giving it to hacker T again.
    හිත ගලක් උනත් උණුවෙන සයිස් එකේ පික්ස් ...... ෆ ට්ටයි බන්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට

    මේ ඡායාරූපය මට ඉතාම සමීප එකක්.
    දන්නෝ දනිත් ඒ මක් නිසා ද කියා.........:(:(:(:(

    දෙවැන්න මෙන්න මේක.......මෙවැන්නක් මගේ අත්දැකීමක් වනවා.....
    ඇය මගේ යෙහෙළියක්. විශාඛා විද්‍යාලයටයි ගියේ. ඇය ගේ පෙම්වතා අප ගේ විද්‍යාලයේ. ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය ශිෂ්‍යෙයක්ව සිටි ඔහු නිවාජුවකට පැමිණි අවස්ථාවේ මා මේ කියන සොයුරිය ගේ හොදම යෙහෙළිය (ආහ්...ඇය මගේ ඒ කාලයේ සිහින කුමරිය, ඒකත් කියන්න එපායැ) ගේ පියා ද සමග මහා බැංකු බෝම්බයට ගොදුරු වුණා. මගේ සිහින කුමරිය ගේ පියා ඉන් මිය ගියා. මගේ යෙහෙළිය ගේ පෙම්වතා තුනටියෙන් පහල පණ නැති අබ්බගාතයෙක් වූවා......නමුත් ඇය නොවේ ඇය ගේ ප්‍රේමය නතර කලේ. ඇය ගේ ප්‍රේමය ද, වෛද්‍ය විද්‍යාව ද නිසා ඔහුට යන්තම් රෝද පුටුවක යන්නට හැකි වනවාත් සමග ඔහු නැවත තම අධ්‍යාපන කටයුත් සදහා එතෙර ගියා. බොහෝ කලකට පසුව ඔහු වෛද්‍යවරයෙකු සේ මෙරටට පැමිණ බැදුණේ යුධ හමුදා වෛද්‍ය බලකායට. දැන් ඔවුන් විවාහකයි. සියළු යහපත් බලවේග වල ආශිර්වාදයෙන් ඔවුන් දැන් දෙමාපියන්. තම පෙම්වතා ගැන බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක සිටත් මගේ යෙහෙළිය ඇය ගේ පෙම අතහැරියේ නෑ.................
    ජීවිතයේ සතුට අතහැරීමේ අවදානම තුල දී ද සිය සැළමුතු පෙම අත් නොහරි සුමුදු ලියනාරච්චි, මගේ පාසැල් වියේ මිතුරිය වෙනුවෙනුයි මේ කුසුම...........................

    මෙහෙම ප්‍රේම කතා තියනවා කියලා අහන්නත් ලැබීම සතුටක් :):):)!!!