"කැමරා-ඔන්-සරලකම්"

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    "කැමරා-ඔන්-සරලකම්"


    නැව ගිලුනත් බෑන් චූන්
    =================
    රට තුළ දැඩි ආපදා හා විපත් තත්වයක් වර්ධනය වී තිබිය දී අද පාර්ලීමෙන්තුව ඉඳුරා ම රැස්ව තිබුණේ ඇමතිවරුන්ට වාහන 4ක් මිළ දීී ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 3600ක් වෙන්කර ගැනීම සඳහා පමණි. අදාළ කාර්ය කරගත් පසු, ආණ්ඩුවේ ඉල්ලීම මත කතානායකවරයා සවස 2කට පමණ පාර්ලීමේන්තුව කල්තබා ඇත. වත්මන් ආණ්ඩුව පත් වූ දා සිට ඉහළ යමින් තිබෙන ජනතා දුෂ්කරතා හා ආර්ථික අහේනිය තඹයකට ගණන් නොගනිමින් මේ වන විට රුපියල් කෝටි 250කට අධික මුදලක් හෙවත් රුපියල් ලක්‍ෂ 25000ක් (විසිපන්දාහක්) වාහන සඳහා ම වෙන්කර ගෙන තිබේ. ඒ අමාත්‍යාංශ සඳහා කුලියට ගෙන නිකරුණේ කෝටි ගණන් කුලී ගෙවමින් කරන දූෂණවලට අමතරව ය. බැඳුම්කර වංචා, ගල් අඟුරු වංචා වැනි මහාපරිමාණ වංචා ගැන වෙනම කතා කළ යුතු ය. රටේ විපත්වලට දැඩි කුඩම්මාගේ සැලකිලි එන්නේ මේ සියල්ල මධ්‍යයේ ය.
    මහින්ද රාජපක්‍ෂ මහතාට එවක ඇතැමුන් චෝදනා කළේ ඔහු විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කරමින් ජනතා මුදල් නාස්ති කරන බව ය. ඇත්ත වශයෙන් ම මහින්දට යුද්ධය හා පසුව සංවර්ධන ව්‍යාපෘථි සඳහා අත්‍යවශ්‍ය වූ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් යම් දේශපාලන තීන්දු ගැනීමට සිදු වූ බව සත්‍යකි. එහෙත් ජාතික ආණ්ඩුවක් බව කියන වත්මන් ආණ්ඩුව මේ තරම් සුවිසල් ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ හා ඔවුන්ට 'සැප' දෙන්නේ, එවන් කිසිදු ඉලක්කගත කාර්යක් සඳහා නොව, හුදු තම දේශපාලන පැවැත්ම සඳහා පමණක් බව පැහැදිළි වන්නේ, රටේ ආර්ථික වර්ධනය මෙන් ම සංවර්ධන කටයුතු ද විශාල ලෙස ඇණහිට තිබෙන පසුබිමක ය. අද මෙසේ වාහන මිළ දී ගනු ලබන සියළු අමාත්‍යාංශවල අවශ්‍ය වාහන සංචිත ඕනෑතරම් තිබෙන පසුබිමක මෙසේ කිරීම ඛේදයක් නොවන්නේ ද? රටේ බඩු මිළ හා බදු බර ඉහළ යවමින් ඉන් උපයාගන්නා මුදල් මෙසේ කාබාසිනියා කිරීම ශාපයක් නොවන්නේ ද?
    මේ අතර, ජනපතිවරයා ගුවන් යානයක සුවපහසුව ගමන් කරන පින්තූරයක් පළකොට ඔහුගේ සරලබව පිළිබඳ ඇතැමෙක් කතාකර තිබෙනු දක්නට ලැබුණි. මට නම් ඉන් පෙනී ගියේ රටේ අාර්බුද පිළිබඳ බිඳකුදු නොදන්නා හා නොහඟින රාජ්‍ය නායකයෙකුගේ පෙනුමක සෙයකි. වරක් සිරිසේන මහතා වීදියේ සෙරෙප්පු කඩයකට ගිය සංරක්‍ෂිත දර්ශන ද අප සතු ය. ඇත්ත වශයෙන් ම අපට මේ කැමරා-ඔන්-සරලකම්වලින් ඵලක් නැත. අපගේ ප්‍රශ්නය වන්නේ, එවන් සරල ජනපතිවරයෙකු ඉහත වන් දැවැන්ත මහජන මුදල් නාස්ති කිරීමක් සඳහා තම "බෝල්පොයින්ට්" පෑනෙන් අත්සන් කරන්නේ ඇයි ද යන්න ය. කිව යුත්තේ ව්‍යාජ මාර්කටින් හරහා ජනතාව රැවටීම ගන්නා උත්සාහයන් නින්දිත බව ය.
    maithrishoes_(news_first).jpg

    තව ද ජනපතිවරයාගේ ඕස්ට්‍රෙිලියා සංචාරය, රනිල් හා ඔහු අතර සීතල යුද්ධයක ප්‍රතිඵලයක් බවට වාර්තා පළ වී තිබුණි. රනිල් ඕස්ට්‍රේලියා ගියපසු ඔහුට රාජ්‍ය නායකයෙකුට ඔබින පිළිගැනීමක් ලැබීම ජනපතිවරයාගේ උදහසට ලක්වූ බව එම වාර්තාවල දක්නට ලැබුණි. මේ අනුව, කිසිදු වැදගැම්මකට නැති එම සංචාරය සංවිධානය කරගනු ලැබූයේ අගමැතිවරයාට තරඟයක් දීමට ද? එසේ නම්, ඉස්මුරුත්තාවට ගිය ආණ්ඩුවේ රථ-ගායට අමතර ව රට-ගාය ද දැන් සෙල්ලමක් කරගනිමින් සිටින්නේ රනිල්ගේ හා සිරිසේනගේ පුද්ගලික දේශපාලන දොළදුක් වෙනුවෙන් ය.
    මේ සියල්ල මැද අද උද්ගත ව ඇති ආපදාවන්ට මුහුණ දීමට හා නායකත්වය දීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැති බව දැන් තහවුරු වෙමින් තිබේ.
    මහින්ද පතිරන
     
    • Like
    Reactions: giggee

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගන්වතුරෙන් හරි කමක් නැ දේශපාලනේ... හිටන්ගේ සරලකමේ ඉවරෙකුත් නැ, බයියගේ දෙපොයෙක් ආන්ඩු ගැනීමේ වෙඩිමුරේ ඉවරෙකුත් නැ. ජනතාව කොහොමත් අකුලොලා යනවා දෙන්නගෙම ඇටැක්වලින්.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ලොක්ක එක අතකින් වහගෙන අනිත් අතින් මොකද්ද කරන්නෙ බන්.ආණ්ඩුවෙ ඉඳල පොරත් කොලුකාරයෙක් වෙලාද? :shocked::confused:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ගන්වතුරෙන් හරි කමක් නැ දේශපාලනේ... හිටන්ගේ සරලකමේ ඉවරෙකුත් නැ, බයියගේ දෙපොයෙක් ආන්ඩු ගැනීමේ වෙඩිමුරේ ඉවරෙකුත් නැ. ජනතාව කොහොමත් අකුලොලා යනවා දෙන්නගෙම ඇටැක්වලින්.

    ow ban my3 th na sagalath na RANIL THANIYEN MINISSU GODA DANAWA mun desha palane:baffled: mr hitiyanan mechchcara quick wada karanne nane:)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    රනිල් ගොඩ දානවා මල්ලිලාව.. :lol::lol:

    u ehma hari goda danawane.moko anura kumara yai dan un udaw karaddi wena ekek horen aran damma wage video and photos daii . ranil ge e wage andana wada na