කැමරා කාච ගැන දැනගනිමු. photography lesson

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කැමරා කාච ගැන දැනගනිමු. photography lesson

    ඡායාරූපකරණය ඉගනගනිමු. part 1
    ඡායාරූපකරණය ඉගනගනිමු. part 2
    ඡායාරූපකරණය ඉගනගනිමු. part 3
    ඡායාරූපකරණය ඉගනගනිමු. part 4
    ඡායාරූපකරණය ඉගනගනිමු. part 5
    ඡායාරූපකරණය ඉගනගනිමු. part 6

    සාමාන්‍ය ඩිජිටල් කැමරා මෙන් නොව SLR කැමරා වල කාච ගැලවීමේ හැකියාව තිබෙනවා. එමනිසා අපට අවශ්‍ය මොහොතක අවශ්‍ය කාචයක් භාවිතා කර ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අපගේ ඡායාරූපයට ගැලපෙන කාචය තෝරාගත වෙනවා. ඒ සඳහා මෙම ත්‍රෙඩ් එක උදව්වක් වේයැයි මම සිතනවා.

    80518916.jpg


    කාච වර්ග.
    සාමාන්‍ය සම්මත කාච (normal/standard lenses)
    පුළුල් කෝණ කාච (wide angle lenses)
    දුර සේයා කාච (telephoto lenses)
    යුමුහු කාච (zoom lenses)
    මැක්‍රෝ කාච (macro lenses)
    මයික්‍රෝ කාච (micro lenses)

    නාභි දුර (focal length)
    ප්‍රධාන කාචයේ සිට නාභිතලයට(image sensor) ඇති දුර වේ. පහත රූපසටහනින් එය පැහැදිලි වේ.
    forcallength.jpg

    උදා:- 24mm, 28mm, 50mm, 135mm, 300mm

    දර්ශන කෝණය. (angle of view)
    කාචයේ සිට නාභියට ඇති දුර අනුව ලබාගත හැකි රූපරාමුවේ ප්‍රමාණය දර්ශන කෝණයයි. නාභිදුර අඩු වන විට දර්ශන කෝණය වැඩිවන අතර නාභිදුර වැඩිවන විට දර්ශන කෝණය අඩු වේ. පහත රූපසටහනින් එය පැහැදිලි වේ.
    angleofviewq.jpg


    නාභියේ දුරට අනුව කෝණය
    8mm - Fish Eye - 180'
    24mm - Wide Angle - 84'
    135mm - Telephoto - 18'
    1200mm - Super Telephoto - 2'

    ඉහත කරුණු ඔයාලට වැදගත් වෙන්න ඇති කියල මම හිතනවා. කමෙන්ට් එකක් දාල යන්න.
     
    Last edited:

    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    Nice Work..............................Machan..........

    Pinthurayakk allanawa kiyala mama nam danne cabarawe kotuwen balala bottoma obana eka witharai...............................................................

    :P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Life+Love=♥;12373284 said:
    නියමයි :):yes:+

    thanks a lot, rep back

    Nice Work..............................Machan..........

    Pinthurayakk allanawa kiyala mama nam danne cabarawe kotuwen balala bottoma obana eka witharai...............................................................

    :P:P:P:P:P:P:P:P:P:P:P:P

    thanks a lot, rep back

    Thanks a lot for sharing these info bro :D Seriously this thread and your the previous threads about photography, were so useful... :yes: Please keep posting :D
    Thanks a lot for encouragement sis