කැම්පස් ගිය එවුන් වරෙල්ලා!!!

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    මහෙමයි රැග් එක හොද දෙයක් නෙමෙයි නමුත් ඒක හරහා ලැබෙන දෙවල් ගොඩක් තියෙනවා.හරියට තිත්ත කසාය වගේ .පස්සෙ තමයි ප්‍රතිපල ලැබෙන්නේ.සමහරුන්ට රැග් එක මානසික වදයක් වෙනවා. නමුත් පස්සෙ කාලෙක ජීවිතේ හොද අත්දැකීමක් වෙනව එක්කම මහමෙරක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් ජීවිතේට. මම නම් ලබන ආත්මේ ආයෙත් කැම්පස් ගියොත් රැග් වෙනවා .ඒක තමයි ගති.

    aniwa aththa kathaawa machn.. polowe payagahala jeewath wenna, ona kattak kanna purudu wenawa hari rag ekakin.. darunu rag nathuwa awashya dewal kiyala denna rag ekak watinawa

    rag eken tama kastiya set wenne bn . passe kaaleka hari mathak weddi patta athal ekak tiyenne

    siraa machn.. rag una un witharai eka danne
     
    • Like
    Reactions: counter dr

    අ.ල.යෙ.ක්

    උබලට අපිව අ.ල.
    අපිට උබලව අ.ල.

    :P:P:P:P

    මහෙමයි රැග් එක හොද දෙයක් නෙමෙයි නමුත් ඒක හරහා ලැබෙන දෙවල් ගොඩක් තියෙනවා.හරියට තිත්ත කසාය වගේ .පස්සෙ තමයි ප්‍රතිපල ලැබෙන්නේ.සමහරුන්ට රැග් එක මානසික වදයක් වෙනවා. නමුත් පස්සෙ කාලෙක ජීවිතේ හොද අත්දැකීමක් වෙනව එක්කම මහමෙරක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් ජීවිතේට. මම නම් ලබන ආත්මේ ආයෙත් කැම්පස් ගියොත් රැග් වෙනවා .ඒක තමයි ගති.

    උබල rag එක නිසා ගත්ත ආතල් අත්දැකීම් නිසා උබ ඔහොම කියනවා. rag නැතුව අපි ආතල් ගත්ත නිසා අපි rag නැති එක හොදයි කියනවා. :D
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    rag kapu ewun set una rag eka share karapalla...Rag athi nathi case gana kiyala wadaka nathoo...:angry::angry::angry:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කෑප්ටන් Jack Sparrow;16153906 said:
    උබලට අපිව අ.ල.
    අපිට උබලව අ.ල.

    :P:P:P:P



    උබල rag එක නිසා ගත්ත ආතල් අත්දැකීම් නිසා උබ ඔහොම කියනවා. rag නැතුව අපි ආතල් ගත්ත නිසා අපි rag නැති එක හොදයි කියනවා. :D
    alaya kiyanne rag karanna denne nati unta neda?:rolleyes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෑප්ටන් Jack Sparrow;16153906 said:
    උබලට අපිව අ.ල.
    අපිට උබලව අ.ල.

    :P:P:P:P



    උබල rag එක නිසා ගත්ත ආතල් අත්දැකීම් නිසා උබ ඔහොම කියනවා. rag නැතුව අපි ආතල් ගත්ත නිසා අපි rag නැති එක හොදයි කියනවා. :D
    umba MOra ENg da ?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමනම් ප්‍රයිවට් බන් ... අපෙ අක්ක ගහක කොලයක් කඩල , එක තිබුන තැනම කෙල ගාල අලවන්න කියල , පැය 4 විතර කෙල ගගා අලවන්න ට්‍රයි කරාලු:D
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    මමනම් ප්‍රයිවට් බන් ... අපෙ අක්ක ගහක කොලයක් කඩල , එක තිබුන තැනම කෙල ගාල අලවන්න කියල , පැය 4 විතර කෙල ගගා අලවන්න ට්‍රයි කරාලු:D

    umbata tibune okun hoyagena gihin ammata hukawala aenna ponna ballange
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ammapa mage kata hari kawadaka hari oya wes ballo reg karala tibunoth karapu aekage ammata hukawanawa.aeke 2k neha.

    machn rag eka denne kattiya fit karana ekathu wenna.
    ehema eke athal ekata putuwak uda naggala sinduwak kiynna kiyanwa wage dewal waradi nane.... :yes::yes:
    ewa thibbata mkda.eka awlk na.

    bt itn ara thawa barapathala sexual harassment wage dewal nm anthima waradi :angry::angry:
    ewa karanne na hama ekama.oya pissek dennek karala campuse eke nama kai.
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    machn rag eka denne kattiya fit karana ekathu wenna.
    ehema eke athal ekata putuwak uda naggala sinduwak kiynna kiyanwa wage dewal waradi nane.... :yes::yes:
    ewa thibbata mkda.eka awlk na.

    bt itn ara thawa barapathala sexual harassment wage dewal nm anthima waradi :angry::angry:
    ewa karanne na hama ekama.oya pissek dennek karala campuse eke nama kai.

    ahema sinduwak wath kiyanna bala karanna unta tiyena aytiya mokakda ban.un mokkuda.aehema andunagann ona nam alutin aena un alut vidiyata pili aragena unta asa hitena deyak karanna puluwan.aenakotama campus aepa nokara.mokada mata matakai mama o/l iwara wela a/l walata wena school aekakata giyama reg karala mata aepama una.ammapa mata set unoth nam aekek maragena merenawa
     
    alaya kiyanne rag karanna denne nati unta neda?:rolleyes:

    mulu faculty ekema rag eka tiyenawa nam, rag wenne nathi ekawa ala karanawa (ALA kiyanne Athharina Lada), ethakota nam pacha machn, eth faculty ekama RAG natiwa wenama widihakin aluth ewunta salakanawa nam ethanata oya kathawa adala wenne naha. Rag eka tiyena ewun ethakota ara faculty ekama ala karanawa. e wagema thamai oke anith paththath. RAG nathi ewun rag tiyena ewunwa ala karanawa.

    umba MOra ENg da ?

    na machn. Kelani physical :)
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    School ekedi aluthen apuu ewunta dipu rag athaal eka apine danne.:shocked::shocked::shocked::shocked::shocked::shocked:.habai e rag nisa aluten ewun apith ekka ikmatama fit una...E nisa Average Level eke rag ekak campus ekedi dunnata kamak na..:lol::lol:.Gon athal nathuwa...:no::no:
     

    corei7

    Junior member
  • Dec 6, 2008
    344
    9
    18
    36
    In your ♥
    rag hodai kiyana aya mewata mokda kiyanne. Meka Pera Engineering faculty eke Electrical & electronic engineering karapu 1st class (Hons) degree ekak tiyena mage sir kenek liyapu article ekak. kiyawala balanna. boruwata gon aathal denne natiwa kiyawala hitapalla okkomalama.
    සියලුම හිමිකම් කතෘ සතුය...

    මම මේ අදහස පළ කළේ නවක වදයට විරුද්ධ මානසික රෝගයක් ඇති නිසා නො වන බව කරුණාවෙන් මතක තබා ගන්න. නවක වදයට ලක් නො වී සිටිය හැකි බව සනාථ කිරීම සඳහා පමණි. බෝහෝ දෙනා සිතා සිටින්නේ නවක වදයට ලක් නො වී සිටිය නො හැකි බව ය. එම අදහස සත්‍ය නො වන බව සනාථ කිරීම මගේ මූලික අවශ්‍යතාවයයි. ඒ සමඟ මට හැඟෙන දේ මෙසේ ලියමි. මෙය බෝහෝ දීර්ඝ ලිපියක් වීම වැලැක්විය නො හැකි ය. අවසානය තෙක් කියවන මෙන් කරුණවෙන් ඉල්ලා සිටිමි.

    නවක වදයේ ඉතිහාසය
    http://en.wikipedia.org/wiki/Ragging_in_Sri_Lanka#History
    නවක වදය බ්‍රිතාන්‍යයෙන් ලැබුණු දෙයක් බව පැහැදිලි ව පෙනේ.

    1.අර්ථ දැක්වීම
    (i)From Wikipedia, the free encyclopedia
    Ragging is a practice in educational institutions in India, Pakistan, Bangladesh and Sri Lanka that involves existing students baiting or bullying new students. It is similar to the phenomenon of hazing. It often takes a malignant form wherein the newcomers may be subjected to psychological or physical torture. Currently, Sri Lanka is said to be the worst affected country in the world.

    හිතවතුනි කරුණාකර නැවත කියවන්න.
    "Sri Lanka is said to be the worst affected country in the world."
    පැරණි කවියක් සිහිවේ.
    තෝපා තඹලගම මිනිපේ මින්නේරි
    මහ වැව්වලින් දියවැල් ඇදෙමින් බේරි
    සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේරි
    මගේ ලක් මැණියන් දෑ හරි පින් කාරි

    (ii)1998 අංක 20 දරන අධ්‍යයන ආයතනවල නවකවදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත
    නවකවදය යනු අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට, ශාරිරික හෝ මානසික හානියක් හෝ මානසික හානියක් හෝ මානසික වේදනාවක් හෝ බියක් ඇති කරන හෝ එසේ ඇති කිරීමට ඉඩ ඇති යම් ක්‍රියාවකි.

    2.සාදාචාරාත්මක බව
    (i)ගිවිසුමකට එළැඹීම
    පහත දැක්වෙන යොමුවට ගොස් නවක වදය වැලැක්වීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කර ඇති චක්‍රලේඛය කියවන්න. එය නැවත type කිරීම කාලය කා දැමීමකි.
    "නවක වදය යන අර්ථ කථනය යටතට ගැනෙන කිසිදු හැසිරීමක හෝ ක්‍රියාවක නිරත නො වන බවටත් කිසිදු ආකාරයක නවක වද ක්‍රියාවකට සහභාගී වීමක හෝ අනුබල දීමක හෝ ප්‍රචාරය කිරීමක නිරත නො වන බවටත් කිසිදු පුද්ගලයෙකුට ශාරිරික ව මානසික ව හෝ වෙනත් හිංසාකාරි ක්‍රියාවක නිරත නො වන බවටත් සහතික වෙමි." යයි එහි සඳහන් වේ. එයට අත්සන් කොට එය කඩ කිරීමෙන් අත්සනට කිසිදු වලංගු බවක් නො ලැබී යයි. තව ද වංචාවක යෙදීම ද සිදු වේ. හතරවන ශික්ෂා පදය කඩ වන නිසා අපා ගත වීමක් සිදු විය හැකි ය. (කරුණාකර ඛුද්දික නිකාය ප්‍රේත වස්තු පාලිය කියවන්න.)
    සැලකිය යුතුය : නවක වදය ප්‍රචාරය කිරීමෙන් වැලකෙන බවට ද පොරොන්දු වී ඇති බව විශ්ව විද්‍යාල ප්‍රවේශ වුවන්ට කරුණාවෙන් මතක් කර දෙමි.

    තව ද නවක වදයට ලක් වීමට කැමැත්තක් දැක්වීම ද බලපැවැත්වෙන නීතිය කඩ කිරීමට අනුබල දීමක් ලෙස සැලකිය හැකි බව මට සිතේ. ඒ නිසා නවක වදයට ලක් වීමට නිදහස තිබිය යුතු ය යන්නට මම එකඟ නො වෙමි.

    (ii)මානව වටිනාකම්
    නවක වදයේ දී නවක ශිෂ්‍යයන්ට / ශිෂ්‍යාවන්ට සිදු වන පහත දෑ මානව වටිනාකම් සමඟ කෙසේ ගැළපේ ද?
    (a)ශිෂ්‍යයන්ට / ශිෂ්‍යාවන්ට ජේ‍යෂ්ට ශිෂයින් (උතුමන්) අසභ්‍ය වචනයෙන් කථා කිරීම(තම දරුවන්ගේ අනාගත මව ද එතැන සිටින අවස්ථා එමටයි. ; මෙම වාක්‍ය අවබෝධ නො වුයේ නම් මොළය පරීක්ෂා කර ගන්න. - ගෙදර බුදුන් අම්මා යනු බෞද්ධ සංකල්පයයි.)
    (b)බත්වලට වැලි දමා අනුභව කිරීමට දීම
    (c)සොරොව් බේසමට (sink:සිංහල නො දන්න අයත් ඉන්න නිසා) බත් දමා වතුර සමඟ අනා කන්නට දීම (බල්ලන්ට ද මීට වඩා හොඳට කන්න ලැබේ.)
    (d)එකම ටොපිය ලෙවකෑමට දීම
    (e)දිනකට කිහිප වරක් නෑවීම(නාන්න පුරුදු නැති අයට නම් හොඳයි.)
    (f)බිම ලෙව කෑම
    (g)වැසිකිලි වල වතුර බීම
    (h)ශිෂ්‍යයින් නිරුවත් කර කාමරයක් පුරවා වසා තැබීම
    (i)නොයෙක් විකෘති ලිංගික ක්‍රියා සිදු කරවීම
    (j)Dips(Push-up) පැය ගණනාවක් කිරීම
    (k)ශිෂ්‍යයින්ගේ සහ ශිෂ්‍යාවන්ගේ ඇඳුම් සම්බන්ධ ව නීති පැණවීම (එම නීති දිගට ම ක්‍රියාත්මක නො වීම)
    (l)ශිෂ්‍යාවන් නේවාසිකාගාරවල උඩු කය නිරුවත් කිරීම
    ................ ආදී බෝහෝ දේ
    පහත සඳහන් දෑ කියවන්න.
    1. http://en.wikipedia.org/wiki/Ragging_in_Sri_Lanka#Major_incidents
    2. http://en.wikipedia.org/wiki/Ragging_in_Sri_Lanka#Physical_torture
    බුද්ධ දේශනයේ හැටියට නම් මෙවැනි දේ සිදු කරන අය අනිවාර්යෙන් අපාගත වේ.

    (iii)අන් අයගේ විපතේ දී කම්පා නො වීම
    මිනිසාගේ ගුණාංගයක් වන්නේ අන් අයගේ විපතේ දී කම්පා වීමේ ගුණයයි. එම ගුණය නැති වීම සඳහා නවක වදය හේතු වේ. සමහර සිසුන් නව සිසුන් පැමිණෙන තෙක් අවි අමෝරා සිටිති.

    (iv)මානසික විකෘති
    නවක වදයෙේ දි සිදු වන දෑ මානසික විකෘති බව බෝහෝ දෙනකේට නො වැටහීම අරුමයකි.
    පහත කථාව මාහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ සදාචාරයක් නැති රටක නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

    "එක් ජ්‍යෙෂ්ට සිසුවෙක් සිසුවක්ට කථා කළ අසභ්‍ය වචන අසා එතුමා ඔහුගෙන් මනොවෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කැමති දැයි විමසා ඇත. තම ගුරුවරයාට ඇති ගෞරවය හෝ වෙනත් හේතුවක් නිසා හෝ එම සිසුවා ඊට කැමැත්ත පළ කර ඇත. පසුව අනාවරණය වී ඇත්තේ ඔහුගේ මවගේ වැරදි හැසිරීමක් මත ඇති වූ මානසික පීඩනයක් මෙසේ පිට වන බවයි. පසුව ඔහු තම වැරදි ක්‍රියාදාමය නිවැරදි කර ගෙන ඇත."

    හිතවතුනි, ඉහත ග්‍රන්ථය කියවන්නේ නම් මැනවි.

    තවත් එක් දෙයක් තම මළ බාල්දියකට එකතු කර එය හොඳින් ජලයෙන් මිශ්‍ර කර තම ජ්‍යෙෂ්ටයින්ට හෝ නවක වදයට ලක් නො වු සිසුන්ට හෝ පහර දෙන්නේ මානසික විකෘති නිසා නො වේ ද?

    මෙයත් කියවන්න.
    In 1975, University of Peradeniya reported the first ragging related death when a 22 year old female student of the Faculty of Agriculture, Rupa Rathnaseeli became paralyzed as a result of jumping from the second floor of the hostel "Ramanathan Hall" to escape the physical ragging carried out by her seniors. It was reported that she was about to have a candle inserted in her vagina just before she had jumped out of the hostel building. She committed suicide in 1997.

    ඇයගේ ජිවිතය නැති කිරීමේ වගකීම ගන්නේ කවු ද? මෙය ප්‍රාණඝාතයක් නො වෙන්නේ ද?

    මේවන විට ශිෂ්‍යයින් කී දෙනෙක් ශාරිරික දුබලතාවයන්ට ලක් වී ජිවිතය පුරාම වන් දි ගෙවනවා ද? ඔවුන්ට සිදු වූ හානියට වන්දි ගෙවන්නේ කවු ද? ඔබත් හදවතින් සිතන්න. ඔබට එසේ සිදු වී අබ්බගාතයෙක් ලෙස ජිවත්වනවාට සිදුවෙනවාට කැමති ද?

    (v)විශ්ව විද්‍යාල හැර යෑම
    Ragging has been frequently associated with a broad spectrum of physical, behavioral, emotional and social problems among the victims. It has independently increased suicide risks in Sri Lankan universities. Each year, dozens of students leave their course due to unbearable ragging they undergo. And a new tendency is emerging as students who complete their GCE Advanced Level examination enter private higher educational institutions where ragging remains minimum, without entering government universities. Ragging is not merely a socio-legal problem. It has a certain psychological basis too. Most of the senior students do not will to rag their juniors. But they also succumb to the peer pressure in the end.

    (vi)තමාට ජ්‍යෙෂ්ට උතත්මයා යයි අමතා ගැනීමට කැමැත්තක් ඇති වන අයට පහත දැක්වෙන ප්‍රකාශය වැදගත් වනු ඇත.
    Knowledge will give you power, but character respect. - Bruce Lee
    Read more at http://www.brainyquote.com/quotes/authors/b/bruce_lee.html#x2kZBzT0rLs6YuFJ.99

    3.නවක වදයට ලක් වීමෙන් ඇති වන අවාසි
    (i)නවක වදයෙන් අධ්‍යාපනයට ඇති වන බලපෑම
    (a)අධ්‍යයන සමය ආරම්භයේ දී නවක වදය නිසා බෝහෝ ශිෂ්‍යයින්ට නිදා ගැනීමට ලැබෙන්නේ පැය 4ක් පමණි.
    (b)දිවා කාලයේ දී දේශන අතරතුර නින්ද යෑම
    (c)දේශනවල වැදගත් දේ නැවත අධ්‍යයනය කිරීමට හෝ තමා තනිව නිම කළ යුතු අභ්‍යාස නිම කිරීමට අවකාශ නො ලැබීම
    (d)දිනකට කිහිපවාරයක් නෑවීම නිසා ඇති වන උණ රෝගි තත්වයෙන් පෙළිම
    වැනි කරුණු නිසා අධ්‍යයනය කටයුතු අඩාල වීමෙන් ඇති වන පසු බෑම මඟහරවා ගැනීම පහසු නො වන බව ඕනෑම අයෙක්ට වැටහිය යුතු ය. මේ තත්වය දරුණු ව්නනේ සිංහල භාෂාවෙන් අධ්‍යාපන කටයුතු සිදු කර විශ්ව විද්‍යාලයේ දී පළමු වන වරට ඉංග්‍රිසී භාෂාවෙන් අධ්‍යයන කටයුතු සිදු කිරීමට සිදු වන සිසුන්ට ය. විශේෂයෙන් ඉංජිනේරු පීඨයේ දී පළමු වන වසරේ ප්‍රතිඵල මත තමාගේ ක්ෂේත්‍රය නිර්ණය වන නිසා එම පසු බෑම ජිවිතයටම බලපායි. නවක වදයට ලක් වූ අය විභාග අසමත් වීමේ ප්‍රතිශතය සමඟ (ප්‍රමාණය නො වේ.) නවක වදයට ලක් නො වු අය විභාග අසමත් වීමේ ප්‍රතිශතය සංසන්දනය කිරීම ඔබේ වගකීමයි.

    හාවයි ඉබ්බයි තරඟ කරලා දිනුවේ ඉබ්බා බව මතක තබා ගන්න. තමා ගැන අධි තක්සේරුවෙන් ඉන්න අයට වරදින මොහොත කොයි වෙලා වේ ද දන්නේ නැහැ. (අධික මාන්නය අකුසලයකි.)

    (ii)දීර්ඝ කාලීන මානසික පසුගාමී බව
    (iii)විශ්ව විද්‍යාලය හැර යෑම

    4.නිදහස සහ සුරක්ෂිත බව
    නවක වදයට ලක් වූ විට බෝහෝ දෙනක් ඉන්නා නිසා සුරක්ෂිත බවක් දැනේ. එහෙත් තීරණ ගැනීමේ නිදහස අවමය.
    Most of the senior students do not will to rag their juniors. But they also succumb to the peer pressure in the end.

    නවක වදයට ලක් නො වු විට නිදහස ඇත. සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවට ගැටළුවක් වන විට ඊට විරෝධතා පෑමට යැමේ නිදහස ඇත. එසේම ආචාර්ය මණ්ඩලයේ ගුරුවරයෙක්ට පහර දීම නිසා දඩුවම් ලද ශිෂ්‍යයින් නිදහස් කරන ලෙස දියත් කරන විරෝධතාවලට සහභාගී නො වී සිටිමේ නිදහස ඇත.

    නො දන්නා දේ දන්නා කෙනෙක් ගෙන් අසා දැන ගැනීම
    නවක වදයට ලක් වීමේ හේතු සමහරක් පුස්තකාලයට යාමට හැකි වීම, අවසන් සමුහ ඡායාරූපයට පෙනී සිටිම, ක්‍රිඩා කිරීමට හැකි වීම, නේවාසිකාගාරයේ රැඳීමට හැකි වීම, ජිම් යෑමට හැකි වීම, ශිෂ්‍යාවක් තෝරා ගැනීමේ සම්භාවිතාවය ඉහළ වීම, ඊළඟ වසරේ සිසුන් නවක වදයට ලක්කළ හැකි වීම

    5.සමානාත්මතාවය
    නවක වදයෙන් සමානාත්මතාවය ඇති නො වේ. මිනිසාගේ විශේෂත්වය බුද්ධියයි.
    Linguistic Intelligence
    Logical-Mathematics Intelligence
    Spatial intelligence
    Musical Intelligence
    Bodily-kinesthetic intelligence
    Interpersonal intelligence
    Intrapersonal intelligence
    ආදී වශයෙන් මානව බුද්ධිය නොයෙක් ස්වරූප ගනියි. මේ නිසා සියළු දෙනා සමාන කිරීමට බුද්ධිය සමාන කළ යුතු ය. ඒ කෙසේ ද?

    නවකවදයට ලක් වූ ආත්මාර්ථකාමි අය සිටිති. උදාසීන අය සිටිති. පරාර්ථකාමි අය සිටිති.
    නවකවදයට ලක් නො වූ ආත්මාර්ථකාමි අය සිටිති. උදාසීන අය සිටිති. පරාර්ථකාමි අය සිටිති.
    මිනිසුන්ගේ හැටි වෙනස් නො වේ.

    නවක වදයට ලක් වූ අනුන්ගේ දුක දැනෙන අය සිටිත. එසේ නො දැනෙන අය සිටිති.
    නවක වදයට ලක් නො වූ අනුන්ගේ දුක දැනෙන අය සිටිත. එසේ නො දැනෙන අය සිටිති.

    නවක වදයට ලක් වූ දුප්පත්තු සිටිති. මධ්‍යම පාන්තිකයෝ සිටිති. ධනවත්තු සිටිති.
    එසේ ම නවක වදයට ලක් නො වූ දුප්පත්තු සිටිති. මධ්‍යම පාන්තිකයෝ සිටිති. ධනවත්තු සිටිති.

    මිනිසුන්ගේ ලක්ෂණ සරලව විග්‍රහ කළ නො හැකි බව නො වැටහේ ද? තව ද තමන් සිටි තැනට පැමිණිමට උදව් කළ අය ගැන ද සිතීම වටියි. දෙමව්පියන්ගේ සිට ඒ උදව් කළ හැම දෙනාම නවක වදයට ලක් වූ අය ද??

    එකමුතුකම ගැන ද යමක් කියමි. මවා පෙන්වන එකමුතුකම තාවකාලිකයි. අනික නවකවදයට ලක් වූ විට එකමුතුකමක් ඇති වෙනවා නම් එක පීඨයේ එකට ඉගෙනගත්ත අය අද tuition ගුරුවරු වෙලා එකිනෙකාට බැණ ගන්නේ? මිනිස්සු තමාගේ වාසියටයි වැඩ කරන්නේ ඒක අල ද වාත ද කියලා වෙනසක් නැහැ.

    මිනිසුන්ගේ ගැට්ට බස්සන්න කෙනෙක්ට අයිතියක් නැහැ. බුදු හාමුදුරුවෝ අන් අයගේ මානය බිඳින්න ඒ අයට හිංසා කළේ නැහැ. තමාගේ හැකියාව පෙන්නුවා. (යමක මහා ප්‍රාතිහාර්යය) අනික ගැට්ට බස්සන්න එන අයත් ගැට්ට නම් මොක ද කරන්නේ??

    පාසලක එකම ජාතියේ අය නැහැ. ඒක පාසල් ගිය අය දන්නවා. කොහොමටවත් කිසිම වෙලාවක සම-නිවුන්නු වත් එක වගේ වෙන්නේ නැහැ. ඒ අයට තියෙන්නේ වෙනම අනන්‍යතාවයන්. බුදු හාමුදුරුවෝ එක් එක් පුද්ගලයා හැඳින්වූයේ වෙනම ලෝකයක් විධියට

    නවක වදයට ලක් වූ ගැට්ටෙොත් ඉන්නවා. සාමාන්‍ය අයත් ඉන්නවා. නවක වදයට ලක් නො වු ගැට්ටොත් ඉන්නවා. සමාන්‍ය අයත් ඉන්නවා.

    6.නවකවදයේ සීමා
    නවක වදයට සීමා පනවන්නේ කෙසේ ද? මට මෙය අපැහදිලි සංකල්පයකි. ඉහත මානව වටිනාකම් යටතේ දක්වා ඇති සියල්ල ඉවත් කළ විට නවක වදයේ ඉතිරි වන්නේ විනය සම්බන්ධ දෑ පමණි. එය පහත විස්තරාත්මකව සඳහන් කර ඇත.

    සාමාන්‍යයෙන් නවක වදයට ලක් කිරීම මානව හිමිකම් කඩ කිරීමක් වශයෙන් ද සැලකේ.
    The human rights of citizens of Sri Lanka are protected in terms of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka which is the supreme law in the country. According to this Constitution, any citizen can produce a petition to the Supreme Court in terms of the article 126 of the Constitution in case of a human right violation or a case closer to the infringement. The Constitution further highlights ruthless, brutal or contemptuous treatment to any party by another as a violation of human rights. University students are also considered as citizens and are subjugated to the Common Law that prevails in the country. Accordingly, the constitutional constrains specified above are equally applicable to university students. Any form of civil or criminal offence executed by them are liable to be punished and in an instance of violation of such rights committed by university students, they shall be produced before the relevant Court and subject to suitable punishment that followed by the trial. After the series of ragging-related incidents happened in 1997, Prohibition of Ragging and Other Forms of Violence in Educational Institutions Act, No. 20 of 1998 was passed in the Sri Lankan parliament. As specified in the detailed note of the Act, it is identified as an Act to eliminate ragging and other forms of violent and cruel inhuman and degrading treatment from educational institutions. The Act specifies the relevant Higher Educational Institutions coming under the Act and that includes all the Higher Educational Institutions established under the Universities Act No. 16 of 1978.

    විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ද පුරවැසියන් වන නිසා උප-සංස්කෘතිය කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන සාමාන්‍ය නිීතියට යටත් විය යුතු ය.

    විශ්ව විද්‍යාල නඩත්තු කරන්නේ මෙරට මිනිස්සු ගෙවන බදු මුදල්වලින්. ඒක එහෙම වෙද්දි නවක වදයට ලක් වූ අය විශ්ව විද්‍යාලය තමන්ගේ බූදලයක් කියල හිතන එක නම් සදාචාරාත්මක නැහැ. අමාරුවෙන් දෙමව්පියන් උපයපු මුදලෙන් ඉගෙන් ගෙන විශ්ව විද්‍යාලයට ගිහිල්ලා ඒක තමන්ගේ බුදලක් කියලා හිතන එක ගැට්ට නො වේ ද? මුදල් නිකං ලැබුණු නිසා මුදල් උපයන එකේ අමාරුව නො දැනීම මෙයට හේතුවයි.

    7.නවක වදයේ සුන්දරත්වය
    සමහරක් නවක වදයේ ආතල් එකක් ඇතැයි කියති.
    එහෙම නම් නවක වද කාලයේ දී නවක වදයට ලක් වෙන අයගේ මුහුණු අඳුරු ඇයි?
    දෙතොල නො කී දේ දෙනෙතේ කියැවෙනවා
    වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
    නවක වදයට ලක් වන අය පාසල් සමයේ විශ්ව විද්‍යාල පිවිසීමට වරම් නො ලද හොඳම යාළුවාට මම මේ දවස්වල බයෙන් ඉන්නේ කියලා කියන්නේ ඇයි?

    නවක වදය අතීතයේ සුන්දරව පැවති බව බෝහෝ දෙනා කියති. එසේ නම්,
    In 1974, ragging of some trainee mathematics teachers at the then Vidyalankara University (now University of Kelaniya) prompted Prime Minister Sirimavo Bandaranaike's Government to appoint V. W. Kularatne Commission to probe the incident. As a result, twelve undergraduates were expelled and four officials were penalised for their failure to take appropriate action. This is the first major step taken against university ragging by a Sri Lankan government.[10][11]
    In 1975, University of Peradeniya reported the first ragging related death when a 22 year old female student of the Faculty of Agriculture, Rupa Rathnaseeli became paralyzed as a result of jumping from the second floor of the hostel "Ramanathan Hall" to escape the physical ragging carried out by her seniors. It was reported that she was about to have a candle inserted in her vagina just before she had jumped out of the hostel building.[5] She committed suicide in 1997
    අතීතයේ පැවති සුන්දර නවක වදය ගැන කියනනේ හිත රවටා ගැනීමටයි.

    8.විනය
    නවක වදයේ හොඳ කියලා බෝහෝ දෙනා සඳහන් කළ දේ කෙළින් ම විනයට සම්බන්ධයි.
    දේශනශාලා තුල හැසිරීම
    ආපනශාලාව තුළ හැසිරීම
    උපදෙස් පුවරුවල ඇති උපදෙස් පිළි පැදීම යන ඒවා නවක වදය නිසා නැති වෙන බව පැවසේ. මට හිතේනනේ මේ දේවල් නිවසේ සහ පාසලේ නිවැරදි විනයක් ඇති කිරීමෙන් ලඟා කර ගත හැකි ඉලක්ක බවයි. එහෙම නැත්තන් ලංකාවේ මිනිස්සු ඔක්කොම නවක වදයට ලක් කරන්න වෙයි. තව දෙයක් නවක වදය සම්පූර්ණයෙන් ම තුරන් වූ පීඨ වල සිසුන්ගේ විනයක් නැද්ද? අනෙක නවක අනුරූපතා වැඩ සටහන් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩයේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා නේ. ඒ වගේ දී මේ වගේ දේවල් කියලා දෙනවනේ එතකොට මොකට ද නවක වදයක්??


    මිතුරන් වැඩි ප්‍රමාණයක් ඇති වීම නවක වදයට ලක් වීමේ වාසියක් කියලා හිතනවා. (පාප මිත්‍ර ඇසුර පිරිහීමට හේතු වේ. අවසානයට මේ ගැන වෙනම විස්තරයක් ඇත. තව ද බුදු හාමුදුරුවෝ බුදු වුණේ තනියමයි. එත් අපි කවුරුත් බුදු හාමුදුරුවෝ ආත්මාර්ථකාමි කියලා කියන්නේ නැහැනේ.)

    පාසල්වල නවක වදය තිබුණේ නැහැ. විශ්ව විද්‍යාලවල දේවල් අහලා තමයි. පාසල්වලට නවක වදය ආවේ. මුලනැති කළා ම ඉවරයි. බොරු සෝබන නැතිව.


    9.දීර්ඝ කාලීන බලපෑම
    (i)මානසික
    නවක වදයේ දී ඇති වන මානසික පසු බෑම නිසා ජිවිතකාලයටම බලපෑමක් ඇති වන බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට අවබෝධ වේ. විශේෂයෙන් ම ශිෂ්‍යාවන් ජ්‍යෙෂ්ට ශිෂ්‍යයින් විසින් වාචික ව සිදු කරන ලිංගික හිංසනය ඔවුගේ විවාහ ජිවිතයට ද බලපානු ඇත. ඉහත කරුණු බුද්ධිමත්ව විමසා බලන්නෙකුට නවක වදයෙන් පෞර්ශත්වය වර්ධනය නො වන බව අනිවාර්යෙන් වැටහිය යුතු ය.

    Personality
    From Wikipedia, the free encyclopedia
    Personality is the particular combination of emotional, attitudinal, and behavioral response patterns of an individual.

    (ii)ශාරිරික
    අවස්ථා ගණනාවක දී ශිෂ්‍යයින් මිය ගොස් ඇත.
    සිය දිවි නසා ගෙන ඇත.
    ජිවීත කාලයට ම බලපාන ශාරිරික දුබලතාවයටන් ලක් වී ඇත

    10.නවකවදයේ අඛණ්ඩ පැවැත්ම
    (a)පාඩුවේ සිටීමේ මූලධර්මය
    නවක වදයට ලක් නො වූ බෝහෝ දෙනා සහ නවක වදයට ලක් වූ සමහර අය නවක වදයට ලක් නො වී සිටීමේ හැකියාව ඇති බව සහ නවක වදය වදයක් වූ බව පැවසීමෙන් වැඩක් නැතැයි සිතා පාඩුවේ සිටිති. ඒ ගැන කිසිදු අදහසක් පළ නො කරති. මම හොඳින් හිටියා ම ඇති යය සිතති.
    (b)වරද පිළි ගැනීමට ඇති අකැමැත්ත
    නවක වදයට ලක් වු බෝහෝ දෙනා එහි ඇති අරුත් සුන් බව අවබෝධ කර ගත්ත ද ඒ බව ප්‍රසිද්ධියේ පවසන්නේ නැත. ඒ තමා තනි වේ යන බිය නිසා ය. නැවතත් ඉහත "නිදහස සහ සුරක්ෂිත බව" යන කොටස කියවන්න. ඒ නිසා ඔවුහු නවක වදය සම්බන්ධ මාතෘකාවක් පැමිණි විට ඕවා ඔහොම තමා වැනි මතයක සිටිති.
    (c)සැලසුම්සහගත බව
    (d)පැවැත්ම අත්‍යාවශ්‍ය බව සිතන සුළු පිරිසක් සිටීම
    (e)බලය
    ඉහත (c), (d) සහ (e) යන කොටස් ගැන දැනගැනීමට දැනට වසර දෙකක පමණ අතීතයේ සිට දියත කියවන්න. මම ඒ සම්බන්ධයෙන් කිසිවක් නො පවසමි.

    භෝග විනාශ මුඛ
    (a)සුරාව
    (b)නොකල්හි විදී සංචාරය
    (c)සංදර්ශන බැලීමට ලොල්බව
    (d)සුදුවෙහි ලොල් බව
    (e)පාප මිත්‍ර ඇසුර
    (f)අලස බව
    සිගාලෝවාද සූත්‍රයේ දී බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත.මෙම ලක්ෂණ නැති කිරීමට නවක වදය හේතු වෙනවා ද? නැත්නම් මෙම ලක්ෂණ ඇති කිරීමට නවක වදය හේතු වෙනවා ද?
    බෞද්ධයෙක් ලෙස කටයුතු කරයි නම් නවක වදයක් අවශ්‍ය ද?
    මගේ ආයාචනය නවක වදය පවතින්නේ මන් ද යන්න සොයා බලන ලෙසයි.
    වසර ගණනාවක් පැවති නිසා නවක වදය පැවතිය යුතු යයි කියන්නන්ට කීමට ඇති දේ පෙර මම සඳහන් කර ඇත.

    ඔබට තෙරුවන් සරණයි.
    වෙනත් ආගම් අදහන අය ද එම ආගමේ විනයට අනුව හැසිරෙනවා නම් මට හිතෙන්නේ (අනෙක් ආගම් ගැන බුද්ධ ධර්මය තරම් වත් නො දනිමි. බුද්ධ ධර්මය ද ඉතාම හොඳින් නො දනිමි.) නවක වදය අවශ්‍ය නො වන බවයි.

    අයිතිය - අමිල සේනාධීර
     
    Last edited:
    • Like
    Reactions: counter dr