මමත් කැම්පස් ගිහින් අවුරුදු 7ක් ඉගෙන ගෙන දැන් හොද ජොබක් කරන එකෙක්. අපේ නම් රැග තිබ්බේ නැහැ. එත් ෆන් වාත කිරිලි තිබ්බ. ලංකාවේ කවදාවත් නොහිතපු ප්‍රදේශ වලින් යාළුවො එකතු උනා. දැන් ඒව මතක් කර කර ආතල ගන්නවා.
හැබැයි මට හිතෙන්නේ රටේ සියලුම නිදහස් උසස් අද්යපනේ නවත්තන්න ඕන. මොකද ගොඩ දෙනෙක් කැමතිනේ සල්ලි දීල ගන්න උපාදියට. අනික ඒකට ලෝකෙම හොද පිලිගැනීමකුත් තියෙනවනේ. ආණ්ඩුවට කරදරෙකුත් නෑ. අනික නිදහස් අද්‍යාපනය වෙනුවෙන් කෑ ගහල පාරවල් බ්ලොක් කරන්නෙත් නෑ, ආණ්ඩුවට ඔය කැම්පස් නඩත්තු කරන සල්ලි වලින් මිනිස්සුන්ට ඔයිට වඩා වෙන දේවල් කරන්න පුළුවන් එතකොට. තව රස්සාවල් දෙන්න ඌන නැහැ. මොකද සියලු දෙනාටම පුද්ගලික විශ්වවිද්‍යාල වලින් වගකීමක් සහිතව හොද උපාදියක් ලැබෙන නිසා රස්සාවල ප්‍රශ්නෙකුත් නැහැ. අනික ප්‍රයිවට් කැම්පස් වලින් එන සල්ලි දීල ඉගෙන ගත්ත දොස්තරලා ස්ට්‍රයික් කරල ලෙඩ්ඩු මැරුණට එයාල අනුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්තේ නැති නිසා ප්‍රශ්නෙකුත් නැහැනේ.
ඇත්තටම මොකටද මේ නිදහස් අද්යපනේ. කැම්පස් ගිය උනුත් රස්සාවල් නැතුව ඉන්න එකේ ආයේ මොකටද උන්ට උගන්න්න සල්ලි වියදන් කරන්නේ. ආන්ඩුවෙනේ බන්, නිකන් නේ දෙන්නේ. ඒක නිසා ඔය ක්‍රමය වහාම නවත්වන්න ඕන.
(ප.ලි. - පොඩි වාත පාරක් කර පොඩි ගොන් ආතල් එකක් ගැනීම රැග් එක නොවේ. එය විද ඇත්තෝ එය ගැන දනිති. නමුත් අනවශ්‍ය ලෙස මානසික හා ශාරීරික පීඩාවන් ගෙන දෙන නවක වධය සමග එකග නොවෙමි. මා එවැන්නක් විද නැත. විදින්නට හෝ දෙන්නටද එයට අනුබල දෙන්නටද නොකැමැති වෙමි. මගේ පුද්ගලික අදහස නම් සියලුම පාසල් සිසුන්ට අනිවාර්යෙන්ම වසරක විශ්වවිද්‍යාල හෝ උසස් අද්යාපන ආයතනයක මුලික අද්යාපනයක් දිය යුතුය යන්නයි. )