කැරලි මර්දනයට උපන් කදුළු ගෑස්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැරලි මර්දනයට උපන් කදුළු ගෑස්

    “බාධක බිදගෙන ගිය වෙද සිසුන්ගේ උද්ඝෝෂණයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර”
    “වරාය සේවකයන්ට කොටුවේදී කදුළු ගෑස් ප්‍රහාර”
    “ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර පිරිස පළවා හරියි”
    වැනි ප්‍රවෘත්ති සිරස්තල පසුගිය දිනවල ඉතාමත්ම සුලභව අසන්නට, දකින්නට ලැබුණා. කදුළු ගෑස් ලෙස නිතරම වචනය භාවිතා කලත් අප වැඩි දෙනෙක්ට කදුළු ගෑස්වල රසායනික පැත්ත, කදුළුගෑස් හි ඉතිහාසය, භාවිතා විය යුත්තේ කුමන අවස්ථා වලදීද මෙන්ම එහි අවධානම හා ප්‍රතිවිපාක පිළිබඳව හරි හැටි අවබෝධයක් නෑ.
    ඉතින් අද ලිපිය මඟින් ඔබට ගෙන එන්නට අදහස් කලේ කදුළු ගෑස් පිළිබඳව විස්තර ටිකක්. මීට අමතරව කදුළු ගෑස් පිළිබඳව තව දේවල් ඔබ දන්නවනම් හෝ කදුළු ගෑස් ප්‍රහාරයකට මුහුණ දී ඇත්නම් ඒ අත්දැකීමත් comment එකකින් අපත් සමඟ බෙදා ගන්න අමතක කරන්න එපා.
    කදුළු ගෑස්හි අඩංගු රසායනික

    01-10-e1488190793941.jpg
    CS වායුව අඩංගු කදුළු ගෑස් (academic.aucegypt.edu)

    මාරාන්තික නොවන රසායනික අවියක් ලෙස මෙය හදුන්වනවා. Lachrymator ලෙස හදුන්වන කදුළු ගෑස් වල අඩංගු රසායනික සංඝටක ලෙස Pepper spray (OC gas), CS gas, CR gas, CN වායුව, Nonivamide Bromoacetone, Xylyl Bromide, මෙන්ම ළුණු හා වසාවාසි වල අඩංගු යම් රසායනික ද්‍රව්‍යත් මෙහි අඩංගු වෙනවා. ඉන් කිහිපයක් පිළිබඳව පහත ආකාරයට විස්තරාත්මකව දක්වන්නට පුළුවන්.
    CS වායුව

    මෙම වායුව මගින් ස්වසන පද්ධතියට අමතරව හදවතට සහ අක්මාවටද බලපෑම් සිදුවන බව සොයාගෙන තිබෙනවා. CS වායුව මාරාන්තික නොවන අවියක් ලෙස වර්ග කර තිබුණද ඊශ්‍රායලයේ J. A රහ්මාන් නැමැත්තා 2010 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින මියගොස් ඇත්තේ අධික ලෙස CS වායුව ආඝ්‍රහණය කිරීම හේතුවෙන් බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
    Xylyl බ්‍රෝමයිඩ්

    මෙතිල් බෙන්සයිල් බ්‍රෝමයිඩ් (methylbenzyl bromide) යන රසායනික නාමයෙන් හඳුන්වන අවර්ණ කාමර උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතින තරමක් විෂ සහිත වායුවක්.
    CR වායුව

    අළු පැහැයට හුරු කහ පැහැයකින් යුක්තයි. CS වායුවට වඩා විෂ බවින් අඩු මෙම වායුව CS වායුවට වඩා දස ගුණයක ප්‍රබල ක්‍රියාකාරිත්වයක් දක්වනවා. වායුවට නිරාවරණය වීමෙන් කැස්ස, ස්වසන අපහසුතා හා තාවකාලික අන්ධ බව පවා ඇති වන්නට පුළුවන්. තවද තෙත සම මත තැවරුණු විට වේදනාවක් හටගන්නවා.
    02-8-e1488190931310.jpg
    කදුළු ගෑස් විදීම සඳහා භාවිතා කරන අවිය (rfi.nic.in)

    විශේෂයෙන්ම කදුළු ගෑස් වලින් ඇස තුළ කදුළු නිෂ්පාදනය කරන ශ්‍රාවී ග්‍රන්ථි වල ස්නායු උත්තේජනය කරනවා. එවිට කඳුළු හා ශේල්ෂ්මල(සෙම) වැගිරීම සිදුවෙනවා. වර්තමානයේ දී CN ගෑස් වෙනුවට CS ගෑස් යොදා ගනු ලබන අතර ජාත්‍යන්තර වශයෙන් මේ වන විට භාවිතා කරන්නේ CS වායුව අඩංගු කදුළු ගෑස්.
    කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථා

    03-10.jpg
    ග්‍රෙනේඩ් ආකාරයේ කදුළු ගෑස් (www.gunauction.com)

    යුධ මෙහෙයුම් වලදී ජාත්‍යන්තර යුධ නීතියට අනුකූලව කදුළු ගෑස්හි ඇති රසායනික ද්‍රවයන් යොදා ප්‍රහාර එල්ල කිරීම සම්පුරණයෙන් තහනම් වෙනවා. අධික විෂ සහිත කදුළු ගෑස් (Bromoacetone) දෙවන ලෝක යුද්ධ කාලයේදී භාවිතා කර තිබුනත් වත්මන් යුධ කටයුතු වලදී භාවිතා කිරීම ජාත්‍යන්තර ගිවිසුම් මඟින් වළක්වා තිබෙනවා. නමුත් ලෝකය පුරා ගරිල්ලා සංවිධාන විසින් කදුළු ගෑස් යුධ මෙහෙයුම් වලට භාවිතා කර තිබෙන බව පෙනී යනවා. කොටි සංවිධානය විසින් 2008 වර්ෂයේ සැප්තැම්බර් මස ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව CR වායුව භාවිතා කර ප්‍රහාර එල්ල කිරීම එක් උදාහරණයක් ලෙස දක්වන්නට පුළුවන්.
    වර්තමානය වන විට බොහෝ රටවල සන්නද්ධ හමුදාවන්ට හා පොලීසියට කඳුළු ගෑස් යොදා ගෙන කැරලි මර්දනය කිරීම සදහා නිත්‍යානුකූල අවසරය ලබා දී තිබෙනවා. 1914 වර්ෂයේදී පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි Xylyl Bromide භාවිතා කර මුල්ම වරට කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
    අනතුරු ඇඟවීම් නොසලකා හරින පොලීසිය

    04-9-e1488191019118.jpg
    2013 වසරේ පැවති තුර්කි විරෝධතාවකට කදුළු ගෑස් එල්ල කළ අයුරු (Metro)

    නිෂ්පාදන සමාගම් විසින් කදුළු ගෑස් කාට්රිජ් මත අනතුරු ඇඟවීමක් ලෙස මෙලෙස මුද්‍රණය කර තිබෙනවා.
    “පුද්ගලයන් වෙත කෙලින්ම වෙඩි තැබීමෙන් වලකින්න. දරුණු තුවාල හෝ මරණය පවා සිදු විය හැකියි”
    ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල මෙම අනතුරු ඇඟවීම නොසලකා හැර තිබෙන බව විරෝධතාවන් වලදී සිදුවන ශාරීරික තුවාල වලින් පැහැදිලි වෙනවා. 2013 වසරේ තුර්කි විරෝධතාකරුවන්ට එල්ල කරනු ලැබූ කදුළු ගෑස් ප්‍රහාරයෙන් විරෝධතාකරුවන් සිය ගණනක් තුවාල ලබනවා.
    කෙසේවෙතත් කදුළු ගෑස් විදිනයන් ලෙස භාවිතා කරන තුවක්කු වල වෙඩි තැබීමේ පරාසය වෙනස් කිරීම සඳහා යාන්ත්‍රණයක් ඇත්තේ නැහැ. ප්‍රක්ෂේපන පරාසය වෙනස් කිරීම සඳහා ඇති එකම ක්‍රමය වන්නේ නිවැරදි කෝණයකින් ඉලක්කය ගැනීම පමණයි. මෙලෙස ඉලක්කය නිවැරදි ලෙස නොගැනීම දරුණු අනතුරු වලට හේතු වෙනවා. එවැනි අනතුරු 2013දී බ්‍රසීලයෙන් හා 2014 දී හොංකොං වලින් වාර්තා වෙනවා.
    කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වූ විට

    05-7-e1488191073658.jpg
    කදුළු ගෑස් ප්‍රහාරයක් නිවැරදිව එල්ල කරමින් (Getty Images)

    කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වූ විට ඇස්, නාසය, මුඛය හා පෙනහළු වල ශ්ලේෂ්මල උද්දීපනය වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා, ඇස් වල දැවිල්ල මෙන්ම තාවකාලික අන්ධභාවය ඇති වෙන්නට පුළුවන්.
    කදුළු ගෑස් මුදා හැරීමෙන් තත්පර 20 – 60 අතර කාලය තුළ මෙම මුලික ලක්ෂණ ඇතිවෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 30ක් තුළදී එම ප්‍රදේශයෙන් ඉවත් වී යාමෙන් එම ලක්ෂණ ඉවත් වී යනවා. නමුත් මෙම ප්‍රතික්‍රියාවෙන් සැලකියයුතු වෙනස්කම් ශරීරය තුළ සිදු විය හැකි බව විෂ විද්‍යාව පිළිබඳ ලෝක පර්යේෂණ සභාව පෙන්වා දෙනවා.
    බරපතල ආපදා

    06-7-e1488191111930.jpg
    මෙසේ කදුළු ගෑස් එල්ල කිරීම නිත්‍යානුකූල වේද? ( Newsfirst)

    දරුණු තැලීම්, ඇස පෙනීම අහිමිවීම්, හිස් කබලේ අස්ථි බිදීම මඟින් මරණයට පත් වීම් වැනි අනතුරු කදුළු ගෑස් ප්‍රහාරයන්හි බරපතල අනතුරු ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. මෑත කාලයේදී කදුළු ගෑස් ප්‍රහාරයක බරපතල ආපදාවක් වාර්තා වන්නේ ඉරානයෙන්. එහිදී ස්නායු තුවාල (44%), අංග චේදනය කිරීම්(17%) සහ හිසට සිදු වූ බරපතල තුවාල විශාල ලෙස වාර්තා වුනා.
    ඇදුම වැනි ස්වසන රෝගයන්ට ගොදුරුව සිටින පුද්ගලයන් කදුළු ගෑස් වලට නිරාවරණය වීම දැඩි ලෙස අවධානම් කටයුත්තක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඔවුන්ට ඉක්මනින් පිරිසිදු වාතාශ්‍රය මෙන්ම කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු වෙනවා. තවද CS වායුව සඳහා නිරාවරණය වීමෙන් සම පිළිස්සීමට ඇති හැකියාව ඉතා ඉහළයි.
    කැලිෆෝනියා විෂ පාලන පද්ධතිය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව 2002-2011 වර්ෂ තුළදී ලෝකය පුරා කදුළු ගෑස් තුවාල 3671ක් වාර්තා වී තිබෙන අතර ඉන් බරපතල තුවාල ලැබූ ප්‍රතිශතය 6.8%ක් , ඇස් වල බරපතල රෝග 54%ක් , ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග 32%ක් හා සමේ රෝග 18%ක් ලෙස වැඩි දුරටත් බෙදා දක්වා තිබෙනවා.
    ආරක්ෂක උපක්‍රම හා ප්‍රතිකර්ම

    07-5-e1488191247202.jpg
    විරෝධතාකරුවන් විසින් කදුළු ගෑස් නැවත ආරක්ෂක අංශ වෙතටම දමා ගැසීම බොහෝ වෙලාවට දකින්නට පුළුවන්. (National Geographic News)

    කඳුළු ගෑස් ප්‍රහාරයන්ට නිරාවරණය වීමෙන් වැළකීමට මුහුණු ආවරණ, මුඛ ආවරණ, වතුර බෝතල් මෙන්ම පිහිනීමේදී භාවිතා කරන Swimming Gogglesද යොදා ගනු ලබනවා.
    කදුළු ගෑස් සඳහා ස්ථිර විෂ නාශකයක් නොමැති වූවත් විවිධ ද්‍රව්‍ය හා විවිධ පියවර ඒ සඳහා යොදා ගනු ලබනවා. එම ප්‍රදේශයෙන් ඉවත් වී පිරිසිදු වාතාශ්‍රය ලැබෙන ස්ථානයකට පැමිණීම පළමුවෙන්ම කළ යුතු වෙනවා.අපිරිසිදු ඇදුම් ඉක්මනින් ඉවත් කිරීමෙන් සමට සිදුවෙන හානිය වළක්වා ගැනීමට පුළුවන්. අක්ෂි කාච භාවිතා කරන්නේනම් ඒවා හැකි ඉක්මනින් ඉවත් කිරීම කළ යුතු බව නිර්දේශ කර තිබෙනවා.
    ජලය මගින් ඇස් සෝදා හැරීම තවත් එක් ක්‍රමයක්. නමුත් කදුළු ගෑස්හි CS රසායනිකය අඩංගු වී පැවතුනොත් වේදනාව වැඩි වීමට පුළුවන්. විනාකිරි, ඛනිජ තෙල්, කිරි හා දෙහි යුෂ ප්‍රතිකාරයන්ට සඳහා ක්‍රියාකාරීන් විසින් භාවිතා කරන නමුත් එම පිළියම් කෙතරම් දුරට ඵලදායිද යන්න පැහැදිලි නෑ.
    ඉතින් කදුළු ගෑස් වල රසායන සහ ඒවා භාවිතා කරන අවස්ථා වගේම කදුළු ගෑස් ප්‍රහාරයකට හදිසියෙන් හෝ ඔබ මුහුණ දුන්නොත් ආරක්ෂා වෙන අන්දම දැන් තරමක් හෝ දුරට ඔබට පැහැදිලි වෙන්නට ඇතියැයි අප සිතනවා.


    Wikipedia, mentalfloss.com
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    රටේ ආදායමෙන් වැඩිම ගානක් වෙන් කරල තියෙන්නෙ කඳුලු ගෑස් වලට,
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මෙම වායුව මගින් ස්වසන පද්ධතියට අමතරව හදවතට සහ අක්මාවටද බලපෑම් සිදුවන බව සොයාගෙන තිබෙනවා.