කැලණි ගඟට එකතු වුණේ පිළිකා කාරකයක්‌

OceanInMotion

Active member
  • Oct 7, 2011
    152
    36
    28
    කැලණි ගඟට එකතු වුණේ පිළිකා කාරකයක්‌

    කැලණි ගඟට එකතු වුණේ පිළිකා කාරකයක්‌

    පිළිකා රෝහලේ ප්‍රකාශකයෙක්‌ කියයි

    පසුගියදා කැලණි ගඟට මිශ්‍ර වුණේ ඩීසල් නොව බීම නිෂ්පාදන සමාගමක්‌
    විසින් බැහැර කළ අපද්‍රව්‍යයක්‌ බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය
    අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා "දිවයින ඉරිදා
    සංග්‍රහය"ට පැවැසීය.

    එම බීම නිෂ්පාදන සමාගම අපද්‍රව්‍යයක්‌ ලෙස බැහැර කරන මෙම කාබනික
    රසායනයට පිළිකා ඇති කිරීමට පමණක්‌ නොව වකුගඩු අක්‍රීය කිරීමට ද
    හැකියාවක්‌ ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

    Source : http://www.divaina.com/2015/09/13/news01.html