කැ* ජෙප්පෝ නිහඬ ඇයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    කැ* ජෙප්පෝ නිහඬ ඇයි

    ලප කුමාර මේ පාර යහපාලනයෙන් කීයක් අරගෙනද දන්නේ නැහැ කට වහන් ඉන්නේ

    වෙනසක් කරන්න ගෙනා ආණ්ඩුව අද ඉන්දියාවට ඕනෑ වෙනස සිදුකරත්දී ජනතා විමුක්ති පෙරමුණේ අය නිහඬව සිටින්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ‍ලේකම් එම්. මුසම්මිල් මහතා පැවසීය. පිටකෝට්ටේ අංක 342 දරන


    ස්ථානයේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කළේය. මේ ආණ්ඩුව නිර්මාණය කරන්න වචන වලින් සහ ක්‍රියාවෙන් කැපවුණු ජවිපෙ ලාල්කාන්ත මහත්තයත් බලාගෙන ඉන්නේ ඉන්දියානු අයි ටී තාක්ෂණිකයන්ගේ සංගමයක් හදන්නද කියලා අපි දන්නේ නැහැ. එහෙම නැත්නම් සීපා අත්සන් කළාට පස්සේ එයාලා බලාගෙන ඉන්නේ එක්සත් ඉන්දියානු අයි ටී තොරතුරු තාක්ෂණ ශිල්පීන්ගේ සංගමයක් හදන්නද දන්නේ නැහැ. අද ඉන්දියාවට අවශ්‍ය වෙනස සිදුවෙද්දී අනුර කුමාරලාගේ ලාල්කාන්තලාගේ කටවල් වැහිලාද?

    දැන් ඉතා පැහැදිලියි වෙනසක් කියලා නිර්මාණය කරගත් වෙනස අපට ඕන වෙනස නමෛයි ඉන්දියාවටයි බටහිරටයි අවශ්‍ය වෙනස තමයි කියලා.

    ලෝක වෙළෙඳපළේ මෑත ඉතිහාසයේ වාර්තාවුණු අඩුම බොරතෙල් බැරලයක මිල ඩෙලර් 27 ට ඇවිත් තියනවා. ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයක් මේ ආණ්ඩුවට දෙන්න පුළුවන් රුපියල් 51 ට. හැබැයි ආණ්ඩුවේ ගාණ කීයද රුපියල් 117 යි. අද රුපියල් 51 ට දෙන්න පුළුවන් පෙට්‍රල් ලීටරයයි රුපියල් 117 ට ආණ්ඩුව දෙන්නේ. එහෙනම් බදු විතරක් රුපියල් 66 ක්. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 130 ක බදු. අපි අහනවා චම්පික මහත්තයාගෙන් මේවා සහගහන බදු ‍නෙවෙයිද? මේවා මෙගා බදු ‍නෙවෙයිද? පාරිභෝගිකයා මත 130 ක බදු පැටවීම සාධාරණද?

    මේ ආණ්ඩුව කිව්වේ අපමණ අගයක් නිර්මාණය කරනවා කියලා. අද අපිට තේරෙනවා අගයේ ආකාරය. හමුදා කඳවුරුවලට විදේශිකයන්ට ඇවිල්ලා පරීක්ෂා කිරීමට ආණ්ඩුව අවසර දෙනවා, හමුදා කඳවුරු සීල් තියනවා, බුද්ධි අංශ දඩයම් කරනවා. ඔන්න හමුදාවට අපමණ අගය ලබාදීපු හැටි.

    අපේ තොරතුරු තාක්ෂණ සේවය, නාවික ක්ෂේත්‍රය, අනාගතයේ වෛද්‍ය ක්ෂේත්‍රය එපමණක් ‍නෙවෙයි ලංකාවේ සියලුම සේවා ක්ෂේත්‍රවල සැලුන් එකේ සිට කම්කරුවා දක්වා සියලුම ක්ෂේත්‍රවල රැකියා ඉන්දියානුවන්ට දෙනවා. ඔන්න රක්ෂාවලින් මිනිස්සුන්ට අපමණ අගයක් දුන් විදිහ.

    රුපියල සම්පූර්ණයෙන් කඩා වැටිලා. අද ඩොලරයට අපමණ අගයක් දීලා තියනවා. පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂයේ අයට අවස්ථාව දෙන්නේ නැතිව ඩීල් විපක්ෂයට පමණක් දීලා සැබෑ විපක්ෂය යට කරලා. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදයට අපමණ අගයක් දුන් හැටි.

    ඒ විතරක් ‍නෙවෙයි ‍පොලිසියටත් අපමණ අගයක් දීලා තියනවා. ඇඹිලිපිටිය සිද්ධියෙන් පස්සේ ‍පොලිසියට කියන්නේ “අති විශේෂ ‍පොලිසිය.” ‍පොලිස් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරලා අද ‍පොලිසියට අපමණ අගයක් නිර්මාණය කරලා දීලා තියනවා.

    බඩු මි‍ලේ අපමණ අගය ගැන අපි කථා කරන්න ඕන නැහැ. වෙළෙඳපළට යන හැම කෙනෙකුටම බඩු මිල දැනගත්තැකි. අගමැති පාර්ලිමේන්තුවේ කිව්වා සීපා ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. නමුත් ඒකේ සඳහන් කරුණු සියල්ල අඩංගු ‘ඇට්කා’ ගිවිසුම අත්සන් කරන්න කටයුතු සූදානම් කරලා තියනවා. මේ ගිවිසුමේ රාමුව අත්සන් කිරීම රාජ්‍ය නායකයින් දෙපළ විසින් සිදුකරනවා. එහි රැකියා අවස්ථා පියවරෙන් පියවර අපේ රටේ සේවාවන් විවෘත කිරීමට කටයුතු කරනවා. මේක අපේ ආණ්ඩුව විසින් හිස් චෙක් ‍පොතක් අත්සන් කරලා ඉන්දියාවට දෙනවා හා සමානයි. එතකොට ඉන්දියාවේ නිලධාරීන් මේකට ගණන් හිලව් ඇතුළු කරනවා. ඒ අනුව අපේ රටේ සමස්ත සේවා ක්ෂේත්‍රයට ඉන්දියානු ග්‍රහණයට ගැනීම සඳහා මේ වන විටත් පියවර ගැනීම සිදුවෙනවා.
    එහි ආරම්භක පියවර විදිහට තොරතුරු තාක්ෂණ සේවාව, නාවික ක්ෂේත්‍රයේ සේවාවන් විවෘත කිරීමට තීරණය කළ බව ආණ්ඩුව ප්‍රකාශ කරලා තියනවා. මේක ඉතාම භයානක දෙයක්. එක පැත්තකින් ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් ශ්‍රී ලංකාවේ නාවික පිහිටීමේ වැදගත්කම, ශ්‍රී ලංකාවේ නාවික කේන්ද්‍රස්ථානයක් විදිහට ඇති වැදගත්කම දැන් දශක ගණනාවක් තිස්සේ ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි කෙළ හල හල බලාගෙන ඉන්නවා.

    දැන් මේ ආණ්ඩුව නාවික ක්ෂේත්‍රය විවර කිරීම හරහා ශ්‍රී ලංකාවේ වරායන් හා නාවික කටයුතුවලට ඉන්දියාවේ මැදිහත්වීම වැඩි කරන්න ඉන්දියාවට මේ ක්ෂේත්‍රයට සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා.

    තොරතුරු තාක්ෂණ සේවාව අපේ රට කුඩා වුණාට අපේ රටට විභවයක් තියනවා ලෝකයේ තොරතුරු තාක්ෂණ සේවාවේ විශාල පරාසයක් අත්පත් කරගැනීම සඳහා. සම්පූර්ණයෙන්ම ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉන්දියාව අත්පත් කරගැනීමට මේ ආණ්ඩුව එකඟවෙලා.

    රැකියා නැතිවීම පමණක් නමෛයි රැකියාවලට ලැබෙන වැටුප අඩුවීම පමණක් නමෛයි එතනින් ඔබ්බට ගිහින් මේ සමස්ත ක්ෂේත්‍රයට ඉන්දියානු ග්‍රහණයට ලක්වීම ඉතාම භයානක දෙයක්. අපේ රටේ රැකියා ක්ෂේත්‍රයේ ඉන්න හැත්තෑපන්දහසකට විතර විශාල අර්බුදයකට මූණදෙන්න වෙනවා. ලාභ ශ්‍රමයකට මේ රැකියා ඉන්දියානුවන් අත්පත් කරගැනීම නිසා මෙරටේ රැකියාලාභින්ගේ රැකියා අහිමි වේවි.

    ජනිපෙ නියෝජ්‍ය ‍ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා
    මේ ගිවිසුමේදී නාවික ක්ෂේත්‍රය විශේෂයෙන් ඇතුළත් කරලා තියෙන්නේ ඇයි? ඉදිරියේදී යුද්ධ සිද්ධවෙන්නේ කඩුවෙන් තුවක්කුවෙන් ‍නෙවෙයි. තාක්ෂණ ක්ෂේත්‍රය ඔස්සේ. එතකොට ඉන්දියාව මේක දැකලා තියනවා.

    අපි මේ විවෘත කිරීම හරහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 10 ක් අහිමි කරගන්නයි යන්නේ. ඒ වගේම අවුරුද්දකට තොරතුරු තාක්ෂණ ශිල්පීන් දළ වශයෙන් 6000 ක් එළියට එනවා. ඒකෙන් 50 ක් රාජ්‍ය ආයතනවලින් 50 පෞද්ගලික. මේ 6000 දෙනාට රැකියාවල් අහිමිවීමේ අවදානමක් තියනවා

    නාවික ඉංජිනේරු ක්ෂේත්‍රය ගත්තොත් ඇට්කා ගිවිසුම අත්සන් කළොත් ඒකත් එක්ක සමානුපාතිකව දනුෂ්කොඩි සිට මන්නාරම දක්වා පාලමක් හදන්න නියමිතයි. මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මර්ගයක් හදන්න නියමිතයි.

    ඉන්දියාවේ “පැටවුම්” සහ “බෑම” කියන වරාය භාවිතය ඔවුන් ත්‍රිකුණාමල වරායේ සිදුකිරීම තුළින් ඉන්දියාවේ වරායක් බවට ත්‍රිකුණාමලය පත්වෙනවා. මන්නාරම ඉඳන් ත්‍රිකුණාමලයට හදන මාර්ගය ඉන්දියානුවන් යටතේ පාලනය වන මාර්ගයක් බවට පත්වෙනවා. එතකොට ලංකාව කොටස් දෙකකට කැඩෙනවා.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    උඹ ඡන්දෙ දුන්නෙ JVP එකට නම් ඔහොම කියන එක සාධාරණයි.
    එහෙම නැත්නම් මුලින් ම උඹ ඡන්දෙ දුන්න අයට කියන්න.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔයගොල්ලෝ කරගෙන යන්න-
    අපි විරැද්ද වෙන්නම්...
    කියල පොරොන්දු වුනු එවුන්වත් කටක් නාරින එකේ ජෙප්පො කට අරීද බන්...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    ඔයගොල්ලෝ කරගෙන යන්න-
    අපි විරැද්ද වෙන්නම්...
    කියල පොරොන්දු වුනු එවුන්වත් කටක් නාරින එකේ ජෙප්පො කට අරීද බන්...
    :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොපිට චන්දෙ දෙන්න නම් බෑ. වෙන එවුන්ට චන්දෙ දීල උන් එලව එලවා අරිනකොට තමයි JVP එක මතක් වෙන්නේ. නෙද්දකින් තොපි...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැම දේශපාලන පක්ෂෙකටම යුතුකමක් තියෙනව ඉක්ටා වගේ ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නෙකදි කට ඇරල කතා කරන්න.. එතනදි චන්දෙ දුන්නද නැද්ද කියල කතා කරන එක වැරදි.. අඩුම තරමින් තමන්ට කතිරෙ ගහපු උන් ගැන හිතලවත්..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝ බන් විමල් වීරවංශය ... මහින්ද මොකෝ සද්ද නැත්තෙ ? කුරුණෑගල මිනිස්සුන්වත් රැවැට්ටුව නේද :P

    http://www.hot.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2016/01/wimal-weerawansa_23.html
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝ බන් විමල් වීරවංශය ... මහින්ද මොකෝ සද්ද නැත්තෙ ? කුරුණෑගල මිනිස්සුන්වත් රැවැට්ටුව නේද :P

    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2016/01/wimal-weerawansa_23.html
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැම දේශපාලන පක්ෂෙකටම යුතුකමක් තියෙනව ඉක්ටා වගේ ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නෙකදි කට ඇරල කතා කරන්න.. එතනදි චන්දෙ දුන්නද නැද්ද කියල කතා කරන එක වැරදි.. අඩුම තරමින් තමන්ට කතිරෙ ගහපු උන් ගැන හිතලවත්..

    නැගී සිටිය හැක එක්සත්වී ...
    බෙදී ගියොත් රට යයි සුන්වී ...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    YKg0atw.jpg