අවවාදයයි: ඉදිකිරීම් ක්ෂේත්රයේ සහ Onilne භාණ්ඩ මිලදී ගන්න අය වෙතයි!
Online Ads (ikman / FB Marketplace) වලින් බඩු ගන්නා ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු අලුත්ම ගැටයක්!
වංචාව සිදුවන්නේ මෙහෙමයි:
1.වංචාකරු සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් ඇස්බැස්ටෝස්, සිමෙන්ති හෝ වෙනත් ද්‍රව්‍ය විකිණීමට දැන්වීම් පළ කරනවා.
2.ඔබ ඇණවුම් කළ පසු, වංචාකරු ඔබේ ප්‍රදේශයේ ඇති සැබෑ Hardware එකකට කතා කර ඔබේ ලිපිනයට භාණ්ඩ Delivery කරනවා.
3. භාණ්ඩ ඔබගේ නිවසට/සයිට් එකට ආ පසු, වංචාකරු විසින් ඔබට කතා කර ඔහුගේ බැංකු ගිණුමට Online Transfer මඟින් මුදල් ලබාගන්නවා.
4. භාණ්ඩ රැගෙන ආ රියදුරු මුදල් ඉල්ලන විටයි වැටහෙන්නේ ඔබ මුදල් දමා ඇත්තේ කිසිදු සම්බන්ධයක් නැති වංචාකරුවෙකුට බව! අන්තිමේදී භාණ්ඩත් නෑ, ලක්ෂ ගණනක මුදලුත් නෑ!
බේරෙන්නේ කොහොමද?
1.ලොරියෙන් බඩු ආ පමණින් කලබල වී කිසිවෙකුට Online මුදල් දමන්න එපා.
2.බඩු රැගෙන ආ රියදුරු හෝ Hardware එකේ හිමිකරු සමඟ සෘජුව කතා කර තහවුරු කරගන්න.
3.මුදල් ගෙවන්නේ නම් අදාළ Hardware එකේ නමට ඇති නිල බැංකු ගිණුමට පමණක් මුදල් යොමු කරන්න හෝ Cash On Delivery (අතට මුදල්)