කැ# බාස්ලගේ වීර ක්‍රියා...

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,234
    7,749
    113


    🚨
    අවවාදයයි: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහ Onilne භාණ්ඩ මිලදී ගන්න අය වෙතයි!
    Online Ads (ikman / FB Marketplace) වලින් බඩු ගන්නා ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු අලුත්ම ගැටයක්!

    වංචාව සිදුවන්නේ මෙහෙමයි:
    👇


    1.වංචාකරු සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් ඇස්බැස්ටෝස්, සිමෙන්ති හෝ වෙනත් ද්‍රව්‍ය විකිණීමට දැන්වීම් පළ කරනවා.

    2.ඔබ ඇණවුම් කළ පසු, වංචාකරු ඔබේ ප්‍රදේශයේ ඇති සැබෑ Hardware එකකට කතා කර ඔබේ ලිපිනයට භාණ්ඩ Delivery කරනවා.

    3. භාණ්ඩ ඔබගේ නිවසට/සයිට් එකට ආ පසු, වංචාකරු විසින් ඔබට කතා කර ඔහුගේ බැංකු ගිණුමට Online Transfer මඟින් මුදල් ලබාගන්නවා.

    4. භාණ්ඩ රැගෙන ආ රියදුරු මුදල් ඉල්ලන විටයි වැටහෙන්නේ ඔබ මුදල් දමා ඇත්තේ කිසිදු සම්බන්ධයක් නැති වංචාකරුවෙකුට බව! අන්තිමේදී භාණ්ඩත් නෑ, ලක්ෂ ගණනක මුදලුත් නෑ!

    බේරෙන්නේ කොහොමද?
    🤔


    1.ලොරියෙන් බඩු ආ පමණින් කලබල වී කිසිවෙකුට Online මුදල් දමන්න එපා.

    2.බඩු රැගෙන ආ රියදුරු හෝ Hardware එකේ හිමිකරු සමඟ සෘජුව කතා කර තහවුරු කරගන්න.

    3.මුදල් ගෙවන්නේ නම් අදාළ Hardware එකේ නමට ඇති නිල බැංකු ගිණුමට පමණක් මුදල් යොමු කරන්න හෝ Cash On Delivery (අතට මුදල්)
     
    • Like
    Reactions: vito

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    මේ ශනුක ශනුක මේ ගෘප් එකේම (නිවසක් සාදන්නන්ගේ සංගමය - House Building Guide) දාපු පෝස්ට් එකකට කමෙන්ට් කරල ඊයෙ අපේ ගෙදර වතුර ටැංකි කාමරේ කපරාරු කරන්න කියල ආව. කටුණායක ඉදන් 7.10 බස් එකේ ඇවිත් 7.50ට මාකුඹුරට ආව. (එච්චර ඉක්මණට එන්න බැරි බව දන්න නිසා සැක නොහිතුනාමත් නෙවෙයි). කොහොම හරි ඒ කාමරේට ඇක්සස් තියෙන්නෙ ඉණිමගකින් නැග්ගාම. හස්බන්ඩ්ට ලොකු ඇක්සිඩන්ට් එකක් උනා, එයාට ඉණිමගේ නගින්න බෑ. මට නගිනින පුළුවන් වෙන්න ඉණිමග තියාගන්න බෑ.

    කොහොම හරි ඊයෙ හවස කිව්ව, කාමරේ ඇතුළ කපරාරු කරල ඉවරයි, එළියෙ බිත්ති කෑල්ල අද ඉවර කරනව කියල. රෑ රුපියල් 11,000ක් ඉල්ලගත්ත. ඊට අමතරව තුන් වේල කෑම, සිගරට් 6ක්, බුලත් විට 3ක්, උදේ මනිස් ලෑල්ලක් ගන්න කියල තව රුපියල් 1000ක් ඉල්ලුවා. රෑ හදන ගෙදර නවතිනව කියල කිව්ව. අපි සල්ලි දීල ගෙදරින් එද්දි රෑ 9ට වගේ ඇති.

    අද පාන්දර ළමයට අසනීපයි, සල්ලි හදිස්සි කියල රුපියල් 11,000 ගෙදරට ට්‍රාන්සර් කරන්න කිව්ව. එයා අතේ 5000ක් තියෙනව, ඒක දෙන්නං කිව්ව. අද වැඩ ඉවර වෙනවනෙ, පොඩි ළමයෙක්ටනෙ කියල මම ඒ 11.000ත් දැම්ම. උදේ එද්දි ඒ මිනිහ ගිහින්. අද වෙන වැඩකට ආව මනුස්සයෙකව කාමරේට නග්ගල බැලුව, කිසිම දෙයක් කරල නෑ. අඩි 3ක වගේ බදාම ගොඩක් කාමරේ මැද ගල් වෙලා.

    ෆෝන් අන්ස්වර් කරේ නෑ. ටෙක්ස්ට් කරා. හොරකම් කරල මරණ තර්ජනත් කරනව.
    ෆොටෝස්, ස්ක්‍රීන්ෂොට් ඇටෑච් කරල තියෙනව. ආයෙ කෙනෙක් අහු නොවෙන්නයි මේ දැනුවත් කරන්නෙ.


    775537564_27612759298426077_4844109778408259430_n.jpg
    774059414_27612760968425910_8966148748800700482_n.jpg


    774594614_27612760875092586_7789973719494985285_n.jpg
    774745086_27612759505092723_4505748755612233858_n.jpg


    775319222_27612759855092688_6734918209185060580_n.jpg
    775259842_27612760538425953_2844034711313326447_n.jpg


    776222393_27612759665092707_8665774484121634797_n.jpg
    774666363_27612760505092623_7527036383602672547_n.jpg


    - FB

    ලෝබකමට බුකියෙ පෝස්ට් දාල අඩුවට වැඩ කරන්න උන් හොයන උන්ට ඔහොම වෙලා මදි. 🥴 🥴
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    මාර මොඩයෝනේ ඔහොම නිකන් සල්ලි දෙනවද. ඇති ඔයින් ගියා
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    886
    483
    63
    ලෝබකමට බුකියෙ පෝස්ට් දාල අඩුවට වැඩ කරන්න උන් හොයන උන්ට ඔහොම වෙලා මදි. 🥴 🥴
    hamotama minissu hoyaganna ba.. contacts na.. ekai ehema fb daala hoyanne.. mokada reviews thiyenawane..

    oya kiyanawa wage "ලෝබකමට " newei.. e oya hithena widiya,.

    me wage sakkili fb eken nathuwa hardware walin unath set wenna puluwan...
    ekadawasak ekathanaka hondata wadakarana eka thawa thanaka sakkili ballek wage wada karanne..

    oya wada karanna ena hama kenama owata asa wela igenagena enawa newei.. samaharu ennanwale field ekata awith paahara wada karanwaa