කෑම පිළියෙළ කර ගැනීමට පොල් ගෙඩියක් කැඩීමට ගිය අයෙකුට වත්තේ හිමිකරු විසින් ගිනි අවියකින් වෙඩි තබනු ලැබ තිබේ.
කොච්චිකඩේ පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව ය.
මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, අංක 296/8/13,අඩි හැට පාර දලුපත පදිංචි 25 හැවිරිදි තරුණ පුද්ගලයෙකි.
තරුණයා ඊයේ ජූනි 15) දින පස්වරු 2.15ට පමණ මෙම වත්තට අනවසරයෙන් ඇතුළු වී පොල් කැඩීම සිදු කරමින් සිටියදී වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇත.
වෙඩි තැබූ වත්තේ හිමිකරු කොච්චිකඩේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර අද (ජූනි 16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
නිමන්ති ප්‍රනාන්දු
මීගමුව