කෑමට පොල් ගෙඩියක් කැඩුවැයි වෙඩි තබයි…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කෑම පිළියෙළ කර ගැනීමට පොල් ගෙඩියක් කැඩීමට ගිය අයෙකුට වත්තේ හිමිකරු විසින් ගිනි අවියකින් වෙඩි තබනු ලැබ තිබේ.
    කොච්චිකඩේ පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව ය.

    මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, අංක 296/8/13,අඩි හැට පාර දලුපත පදිංචි 25 හැවිරිදි තරුණ පුද්ගලයෙකි.

    තරුණයා ඊයේ ජූනි 15) දින පස්වරු 2.15ට පමණ මෙම වත්තට අනවසරයෙන් ඇතුළු වී පොල් කැඩීම සිදු කරමින් සිටියදී වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

    බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇත.
    වෙඩි තැබූ වත්තේ හිමිකරු කොච්චිකඩේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර අද (ජූනි 16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

    නිමන්ති ප්‍රනාන්දු
    මීගමුව
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    අපේ එහා වත්තෙත් මුර කාරයෙක් ඉන්නවා. ඒ නිසා අපේ වත්තත් බේරෙනවා. අහලා කඩන්න තිබ්බේ. මොනවා උනත් වෙඩි තිබ්බ එක වැරදි
     
    • Sad
    Reactions: Kalegana

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    අපේ එහා වත්තෙත් මුර කාරයෙක් ඉන්නවා. ඒ නිසා අපේ වත්තත් බේරෙනවා. අහලා කඩන්න තිබ්බේ. මොනවා උනත් වෙඩි තිබ්බ එක වැරදි
    math ekagai mekata. uta ahala karnna tibbe. mokada smahar ewun ekakne kiyala atha arala damma digatama e varadda karnna patan gannawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,670
    75,736
    113
    කෑම පිළියෙළ කර ගැනීමට පොල් ගෙඩියක් කැඩීමට ගිය අයෙකුට වත්තේ හිමිකරු විසින් ගිනි අවියකින් වෙඩි තබනු ලැබ තිබේ.
    කොච්චිකඩේ පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව ය.

    මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, අංක 296/8/13,අඩි හැට පාර දලුපත පදිංචි 25 හැවිරිදි තරුණ පුද්ගලයෙකි.

    තරුණයා ඊයේ ජූනි 15) දින පස්වරු 2.15ට පමණ මෙම වත්තට අනවසරයෙන් ඇතුළු වී පොල් කැඩීම සිදු කරමින් සිටියදී වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

    බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇත.
    වෙඩි තැබූ වත්තේ හිමිකරු කොච්චිකඩේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර අද (ජූනි 16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

    නිමන්ති ප්‍රනාන්දු
    මීගමුව
    Methana inna pakirla kawi liyanna kalin mama mey tika kiyannam

    Thamunta aithi nathi deyak nam panala kadala ganan epa. Illapan. Samahara wita dei, nathan nodi indi. Eka unge kamaththa.

    Issara apey dell gahak tibba, gedi pirila. Gamey kariyo apita penna horen gahata nagala kadagena yanawa. Apiwa dakkama danne ne wage bahinawa. Illuwanam kawadawth nodi inne ne, Uparima kiyanawa apitath gediyak kadala deela palayan kiyala.

    Scene eka tiyenne ehema horen kadanawa dakkama umbata enne umbawa violate kala wage feeling ekak. Eka danne aithi kaarayata misa pitin balan inna unta newi.

    So mama antimata kaley gahama kapala damma hukapan kiyala gamey unta. Edain passe ekektawth free dell ne. Mata gaanak ne mokada mata komath oken kanna wenneth ne. Gamey un gaha kapanawa dakala anda anda hitiya :-D.

    So next time if you want something ask for it, don't steal it.
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    මේ වගේ වෙලාවක වෙඩි තියන එක වැරදි. බෙහෙතුත් නැහැ. අනික එක මනුස්සයායි ඇවිත් තියෙන්නේ ඒකත් මහා දවල්. ගහේ ඉද්දිද දන්නේ නැහැ වෙඩි තිබ්බේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    Maru news ne bung.. Anunge wathuwalata panala Kamata gedi kadana eka Sadaranai kiyala pennana da hadanne.. thiyanna thibbe oluwa kudu wenna.. Kuddoi Hora huthtalai bo wela hama thanama.. Horaa pol kadanakum bawana karanna kiyalada kiyanne Gedara ekata.. Licensed weapon ekak deela thiyenne wena magulak karannada..
    පොල් ගෙඩියක් කඩෙන් ගන්න තරම් වත්කමක් නෑ කියන තිත්ත ඇත්ත මතු කරනවට වඩා වත්තෙ අයිතිකාරයව හතුරා කරන එක ලේසියි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අපේ එහා වත්තෙත් මුර කාරයෙක් ඉන්නවා. ඒ නිසා අපේ වත්තත් බේරෙනවා. අහලා කඩන්න තිබ්බේ. මොනවා උනත් වෙඩි තිබ්බ එක වැරදි
    සමස්ත ජනතාවගෙ කරුමෙ නිසා කන්න නැතුව ගියා
    කොල්ල ලබන ආත්මෙට කරුමයක් කරගන්න හොරෙන් පොල් කඩන්න ගියා
    පෙර ආත්මෙ කරුමයක් හින්දා වෙඩි කන්න උනා
    වත්තෙ අයිතිකාරයගෙ පෙර ආත්මෙක කරුමයක් හින්දා දැන් නඩු යන්න වෙනවා

    ඔහොම නෙමෙයිද මචං
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හොරකමේ ආපු එකා මාට්ටුවෙන්න යද්දි ගහට නැග්ගද දන්නෑ. ඔලුවට වෙඩිතියන්න තිබුනෙ
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    සමස්ත ජනතාවගෙ කරුමෙ නිසා කන්න නැතුව ගියා
    කොල්ල ලබන ආත්මෙට කරුමයක් කරගන්න හොරෙන් පොල් කඩන්න ගියා
    පෙර ආත්මෙ කරුමයක් හින්දා වෙඩි කන්න උනා
    වත්තෙ අයිතිකාරයගෙ පෙර ආත්මෙක කරුමයක් හින්දා දැන් නඩු යන්න වෙනවා

    ඔහොම නෙමෙයිද මචං
    එහෙම තමයි පොඩි හරි පිනක් තිබ්බ නම් කොල්ලා වෙඩි කන්නේ නැහැ. සසර කොච්චර බිය කරුද. එන ආත්මෙක මුරකාරයත් ඔය වගේම වෙඩි කයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ වගේ වෙලාවක වෙඩි තියන එක වැරදි. බෙහෙතුත් නැහැ. අනික එක මනුස්සයායි ඇවිත් තියෙන්නේ ඒකත් මහා දවල්. ගහේ ඉද්දිද දන්නේ නැහැ වෙඩි තිබ්බේ
    මේක අද කරන්න දුන්නොත් හෙට මේක නිව් නෝමල් වෙනවා. මේක වෙන්නම ඕනේ. යකෝ පොල් ගෙඩියක් උනත් ඉල්ලා ගන්න දැනගන්න ඕනේ. දෙන්නේ නැත්නම් එක උගේ වැඩක්. උ එක ගෙනියයි මැරෙනකොට. හැබැයි හොරකමට ඉඩ දෙන්න හොද නැ මේ වගේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    එහෙම තමයි පොඩි හරි පිනක් තිබ්බ නම් කොල්ලා වෙඩි කන්නේ නැහැ. සසර කොච්චර බිය කරුද. එන ආත්මෙක මුරකාරයත් ඔය වගේම වෙඩි කයි.
    අපරාදෙ පොලිසි උසාවි තියෙන්නෙ දඬුවම් කිරීම කර්මයට බාර දීල පොලිසිය ලව්ව පුරන් කුඹුරු අස්වද්දන්න තියෙන්නෙ මංනම් කියන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම එකක් දෙකක් වෙනකොට බලමු වෙන දේ.
    මට හිතෙන්නෙ කෑමට දෙයක් හොයාගන්න බැරි උන් සෙට් වෙලා පිහි, මන්න අරන් ගේමට බහියි. ඒ අස්සෙ අර වගේ එකෙක් වෙඩි තියන්න ආවොත් ඌට අබ සරණයි. මුලින් අර මන්ත්‍රීට උන එක වෙන්නෙ. ඊට පස්සෙ අමුවෙන් උගේ මස් කයි.

    ඉවසල බලන් ඉඳපන්කො තව ටිකක් කල්. :)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    ඉදිරියේදී තවත් සිදුවීම් බලාපොරොත්තු වන්න

    නිව්ස් එකේ තියෙනවට වඩානං ඇතුල් කතාවක් ඇති...
    කොහොමටත් වෙඩිතැබීමක් සාධාරණීකරනය කරන්න බෑ....
     
    • Like
    Reactions: NRTG