"කෑල්ලක් වත් සීන් ද ?"

kavalan

Member
Sep 17, 2011
64
37
0
දෑන් ගෙදර...
"කෑල්ලක් වත් සීන් ද ?"

අපි ඔක්කොම ඉතින් කොලඹ අවට ඔෆිස් වල තමා වැඩ. එක දවසක් හවස් වරුවෙ නන්දනය මට කෝල් එකක් දුන්නා.
“මේ කස්සා. උඹ අද හවස මොකෑ කරන්නේ “
“මොකුත් නෑ. ඇයි .”
“මේ… මට අද හවස ඇදුමක් ගන්න තියනවා. වරෙංකෝ බං පොඩ්ඩක් මාත් එක්ක යන්ඩ ” ඌ කිව්වා.
“එල. එහෙනං හය වෙද්දි නුගේගොඩ හංදියට වරෙං ” වැඩේ තීන්දු කර ගත්තා.
කතා කරගත්ත වෙලාවට අපි දෙන්න සෙට් උනා. මටත් හෙනම ප්‍රශ්නෙ තියන ඇදුම් දෙක මාරු කර කර සතියම අඳින එකා මොකෝ මේ හදිස්සියේම ඇදුම් ගන්නේ කියලා.
“මොකේ හදිස්සියෙම උඹ ඇඳුං ගන්නෙ. කෑල්ලක් වත් සීන් ද?”
“නෑ බං. හෙට අපෙ ඔෆිස් එක බලන්න සුද්දො සෙට් එකක් එනවලු. එක හින්දා හෙට එද්දි ස්මාර්ට් කැසුවල් ඇඳගෙන එන්න කියලා මේල් එකක් එවලා තිබ්බා. ඉතින් මෙව්වා ඇඳන් ගිහෑකැයි බං. ඔහේ අරං දානවා ” (මොනා උනත ITකොම්පැනි වල තියන හොඳෙ තමා ඕන රෙද්දක් ඇඳන් රස්සාවට එන්න පුලුවන් එක. හෙනම ලේසියි )
“හැබයි උඹ හෙටත් ඕකම ඇඳන් ගියොත සුද්දා උඹට දිරි දීමනාවක් දෙයි ” මම කිව්වා.
.
ඔහොම කතාවෙන් කතාව දෙන්නා කඩේකට ආවා. නන්දය ටී ෂර්ට් තියන තැනට ගියා. කිසිම තේරිල්ලක් බැලිල්ලක් නැතුව කෙලින්ම එතන කඩේ වැඩකොරන කෙල්ලට උවමනාව කිව්වා(නන්දනයා එහෙමයි ).
“මේ….. මම ඇඳුමක් ගන්න ආවේ” නන්දනයා කෙල්ලට කිව්වා.
“ඔව් සර් කියන්න. මොනවගේ ඇඳුමක්ද බැලුවේ. ටී ෂර්ට් එකක් ද?” කෙල්ල ඇහුවා.
“නෑ මට ටී ෂර්ට් ඕන තරං තියනවා. ස්මාර්ට් කැෂුවල් ඇඳුමක් ඕන.” නන්දනයා පණ්ඩිතයා වගේ කිව්වා.
කෙල්ලට තේරුනා මුට ඒ සබ්ජෙක්ට් එක ගැන මෙලෝ දැනීමක් නෑ කියලා ” නෑ සර්. ටී ෂර්ට් උනත් ස්මාර්ට් කැෂුවල් ඩ්‍රෙස් කෝඩ් එකට අඳින්න පුලුවන් ”
එතකොට නන්දනයා කිවව “ආ එහෙමද? එහෙනම් මට ස්මාර්ට් කැෂුවල් ටී ෂර්ට් එකක් දෙන්නකෝ. මොකද මම ගාව දැනට තියන ඔක්කොම Reborn ටී ෂර්ට්”.... :p




:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:




REP ඕනෙ හොදේ
 
Last edited: