කෑවොත් හුටා!!!

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සමහරක් ආහාර තියෙනවා , හරියට නොකෑවොත් ඉතින් හුටා තමා ..

    -----------------------------------------------------------------------------------------
    ***
    Taro

    1Nx7f2B.jpg

    මුලින්ම ගිනිකොන දිග ආසියාවෙන් සොයාගන්න ලද අතර මෙය එළවළුවක් වේ. මෙය අහරයට ගැනීමේදී තම්බා හෝ පිස ආහාරයට ගත යුතු වේ..
    අමුවෙන් ගතහොත් මෙහි ඇති Calcium Oxalate රසායනිකය ශරීර ගත වී එමහින් වකුගඩුවල ගල් ඇතිවෙලා ,මරණය පවා ඇති විය හැක..

    pfFkX3v.jpg

    ලංකාවෙත් මේකේ ප්‍රභේද තියෙනවා.. හබරල කොළ තමා ..කන්න පුළුවන් ඒවා විදියට කිරි අල, කොලකන අල,ගහල ,සෙවෙල් අල වගේ තමා ..

    -----------------------------------------------------------------------------------------
    ***
    Ghost Pepper

    gFg21yK.jpg

    ලෝකේ තියන සැරම කෑමක් කියල තමයි මේක සැලකෙන්නේ ... Bhut jolokia , ghost chili, U-morok, red naga, naga jolokia and ghost jolokia කියලත් මේක හදුන්වනවා.. ...

    වැඩිපුර ආහාරයට ගැනීමෙන් බඩේ දැවිල්ල, පපුවේ අමාරු Seizures හැදෙන්න පුළුවන්..

    -----------------------------------------------------------------------------------------
    ***
    Eggs

    H8Ncp5B.jpg

    බිත්තර අමුවෙන් පානය කිරීම මගින් Salmonella විෂ ශරීර ගත වෙන්න පුළුවන්.මෙම විෂ ලේ සමග මුසු වුවහොත් තත්වය භයානක වෙනවා.. .
    තවද පාචනය සහ නොනවත්වා වමනයද, අමුවෙන් බිත්තර ආහාරයට ගැනීම මගින් ඇති වෙන්න පුළුවන්..

    -----------------------------------------------------------------------------------------
    ***
    Ackee

    ks1Hfyu.jpg

    බටහිර අප්‍රිකාවට අවේනික පළතුරක් වන අතර කැරබියන් දූපත්වල ,වැඩිපුර ජැමේයිකාවේ ජනප්‍රිය කෑමක් ලෙස සලකනවා...

    UGgxcBE.jpg

    කැමට ගත නොහැකි සහ ඉදෙන්න නැති කොටස් වල Hypoglycin A හා B කියන මාරාන්තික රසායනිකය අඩංගු වෙලා තියෙනවා..

    cSYg4rz.jpg

    මේක නිසා ශරීරයේ සිනි ගොඩක්ම අඩු වෙන්න පුළුවන් ...
    මේකට Jamaican vomiting sickness කියල තමයි කියන්නේ..

    -----------------------------------------------------------------------------------------
    ***
    Sannakji

    24oB638.jpg

    කොරියාවේ ඉතා ජනප්‍රිය ආහාරයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්...
    මොවුන් Sannakji පන පිටින් ආහාරය සදහා ගනු ලබනවා..
    එසේ ගැනීමේදී උගුරේ හිරවීම මගින් මරණය පවා ඇතිවිය හැකියි ..කොරියාවේ එසේ සිදුවූ මරණ වාර්තා වී ඇත ..

    zOJ5PdF.jpg

    "OldBoy " original movie එක බලල තියෙන අය නං මූව දැකල ඇති...

    -----------------------------------------------------------------------------------------
    ***
    Mushroom

    S3BrISl.jpg

    හතු වල ප්‍රභේද ගොඩක් තියෙනවා.. කන්න පුළුවන් රහ ඒවා වගේම පාවෙන්න ගන්න පුළුවන් ඒවත් තියෙනවා..:P
    ඔය දෙජාතිය වගේම විශ සහිත හතුත් තියෙනවා..

    QEfvllf.jpg

    විශ සහිත හතු ආහාරයෙන් වකුගඩු, අක්මාව වගේ අවයව අකර්මන්‍ය වෙන්න පුළුවන්..

    ovIYZ9D.jpg

    කැලේ තියෙන හතු ආහාරයට ගන්නවනම් සැහෙන්න පරිස්සන් වෙන්න ඕන..

    yTE3Lqi.jpg

    බඩේ අමාරුව තමයි මේකෙන් වැඩියෙන්ම හැදෙන්න පුළුවන්,,

    -----------------------------------------------------------------------------------------
    ***
    Elderberry

    9C9aA5R.jpg

    සමකයෙන් උතුරු රටවල සුලභව හැදෙන අතර දකුණු අමෙරිකවේදීද දැක ගන්න පුළුවන්..

    tJENnBM.jpg

    කොළ හා ඇට වල වගේම ගෙඩියේද cyanidin glycoside අඩංගු වෙනවා..

    SigEGKN.jpg

    උයන් නැතුව කෑවොත් ඉතින් සොරිම තමා ...

    -----------------------------------------------------------------------------------------
    ***

    Almond

    O5dWlpU.jpg

    මෙහිත් Salmonella විෂ අන්තර්ගත වෙනවා..2007න් ඇමෙරිකානු කෘෂිකාරම් දෙපාර්තමේන්තුව මගින් විශේෂවූ රත් කිරීමකින් හා පැස්ටරීකරණයකින් පසුව පරිහරණය අනිවාර්ය කරලා තියෙනවා..
    Almond වල පැනි රසැති සහ තිත්ත රසැති වශයෙන් ප්‍රභේද 2ක් තියෙනවා.. මේකෙන් තිත්ත රසැති වර්ගයේ cyanide.විෂ අන්තර්ගත වෙනවා..

    1G8zVLE.jpg

    නවසීලන්තයේ මේවා විකිණීම සහ මිලදී ගැනීම තහනම කර තියෙනවා,,,ගොඩක්
    අඩුවෙන් තමා තිත්ත රසැති Almond තියෙන්නේ..

    -----------------------------------------------------------------------------------------
    ***
    Potato

    ZOEFK5y.jpg

    නියමිත කාලයේදී හා නියමිත් විදියට අනුභව කලොත් නං ප්‍රශ්නයක් නෑ හැබැයි කොළ පාට උනොත් නං හොද නැ ..
    අල, solanine නම් Glycoalkaloid වර්ගයක් නිපදවනවා එය විෂ සහිත වෙනවා ..
    මේක ශරීරගත උනොත් පාචනය, හිසේ රුදාව , කෝමා තත්වයන් පවා ඇතිවෙලා මරණය සිදු වෙන්න පුළුවන්..

    සාමන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකුට කොළ පාට අල ,රත්තලකින් පමණ මාරාන්තික අනතුරක් සිදු වෙන්න පුළුවන්..

    -----------------------------------------------------------------------------------------
    ***
    Puffish නැත්නම් Blowfish

    RnccnXl.jpg

    ලෝකය පුරාම මේ මාළුවාගේ විෂ සහිත ,හානිකර බව දන්නා දෙයක් .. Blowfishගේ අවයව වල Tetraodontidae නමැති විෂ රසායනිකය ඇතුලත් වෙනවා..

    QZESVDM.jpg

    ආහාරයට ගන්නකොට ඔය ඇතුලේ තියෙන කැලි අයින් කරලා තමා දෙන්නේ .. මේ විස ශරීර ගත උන ගමන් අංශ භාගය හැදිලා මරණය සිදු වෙනවා..

    PPBCsMy.jpg

    මෙම හේතුව නිසා ජපානේ අධිරාජ්‍යයට Blowfish කන එක තහනම් කරලා තියෙනවා...
    හොද පළපුරුද්දක් ඇති කොකිවරුන්ට පමණක් මේවා කපන්න තමයි අවසර දීල තියෙන්නේ .

    5NsrOwD.png

    BUMP එකක් දාගෙන යන්න :frown:

    source:youtube n wiki

    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    Good Post...උඹට රෙප් දෙන්න බැරිලු. ඉස්සරවෙලාම මට දීපන්... :rofl:

    You must spread some Reputation around before giving it to DangerMan119 again.
     
    • Like
    Reactions: DangerMan119