සමහරක් ආහාර තියෙනවා , හරියට නොකෑවොත් ඉතින් හුටා තමා ..
-----------------------------------------------------------------------------------------
***
Taro
-----------------------------------------------------------------------------------------
***
Taro
මුලින්ම ගිනිකොන දිග ආසියාවෙන් සොයාගන්න ලද අතර මෙය එළවළුවක් වේ. මෙය අහරයට ගැනීමේදී තම්බා හෝ පිස ආහාරයට ගත යුතු වේ..
අමුවෙන් ගතහොත් මෙහි ඇති Calcium Oxalate රසායනිකය ශරීර ගත වී එමහින් වකුගඩුවල ගල් ඇතිවෙලා ,මරණය පවා ඇති විය හැක..
ලංකාවෙත් මේකේ ප්‍රභේද තියෙනවා.. හබරල කොළ තමා ..කන්න පුළුවන් ඒවා විදියට කිරි අල, කොලකන අල,ගහල ,සෙවෙල් අල වගේ තමා ..
-----------------------------------------------------------------------------------------
***
Ghost Pepper
ලෝකේ තියන සැරම කෑමක් කියල තමයි මේක සැලකෙන්නේ ... Bhut jolokia , ghost chili, U-morok, red naga, naga jolokia and ghost jolokia කියලත් මේක හදුන්වනවා.. ...
වැඩිපුර ආහාරයට ගැනීමෙන් බඩේ දැවිල්ල, පපුවේ අමාරු Seizures හැදෙන්න පුළුවන්..
-----------------------------------------------------------------------------------------
***
Eggs
බිත්තර අමුවෙන් පානය කිරීම මගින් Salmonella විෂ ශරීර ගත වෙන්න පුළුවන්.මෙම විෂ ලේ සමග මුසු වුවහොත් තත්වය භයානක වෙනවා.. .
තවද පාචනය සහ නොනවත්වා වමනයද, අමුවෙන් බිත්තර ආහාරයට ගැනීම මගින් ඇති වෙන්න පුළුවන්..
-----------------------------------------------------------------------------------------
***
Ackee
බටහිර අප්‍රිකාවට අවේනික පළතුරක් වන අතර කැරබියන් දූපත්වල ,වැඩිපුර ජැමේයිකාවේ ජනප්‍රිය කෑමක් ලෙස සලකනවා...
කැමට ගත නොහැකි සහ ඉදෙන්න නැති කොටස් වල Hypoglycin A හා B කියන මාරාන්තික රසායනිකය අඩංගු වෙලා තියෙනවා..
මේක නිසා ශරීරයේ සිනි ගොඩක්ම අඩු වෙන්න පුළුවන් ...
මේකට Jamaican vomiting sickness කියල තමයි කියන්නේ..
-----------------------------------------------------------------------------------------
***
Sannakji
කොරියාවේ ඉතා ජනප්‍රිය ආහාරයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්...
මොවුන් Sannakji පන පිටින් ආහාරය සදහා ගනු ලබනවා..
එසේ ගැනීමේදී උගුරේ හිරවීම මගින් මරණය පවා ඇතිවිය හැකියි ..කොරියාවේ එසේ සිදුවූ මරණ වාර්තා වී ඇත ..
"OldBoy " original movie එක බලල තියෙන අය නං මූව දැකල ඇති...
-----------------------------------------------------------------------------------------
***
Mushroom
හතු වල ප්‍රභේද ගොඩක් තියෙනවා.. කන්න පුළුවන් රහ ඒවා වගේම පාවෙන්න ගන්න පුළුවන් ඒවත් තියෙනවා..

ඔය දෙජාතිය වගේම විශ සහිත හතුත් තියෙනවා..
විශ සහිත හතු ආහාරයෙන් වකුගඩු, අක්මාව වගේ අවයව අකර්මන්‍ය වෙන්න පුළුවන්..
කැලේ තියෙන හතු ආහාරයට ගන්නවනම් සැහෙන්න පරිස්සන් වෙන්න ඕන..
බඩේ අමාරුව තමයි මේකෙන් වැඩියෙන්ම හැදෙන්න පුළුවන්,,
-----------------------------------------------------------------------------------------
***
Elderberry
සමකයෙන් උතුරු රටවල සුලභව හැදෙන අතර දකුණු අමෙරිකවේදීද දැක ගන්න පුළුවන්..
කොළ හා ඇට වල වගේම ගෙඩියේද cyanidin glycoside අඩංගු වෙනවා..
උයන් නැතුව කෑවොත් ඉතින් සොරිම තමා ...
-----------------------------------------------------------------------------------------
***
Almond
මෙහිත් Salmonella විෂ අන්තර්ගත වෙනවා..2007න් ඇමෙරිකානු කෘෂිකාරම් දෙපාර්තමේන්තුව මගින් විශේෂවූ රත් කිරීමකින් හා පැස්ටරීකරණයකින් පසුව පරිහරණය අනිවාර්ය කරලා තියෙනවා..
Almond වල පැනි රසැති සහ තිත්ත රසැති වශයෙන් ප්‍රභේද 2ක් තියෙනවා.. මේකෙන් තිත්ත රසැති වර්ගයේ cyanide.විෂ අන්තර්ගත වෙනවා..
නවසීලන්තයේ මේවා විකිණීම සහ මිලදී ගැනීම තහනම කර තියෙනවා,,,ගොඩක්
අඩුවෙන් තමා තිත්ත රසැති Almond තියෙන්නේ..
-----------------------------------------------------------------------------------------
***
Potato
නියමිත කාලයේදී හා නියමිත් විදියට අනුභව කලොත් නං ප්‍රශ්නයක් නෑ හැබැයි කොළ පාට උනොත් නං හොද නැ ..
අල, solanine නම් Glycoalkaloid වර්ගයක් නිපදවනවා එය විෂ සහිත වෙනවා ..
මේක ශරීරගත උනොත් පාචනය, හිසේ රුදාව , කෝමා තත්වයන් පවා ඇතිවෙලා මරණය සිදු වෙන්න පුළුවන්..
සාමන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකුට කොළ පාට අල ,රත්තලකින් පමණ මාරාන්තික අනතුරක් සිදු වෙන්න පුළුවන්..
-----------------------------------------------------------------------------------------
***
Puffish නැත්නම් Blowfish
ලෝකය පුරාම මේ මාළුවාගේ විෂ සහිත ,හානිකර බව දන්නා දෙයක් .. Blowfishගේ අවයව වල Tetraodontidae නමැති විෂ රසායනිකය ඇතුලත් වෙනවා..
ආහාරයට ගන්නකොට ඔය ඇතුලේ තියෙන කැලි අයින් කරලා තමා දෙන්නේ .. මේ විස ශරීර ගත උන ගමන් අංශ භාගය හැදිලා මරණය සිදු වෙනවා..
මෙම හේතුව නිසා ජපානේ අධිරාජ්‍යයට Blowfish කන එක තහනම් කරලා තියෙනවා...
හොද පළපුරුද්දක් ඇති කොකිවරුන්ට පමණක් මේවා කපන්න තමයි අවසර දීල තියෙන්නේ .
Last edited: