කිම්බේ කිමිදෙන්න යන සංචාරක​යෝ

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    කිම්බේ කිමිදෙන්න යන සංචාරක​යෝ

    කිම්බේ කිමිදෙන්න යන සංචාරක​යෝ

    101258523.jpg


    වනාන්තර සහ කොරල් පර වලට කැමති සංචාරකයෝ සොය සොයා ඇදෙන තැනක් කිම්බේ කියන්නේ. නිවර්​තන කලාපීය දූපත් සහ වනාන්තර ඇති කිම්බේ එතරම්ම ජනප්‍රිය නොවූවද වටිනාකම් රැසක් ඇති දූපත් කලාපයක්. කිමිදිලා මුහුද යට හැඩ රුව බලන්න වගේම නිවාඩු පාඩුවේ කාලය ගත කරන්නත් කැමති සංචාරකයෝ කිම්බේ වෙත ඇදෙනවා. කිම්බේ වල මිනිස්සු අඩුයි. ඉන්න මිනිස්සුත් එතරම් දියුණු උදවිය නෙමෙයි. ඒ නිසා තවමත් වැඩි හානියක් නැති කිම්බේ නිවර්​තන දූපත් රසවිඳින අයට පාරාදීසයක් වෙලා තියෙනවා.

    Original post here - https://pornlk.me/2020/04/14/කිම්බේ-කිමිදෙන්න-යන-සංචා/

    1. කොහෙද මේ කිම්බේ තියෙන්නේ?

    Kimbe-bay-1-1.jpg


    පැපුවා නිව්ගිනියාවට අයිති මහ විසාල දූපතක් තමයි නිව් බ්‍රිටේන් කියන්නේ. මේ නිව් බ්‍රිටේන් වල බස්නාහිර කලාපය කිම්බේ කියලා හඳුන්වනවා. නිව් බ්‍රිටේන් දිවයිනේ විශාලත්වය වර්ග කිලෝමීටර 36,520ක්. ආසන්නව දූපත ලංකාවෙන් බාගයක් විතර විසාලයි. ඒත් ඉතින් ජනතාව නම් අඩුයි. ඉන්න ජනගහ​ණය 513,926ක්. මේ දූපත් කලාපය නිතර ගිනිකඳු අවදානමට ලක් වෙනවා. බොහොම ඈත අතීතයේ සිදුවුන ගිනිකඳු පිපිරීම් නිසා මේ ලස්සන නව බ්‍රිතාන්‍ය දූපත ඇතිවුනා කියලා විශ්වාස කරනවා.

    2. කිම්බේ වගාවන්

    Kimbe-bay-2.jpg


    මේ කිම්බේ පළාතත් නිවර්​තන මූදුබඩ කලාපයක් නිසා හො​ඳහැටි පොල් එහෙම හැදෙනවා. පොල් වලට අමතරව කොකෝවත් කාලයක් වගා කරලා තිබුනා. දැන් දැන් ඒ සියලු වගාවන් වලට වඩා පාම් ඔයිල් වගාව ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ යනවානම් ඔයාලා දැකලා ඇති පාරේ දෙපැත්තේ තියෙන පාම් ඔයිල් නිපදවන ගස්. මේ පාම් ගස් අග්නිදිග ආසියාවේ වනාන්තර විනාශ කරගෙන වගාවක් විදියට පැතිරුනා. කිම්බේ පළාතෙත් මේ පාම් ඔයිල් වගාව හො​ඳට පැතිරිලා තියෙනවා.

    3. කිම්බේට ලඟා වෙන විදිය

    Kimbe-bay-3.jpg


    කිම්බේ පළාත අයිති වෙන්නේ පැපුවා නිව් ගිනියාවට. ඉතින් කිම්බේ යන්න කලින් පැපුවා නිව්ගිනියාවේ පෝට් ​මොරස්බි (Port Meresby) හෝ ලාඉ (Lae) වෙත ගිහින් ඉන්න එක ගොඩක් ලේසියි. පෝට් ​මොරස්බි වලට සිංගප්පූරුව, හොංකො​ං සහ පිලිපීනයේ මැනිලා ඉ​ඳලා ගුවන් යානා තියෙනවා. ලංකාවේ ඉ​ඳන් යනවා නම් සිංගප්පූරුවට ගිහින් පෝට් මොරස්බි යන එක වාසියි. පෝට් මොරස්බි ඉ​ඳන් ඊගාවට කිම්බේ ගුවන්තොටුපලට ගුවනින් ලඟාවෙන්න ගුවන් යානා තියෙනවා. දූපතක් නිසා ගුවනින් හැර වෙනත් මාර්ගයකින් මේ කිම්බේ වෙත ලඟාවෙන්න ලේසි විදියක් නැහැ.

    4. කිම්බේ කොරල්

    Kimbe-bay-4.jpg


    විද්‍යාඥයින් කියන විදියට ලෝකේ තියෙන කොරල් ජාති ඔක්කෝම 900ක් නම් එයින් 400ක් විතර මේ කිම්බේ වෙරළබඩ කලාපේ තියෙනවා. මේ කිම්බේ කලාපය තුල ඉහ​ළ විවිධත්වයකින් යුතු මුහුදු ජීවින් ගොඩක් ඉන්නවා. කොරල් වගේම ලස්සන ලස්සන දැල්ලන්, ඉස්සන් ආදී ජීවීන් ඇතුළු මුහුද යට අසිරිමත් සිරිය වි​ඳගන්න මේ කිම්බේ කොරල් පරයේදි කිමිදෙන අයෙක්ට අවස්ථාව ලැබෙනවා.

    5. මාලු ඇල්ලීම

    Kimbe-bay-5.jpg


    කිම්බේ පළාත මාලු අල්ලන සංචාරකයින් අතරත් ජනප්‍රිය තැනක්. ඇමක් ගහගෙන දැලක් දාගෙන ටික වෙලාවක් හිටියාම මාලු අහුවෙනවා. සමහර සංචාරකයින් ඒ මාලු ආහාරයට එකතු කරගන්නේ නැහැ. ආයෙත් කටුව ගලෝලා මුහුදටම දානවා. මේ කලාපයේ තියෙන නොගැඹුරු ස්වභාවය නිසා වැඩිපුර විශාල නාවුක යාත්‍රා එන්න බැරි තැන් තියෙනවා. ඒ ඉසව් වල තවමත් විශාල වශයෙන් මාලු ඉන්නවා.

    6. දෙවන ලෝක යුද්ධයේ මතක සටහන්

    https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-6.jpg?resize=800,500&ssl=1

    මේ ‍දකුණු පැසිෆික් මුහුදු කලාපය කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ බොහොම සක්‍රිය කලාපයක්. ඉතින් මේ අඩවියේ ගිලුණු යානා දැන් කොරල් වැවිලා සාගරයට ම අයිති දේවල් වෙලා. මේ පැරණි ගුවන් යානා, යාත්‍රා ආදියේ දැන් තියෙන සුන්දර ස්වභාවයන් බලාගන්න ඒ දෙසට කිමිදෙන සංචාරකයින්ට අවස්ථාව ලැබිලා තියෙනවා. කාලයකදි යුද්ධ​යක් තිබුන කලාපයක් වුනත් දැන් ඒවා ලස්සනට සොබාදහමටම අයිති වෙලා තියෙන විදිය අපූරුයි.

    7. කිම්බේ වනාන්තරය

    https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2019/08/Kimbe-bay-7.jpg?resize=800,500&ssl=1

    අහල පහල තියෙන පැපුවා නිව්ගිනි මහා දූපතේ තියෙන ගහකො​ළ වලට වඩා කිම්බේ දිවයිනේ තියෙන වනාන්තරයේ සහ සතුන්ගේ වෙනස්කම් තියෙනවා. ඒ වගේම කිම්බේ වනාන්තරය මැද ගිනිකඳු ආදියත් පිහිටලා තියෙනවා. මීටර තුන්හාරදාහක් උස කඳුවැටිත් මේ කිම්බේ පළාතේ පිහිටලා තියෙනවා. මේක දිවයිනක් වුවත් කිම්බේ වල දිවයින තුල ඉන්න ඇතැම් මිනිස්සු පිරිසකට මුහුද කියන්නෙත් අලුත්ම අත්දැකීමක්.

    ලෝකයේ ජනප්‍රියතම තැනකට ගිහින් සෙල්ෆියක් දාන්න අපි කවුරු වුනත් ආසයි. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා යන්න අමාරු, වැඩිය දැකලා පුරුදු නැති තැන් වලට යන්න කැමති. ඉතින් අමුතු අමුතු අලුත් තැන්වලට ගිහින් අලුත් අත්දැකීම් ගන්න ආස අයට කිම්බේ කියන්නේ අපූරු අත්දැකීමක්. කිම්බේ ගිහින් කිමිදෙන්න, ඇවිදින්න ජනප්‍රිය සංචාරක ස්ථානයක​ට වඩා ටිකක් වැඩි වියදමක් යනවා. ඒත් ඉතින් ඒ අත්දැකීම ගත්තොත් ඒක හැමෝටම ලබාගන්​න බැරි දුර්ලභ සහ වෙනස්​ම අත්දැකීමක් බවට පත් වෙනවා නොඅනුමානයි.


    Original post here - https://pornlk.me/2020/04/14/කිම්බේ-කිමිදෙන්න-යන-සංචා/
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    ඔක්කොමත් හරි කාටහරි කොහොමද කියන්නෙ කිම්බෙ යනවා කියලා
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    පරිසරය කොතරම් සුන්දර වුවත් කිම්බේ පවතින දුර්ගන්දය ඉවසිය හැක්කේ පුරුදු කාරයන්ට පමනි