කිඹුලෙකුගෙන්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    කිඹුලෙකුගෙන් සිය මවගේ ජීවිතය බේරාගත් වීර පුතෙක්

    ජීවිතය දුන් මව වෙනුවෙන් ජිවිතය නොතකා සටන් කර කිඹුල් වික්‍රමයක් පැරද වූ පුත්‍රයෙකු ගැන අනුරාධපුරයෙන් වාර්තා විය.



    අනුරාධපුර, සේනපුර පදිංචිව සිටි අවුරුදු 48 ක් වයසැති එම කාන්තාව ඊයේ පස්වරුවේ දියනෑම සඳහා කලාඔයට ගොස් තිබුණි.

    මද වේලාවකින් මවගේ කෑ ගැසීම් හඩ ඇසුණු පුතා එම ස්ථානයට දිවගිය අතර ඔහුට දක්නට ලැබුණේ කිඹුලෙකු තම මව ඩැහැ ගැනීමට තැත් කරන අයුරුයි.

    තම ජීවිතය ද නොතකමින් දියට පැන කිඹුලා සමග පොර බැඳු ඔහු මව බේරාගැනීමට සමත් විය.

    එම කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

    ජාතික රෝහලේදී එම කාන්තාවට සිදුකළ සැත්කමකින් පසු පාදයක් ඉවත් කෙරිණ.

    සිය මවගේ ජීවිතය බේරාගත් රොමේෂ් මධුවන්ත නම් වූ එම දරුවා 19 වන හැවිරිදි වියේ පසුවේ
     
    • Like
    Reactions: DAMER

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අම්මට කරදරයක් වෙනකොට කොයි කොල්ලත් ඉවසන්නේ නැ මචන්. දෙපාරක් හිතන්නෙත් නැ..
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සුපිරි කොල්ලෙක්. මේ දවස් ටිකේම අහන්න දකින්න ලැබිච්ච ඒවත් එක්ක මෙහෙම දෙයක් අහන්න ලැබෙන එකත් පිනක් :)
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේ වගේ දේවල් ෂෙයා වෙන එක හොදයි.. කෙල්ල නිසා අම්මට පිහියෙන් කොටපු දරැවො ඉන්න රටේ කිඹුල් තඩියෙක් එක්ක පොර බදලා අම්ම බේර ගත්ත එළ කොල්ලෙක්.. පිල්ම් එකක් වගේ, කොල්ල මාර ගේමක් දීල තියෙන්නෙ.. Highly appreciated bro..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ වගේ දේවල්වලට හරි හමන් ප්‍රචාරයක් නැ. කෙල්ලෙක්ගේ බෙල්ල මිරිකුවා කිව්වොත් අනේ අප්පො, බුදුන් වැඩි රට කියලා මැරෙන්න දගලනවා. මේ කොල්ලට කියන්නේ නැනේ බුදුන් වැඩි රටේ උබ පිනක් පුතේ කියලා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    padayak ivath kare dostaralage kammali kamata venna ati
    venvechcha at kakul mahanna puluwan eke mehema kapana eka bahanaya thatvayak
    මචන්, ශාර්ප් ඔබ්ජෙක්ට් එහෙකින් කැපුනු අතපය තමා බද්ද කරන්න පුලුවන්, තැලිලා ඉරිලා කැඩුනු අත පය හයි කරන්න බැ. කිබුල් තඩියාගේ දත්වලට් මස් ඉරෙන්න ඇති. ඉතින් ඇටකොටුව තිබ්බට බැ. ඒත් උබ කියන එකත් වැරදි නැ. ලෙසියට කරන වෙලාවලුත් තියනවා.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන්, ශාර්ප් ඔබ්ජෙක්ට් එහෙකින් කැපුනු අතපය තමා බද්ද කරන්න පුලුවන්, තැලිලා ඉරිලා කැඩුනු අත පය හයි කරන්න බැ. කිබුල් තඩියාගේ දත්වලට් මස් ඉරෙන්න ඇති. ඉතින් ඇටකොටුව තිබ්බට බැ. ඒත් උබ කියන එකත් වැරදි නැ. ලෙසියට කරන වෙලාවලුත් තියනවා.

    kibula adagena yanakota mas irenna ati ne uge dat valata
    ethakota loku damage ekak venava ,godak velavak tibboth tuvalaya pasavanava eka hoda karanna godak kal inna one, hodata beheth karanna one
    namuth godak dostarala karanne lesiyata kakula kapana ekai. :growl:
    mevidiyata kakul at paya kapana eka okun hariyata karanava
    me vage deyak (kakula idimila pasavala) ape nada kenekutath una, passe hoda velavata sinhala
    vedekgen beheth aragena kakula goda dagatta. ubalatath ohoma deyak unoth kakula kapanna denna nam epa, private gihin hari kakula bera ganin.
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    11d1fb7.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ වගේ දේවල්වලට හරි හමන් ප්‍රචාරයක් නැ. කෙල්ලෙක්ගේ බෙල්ල මිරිකුවා කිව්වොත් අනේ අප්පො, බුදුන් වැඩි රට කියලා මැරෙන්න දගලනවා. මේ කොල්ලට කියන්නේ නැනේ බුදුන් වැඩි රටේ උබ පිනක් පුතේ කියලා.

    sira kathawa machan
    gon media