කියවන්න... කියන්න අදහස්.

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    කියවන්න... කියන්න අදහස්.

    1620783_290651714469201_5876775439637331655_n.jpg
    යාල් දේවි යාපනයට ගියා.. මෙය කියවන්න.. ඔබටත් සිතන්නට පුලුවන්ද..? කියවන්න... කියන්න අදහස්.. ෂෙයාර් කරන්න.. මේ ඇත්ත..
    එහෙත්.. සිතන්නට යමක් ඇත..
    ප්‍රතිපාදන ඉන්දීය රජයෙනි.. පලෙයි සිට යාපනය දක්වා විවෘත කෙරුණු දුම්රිය මාර්ගයේ දුර කිලෝමීටර් 35 ක්. ඒ සඳහා වැයවී ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 150 ක්. ඒ අතරතුර දුම්රිය ස්ථාන 5ක් පවතින අතර නාවක්කුලි සහ කොඩිකාමම් දුම්රිය ස්ථාන විවෘත වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින පලෙයි සිට යාපනය දක්වා ගමන් ආරම්භ කළ යාල්දේවී දුම්රිය පිළිගැනීමට විශාල පිරිසක් මග දෙපස රැදී සිටෙයේය...
    චයිනා කෝච්චියක් යාල් දේවි ලෙස ඉතාමත් සැප පහසුවට පලෙයි සිට යාපනයට ගමන් කළා.. හැමදාම නෑගම් ගිය අපේ සුපුරුදු යාල් දේවි... වෙනදා මෙන්ම කොළඹ කොටුවෙන් ආරම්භ වී ලැසි ගමනෙන් කෙමෙන් යාපනයටම ලගා විය.. එහෙත්... යාල් දේවි ලෙස උතුරු දුම්රිය මාර්ගය ආරම්භ වීම අප අගය කරන්නෙමු.. නමුත්.. විශාල මුදලක් වියදම් කොට ඉන්දියාවෙන් අලුතෙන්ම ගෙන ආ M10 941 නැවත පාට කලේ කුමටද..? යාල් දේවි නැරඹුම් මැදිරිය ලංකා බැංකුවෙන් පාට කලේ කුමටද..? මැදිරි 13කින් සමවිත යාල් දේවිම යාපනේ ගියානම් සාමාන්‍ය ජනතාවටත් යාපනයට යන්න තිබුනා නොවේද..?
    චාරිත්‍ර වාරිත්‍ර කොට S12 පිළිගත්තේය... එය වායුසමනය කල සුපොගබෝගී දුම්රිය මැදිරි වලින් සමන්විත දුම්රියකි.. සැප පහසුවට යන්නට නියම යාල් දේවිට එම පහසුකම් දීමට නොහැකිද..?
    රජරට රැජින අවුරුදු ගණනාවක් කැඩෙමින් මාතර සිට ඕමන්තේ දක්වා ධාවනය වෙයි.. කෙදිනද වෙලාවකට ධාවනය වුවේ..? හරියකට විදුලි පංකා වැසිකිලිවත් තිබේද..?
    මීනගයා අවසර ගණනාවක සිට ධාවනය වේ.. මිනිසුන්ට නිදා ගැනීමට මැදිරි තිබෙන්නේ කීයද..? ඒවත් වසර ගණනාවක් පැරණි මැදිරි.. එම දුම්රියට ගොඩවූ විට මිනිසුන් නිදාසිටින්නේ වැසිකිලි වතුර ගලන මැදිරි වලය..
    කාර්යාලීය දුම්රියන් එදිනෙදා ධාවනය වේ.. ඇතුලත විදුලි පංකා තිබේද..? පවර් සෙට් වල වැසිකිලි තිබේද,..? එම අවශ්‍යතාවය ඇති පුද්ගලයා දුම්රිය ස්ථානයක බැස අවශ්‍ය කෘත්‍ය කර එනවිට දුම්රියන් සියල්ල ගොස් හමාරය..
    පොල්ගහවෙල සිට ඩබල් ලයින් තවමත් නොමැත..? උඩරටට සහ උතුරට.. උදරටටටනම් නොහැකියයි කියමු.. නමුත් මේ අපූරු රජරටට..? කැලණිවැලි මාර්ගය තවමත් පැරණි ලෙසමය..
    යාල් දේවි උදය දේවි.. අලුත් චයිනීස් මැදිරි යොදා අලුත් විය.. ඇතුලේ යාමට තරම්වත් නොහැකි ලෙස අධික ශබ්ධයකි... කොළඹ කොටුවේ සිට යාපනයට යනවා තියා කොළඹ කොටුවේ සිට ගම්පහටවත් එක දිගට ඉගෙන යාමට නොහැක.. ලෑලි ගොඩක යනවා වැනිය..
    ඉන්දියාවේ දුම්රිය මාර්ග වල ඒ වැඩේ කලාට ලංකාවෙත් තවම වන්නේ එයයි.. මන්ද ප්‍රධාන දුම්රියන් ගිය පසු දුම්රිය මාර්ගයක් දෙස බැලීමටවත් නොහැක.. කාරණය පැවසීම යහපත් නොවේ. නමුත් සේවකයින් මාර්ග පරීක්ෂාවේ යෙදේ.. ඒවා අල්ලයි.. තවමත් සිටින්නේ ආදී යුගයකද.>?
    වසර ගණනාවකට පෙර දීමට නියමිතව තිබූ රු 1000 ඉල්ලීම ඉල්ලු පසු වාරණ නියෝග ගෙන එන ලදී..
    කෙසේ හෝ මහා ලොකුවට යාල් දේවි යාපනයට යන ලදී.. නමුත් එහෙ මිනිසුන්ට එය මහා දෙයකි.. මන්ද යාල් දේවි පැමිණියේ යුද්දය නිවුණු සීතල හදවත් තුලටය.. නමුත් මේ සැප හැමදාටම දීමට නොහැකිද..?
    ඊයේ උතුරු දුම්රිය මාර්ගයේ බොහෝ දුම්රියන් නිසි වෙලාවට ධාවනය විය.. වෙනදාට.. එය වනවාද..?
    කෙසේ හෝ දැන්..
    ඉන්දියන් ප්‍රතිපාදන තුල ඉදිවූ ලංකාවේ දුම්රිය මාර්ගයක යාල් දේවි ලෙස ඉන්දීය කොඩිය එල්ලාගෙන චයිනීස් කෝච්චියක් ගොස් හමාරය..
    A/C කාමර තුල ඔලුව වෙහෙසන ඒ මොලකරුවන්ට ඕවා නොපෙනේද..? ගාල්ල මාතරට බොක්ස් මැදිරි ලබා දුන්නොත් සියල්ලම සපිරේද..?


    issuwe facebook eken hode
    කියවන්න... කියන්න අදහස්.