කියවිය යුතුම කතාවක්

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    කියවිය යුතුම කතාවක්

    තාත්තෙ මට සමාව දෙන්න......

    රන්ජන්ගෙ හඩ පට ඇත්තමද මම දන්නෑ .හැබැයි ඇත්තනම් යුක්තියේ රන්දෙවොල නීතිය උසාවිය ආරැක්කු පිටින් අපේ හිස මතට කඩා වැටිල .මහා ගෙෘරවයක් වෙච්චි රජයේ සේවකයෙක් කියන එක ලැජ්ජාවක් වගේ.. මුලු සමාජයේම social fabric එකම කුඩුපටිටම් වෙලා....

    මම දැන් කටුගාන කතාව දිගු උනත් ගන්න දෙයක් තියෙනවා.. කැමති නම් කියවන්න .විශේෂයෙන්ම රජයේ සේවකයෙක් නම් ....

    මගේ තාත්තා වැඩ කලේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙ..

    80-90 කාලෙ කරාපිටිය රෝහල හැදුව වෙලාවෙ site එකේ office එක තාත්තා භාරෙ තිබුනෙ..contract වලින් ලක්ෂ ගනන් ගසා කන්න තාත්තට ඉඩ තිබිබ.ඒත් තාත්තා පඩිය හැර සතපහක් ගත්තෙ නෑ..

    Site supervise කරපු TO ලාගෙන් දෙදෙනෙක් මට හොදට මතකයි.. එක් කෙනෙක් බස් දෙකක් ගත්තා.. අනික්කෙනා ඉඩම් අක්කර ගාණක් ගත්තා.. දෙන්නම තාත්තගෙ මෝඩ කමට හිනා උනා..

    මට තාම ඒ දවස මතකයි.ඒ වගේම දුකයි.. මම එතකොට හතේ හරි අටේ පන්තියේ හරි ..
    පහසුකම් ගාස්තු ගෙවන්න බැරිව තුන්වෙනි දවසටත් ටීචර්ගෙන් බැණුම් අහල ගෙදර ආවෙ . තාත්තට හවස කිව්වම මාසෙ පඩි ගත්තට පස්සේ දෙන්නම් කිව්වා .

    එදා හවස කොන්ත්‍රාත්කාරයෙක් තාත්තා හම්බවෙන්න ගෙදර ආව මොකක්ද වැඩකට.. එයා එක සැරේම සල්ලි මිටියක් තාත්ත ගාව ටී පෝ එක උඩ තිබ්බා.. මල්ලිල එක්ක එලියෙ සෙල්ලම් කර කර හිටපු මම ජනේලයෙන් මේක අහම්බෙන් දැක්කා ..

    තාත්තට මරැව ආවේස උනා.. ආපහු මේ පැත්ත පලාතෙ එන්න එපා කියල බැනල බැනල අර මිනිහා එලෙව්වා .අර මිනිහා හොදටම බය වෙලා සල්ලි ටිකත් බෑග් එකට ආපහු දාගෙන යන්න ගියා..

    මම නොදන්නකමට තාත්තට දොස් කිව්වා සල්ලි ගත්තෙ නැති එකට....අර TO ලා දෙන්නගෙ ලමයි ඉන්න හැටි කියල..

    තාත්තා කදුලු පිරිච්ච ඇස් වලින් මා දිහා කෙලින් බලන් ඉදල කිව්වා පුතේ කවදහරි ඔයාට තේරුම් යයි කියල...

    ඒකට මට වැඩි කලක් ගියේ නෑ..

    ...(බස්) අංකල්ගෙ කකුල් දෙක උඩින් එයාගෙම බස් එකක් ගියා .දනහිසට උඩින් කකුල් දෙකම කැපුවා...රස්සාවත් නැති උනා..

    අනික් කෙනාගෙ එකම පුතා පස්සෙ කාලෙක මත්කුඩු වලට තදින්ම ඇබ්බැහි උනා..සබ්බ සකලමනාවම විකුනගත්තා..අංකල් දුකටම මලා . ඇන්ටි අන්තිම කාලෙ මහලු මඩමක හිටියලු..

    ඒත් මගේ තාත්තා .........මේ ටිකකියන්නේ ලොකු කමකට නෙමෙයි කතාව සම්පූර්ණ වෙන්න...මට හිතෙනව ඔබට එය තේරුම්ගත හැකිය කියල...

    තාත්තා සත පහකවත් වංචාවක් නොකර හදන්න උර දුන්න කරාපිටිය ශික්ෂණ රෝහලට අනුබද්ධ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මට ඇතුල් වෙන්න ලැබුනා.

    අද මම රෝගීන් දාස්ගානක් සුවපත් කරපු හා කරන වෛද්‍යවරයෙක්. සමාජයේම ආදරය , ගෞරවය
    නිතරම ලබන...

    මගේ ලොකු මල්ලි බැංකුවක පරිගණක පිලිබද ඉංජිනේරුවෙක් .ඉන්නේ Australia වල.. පොඩි මල්ලි ව්‍යාපාරිකයෙක් England වල.එකම නංගී Drug Regulation Authority එකේ ඉහල නිලධාරීනියක්..

    තාත්තා අපි මේ තත්වයට එනවා දැක්ක .අපේ දරුවන්ගේත් ආදරය වින්දා.. සාධාරණ ජීවිතයට ස්වභාව ධර්මය කරන ආශිර්වාදය පරම්පරාවෙන් පරම්පරාවට යනවා ඇති.

    මගේ දුව අවුරුදු හතරකට පෙර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම දෙවනියා වුනා ......

    තාත්තා අවුරුදු හැත්තෑ පහක් විතර කිසිදු ලෙඩක් නැතිව හිටිය..මිය ගියේ මාස කිහිපයක ලෙඩකින්....
    මැරෙන්න ඉස්සෙල්ලා මට කිවිවා එයාගෙ ජීවිතය අංගසම්පූර්ණයි කියල..

    එදා සල්ලි ගත්තෙ නැති එකට මම තාත්තට දොස් කියපු එක මට නැවත සිහි වෙනකොට තාත්තා මාව අතහැරල ගිහිල්ලා .....මට තාත්තාගෙන් සමාව ගන්න බැරි වුනා....

    ඒත් තාත්තෙ ඔයා මට කියපු විදිහටම මිනිස්සුන්ට මට පුලුවන් උපරිමයෙන් සේවය කරල මේ ජීවිතය ඉවර වෙන දවසක මේ සංසාරේ මම ආයෙමත් ඔයාගෙ චූටි පුතාවෙලා මගේ ජීවිතයේ මම විදපු උනුසුම්ම උනුසුම .. ඔයාගේ පපුව උඩ හාන්සිවෙලා උරහිස උඩ හිස තියාගෙන නිදාගන්න මම එනවා තාත්තෙ......

    පසුසටහන ....14/1/2020...

    මගේ ආදරනීය තාත්තා ගැන තැබූ සටහන ගොඩක් අය කියවල .මට සතුටුයි ..ගොඩක් අදහස් දක්වල.ඒව කියවද්දි දැනෙන දෙය තමයි මගේ තාත්තා ජීවිතය අවසන් කාලයේ විඳපු සතුට සැනසුම ඒ විදිහටම හොර බොරැවෙන් තොරව ජීවත් වෙච්චි ගොඩක් අම්මල තාත්තල විඳලා තිබෙන බවත් එයාලගෙ දරුවන්ටත් අපට වගේම ඒ ආශිර්වාදය හිමිව තිබෙන බවත් .

    මගේ තාත්තට වගේම ඒ සියලු අම්මල තාත්තලටත් මෙි සටහන උපහාරයක් වේවා.
    ජීවත් වෙලා ඉන්න සැමට මෙය ආදර්ශයක් වේවා .

    පසු සටහන 2........

    රජයේ සේවයේ නියුතු මහත්තයෙක් වැඩ කරන තැන අනික් අය bribes ගනිද්දී ආර්ථික අපහසු මැද තමන් නිවැරැදි ව ජීවත් වෙන හැටි ලියල ,අසාධාරණ ලෙස එහෙත් වෙිගයෙන් ඉදිරියට යන මිනිසුන් මැද තම දරු පවුලට තමන් අසාධාරණයක් කරනවාදැයි දෙගිඩියාවෙන් සිටි බවත් එහෙත් මේ ලිපිය දැකීමෙන් පසු ඒ දෙගිඩියාව සදහටම නැතිව ගිය බව ලියල තිබුනා .

    මෙය වෛද්‍යවරයෙකු විසින් FB හි තබා ඇති සටහනකින් උපුටා ගත්තකි.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සාධාරණ ජීවිතයට ස්වභාව ධර්මය කරන ආශිර්වාදය පරම්පරාවෙන් පරම්පරාවට යනවා ඇති.

    ඔය කතාව සහතික ඇත්ත. බොහොම අත්දැකීමකින් කියන්නෙ
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මගේ අම්මයි තාත්තයි දෙන්නමත් රාජ්‍ය සේවකයෝ. අවුරුදු තිස්පහකට වඩා අවංකව රටට වැඩකරපු අය. කවදාවත් සතයක්වත් වංචා නොකළ අය. මට මතකයි මම පුංචි කාලේ අම්මලා හැමදාම කියනවා අපි ඔයාලට කන්න දෙන්නේ සාධාරණව හම්බ කරන පඩියෙන් විතරයි කියලා. ඒ නිසා මහන්සි වෙලා හොඳට ඉගෙන ගන්න කියලා. ඒක ඒ විදිහටම උනා. අද මම වුනත් ඒ ආදර්ශය ඒ විදිහටම පවත්වාගෙන යනවා. වංචාවෙන් හොයන දෙයින් වන බැබලීම තාවකාලිකයි. සාධාරණ ඉපැයීමෙන් ලැබෙන දේවල් කල් පවතිනවා . යාදෙනවා.

    මම මේක දැම්මේ රන්ජන් පුx ඇරපු බඩු ගැන හොයා හොයා ඉන්නවට වැඩිය ජීවිතයට වටිනා යමක් මේ දෙයින් එකතුකරගන්න පුළුවන් හින්දා...
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තාත්තෙ මට සමාව දෙන්න......

    රන්ජන්ගෙ හඩ පට ඇත්තමද මම දන්නෑ .හැබැයි ඇත්තනම් යුක්තියේ රන්දෙවොල නීතිය උසාවිය ආරැක්කු පිටින් අපේ හිස මතට කඩා වැටිල .මහා ගෙෘරවයක් වෙච්චි රජයේ සේවකයෙක් කියන එක ලැජ්ජාවක් වගේ.. මුලු සමාජයේම social fabric එකම කුඩුපටිටම් වෙලා....

    මම දැන් කටුගාන කතාව දිගු උනත් ගන්න දෙයක් තියෙනවා.. කැමති නම් කියවන්න .විශේෂයෙන්ම රජයේ සේවකයෙක් නම් ....

    මගේ තාත්තා වැඩ කලේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙ..

    80-90 කාලෙ කරාපිටිය රෝහල හැදුව වෙලාවෙ site එකේ office එක තාත්තා භාරෙ තිබුනෙ..contract වලින් ලක්ෂ ගනන් ගසා කන්න තාත්තට ඉඩ තිබිබ.ඒත් තාත්තා පඩිය හැර සතපහක් ගත්තෙ නෑ..

    Site supervise කරපු TO ලාගෙන් දෙදෙනෙක් මට හොදට මතකයි.. එක් කෙනෙක් බස් දෙකක් ගත්තා.. අනික්කෙනා ඉඩම් අක්කර ගාණක් ගත්තා.. දෙන්නම තාත්තගෙ මෝඩ කමට හිනා උනා..

    මට තාම ඒ දවස මතකයි.ඒ වගේම දුකයි.. මම එතකොට හතේ හරි අටේ පන්තියේ හරි ..
    පහසුකම් ගාස්තු ගෙවන්න බැරිව තුන්වෙනි දවසටත් ටීචර්ගෙන් බැණුම් අහල ගෙදර ආවෙ . තාත්තට හවස කිව්වම මාසෙ පඩි ගත්තට පස්සේ දෙන්නම් කිව්වා .

    එදා හවස කොන්ත්‍රාත්කාරයෙක් තාත්තා හම්බවෙන්න ගෙදර ආව මොකක්ද වැඩකට.. එයා එක සැරේම සල්ලි මිටියක් තාත්ත ගාව ටී පෝ එක උඩ තිබ්බා.. මල්ලිල එක්ක එලියෙ සෙල්ලම් කර කර හිටපු මම ජනේලයෙන් මේක අහම්බෙන් දැක්කා ..

    තාත්තට මරැව ආවේස උනා.. ආපහු මේ පැත්ත පලාතෙ එන්න එපා කියල බැනල බැනල අර මිනිහා එලෙව්වා .අර මිනිහා හොදටම බය වෙලා සල්ලි ටිකත් බෑග් එකට ආපහු දාගෙන යන්න ගියා..

    මම නොදන්නකමට තාත්තට දොස් කිව්වා සල්ලි ගත්තෙ නැති එකට....අර TO ලා දෙන්නගෙ ලමයි ඉන්න හැටි කියල..

    තාත්තා කදුලු පිරිච්ච ඇස් වලින් මා දිහා කෙලින් බලන් ඉදල කිව්වා පුතේ කවදහරි ඔයාට තේරුම් යයි කියල...

    ඒකට මට වැඩි කලක් ගියේ නෑ..

    ...(බස්) අංකල්ගෙ කකුල් දෙක උඩින් එයාගෙම බස් එකක් ගියා .දනහිසට උඩින් කකුල් දෙකම කැපුවා...රස්සාවත් නැති උනා..

    අනික් කෙනාගෙ එකම පුතා පස්සෙ කාලෙක මත්කුඩු වලට තදින්ම ඇබ්බැහි උනා..සබ්බ සකලමනාවම විකුනගත්තා..අංකල් දුකටම මලා . ඇන්ටි අන්තිම කාලෙ මහලු මඩමක හිටියලු..

    ඒත් මගේ තාත්තා .........මේ ටිකකියන්නේ ලොකු කමකට නෙමෙයි කතාව සම්පූර්ණ වෙන්න...මට හිතෙනව ඔබට එය තේරුම්ගත හැකිය කියල...

    තාත්තා සත පහකවත් වංචාවක් නොකර හදන්න උර දුන්න කරාපිටිය ශික්ෂණ රෝහලට අනුබද්ධ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මට ඇතුල් වෙන්න ලැබුනා.

    අද මම රෝගීන් දාස්ගානක් සුවපත් කරපු හා කරන වෛද්‍යවරයෙක්. සමාජයේම ආදරය , ගෞරවය
    නිතරම ලබන...

    මගේ ලොකු මල්ලි බැංකුවක පරිගණක පිලිබද ඉංජිනේරුවෙක් .ඉන්නේ Australia වල.. පොඩි මල්ලි ව්‍යාපාරිකයෙක් England වල.එකම නංගී Drug Regulation Authority එකේ ඉහල නිලධාරීනියක්..

    තාත්තා අපි මේ තත්වයට එනවා දැක්ක .අපේ දරුවන්ගේත් ආදරය වින්දා.. සාධාරණ ජීවිතයට ස්වභාව ධර්මය කරන ආශිර්වාදය පරම්පරාවෙන් පරම්පරාවට යනවා ඇති.

    මගේ දුව අවුරුදු හතරකට පෙර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන්ම දෙවනියා වුනා ......

    තාත්තා අවුරුදු හැත්තෑ පහක් විතර කිසිදු ලෙඩක් නැතිව හිටිය..මිය ගියේ මාස කිහිපයක ලෙඩකින්....
    මැරෙන්න ඉස්සෙල්ලා මට කිවිවා එයාගෙ ජීවිතය අංගසම්පූර්ණයි කියල..

    එදා සල්ලි ගත්තෙ නැති එකට මම තාත්තට දොස් කියපු එක මට නැවත සිහි වෙනකොට තාත්තා මාව අතහැරල ගිහිල්ලා .....මට තාත්තාගෙන් සමාව ගන්න බැරි වුනා....

    ඒත් තාත්තෙ ඔයා මට කියපු විදිහටම මිනිස්සුන්ට මට පුලුවන් උපරිමයෙන් සේවය කරල මේ ජීවිතය ඉවර වෙන දවසක මේ සංසාරේ මම ආයෙමත් ඔයාගෙ චූටි පුතාවෙලා මගේ ජීවිතයේ මම විදපු උනුසුම්ම උනුසුම .. ඔයාගේ පපුව උඩ හාන්සිවෙලා උරහිස උඩ හිස තියාගෙන නිදාගන්න මම එනවා තාත්තෙ......

    පසුසටහන ....14/1/2020...

    මගේ ආදරනීය තාත්තා ගැන තැබූ සටහන ගොඩක් අය කියවල .මට සතුටුයි ..ගොඩක් අදහස් දක්වල.ඒව කියවද්දි දැනෙන දෙය තමයි මගේ තාත්තා ජීවිතය අවසන් කාලයේ විඳපු සතුට සැනසුම ඒ විදිහටම හොර බොරැවෙන් තොරව ජීවත් වෙච්චි ගොඩක් අම්මල තාත්තල විඳලා තිබෙන බවත් එයාලගෙ දරුවන්ටත් අපට වගේම ඒ ආශිර්වාදය හිමිව තිබෙන බවත් .

    මගේ තාත්තට වගේම ඒ සියලු අම්මල තාත්තලටත් මෙි සටහන උපහාරයක් වේවා.
    ජීවත් වෙලා ඉන්න සැමට මෙය ආදර්ශයක් වේවා .

    පසු සටහන 2........

    රජයේ සේවයේ නියුතු මහත්තයෙක් වැඩ කරන තැන අනික් අය bribes ගනිද්දී ආර්ථික අපහසු මැද තමන් නිවැරැදි ව ජීවත් වෙන හැටි ලියල ,අසාධාරණ ලෙස එහෙත් වෙිගයෙන් ඉදිරියට යන මිනිසුන් මැද තම දරු පවුලට තමන් අසාධාරණයක් කරනවාදැයි දෙගිඩියාවෙන් සිටි බවත් එහෙත් මේ ලිපිය දැකීමෙන් පසු ඒ දෙගිඩියාව සදහටම නැතිව ගිය බව ලියල තිබුනා .

    මෙය වෛද්‍යවරයෙකු විසින් FB හි තබා ඇති සටහනකින් උපුටා ගත්තකි.

    bump
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    පසු සටහන 2........

    රජයේ සේවයේ නියුතු මහත්තයෙක් වැඩ කරන තැන අනික් අය bribes ගනිද්දී ආර්ථික අපහසු මැද තමන් නිවැරැදි ව ජීවත් වෙන හැටි ලියල ,අසාධාරණ ලෙස එහෙත් වෙිගයෙන් ඉදිරියට යන මිනිසුන් මැද තම දරු පවුලට තමන් අසාධාරණයක් කරනවාදැයි දෙගිඩියාවෙන් සිටි බවත් එහෙත් මේ ලිපිය දැකීමෙන් පසු ඒ දෙගිඩියාව සදහටම නැතිව ගිය බව ලියල තිබුනා .
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    dear doctor, I have no words for you. hats off to your father. The same thing happened to my all relatives, but me and my brother survived until last round, bit confused about my life partner cause until now I don't have one, but maybe in the future. As always i love my parents, my father did the same mistake when we were young. we suffered a lot but now seems to be everything normal.