කියවීම මිනිසා සම්පූර්ණ කරයි ද?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කතාවක් තියනවා නේ...ඒත් ඒක ඇත්තටම එහෙමද? පොත් ගත්තම එක එක කැටගරි තියනවා නේ..මමත් පොත් කියවන්න ආසයි පොඩිකාලේ ඉදල...ඉස්කෝලේ යන කාලේ ඉන්ටවල් එකට කෙලින්ම දුවන්නේ පුස්තකාලයට. ටැමිල් නිව්ස් පේපර් එක හැරෙන්න අනික් හැම පේපර් එකම ඩේලි කියවන පුරුද්දක් තිබුන...පොත් උනත් කියවන්නේ ගොඩක්ම චරිතාපදාන.ඉතිහාසය සම්බන්ධ පොත්. ලෝක දේශපාලනය හා සම්බන්ද පොත්. Pdf බාගෙන කියවන්නේත් ඒ කැටගරීස්. පොඩ්ඩක් වත් ආස නෑ නව කතා කෙටි කතා කියවන්න...කලින් කිව්ව් කැටගරි වල පොත් වලින් ලොකු දැනුමක් ගන්න පුලුවන් ඒත් නව කතා කෙටිකතා කියවීමෙන් ලැබෙන්නේ රසාස්වාදයක් විතරයිනේ...ඒත් ගොඩක් අය රාක්ක ගනන් පොත් පුරවන් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කිය කිය කියවන්නේ නවකතා කෙටිකතා. පොත් කියවීම පුරුද්දක් උන නිසා අක්කා පාරවල් සෙට් උන අවස්ථාත් තිබුනා...😁 මගෙන් පොත් ඉල්ලගන්න එන අක්කල දෙතුන්දෙනෙක් හිටියා 😏
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපි පොඩි කාලෙ ඉගෙනගන්නවා, ඉන් පස්සෙ වුර්තිය පුහුණුවක් හෝ උසස් අධ්‍යාපනය ලබනවා...ඉන් පස්සේ ජොබ් හෝ ව්‍යාපරයක් මෙහේ හෝ පිටරට කරනවා.. ටිකෙන් ටික වයසට යනවා. ඔය අස්සේ සමාජ අත්දැකීම් ලබනවා ජීවිතේට... නමුත් එක එක කෙනාට එක එක මට්ටමෙන් තමා දේවල් ගැන දැනුම ලැබෙන්නේ... අන්න ඒ හිඩැස් පුරවන්න හොද ක්‍රමයක් තමා කියවීම කියන්නේ... එහෙම නැතුව කියෙව්වා කියල හිස් මිනිහෙක් සම්පූර්ණ වෙන්නෙ නෑ...මට හිතෙන්නෙ එහෙම.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මොන දේ කියෙව්වත් ඒ හැම දේකින්ම ජීවිතේට ගන්න දෙයක් තියෙනවා
    මම දවසක් කෙටිකතා විතරක් කියවන කෙනෙක්ට ත්‍රෙඩ් එකේ දාල තියන ටික කිව්වම පොර කිව්වෙත් ඕකමයි
     
    • Like
    Reactions: D_Mad

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    අපි පොඩි කාලෙ ඉගෙනගන්නවා, ඉන් පස්සෙ වුර්තිය පුහුණුවක් හෝ උසස් අධ්‍යාපනය ලබනවා...ඉන් පස්සේ ජොබ් හෝ ව්‍යාපරයක් මෙහේ හෝ පිටරට කරනවා.. ටිකෙන් ටික වයසට යනවා. ඔය අස්සේ සමාජ අත්දැකීම් ලබනවා ජීවිතේට... නමුත් එක එක කෙනාට එක එක මට්ටමෙන් තමා දේවල් ගැන දැනුම ලැබෙන්නේ... අන්න ඒ හිඩැස් පුරවන්න හොද ක්‍රමයක් තමා කියවීම කියන්නේ... එහෙම නැතුව කියෙව්වා කියල හිස් මිනිහෙක් සම්පූර්ණ වෙන්නෙ නෑ...මට හිතෙන්නෙ එහෙම.
    මිනිහෙක්ට සම්පූර්ණ වෙන්න පොඩි උත්තේජනයක් කියවීම කියන්නේ
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    කලින් කිව්ව් කැටගරි වල පොත් වලින් ලොකු දැනුමක් ගන්න පුලුවන් ඒත් නව කතා කෙටිකතා කියවීමෙන් ලැබෙන්නේ රසාස්වාදයක් විතරයිනේ...ඒත් ගොඩක් අය රාක්ක ගනන් පොත් පුරවන් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කිය කිය කියවන්නේ නවකතා කෙටිකතා.
    නවකතා කෙටිකතා වලින් ගන්න දේවල් ඕනේ තරම් තියනවා.
    නමුත් නවකතා කෙටිකතා වල ඒ දේවල් කෙලින්ම කියන්නේ නැහැ.
    කියන දේ හරියට තේරුම්ගන්න පාඨකයා බුද්ධිමත් වෙන්න ඕනේ.
    ආනන්දයෙන් ප්‍රඥාව කරා කියන්නේ ඒකනෙ.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඒ කියන්නේ විචාරාත්මක බුද්ධියක් ඕනෙද? සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොතුත් එහෙමද?
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඒ කියන්නේ විචාරාත්මක බුද්ධියක් ඕනෙද? සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොතුත් එහෙමද?
    ඔව් තේරුම්ගන්න බුද්ධිය ඕනේ.

    තේරුමක් නැති පොත්වල ඉතින් ගන්න දේවල් කොහොමත් නෑ. :lol:
    ඒ කිව්ව විදියට බුද්ධිය තියනවා නම් ඒවගේ පොත් කියවන්න කාලේ නාස්ති කරන්නේ නෑ.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මෙතන ලියන බොහෝ දෙනෙක් හොඳට කියවලා තියෙන බවනම් ලියපු දේවල් දැක්කම හිතෙනවා.

    අහුවෙන හැමදේම නැතුව තමන්ට අදාළ වෙන දේ තෝරාගෙන කියවනවා නම් ඔය කියන "සම්පුර්ණවීම" සිදු වෙනවා.
    (හැබැයි පොත් ගුල්ලා කියන නමත් එකතු වෙනවා)
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඔව් තේරුම්ගන්න බුද්ධිය ඕනේ.

    තේරුමක් නැති පොත්වල ඉතින් ගන්න දේවල් කොහොමත් නෑ. :lol:
    ඒ කිව්ව විදියට බුද්ධිය තියනවා නම් ඒවගේ පොත් කියවන්න කාලේ නාස්ති කරන්නේ නෑ.
    මම නවකතා කෙටිකතා කියවන්නෙම නෑ..අනික ඔබ තුමා කියනවිදියට පිට කවරේ බලල කොහොම අන්තර්ගතය තේරුම්ගන්නේ...කියවල කාලේ නාස්ති කරලම තමයි බලන්න වෙන්නේ...මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවත් සූජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් කිය්වන කෙනෙක් කියපු කතාවක් තමයි...
     

    Attachments

    • 45342EAD-59D4-4414-B97D-A73A5E52B195.jpeg
      45342EAD-59D4-4414-B97D-A73A5E52B195.jpeg
      112.9 KB · Views: 338
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,952
    167,748
    113
    එකමත් එක රටක
    ඕනවට වඩිය අහුවෙන අහුවෙන දේ කියවන එකෙන් මිනිහෙක් සම්පුර්ණ වෙනවා කෙසේ වෙතත් මිනිහෙක් ව්‍යාකුල වෙනවා මම හිතන්නේ.
    ගොඩක් පොත් , පත්තර කියවන උන් එවල තියන ඕන දෙයක් විස්වාස කරනවා. ඔය ගෑනුන්ටම කියවන්න පත්තර ගොඩක් තියෙන්නේ බන් . ඕවා කියවන කියවිල්ලට උන් සම්පුර්නද ?ගොඩක් නවකතා/කෙටිකතා ගහන්නෙත් ගෑනු target කරලා තමයි..
    හැම එකාම ලියලා තියන දේවල් කියවන්න ගියාම තමන්ට හිතන්න බෑ නිදහස්ව. එක එකාගේ ඒවා එන්නේ.
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මම නවකතා කෙටිකතා කියවන්නෙම නෑ..අනික ඔබ තුමා කියනවිදියට පිට කවරේ බලල කොහොම අන්තර්ගතය තේරුම්ගන්නේ...කියවල කාලේ නාස්ති කරලම තමයි බලන්න වෙන්නේ...මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවත් සූජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් කිය්වන කෙනෙක් කියපු කතාවක් තමයි...
    පිටකවරය අනුවම කියන්න බෑ තමයි.
    මම පොතක් තෝරගන්නේ ගොඩක් වෙලාවට කතුවරයා අනුව.
    හැඳින්වීමක් තියනවා නම් ඒක අනුව, හැඳින්වීමට පාවිච්චි කරන වචන අනුව අදහසක් ගන්න පුළුවන්.
    ආදර කතා කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට තේරුමක් නෑ.
    සුජීව .ප්‍ර .ආ. ගත්තොත් එයාගේ පොත් නොකියවන්න හේතුව, ගෙදරට බඩු ඔතාගෙන එන කොළවල මට හම්බවෙලා තියනවා එයාගේ පත්තරවලට ලියන කතා.
    ඒ වාක්‍ය දෙක තුනක් කියෙව්වම ඇති තේරුමක් නෑ කියලා දැනගන්න.

    ඒවගේම අනිත් අය කියන කතාවලින් පොතක් ගැන තීරණය කරන්න එපා.
    මට හම්බවෙලා තියනවා අනිත් අය කිසි වැඩක් නෑ කියන, ඒත් මට ගොඩක් වටින පොත්.

    කවදාවත් අහලාවත් නැති කතුවරයා නොදන්න, පිටකවරේ දැකලා කියවන්න ගත්ත පොතක් හම්බවුනා කියමු.
    එහෙම වුනොත් ගොඩක් වෙලාවට කොච්චර වැඩක් නෑ කියලා මගදි හිතුනත් කියවන්නේ නැතිව අවසානය නොදැක අතහැරලා දාන්නේ නෑ.
    කියවලා තමයි නවත්තන්නේ. මගදි නැවැත්තුවොත් දවස් ගානක් හිතට වදයක් ඒකේ මුල් ටික හොඳ නැති වුනාට අග හොඳද දන්නේ නෑ කියලා.
    අනාගතේ දවසක ආයේ පාරක් ඒ පොත කියවනවාද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් ඒ විදියට එකපාරක් කියෙව්වම.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    විවිධ අයට තියෙන්නේ විවිධ රසවින්දනයන්... සමහරුන් පොත් වලින් දැනුම එකතු කරද්දි තවත් සමහරු පොත් වලින් මානුෂීය හැගීම් සංතර්පනය කරනවා..තව සමහරු පොත් කියවන්න ආසම නෑ මොකද ඔවුනේ රසවින්දන මාධ්‍යක් නෙවෙයි කියවීම....
     
    • Like
    Reactions: indika_sam

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මම ගොඩක් කියවනව.මගේ අදහස නම්,කියවීමේන් ලබා ගන්නා ජීවන දැනුම ,ප්‍රායෝගික ජීවිතයට භාවිතා කිරීම තුලින් මිනිසා සම්පූර්ණ කරයි කියන එකයි.ස්තුති!
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොල්ලනේ මට අහු උනා ටහිකෙන පොත් සෙට්1ක් මරදානේ ගොඩගේ එකේ සේල්1කින්.. 2017 වගේ.. එක පොතක් කෙටි කතා සංග්‍රහයක් 1950 ගණන් වල ලියපු... පිස්සු ආතල්ල් හොදේ, වල් කතා තියෙන්නේ මල්ලිගෙ උඩ පොත තියන් කියෙව්වේ.... අනිත් පොත තමා ලෝකේ රටවල් වල ආර්ථික මොඩලයන්ට භූ විශමතාවයන්,දේශගුණයන් හේතු උන විදිය සරල සිංහලෙන් විස්තර කරන පොතක්...උදා කියනවා නම් ස්විස්ටර්ලන්තෙ ස්විස් වොච්, චොකොලැට්,චීස් හදන්නත් ජර්මනිය හේවි මැශිනරි හදන්නත් හේතුව...
    ඔහොම පොත් ගොඩාක් තිබ්බ.. ආ අනික විද්‍යාත්මක කරුණු සරලව ගොනාට වගේ කියල දෙන පොතක්. මේවා ගත්තේ රුපියල් 20, 30, 50, 100 වගේ අඩු මිළට. හේතුව සමහර ඒවගේ කවරේ නෑ, ගුල්ලො ගහලා, කුණු ගෑවිලා, සහ තව කේස්... ඔන්න මේද පොටෙත් ඒ වගේ සේල්1ක්[40% - 90% dakwa mila adu kirim etha.] දාල අගෝස්තු1 ඉඩන් 20 වෙනිදද කොහෙද වෙනකන් මරදානේ ගොඩගේ එකට යන්නකො.. ගිහින් දකුණට හැරිල වලට බහින්න...
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කොල්ලනේ මට අහු උනා ටහිකෙන පොත් සෙට්1ක් මරදානේ ගොඩගේ එකේ සේල්1කින්.. 2017 වගේ.. එක පොතක් කෙටි කතා සංග්‍රහයක් 1950 ගණන් වල ලියපු... පිස්සු ආතල්ල් හොදේ, වල් කතා තියෙන්නේ මල්ලිගෙ උඩ පොත තියන් කියෙව්වේ.... අනිත් පොත තමා ලෝකේ රටවල් වල ආර්ථික මොඩලයන්ට භූ විශමතාවයන්,දේශගුණයන් හේතු උන විදිය සරල සිංහලෙන් විස්තර කරන පොතක්...උදා කියනවා නම් ස්විස්ටර්ලන්තෙ ස්විස් වොච්, චොකොලැට්,චීස් හදන්නත් ජර්මනිය හේවි මැශිනරි හදන්නත් හේතුව...
    ඔහොම පොත් ගොඩාක් තිබ්බ.. ආ අනික විද්‍යාත්මක කරුණු සරලව ගොනාට වගේ කියල දෙන පොතක්. මේවා ගත්තේ රුපියල් 20, 30, 50, 100 වගේ අඩු මිළට. හේතුව සමහර ඒවගේ කවරේ නෑ, ගුල්ලො ගහලා, කුණු ගෑවිලා, සහ තව කේස්... ඔන්න මේද පොටෙත් ඒ වගේ සේල්1ක් දාල අගෝස්තු1 ඉඩන් 20 වෙනිදද කොහෙද වෙනකන් මරදානේ ගොඩගේ එකට යන්නකො.. ගිහින් දකුණට හැරිල වලට බහින්න...
    චාන්ස් එක ඔයාගේ
     
    • Like
    Reactions: Champ HB and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චාන්ස් එක ඔයාගේ
    මම සතුටු වෙන්නෙ මරදානේ හෝ පරණ පොත් කඩවලින් අඩුම මිලකට පරණ පොත් ගොඩක් ගන්න එකට... ඉතින් සාහිත්‍ය මාසේට කලින් මාසේ මරදානේ සේල් දානවනේ කට්ටියම.මම් ගිහින් උස්සන් එනවා පොත් 20-30ක් විතර රුපියල් 3000කට විතර. ඒ එකතුවේ කෙටි කතා පොත් පොඩිම ගාණක් තමා. වැඩිම තියෙන්නේ ලෝක ඉතිහාසය,භූ දේශපාලන, අතීත කතා, සරලව විස්තර කරන සංකීර්න දේවල් ගැන ලියවුනු පොත්,අධිරාජ්‍යවාදය, ලෝක ඉතිහාසය ගැන පොත්.. ගෙදර ඉද්දි අමු කහට පාරක් ගහන ගමන් කියෝනවා ඕවා ඉතින් වැස්සේ ජනේලේ ගාවට වෙලා... සමහර තොරතුරු වලින් අපි ශොක් වෙනවා ඉතින්. උදා: මැකියාවේලිගේ ද ප්‍රින්ස් පොතෙ ශිංහල ට්‍රාන්ස්ලේට්1ක් 1967කරපු1ක්...ඉන් පස්සේ මුද්‍රනය කරලම නෑ පොත..
    මම කවදාවත් පොත් ගන්නේ නෑ රුපියල් 500 හෝ ඉන් එහා ගානක් දීල. අරක තම මගේ ෆැන්ටසිය...මම දන්න දෙයක් තමා අද කාලේ ගහන පොතක තියෙන්නේ 1950දි එම ටොපික්1න්ම ගහපු පොතේ තියන තොරතුරු වලින් භාගයයි. අත්දැකීමෙන් කියන්නේ...


    thanks for posting this thread....​
     
    Last edited: